ඡන්ද දායකනට නොමිලයේ අරක්කු බෙදා දීමේ සංවිධානාත්මක ව්‍යාපාරයක් මධ්‍යම පළාතේ මාතලේ දිස්ත්‍රික්කයේ පවතින බවත්, එය වයඹ පළාතටද පැතිරෙන ලකුණු ඇති බවත් නිදහස් සාධාරණ මැතිවරණයක් සඳහා වන ජනතා ව්‍යාපාරයේ (කැෆේ) අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
මෙම ප්‍රවණතාවය සාධාරණ හා නිදහස් මැතිවරණයකට දැඩි ලෙස බලපෑම් එල්ල කරන බව ද ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"මතට තිත" කියපු අයම, මත් කරලා කතිරේ ගන්න වගේ යන්නේ. (ස)
මේවාට උපරිම දඩුවම් දෙන්න ඕනේ (දී)
සුද්ද ඕකම කල බව මතක නැද්ද (දී)
අපේ මිනිස්සුන්ට පිනට බොන්නයි කන්නයි දෙනවා නම් ඕනෑ දෙයක් කරාවි. කුරුණෑගල පැත්තෙත් අරක්කු දන්සැල් දෙනවයි කියලා ආරංචියි. අනේ අනිච්චං දුක්ඛේ මතට තිතට ගිය කලක් ...... (නි)
මුලින් අරක්කු දෙන්න. ඡන්දෙ දිනාගත්තට පස්සේ පිදුරුයි පුන්නක්කුයි දෙන්න. (නි)
අපේ මිනිස්සු මෙච්චර මෝඩ ඇයි? (අ)
මෙයාලට පිරිසිදු වතුර ටිකක් දෙන්න බැහැ, නමුත් අරක්කු වෙඩි උණ්ඩ නම් නොමිලයේම දිය හැකියි. නමුත් උදේ ඉදන් රෑ වෙනකම් දේශනා කරන්නේ මතට තිත කියන පිරිත.මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)
ඵෙතිහාසික මාතලේ මෙවැනි තත්වයකට ගෙනා දේශපාලකයන්ට මගේ තදබල විරෝධය. (නි)
නොමිලේ බීලා ඡන්දෙ දීලා පස්සේ ගුටි කාලා නොමිලේ බෙහෙත් දාගන්නකෝ. (නි)
නිකම් දෙනවා නම් සබනුත් කනවාද? (ස)
මේ මනුස්සයා ඒ මිනිස්සු නොමිලේ අඩියක් පුඩියක් ගහන එකට ඉරිසියාවේ..අඩියක් පුඩියක් ගැහුවට මොකද වෙන්නේ..ඡන්ද පොළට ගියාම මොකා මොකාට ගහනවද කියල කවුද දන්නේ..මෙයාලගෙ දෙයක් ලෝස් නැතුව මිනිස්සුන්ට ගන්න පුළුවන් වෙලාවේ ඒක ගන්න ඉඩ දෙනවා මිසක් ඒකට බාල්දි පෙරලන්න එපා.. (ස)
ඔහොම කියන්නකෝ. හෙටම යනවා ඒ පැත්තේ සාධාරණ ඡන්දෙකට උදව් දෙන්න. (ස)
නොමිලේ ජනතාවගේ අවශ්‍යතායන් ඉටු කරන්නට දිව්‍ය ලෝක සැප සමත් ලැබේවා ! (ස)
අපෝ මෙයාලා වහ පොවලා හරි ඡන්දෙ නම් ගන්නවා. (ස)
ආ.. ඔය අර රටටම කසිප්පු බෙදන කෙනාගෙ දිස්ත්‍රික්කෙනේ.... (ස)
දෙන්නම්කො බොක්කෙන්ම.... (ස)
නියම සිහිය තියෙන අය ඡන්දෙ දීම ගැන දෙපාරක් හිතන්න. (ස)
මිනිසුන්ට අරක්කු පොවලා මත් කරලා තමා ඡන්දෙ දිනන්න වෙන්නේ. නැත්නම් ප්‍රකෘති සිහිය තියෙන ,මොලේ ඇති මිනිහෙක් නම් තවත් ඡන්දෙ දෙයිද? දැන් අරක්කු බීලා ඡන්දෙන් පස්සේ දත් මිටි කාලා ,හුලං තමා බොන්න වෙන්නේ. (නි)
උපාලි කොහොමද නොමිලේ බස් සේවාවකුත් දැම්මා නම් එහෙට.(ස)
අරක්කු වීදුරුවට, බත් ගොට්ටට කාලය එන්නය එන්නේ... (ස)
අරක්කු දෙනවා නම් මගේ ඡන්දෙත් ඒ අපේක්ෂකයට තමා. බයිට් එකට රෝස් කරපු කුකුළෙකුත් ඕන මහත්තයෝ. (ස)