ඇමෙරිකාවේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාව ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයේ දී අද වැඩි ඡන්දයෙන් සම්මත විය.
රටවල් 23ක් යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේය.
රටවල් 12 ඡන්දය දුන්නේය. රටවල් 12ක් ඡන්දය දීමෙන් වැළකී සිටියේය.
ආජන්ටිනා, ඔස්ට්‍රියා, බෙනින්, බොට්ස්වානා, බ්‍රසීලය, චිලී, කොස්ටරිකා, ෂෙට් ජනරජය, ස්ටෝනියාව, කොට් ඩිවොයිරේ, ප්‍රංශය, ජර්මනිය, අයර්ලන්තය, ඉතාලිය, මෙක්සිකෝව, මොන්ටිනීග්‍රෝ, පේරු, දකුණු කොරියාව, රුමේනියාව, සියරාලියොන්, මැසිඩෝනියා, එංගලන්තය, අමෙරිකාව යෝජනාවට පක්ෂව ඡන්දය දුන්නේය.
ඇල්ජීරියාව, චීනය, කොංගෝ, කියුබාව, කෙන්නියා, මාලදිවයින, පාකිස්තානය, රුසියාව, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, වෙනිසියුලාව හා වියට්නාමය යෝජනාවට එරෙහිව ජන්දය දුන්නේය.
බුකිනාෆාසෝ, ඉතියෝපියා, ගැබන්, ඉන්දියාව, ඉන්දුනීසියාව, ජපානය, කසකස්තානය, කුවේට්, මොරොක්කෝව, නැමීබියාව, පිලිපීනය, දකුණු අප්‍රිකාව ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වැළකී සිටි රටවල් ලොකු රටවලට බයේ නිහඩව ඉන්න ඇති කියලයි මම නම් හිතන්නේ. නැත්තම් ඒ අයත් අප සමඟයි. (නි)
මොන දේ වුණත් මේ ප්‍රශ්නයේදී අපි රටත් සමඟයි. (නි)
මොන දේ වුණත් අපි රට සමඟයි. හැබැයි අපේ මේ නැගිටින්න හදන රටට ද්‍රෝහී වෙන අයට නම් හොඳක් වෙන්න එපා. තමන් ඉපදුන දේශයට ද්‍රෝහී වීම මහා පාපකර්මයක්. (නි)
මෙම යෝජනාව අපේ රටේ මානව හිමිකම් කඩවීමට විරුද්ධව ආ එකක් නේද? (නි)
කවදා හෝ ඇත්ත ජය ගනීවි. (නි)
අපේ රට අපිට ලබාදුන්නා නායකන් රකින්න අපි දන ගන්න ඕනේ . සිංහලයන්ට රටක් දුන්න අපේ එකා අපිට ලොකුයි. අපි ඔබ ළඟ (අ)
එංගලන්තයේ ,ඇමේරිකාවේ දැඩි පෙළබ වීම නිසා ඔවුනට ඡන්දය ලැබුනේ. ලංකාවට පක්‍ෂපාතීව ඡන්දය දුන් සෑම සුමිතුරු රටවල් වලට ලාංකික රටට ආදරය කරණ සැමගේ ගෞරව ස්තුතිය. මෙය අසාධාරණ අත පෙවීමක්. මාතෘ භූමිය තම දිවිය මෙන් රැක ගන්න සිදුව ඇත. අසත්‍ය පරදන්න එක්වෙමු සැවොම. (අ)
ඉන්දුනීසියාව, කසකස්තානය, කුවේට්, මොරොක්කෝව වැනි රටවල් අපිට පක්ෂව ජන්දය දිය යුතුව තිබුනා. (අ)
අජිත්ට පමණද නියම තත්ත්වය තේරුම් ගන්න පුළුවන්? (නි)
අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් කිසිම අභියෝගයකට බිය නොවෙමු. (නි)
මීට හේතුව ලෙස මම නම් දකින්නේ නුසුදුස්සන්ට නොගැළපෙන තනතුරු දීමයි. සමහර අය 'මානව හිමිකම්' යන වචනයෙහි තේරුමවත් දන්නේ නැහැ. (නි)
එක්සත් ජාතීන්ගේ සමුළුවේදී අනෙක් රටවල් වල ප්‍රශ්න වලදී අපේ රටෙහි ජන්දය ඕනෑම කෙනෙකුට පහසුවෙන් ලබාගන්න පුළුවන්. අන්තිමට අපිට ප්‍රශ්නයක් වුණ වෙලාවට බොහොමයක් අපිට ජන්දය නොදී මඟහරිනවා. (නි)
බ්‍රිතාන්‍ය කියන දේ ඇහුවා නම් දිනන්න තිබුණා කියලාද දැන් සමහරු කියන්නේ. ඒ කියන්නේ තලගොයා කබරගොයා කරන්න ඒ අයට පුළුවන් කියන එකද? පුළුවන් නොවේ, ඒක තමයි ඇත්ත. (නි)
මම නම් හිතුවා මෙහෙම වෙයි කියලා. (නි)
හරියට බැලුවොත් ශ්‍රී ලංකාව දිනුම්.අපට පක්ෂව ඡන්දය දුන් රටවල් 12 යි ඡන්දය නොදුන් රටවල් 12 යි එකතු වුණහම 24 යි. එම රටවල් අපට ඡන්දය නොදී හිටියේ කැමැත්තෙන් නොවෙයි.ඒ වගේම එම යෝජනාවට පක්ෂව ඡන්දය දුන් රටවල් කීපයක්ම එසේ කළේ යම් බලවත් රටක දැඩි බලපෑම නිසා. ඒ අනුව බලද්දී අපට දිනන්න පුළුවන්.අපේ මවුබිමට හතුරු වූ කිසිවෙකුටවත් යහපතක් නොවන බව මගේ විශ්වාසයයි. (නි)
මේ වෙලාවෙත් බලන්න කාගේ ඡන්දද කියලා ලංකාවට ලැබුනේ... සිංහලයනි, දැන්වත් හිතලා සිහිබුද්ධියෙන් වැඩ කරන්න. (නි)
බෞද්ධ රටක් වෙලත් ජපානයත් ඡන්දය දීලා නැත්තේ ඇයි? නමුත් මුස්ලිම් රටවල් දීලා තිබෙනවා. (නි)
අභිමානවත් ශ්‍රී ලංකාවට මේ වතාවේත් ඡන්දය දුන්නේ මුස්ලිම් රටවල් බව ලාංකිකයන්ට වැටහෙත්වා! (නි)
ලෝකයේ මැර,විනාශකාරී,පොඩි අයට නැගිටින්නට ඉඩ නොදෙන බටහිර අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අපට ඡන්දය දුන් රටවලට වගේම ඔවුන්ට එරෙහිව බලපෑම් වලට යට නොවී ඡන්දය දීමෙන් වැළකී සිටි රටවලටත් හිස නමා ආචාර කරමි. (නි)
මේක ගැන වැඩිය කරදර වෙන්න දෙයක් නැහැ කියන එකයි මගේ අදහස. එහෙම රටක ස්වාධීනත්වයට වෙන රටවල් වලින් ඇඟිලි ගහන එක ඒ රටවලම නිරුවත හෙළි කිරීමක් නොවේද? (නි)
ඇල්ජීරියාව, කොංගෝ, කෙන්නියා, මාලදිවයින, පාකිස්තානය, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය... මේවා මුස්ලිම් රටවල් කියා ඔබ දන්නවාද? (නි)
එල්.ටී.ටී. එක හරහා අපේ රට බෙදන්න සහ විනාශ කරන්න හැදුවා. නමුත් නොහැකි වුණා. දැන් මේ විදියට උත්සාහ කරනවා. කිසිවෙකුටත් කරදරයක් නොමැති අපේ රට නසන්න හදන ඔවුන්ට එම පාපය ඵලදේවි. අපේ සිතේ ඔවුන් සමඟ තරහක් නැත. (නි)
ලංකාවට සහයෝගය දුන් මුස්ලිම් රටවලට මුස්ලිම් ජනතාවගේ උත්තමාචාරය! (නි)
කෝ දැන් අර මීට පක්ෂව කෑ ගැසූ අය? (නි)
අපි සෑමවිටම අපේ මවුබිම සමඟයි. (නි)
අපට පක්ෂව ඡන්දය දුන් සියළුම රටවලට ස්තූතියි. (නි)
මුස්ලිම් රටවල් මවුබිමට පක්ෂව ඡන්දය දුන් එක ගැන බොහොම ස්තුතියි.අනෙක් කාරණය තමයි මුස්ලිම් අයට කරදරයක් වුණොත් ලංකාවේ සිංහල අය තමයි උදව්වට එන්නේ. එහෙම නැතුව ගල්ෆ් රටවල් එන්නේ නැහැ. (නි)
අපේ රට විදෙස් බලවේගයන්ගෙන් මෙන්ම රට විනාශ කරන කපටි දේශපාලකයින්ගෙනුත් බේරාගත යුතුයි. (නි)
මුස්ලිම් හිතවතුනේ, අපේ රටත් ඔය මුස්ලිම් රටවල ජාත්‍යන්තර ප්‍රශ්න වලදී එයාලගේ පැත්ත අරගෙන ක්‍රියා කළා. ඒ නිසා ඒ ගැන වැඩිය කරදර වීම අනවශ්‍ය බව මගේ හැඟීමයි. කෙසේ වෙතත් අපිට පක්ෂව ඡන්දය දුන් සැමටම මගේ ආචාරය! (නි)
කවුරුත් කලබල වෙන්න එපා, ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු නොකිරීමට එරෙහිවයි මේ ප්‍රශ්නය තිබෙන්නේ (නි)
ලෝකයේ බලවත් රටවල් කියන අයගේ නිරුවත මෙයින් පෙනෙනවා.ස්වාධීනව පොඩි රටකට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ.අපේ රටට කරන්න හැදු දේ කිරීමට නොහැකි වූ තරහ මෙහෙම හරි පියවා ගන්නයි මේ උත්සාහය. ශ්‍රී ලංකා මාතාවනි,ජය වේවා! සදා දිනේවා! (නි)
දේශීය පරීක්ෂණයක් අපි තියලා මානව හිමිකන් උල්ලංඝනය වෙලා නැහැ කියලා ලෝකෙටම පෙන්නුවා නම් මේ ප්‍රශ්නයෙන් ගැළවෙන්න පුළුවන් නේද? (නි)
මොනවා වුණත් කුඩා රටක් ලෙස අපි ලැබූ යුධ ජයග්‍රහණය ඇමරිකාව වගේ රටකටත් ආදර්ශයක් (නි)
ඇමරිකාව බයයි දැන් අපේ මිනිස්සු තාක්ෂණික අතින් දියුණුවෙයි කියලා. ඒකයි ඔය කෙනෙහිලිකම් (නි)
පක්ෂව ඡන්දය දුන් රටවල නිර්භීත බව අගය කරමි. (නි)
කෝ දැන් අර කෑගහපු අය? (නි)
මුස්ලිම් බෞද්ධ ගැටුමක් ලංකාවේ ඇතිකිරීමට කුමන්ත්‍රණය කරන්නේත් කවුරුන්ද බව මේ ඡන්ද ප්‍රතිඵලයෙන් සනාථ වෙනවා. (නි)
අපේ රටේ මොන දේවල් තිබුණත් මේ වෙලේ අපි රට සමඟයි. ඕනෑම දෙයක් වුණාවේ, පක්ෂ බේද මේ වෙලාවේ වැදගත් නැහැ. (නි)
පක්ෂ වශයෙන්වත්, ජාති වශයෙන්වත් වෙන් නොවී සියලු ශ්‍රී ලාංකිකයන් එකට එකතුවිය යුතු වෙලාවක් මේක. ඉදිරියේ එන ප්‍රශ්න වලට අපිට එකමුතුවයි මුහුණ දෙන්න වෙන්නේ. (නි)
අපි අපේ රට වෙනුවෙන් ඕනෑම අභියෝගයකට මුණ දෙනවා. ඇමෙරිකාව වගේ වැඩ කරන ජාතියක් නෙමෙයි සිංහල අපි. (නි)
ඇමරිකාවට යටත් වෙන්න අපි සුදානම් නැහැ. රට වෙනුවෙන් ඇමෙරිකාවට එරෙහිව අවි ගන්න වුණත් අපි සුදානම්.යටත් විඡිතවාදින් වගේ ඉන්නවාට වඩා හොඳයි මැරෙන එක. (නි)
ඡන්දය නොදී සිටීමේ ඵලවිපාකය පේනවා නේද? ඒකෙන් වෙන්නේ දුෂ්ටයා ජයග්‍රහණය කිරීමයි. ලංකාවෙත් මේකම තමා වෙන්නේ. ඡන්දය පාවිච්චි කර මේ රට යන විනාශකාරී ගමන නවත්වමු. අනික මේ යෝජනාව පසුපස ඉන්නේ එල්. ටී. ටී. ඊ. ඩයස්පෝරාව සහ එල්.ටී.ටී.ඊ. ය පෝෂණය කරන්නට යෙදුන අය. ඒ අයට වුවමනා දේ පසුගිය කාලේ සිදුවූ දේ වලින් සිතාගන්න පුළුවන්. (නි)
ඕකට තමයි ඉතින් කට්ටිය මෙච්චර කල් දැඟලුවේ (නි)
මොන දේ වුණත් අපි කිසිදා අපේ රට හැර යන්නෙ නැහැ. (නි)
මම නම් කිය්නනේ, ලංකාව ගැන හිතලා ඡන්දෙ දීලා තියෙන්නෙ රටවල් 3යි. මාලදිවයින, පාකිස්තානය, චීනය.. මාලදිවයිනට ලංකාව නැතුව බැහැ. චීනය ලංකාවෙ විශාල ලෙස ආයෝජනයන් කර තිබෙනවා. පකිස්තානෙ අර අහවල් සෙල්ලමට ලංකාව නැතුව බැහැ. රුසියාව ඇතුලු අනෙක් සියලු රටවල් ඇමෙරිකාව සමග තිබෙන තරහක් පිරිමහගෙන විතරයි. ඇමෙරිකාව ගෙනෙන ඕනෑම යෝජනාවකට ඔය මුස්ලිම් රටවල් විරුද්ධයි කොන්දේසි විරහිතව. මේ ප්‍රතිපලය අනිවාර්යයෙන් එන්න හේතුව වෙන මොකුත් නොවෙයි, විදේශ ප්‍රතිපත්ති හා සමහර තානාපතිවරුන්ගෙ නොහැකියාව. මේවා හදාගන්නෙ නැතුව පිස්සු නටලා කවදාවත් මීට වඩා ප්‍රතිපලයක් බලාපොරොත්තු වෙන්න බැහැ. (නි)
මොන දේ වුණත් වෙන්න තියෙන දේ වුණා. අදින් පසුවවත් මේක අපේ රට කියලා හිතාගෙන ජාති, ආගම් බේද අත්හැරලා ශ්‍රී ලාංකිකයෝ හැටියට වැඩ කරන්න ඕනෑ, ජාත්‍යයන්තර බලවේග පරාජය කරන්න. මේක බෞද්ධ රටක් විතරක් නෙමෙයි. හැම ආගමක්ම එකතු වෙලා වැඩ කරන්න ඕනෑ. (නි)
මොන දේ වුණත් මේ ප්‍රශ්නයේදී අපි ශ්‍රී ලාංකිකයෝ වශයෙන් කිසිම අභියෝගයකට බිය නොවෙමු. (නි)
අපේ රට වෙනුවෙන් ඔබ දැක්වූ සහයෝගයට ස්තූතියි! (නි)
මොනවා වුණත් මේ වගේ අභියෝගත් තිබෙන්න ඕනෑ. (නි)
කෙසේවෙතත් මේ යෝජනා ජනතාවගේ පැත්තෙන් ඉතා හිතකර බව පෙනේ. වැරදි කර නැත්නම් කුමට බිය වෙමුද? (නි)
කමක් නැහැ. අපේ පැත්ත හරි විදියට බැලුවොත් දිනුම්. (නි)
අතීතයේ අපේ රටවල් සූරාකාපු අය නැවත ඉතුරු ටිකත් කන්න හදන්නේ. (නි)
සිංහල අපි සැමදා අපරාජිතයි. (නි)
කෝ අර කලින් කෑගහපු කුහකයෝ ටික? (නි)
මම නම් කියන්නේ මෙහෙම වුණේ අපේම වරදින් කියලා.අපි අපේ වැරදි හදා ගත යුතුයි.මෙහෙම ගියොත් වෙන්නේ අපිටත් අපේ දරුවන්ටත් මේ රට අත්හැරලා වෙනත් රටකට ගිහින් පදිංචි වෙන්නයි.ඒ රටවල් කියන දේ කළා නම් ප්‍රශ්නය මේ තරම් දුරදිග යන්නේ නැහැ නේද? (නි)
සිංහලයන් මුස්ලිම් අය සමඟ හැමදාමත් ඉන්නවා (නි)
කෝ අර කෑගහපු උදවිය? දැන් මුස්ලිම් මිනිස්සු ගැන මොකද දන්නෙ නැහැ කියන්නේ? (නි)
මේ කාටත් වඩා ලෙස්ලි ලෝව් ගොඩාක් දේවල් දන්නවා කියලා තේරෙනවා. (නි)
මෙච්චර කාලයක් මේ රටේ මිනිස්සු ඔය මුස්ලිම්,දෙමළ, සිංහල කිය කියා සිටි නිසයි මෙච්චර හරියක් වුණේ.දැන්වත් ඔය වාද විවාද නැවැත්වුවහොත් හොඳයි නේද? (නි)
ඡන්දය දුන් මුස්ලිම් රටවලට මගේ මවුබිම වෙනුවෙන් උත්තමාචාරය! (නි)
ස්තූතියි මාලදිවයින ඔබට! (නි)
වැරදි කර නැත්නම් බියවිය යුතු නැහැ නේද? (නි)
මොනවා වුණත්, මුස්ලිම් ජනතාව අප සමඟයි. (නි)
දෙවැනි ලෝක යුද්ධයේදි, ඇමරිකාව ජපානය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ගිය වෙලාවේ පැවති සාකච්ඡාවෙදි, ලංකාවෙ නියෝජිතයා වුණ ජේ.ආර්.ජයවර්ධන මහත්තයා "නහි වේරෙන වේරාණී" ගාථාවේ අදහස ඉදිරිපත් කළා.එහිදී ජපානය බේරුණා.ඒකට කෘතගුණ දැක්වීමක් විදියට ජේ.ආර් ජපන් වැසියන් දේවත්වයෙන් අදහනවා සහ ශ්‍රී ලාංකික අමුත්තන්ට ඉතාම ගෞරවයෙන් සළකනවා කියලා මං අහලා තිබුණා.ඒත් දැන් මේ මොකද්ද වෙලා තියෙන්නේ? මුල අමතක වීම නම් එච්චර හොඳ නැහැ ජපනෝ !!! (නි)
ලෝකයේ ත්‍රස්තවාදය නැති වෙනවට ඇමරිකාව කැමති නැහැ.හේතුව ඔවුන්ගේ ගිනි අවි විකුණාගන්න බැරිවෙන නිසා. මම දකින විදියට ලෝකයේ මානව අයිතිවාසිකම් වැඩියෙන්ම කඩකරලා තිබෙන්නෙ ඇමරිකාවයි.මුලු ලෝකයටම ඔවුන් කළ විනාශයට වන්දිය ළඟදිම ලැඛෙයි. (නි)
යෝජනාවට ඡන්දය දුන් රටවල් සමඟ ඇති තානාපති කාර්යාල ගැන තීරණයක් ගත්තොත් හොඳයි. බටහිරය මොනවා කිව්වත් යුද ජයග්‍රහණය අපට ලොකුයි. ශ්‍රී ලංකාවට ජයවේවා! (නි)
මේ විරුද්ධව ඇති යෝජනා පළ කළා නම් ඒවා අප රටට හිතකරද අහිතකරද කියන දේ අපිට තීරණය කරන්න පුළුවන්. යෝජනා ගැන කිසිවක් නොදැන පෙළපාලි යන අය තමා වැඩි. (නි)
මොනවා වුණත් මම නම් කියන්නේ අපේ කිසිම වැරැද්දක් නැහැ. (නි)
මෙතන වෙලා තිබෙන්නෙ, වපුරපුවා නෙලා ගැනීමක්. කෝ අර ජිනීවා වන්දනාවේ ගිය අය? (නි)
1815 පසු ප්‍රයෝගයෙන් ලංකාව අල්ලාගෙන ඉන්පසු රට පාලනය කළ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා කළ මානව හිමිකම් කඩකිරීම් ගැන සන්නසක් කැමරන්ට සහ ඒ රටේ රැජිනට තැපැල් කරවන්නයි තියෙන්නේ.ලොකු අකුරින් පත්තර වලත් මුද්‍රණය කරන්න. ඔවුන් අපට කළ හදිය ලෝකයට දැනගන්න. (නි)
මුලින්ම ඡන්දය දුන් හා නොදුන් රටවලට ප්‍රණාමය! ඇමෙරිකාව තමන්ගේ පරම හතුරෙක් විදියට තමයි බොහෝ මුස්ලිම් රටවල් හිතන්නේ. කොහොම වුණත් එක්සත් අරාබි එමීර් රජය ලංකාවට පක්ෂ රටක් (නි)
මම නම් කියන්නේ ලංකාවේ රජය වුණත් කමක් නැහැ, වැරැද්දක් කරලා තිබුණා නම් දඩුවම් ලැබෙන්න ඕනෑ අනිවාර්යයෙන්ම (නි)
මිනිස්සු මොනවා කිව්වත් ඇමරිකාවට මගේ මනාපය. (නි)
ඇත්තටම ,මේ අය ලංකාව එක්ක මෙච්චර තරහ මොකද?(දී)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන කොටලුනේ බලමු බලමු (දී)
එත් ඇත්ත කවදා හරි එලි වෙනවාමයි (දී)
අපේ රට වෙනුවෙන් ඉදිරිපත් උණු මගේ සහෝදර රටවලට ජාතියේ ප්‍රණයමය (දී)
අපේ රට නිදහස ලබන විට ආසියාවේ දියුණු රටක්. සිංගප්පුරුව, මලයාසියාව, චීනය, මැදපෙරදිග ඩුබායි වැනි රටවල් මෑතකදී දියුණු වූ රටවල්. අපේ රටවල පහළ වුණ නායකයින් තමන්ගේ වාසිය බැලුවා මිස රට ගැන හිතුවා නම් අපිට මීට වඩා හුගක් දුර යන්න තිබුනා. මේවට රටේ මහජනතාවත් වග කිවයුතුයි. (නි)
දැන්වත් අපේ රටට කරදරයක් නැතුව ඉන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ. අපේ රටට බුදු සරණයි! (නි)
කියන්නන් කෙසේ කිවුවත් කවුරුන් විසින් හෝ සිදු කළ අනේකවිධ මානව හිමිකම් කඩ කිරීම් වලට එරෙහිව කෙරෙන ජාත්‍යන්තර පරීක්ෂණය ලක්වාසී අසාධාරනයට ලක්වූ මිනිසුන් වෙනුවෙන්මයි. (නි)
අපට කරදර වූ හැමවිටකම මුස්ලිම් රටවල් උදවු කරනවා. මෙහෙ ඉන්න අය දැන්වත් දැනගන්න ඕනෑ මුස්ලිම් සහෝදර සහෝදරියන් සමඟ හොඳින් ඉන්න. අපට ඡන්දය දුන් සෑම රටකටම ස්තුතියි. විශේෂයෙන්ම පාකිස්ථානය අප වෙනුවෙන් ගොඩක් සහය වුණා. (නි)
අපට පක්ෂව ඡන්දය දුන් අයට අපගේ ප්‍රණාමය සහ ගෞරවය! (නි)
ජනතාවට ප්‍රශ්න ඇත. ආණ්ඩුව සමග ප්‍රශ්න ඇත. එහෙත් ඒවා නිසා වෙනත් දේශපාලන අරමුණු මත ක්‍රියාකරන, මේ රට බෙදන්න උත්සාහ කරන, මේ රට අරාජික කරන්න උත්සාහ කරන ඇමරිකාවේ හෝ වෙනත් රටක හෝ කුමන්ත්‍රණ වල ඉත්තන් වීමට කොන්ද පණ ඇති මේ රටේ ජනතාව කැමති නැත. ඇමරිකාව ඒ දේ පැහැදිලිව තේරුම් ගත යුතුය. කොටි සංවිධානය ගොඩ නැගුවේ, පෝෂණය කළේ, ආරක්ෂා කළේ, ඔවුන් ලවා රාජ්‍යය නායකයන් ඝාතනය කෙරෙව්වේ ඇමරිකාවදැයි මේ ඇමරිකානු ක්‍රියාකලාපය නිසා මෙරට ජනතාව තුළ සාධාරන සැකයක් උපදී. ඇමරිකාවට අවශ්‍ය ආණ්ඩුව පෙරළීමට නම් ඔවුන් අල්ලාගෙන ඇත්තේ වැරදි තැනින් බව ඔවුන් තේරුම් ගත යුතුය. ශ්‍රී ලංකාවේ සිටිනුයේ මැදපෙරදිග රටවල මෙන් නූගත්, අර්ධ ම්ලේච්ඡ ජන කොට්ඨාශයක් නොවන බව ඇමරිකාව තේරුම් ගත යුතුය. ඊලාමයට උඩ ගෙඩි දෙන තැනින් අල්ලාගෙන සිටින තාක්කල් මෙරට බහුතර ජනතාව ඇමරිකන් උත්සාහයන්ට කිසි දිනෙක ඉඩ නොදෙන බව ඇමරිකාව පැහැදිලිව තේරුම් ගත යුතුය. එසේ කරන තාක්කල් ඇමරිකාව මෙරට බහුතරයක් ජනතාවගේ පරම හතුරෙකු වන බව ඔවුන් තේරුම් ගත යුතුය. (නි)
මම නම් කියන්නේ විපක්ෂව ඡන්දය දුන්නේ කොන්දක් තිබෙන රටවල් කියලයි. (නි)
යුද්ධය දිනූ කතාව පැත්තක තියමුකො, දැන් මේ රටේ වෙන අපරාධ වළක්වන්න මේ ජිනිවා වලදී අපේ රටේ මානව හිමිකම් වෙනුවෙන් ගත්තු පියවර අගය කළ යුතුයි. (නි)
යෝජනාවට පක්ෂව ඡන්දය දී ඇත්තේ ඇමෙරිකාවේ රුකඩ වැනි රටවල්ය. ඡන්දය නොදී ඇත්තේ තමන්ට කුමන හෝ පාඩුවක් වේ යැයි කියා සිතන රටවල්ය.විපක්ෂව ඡන්දය දී ඇත්තේ කොන්දක් තිබෙන රටවල්ය.ඇමෙරිකාවට වුවමනා වී ඇත්තේ ශ්‍රී ලංකාව ආර්ථික අතින් අස්ථාවර කර රූකඩ ආණ්ඩුවක් බලයට පත්කර එල්.ටි.ටී. එකේ වුවමනාව ඉටු කරදීමය.රූකඩ දේසපාලන පක්ෂ සහ නායකයන් හඳුනා ගැනීම ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමය.ශක්තිමත් නායකයෙක් යටතේ වංචාව,දුෂණය ඉවත් කර ගැනීම දැනට ශ්‍රි ලංකාවේ අවශ්‍යතාවයයි. (නි)
නවනීදන් පිල්ලේට ලංකාවට එන්න ඉඩ දෙන්න එපා (නි)
අපේම නිර්දේශ අපිම ක්‍රියාත්මක නොකර සිටියේ ඇයි? ජාත්‍යන්තරය රවට්ටන්න ගිය අය තමයි මේ ප්‍රශ්නය අවුල් කළේ. දෙපැත්තෙන්ම වැරදිකාරයෝ හොයයි. වැරදි කළේ නැත්නම් බය වෙන්න දෙයක් නැහැනේ. 10 වෙනි වගන්තිය අනුව රතුපස්වල ප්‍රශ්නය ඇතුළු මෑතකදී සිද්ධ වුණ සියලුම සිද්ධි ගැන පරීක්ෂණ කරන්න ඔවුන්ට බලය ලැබී තිබෙනවා. රුසියාවේ, චීනයේ නිශේධ බලය ගැන කියූ මතය දැන් බොරු කියලා රටට පේනවා නේද? (නි)
මුස්ලිම් රටවල් අපිට සහය දෙනවා කිවුවට කෝ කුවේට්, ඉන්දුනීසියාව, ඉතාලිය,ඉතියෝපියාව ජන්දේ දීලද? අනිත් මුස්ලිම් රටවලට ඡන්දය ඇත්තෙත් නැහැ. (නි)
ලංකාවේ මානව හිමිකම් රැකෙනවා නම් ඉතින් ඔය මොන යෝජනාව සම්මත වුණත් කමක් නැහැනේ. රැකෙන්නේ නැති නම් මානව හිමිකම් රකින හොඳ රටක් වශයෙන් ඉදිරියට යන්න ඔය යෝජනාවම සම්මත වීම අපේ වාසනාවක් නෙමෙයිද? (නි)
බය වියුතු කිසිදෙයක් මට නම් පෙනෙන්නේ නැහැ. එල්.ටී.ටී. එක බස්වලට බෝම්බ තියපුවා, අරන්තලාවේ ඝාතන, මාළිගාවට බෝම්බ ගහපුවා හැමදෙයම නවනාදන් පිලේලේට පෙන්නන්න හොඳම වෙලාව (නි)
ලංකාව වෙනුවෙන් චන්දය දුන් සියල්ලන්ටම අපගේ උත්තමාචාරය (දී)
මේ චන්දය දීපු රටවලින් ප්‍රජාතන්ත්‍රවාදී රටවල් කොයි ඒවාද? (දී)
අපට විරුද්ධව චන්දෙ දීල තියෙන රටවල් බහුතරයක් අපි දන්නෙත් නැහැ නේ. (දී)
අපේ රටට කවුරුහරි කරදරයක් කරන්න හදද්දී අපේ අය එකමුතු වෙන හැටි බලන්න,හරිම සතුටුයි. සුද්දෝ අපේ රට මංකොල්ල කෑ සල්ලි වලින් තමයි අද ඔය වැජඹෙන්නේ.විරුද්ධව ඡන්දෙ දුන් රටවල් වලින් එන භාණ්ඩ මිළදී ගැනීම රටට ආදරය කරන පුරවැසියෝ විදියට නිහඬව අපිට කරන්න පුළුවන් දෙයක්.අපි මේ විදියට එකතු වෙනවා නම් ඕනෑ අභියෝගයක් ජයගන්න පුළුවන්.ශ්‍රී ලංකා භූමියට ජයවේවා....! (නි)
මේ අවස්ථාවේ අපි පක්ෂ අමතක කරලා රට ගැන හිතමු. දැන්වත් තේරුම් ගන්න ඕනෑ යුද්ධය දිනුවට මදි , අනිත් අතින් හරිම දුර්වලයි. හරියාකාර විදේශ ප්‍රතිපත්තියක් නැහැ.ඔන්න අවසානයේ සිද්ධ වූ දේ. ඒවා මේවා ඔක්කොම පැත්තක තියලා තවත් රට ණය කරනවා. දැන්වත් හැදෙන්න. අවසාන අවස්ථාව මෙයයි. (නි)
අපිව පරාජය කරන්න මොන බලවේගයකටවත් බැහැ. (නි)
හරියට ඡන්දයක් තිබ්බොත් ඔහොම තමයි වෙන්නේ (නි)
කවුරුන් විසින් හෝ සිදු කළ අනේකවිධ මානව හිමිකම් කඩකිරීම් වලට එරෙහිව කෙරෙන මෙම ජාත්‍යන්තර පරීක්ෂණය ලක්වාසී අසාධාරනයට ලක්වූ මිනිසුන් වෙනුවෙන්මයි. (නි)
ජනපතිතුමා ත්‍රස්තවාදය නැතිකළ එකම නායකයායි. අපි ඔහු වෙනුවෙන් කළහැකි ඕනෑම දෙයක් කරනවා. අපේ රටේ ත්‍රස්තවාදය තුරන් කළාට මම ඔහුට සහ රජයට ජයපතන්නේ ඇමෙරිකාවේ සිටයි. තවද, අපට පක්ෂව ඡන්දය දුන් සහ ඡන්ද නොදුන් කණ්ඩායම් වෙත අපගේ ප්‍රණාමය! (නි)
මෙතන සමහරු කියන්නේ මැද පෙරදිග රටවල ඉන්නේ 'නූගත් අර්ධ ම්ලේච්ඡ මිනිසුන්' කියලා. මම අදයි ඒක දන්නේ. (නි)
මේ මානව හිමිකම් කතාවේ මාතෘකා කීපයක් තිබෙනවා. ඒකේ පළවැනියට තියෙන්නේ දෙමළ ජනතාවට සිදුවෙන පීඩනය කියන එක. ඒක ඇතිකරගෙන තියෙන්නේ ඒ අය විසින්මයි කියන එක ඒ අය දන්නේ නැහැ. බලලෝභී නායකයෙක් විසින් මානසික බෙලහීනතාවයක් නිසා තමන්ගේම ජනතාව බිල්ලට දුන්නා කියන එක එයාලා දන්නෙ නැහැ. ප්‍රභාකරන් කියන පුද්ගලයා තමන්ගේ ජාතිය වහල්ලු විදියට පාවිච්චි කරලා තමයි සුඛෝපභෝගී විදියට ජීවත් වෙලා තියෙන්නේ.සමහර දේවල් වල නිෂ්පාදන පිරිවැය පවුල් කීපයක් ජීවත් කරවන්න තරම් ප්‍රමාණවත්. ඒ මානව හිමිකම් කඩකිරීමේ චෝදනාව අවිවාදයෙන්ම සියලුම බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා. නමුත් රට ඇතුළේ සිදුවෙන දේවල් ගැන බලයේ ඉන්න අය පොඩ්ඩක් හිතන්න ඕනෑ. උපදේශකතුමන්ලා මේ ගැනත් පොඩ්ඩක් හිතලා හරි මාර්ගයට යන්න දැන්වත් බලන්න. මේ මානව හිමිකම් ප්‍රශ්නයෙන් ජයක් ලබන්න හැකි වේවා! (නි)
අපේ රටේ ප්‍රශ්න අප විසින්ම විසඳා ගත යුතුයි කියන මතය මම කවදත් විශ්වාස කළෙමි. නමුත්, ඔය දේශප්‍රේමින් යැයි කියා ගන්නා අය කෑ මොර දෙන බහුභූත වලට වඩා බුද්ධිමත්ව අප කල්පනා කළ යුතුය. මෙම තත්ත්වය ඇති කර ගත්තේ අප විසින්මය. ඇමෙරිකාව ප්‍රමුඛ අනිකුත් රටවල් පුන පුනා කියන්නේ උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවයි. මෙම කොමිසම ඇති කළේ අප විසිනි. අපි මුල සිටම වරද්දා ගත්තෙමු. අපට කිවයුතුව තිබුනේ අප කළේ ත්‍රස්තවාදීන් සමග යුද්ධයක් නිසා සාමාන්‍ය ජනතාවටද ඉන් හානි සිදුවූ බවය.බෑන් කී මූන් මහතාට කරන්න බැරි ප්‍රතිඥා දුන්නේ අප විසින්ය. (නි)
මේ යෝජනාවට මුලින්ම බය වෙන්න කරුණා අම්මාන්. මොකද එයා දෙපැත්තෙන්ම අහු වෙනවා. දැන් ආණ්ඩුව හරහා කරන මානව හිමිකම් කඩකිරීම් වලට හා එදා එල්.ටී.ටී කරපු දේවල් වලට.(නදී)
දැන්වත් සමගිවෙලා වැඩ කරමු. ලෝකෙට කේලම් නොකියමු.(නදී)
මේකට තියන හොදම විසදුම පුළුවන් තරම් බඩු මිල අඩු කරන එක. එතකොට රටේ ජනතාවගේ විශ්වාසය ආණ්ඩුවට ලැබේවි, එතකොට ඔය කාටත් මුකුත් කරන්න බැහැ.(නදී)
ලැබී තිබෙන ඉහලම ප්‍රතිචාර අනුව මේ ප්‍රස්නේදී ලංකාවට එරෙහි වන රටවල් එක්ක ශ්‍රී ලංකාවාසි ජනතාව මොනතරම් වෛරයකින් ඉන්නවද කියල පේනවා.(නදී)
ජනාධිපතිතුමා හැර අපව ගලවාගැනීමට වෙනත් කිසිවෙකු නැත. එතුමා වටා රොද බැඳගමු. (නදී)
අපි වෙනුවෙන් අළුතින් හිතන්න කාලය කාලය ඇවිත්. සිංහලයන් ලෝකයෙන් වඳවීයාමේ තර්ජනයට මුහුනපා ඇති 04වන ජන වර්ගය බව හැමෝම නැවත සිහි කළ යුතු කාලය ඇවිත්.(නදී)
බලවත් බටහිර රටවල් තමන්ට අවශ්‍ය විදියට කුඩා රටවල් නම්ම ගන්න ඕන උනහම තමයි මේ මානව හිමිකම් කොමිසම, අයි.එම්.එප් වගේ උපාංග හදාගෙන තියෙන්නේ. අනිත් අතට එම උගුල් වල වැටෙන්නේ නැතුව ඉන්නත් ලංකාව දැනගෙන තියෙන්න ඕනා. එල්.එල්.ආර්.සී වගේ ඒවා හදන්න පොරොන්දු වුනේ ඇයි? දැනටත් ලංකාව ඇතුලේ කොච්චර නම් මානව හිමිකම් කඩවෙනවද? රතුපස්වල වගේ තව බොහෝ දේවල්. මාද්‍ය නිදහස, අධිකරණ ස්වාදිනත්වය වගේ දේවල් ? ඉතින් කව්ද බෝලෙ පාස් කරලා දෙන්නේ ? වෙලාවකට හිතෙනවා මේවා පාවිච්චි කරනවද කියල ඡන්දෙ දිනාගන්න. වෙලාවට ඡන්දෙත් එන හැටි නේද? ඔය ලකාවට පක්ෂව ඡන්දය දුන්න සෞදියේත් ලංකාවට විරුද්දව දුන්න කුවේටයේත් මානව හිමිකම් ගැන කවර කතාද? වෙනත් ආගමක් ප්‍රසිද්ධියේ අදහන්න තියා ක්‍රිස්මස් කාර්ඩ් එකක් වත් යවන්න බැහැ. කාන්තාවකට මුණ පේන්න ඇඳුමක් වත් ඇඳගෙන යන්න පුලුවන්ද?(නදී)
අපේ සිංහල / මුස්ලිම් සමගිය බිදින්න හුගක් අය උත්සාහ කරනවා. අපේ රටට සහය දක්වපු රටවල් වලට අපේ ප්‍රණාමය.(නදී)
මෙම ඡන්ද ප්‍රතිපලවලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්ද 24 යි විපක්ෂව ඡන්ද 23 යි. එමෙන්ම කවුරුත් දන්න ප්‍රසිද්ද රහස වන්නේ බිය ගන්වා ලබා ගත් ඡන්දද මෙහි ඇති බව නේද? (නදී)
පාඨකයෙනි හොඳට ඇස් කන් පාදගෙන බලන්න ,අහන්න මේ යෝජනාවෙන් රට බෙදන්න කියා කියල නොවේ තිබෙන්නේ. රටේ සිදු කරන මානව හිමිකම් උල්ලංගනය නොකරනු කියලනේ කියල තිබෙන්නේ. ඉතින් මේ යෝජනාවට කව්රුන් හෝ විරුද්ද වෙනවා කියන්නේ පාලකයන්ට මානව හිමිකම් උල්ලංගනය කිරීමට අනුබල දෙනවා කියන දෙයයි.(නදී)
මේකේ සමහරු කියනවා ලංකාව වරදක් කලා කියලා. කරපු වරද තමා එල්.ටී.ටී එක පරද කරපු එක. ඒක වරදක් වෙන්නේ කොහොමද? (නදී)
ලංකාවේ ඉන්න අය මානව හිමිකම් කියල හිතන් ඉන්නේ ඒ අය කැමති පක්ෂෙට ඡන්දෙ දෙන එක විතරයි.(නදී)
ඔබ මේ ප්‍රශ්නය දිහා මධ්‍යස්තව බලනවානම් හිතන්න මොකද මේ රටවල් විරුද්ධ සහ නිහඩ උනේ කියලා. අපට ඡන්දය දුන්න හැමෝම ඇමරිකන් විරෝධී රටවල්. මේවා අපිට ලැබුන ඡන්දම විය නොහැකිය. මෙය යුද්ධය ගැන ලැබුන තීන්දුවක් නොව අප ලෝකයට දුන්න ප්‍රතිමුර්තියේ වරදක්. අපි මෙතනින් නිවැරදි නොවී අපේ පුද්ගලික අබිමතාර්තයන් වලට වැඩ කලොත් අපේ දරුවන්ට ප්‍රතිවිපාක විදින්න සිදු විය හැක. කඩුව මගේ කියල බෙල්ල කපා ගැනීම විරකමක් නොවී. අපට හොදම උදාහරණය ලිබියාවෙන් ලැබුනා. ලෝකය සමග ගත්තම අපි පුංචි රටක් කියන එක අමතක කරන්න එපා.(නදී)
ජපානය වෙනුවෙන් හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන කල දායකත්වය ඔවුන්ට මතක් කිරීමට අපේ අයට අමතක වීම ගැන කණගාටු වෙනවා.(නදී)
මෙතන සමහරු ඡන්ද අර්ථ කථනය කරන ආකාරය අපූරුයි. පසුගිය ජනාධිපතිවරණයේදී ලියා පදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් ලක්ෂ 36ක් පමණ ඡන්දය දුන්නේ නැත. එක් අපේක්ෂකයෙක් වැඩි ඡන්ද 18 ලක්ෂයකින් ජය ලැබිය. ඒ කියන්නේ ලක්ෂ 18කින් මෙම අපේක්ෂකයා පරාජය වූ වගද? නැත. ඡන්දයේ වැදගත් වන්නේ වලංගු ඡන්ද සංඛ්‍යාව පමණි.(නදී)
අපි අපේ රටට ආදරෙයි. අපේ රටට එරෙහිව එවැනි යෝජනාවක් සම්මත වීම අපේ රටට හානියක්. ඊට එරෙහිව ගත යුතු ක‍්‍රියාමාර්ග අපි ගත යුතුයි. නමුත් මෙහෙම ප‍්‍රශ්නයක් තියෙනවා. සමහර විට අපට විරුද්ධව තිබුණු ඡන්ද ප‍්‍රමාණය අඩු කරගන්න අපට ඉඩ තිබුණා. මං නම් හිතන්නෙ මේ තරමට මේ විරුද්ධ ඡන්ද ප‍්‍රමාණය වැඩි වුණේ ආණ්ඩුවෙ වැරැද්දෙන්. ආණ්ඩුවට තිබුණා හිතාමතාම සිදු කරන වැරදි අඩු කරගන්න. උදාහරණයක් විදියට ගත්තොත් රජයේ නාලිකා කටයුතු කරන විදිය. මේ රාජ්‍ය නාලිකා නඩත්තු වෙන්නෙ ජනතාවගෙ බදු මුදල්වලින්. සන්ධානෙට ඡන්දෙ දෙන කෙනා වගේම යූඇන්පී, ජේවීපී එකට ඡන්දෙ දෙන අයත් ඒ බදු ගෙවනවා. නමුත් රජයේ නාලිකාවල දේශපාලන සාකච්ඡාවලට ගෙන්නන්නෙ කවුද? ආණ්ඩු පක්ෂෙ උදවිය විතරයි. ඉතින් එතන මොකක්ද වෙලා තියෙන්නෙ. පිරිසකගෙ අදහස් ප‍්‍රකාශ කිරීමේ නිදහස කප්පාදු කරලා. තවත් පිරිසකගේ තොරතුරු දැනගැනීමේ නිදහස කප්පාදු කරලා. කෝ ඉතින් සමානාත්මතාවය. මේ එක ප‍්‍රශ්නයක් විතරයි. විරෝධතා දැක්වීම ජනතා අයිතියක්. ඔවුන් විරෝධතා දක්වන්නෙ තමන්ගෙ අයිතීන් දිනාගන්න. මාර්ග අවහිර වෙනවා කියලා ඒ විරෝධතාවලට කදුළු ගෑස් ගස්සවන ආණ්ඩුව නයිට් රේස්වලට ලස්සනට පාරවල් වහනවා. විරෝධතාව දහස් ගණනකගෙ උවමනාවක්. දුප්පත් මිනිහගෙ උවමනාවක්. නයිට් රේස් යනඑක සමහර දේශපාලකයන්ගෙ නෑ හිතවතුන්ගේ සහ තවත් සල්ලිකාරයන් කිහිප දෙනෙක්ගෙ උවමනාවක්. (නදී)
මේක හරිම වෙනස් රටක්. මොකවත් වෙන්නෙත් නැහැ. මොකවත් කරන්නත් බැහැ. යුද්දය කියන ඔය ත්‍රස්තවාදීන් ටික ඉවරකලාට පින්. තවත් එන්න හදනවානම් ඒකත් ඉවර කරන්න. අපි එවිට සැමදා ඔබ සමගය.(නදී)
දැන් මේකට බොදු බල සේනාව මොකද කියන්නේ ?(නදී)
කෝ ලංකාවේ හිටපු දේශප්‍රේමී සංවිධාන? (නදී)
පක්ෂ ආගම් වලට බෙදෙන්නේ නැතිව යුද්ධයට මුහුණ දුන්නා වගේ ඕනෑම දුකක් විඳගෙන මේ ප්‍රශ්නෙටත් මුහුණ දෙමු. (ස)
මෝහමෙඩ් මිත්‍රයා, ඔබ දන්නැති දේවල් නිකන් ප්‍රචාරය අරින්න එපා. කෙන්යාව කියන්නේ මුස්ලිම් රටක් නෙවේ. මෙතන ආගම් වලට ඡන්දෙ දුන්නේ නැහැ. මුස්ලිම් රටවල් අපිට ඡන්දෙ දුන්නේ අපේ ජනාදිපති තුමාගේ හොද නිසා. කොහොම උනත් හොද රටවල් ටිකක් අපිත් එක්ක ඉන්නවා ඒක අපිට ලොකු හයියක්.(නදී)
ඒ රටවල් අපිට විරුද්ද උනේ අපේ වැරදි නිසා. ඔහොම කෙරුවේ නැත්තම් අපේ අය පාඩම් ඉගන ගන්නේ නැහැ.(නදී)
පළා සභා ජයගෙන මම හනික එමි. ලොවේ නොයෙක් අවමන් මැද නොසෙල්වෙමී.(නදී)
ලෝකයේ තමන්ගේ ආර්ථික බලය සහ යුධ බලය පෙන්වා අනිත් සුළු ජාතිකයන් පාගා දැමීමට පපුවට පිස්තෝලය තදකරමින් තමාගේ මතයට ඡන්දය දෙන ළෙස බලකරමින් පසුගිය දිනවල ජිනිවාවල පෙන්වන ජවනිකාවලට සරල සිංහල බසින් කියන්නේ කෝලම් කියායි. ඔන්න එකෝමත් එක කාලයක එක ඕට්ටෝරුවකුයි,කැට්ටෝරුවකුයි, කොට්ටෝරු කිරිල්ලියෙකුයි තවත් කොට්ටෝරුවෝ රැලකුයි යූක් ගහකට කොටලා හොටවල් මොට්ට කරගෙන යූක් ගහේ අත්තකුත් කඩා දැම්මාළු. දැන් ඉතින් පොඩි ගස් වලට කොට කොටා හොටවල් උල්කර ගන්න බලනවා හැර මක්කා කරන්නද?(නදී)
පුරන් අප්පු අද රජ වී සිටියා නම් සුද්දව හතරට පලවන්නේ.(නදී)
රංග.. ඉතාලිය කියන්නේ මුස්ලිම් රටක් නෙවෙයි. (ස)
පාලනය කිරීමේ පහසුම ක්‍රමය බෙදා පාලනය කිරීමේ ක්‍රමයයි. (ස)
ඕකට කියන්නේ තද ඉරිසියාව කියලා .මේකට බෙහෙතක් නෑ හොයාලා තාම .ඇමරිකාව කරන හැමදේම හරි .ඔය කියන මානව හිමිකම් ඇමරිකාව රකිනවද ?.(දිල්)
අපිට ඡන්දය දුන්නු රටවල් 12න් 6ක්ම මුස්ලිම් රටවල්. අපේ කට්ටිය ඒ මිනිසුන්ව මෙහේ කන්න හදනවා.(නදී)
කොහොමද වැඩේ.... දකුණු කොරියාවත් ඡන්දෙ විරුද්ධව දුන්නලු. ඉන්දියාව මාරු වෙලා.... පේනවනේ අපට ලෝකේ තියන තැන. (ස)
විනෝද් වගේ මිනිස්සුනට කියන්නේ දේශ ද්‍රෝහී කියල . උපන් බිමේ එදගෙන අපිට කෙනෙහිලි කම් කරන අයට අතවනවා (අ)
මෙම යෝජනාව සම්මත වීම හොඳයි. සිංහලයන්ට හොඳ පාඩමක්. දැන්වත් ඔය ලොකුකම, මාන්නය අත්හැරලා හැමෝටම එක විදියට සළකන්න ඕනෑ. අසරණ මිනිස්සුන්ට තිබෙන අය උදව් කරන්න ඕනෑ. එහෙම නොකළොත් අපි හැමෝටම දුක් විදින්න වෙනවා. තව දුරටත් මේ විදියට හැසිරුනොත් මීට වඩා භයානක යෝජනා එන්න පුළුවන්. (නි)
මට තවම තේරුම් ගන්න බැරි අපේ අයට යමක් නිවැරදිව තේරුම් ගන්න හැකියාව නැත්තෙ මොකද කියලා. මේක ලංකාවට විරුද්ධව කළ දෙයක් හැටියට මම දකින්නෙ නැහැ. ලංකාවේ ඉන්න සෑම අසාධාරණයට ලක්වුණ කෙනෙකුටම සාධාරණයක් සිදුවිය යුතුයි කියන අදහසින් වෙන දෙයක්. යුද්ධය විතරක් නෙමෙයි මෙතන සළකා බලන්නේ.මම නම් කියන්නේ වැරදිකාරයො කවුරු වුණත් එයාලට දඬුවම් ලැබෙන්න ඕනෑ. ඒක කර්මය අනුවත් නිවැරදියි. තමන්ගේ කෙනෙකුට වුණා නම් විතරයි අපේ අයට සමහර දේ තේරෙන්නේ. (නි)
මෙම යෝජනාවට අනුව කොටියත් රජයත් දෙකම පැරදිලා.දිනා තිබෙන්නේ ජනතාව.මන්ද යත් මින්පසු කාගේවත් බලයට කිසි කෙනෙක්ව අතුරුදන් කිරීමට ,උස්සාගෙන යාමට,මානව හිමිකම් කඩවෙන විදියේ දේවල් කළොත් ඊට කෙළින්ම අන්තර් ජාතිකය මැදිහත් වීම නිසාවෙනි.පාලකයන් හැටියට මානව හිමිකම් වලට ගරු කරමින් හා ඒවා කරන්නවුන් හට නිසි දඬුවම් ලබා දෙනවා නම් මෙවැනි යෝජනාවන් වලට මුහුණ දෙන්න වන්නේ නැතුවා සේම මෙවැනි යෝජනාවක් ආවා නම් අපි මේ යෝජනාවට විරුද්ධ වීම සාධාරණය.මේ ලෙස බලන කල ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් මෙවන් යෝජනාවක් කවුරුන් හෝ ගෙන එනවා නම් අප එයට විරුද්ධ වෙනවාද නොමැති නම් ඊට ප්‍රශංශා කරනවාද කියන ප්‍රශ්නය බුද්ධිමත් පාඨකයා අතරේ තබමි. (නි)
මේකත් හරියට පාර්ලිමේන්තුවේ විවාද කරලා කරලා ඡන්දෙ වෙලාවට නිකන් ඉන්නවා වගේ තමයි. අන්තිමට වැඩි චන්ද තොග ගණනකින් පනත සම්මතයි.(නදී)
අපේ රට වෙනුවෙන් සහයෝගය දුන් සහෝදර රටවලට මාගේ ප්‍රණාමය! (නි)
ස්තූතියි මාලදිවයින, මෞමූන් අබ්දුල් ගයුම්..!! (නදී)
මෙහි පක්ෂව ඡන්දය දී ඇති සියළු රටවල් මුස්ලිම් රටවල් නොවෙන නිසාම තමයි අනෙක් රටවල් ඡන්දය දී ඇත්තේ කියලයි මට නම් හිතෙන්නේ. (නි)
අපි කාටවත් බියවිය යුතු නැහැ (නි)