(යොහාන් භාසුර)
ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇතැයි එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ජාතික ජනබලවේගයේ ප්‍රවාහන කමිටුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළ බන්දුර දිලීප විතාරණ මහතා නාවල විවෘත විශ්වවිද්‍යාලයේ කථිකාචාර්වරයෙක් ලෙස ද කටයුතු කරයි.
බිමල් රත්නායක මහතා අමාත්‍යවරයා ලෙස කටයුතු කරන ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යශයේ විෂය පථයට ඇතුළත් ආයතනවල සභාපති ධුරයෙන් ඉවත්වූ තෙවැනි නිලධාරියා බන්දුර දිලීප විතාරණ මහතා බවත් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ වෛද්‍ය රුවන් විජයමුණි සහ ජාතික ගමනාගමන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ රමාල් සිරිවර්ධන යන මහත්වරු මීට පෙර ඉවත්වූහ.
මෙම ඉවත්වවීම පිළිබඳව දැනගැනීමට ආචාර්ය බන්දුර දිලීප විතාරණ මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගත්ත ද ඒ මහතා වෙනත් වැඩක සිටින්නේ යැයි පවසා සම්බන්ධතාව විසන්ධි කළේය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ජාතික ගමනාගමන කොමිසමේ සභාපති අස්වෙයි
නිමල් පෙරේරා Thursday, 27 March 2025 01:54 PM
"කයිවාරු කාරයො එක්ක වැඩකරන හැටි" විෂය පිළිබඳව ප්‍රවීණයෙක් නොවීම තමයි හේතුව. ඒ සුදුසුකම එයාට නැතුව ඇති.
අරවින්ද මොණරවිල Thursday, 27 March 2025 02:25 PM
දැන් බයියෝ ටොයියෝ ෆෝම් වෙයි, ඒ උනාට වැඩක් නැහැ වැඩ කරන්න බැරි නම් ගෙදර යන්න වෙනවා...
EducatededdieThursday, 27 March 2025 06:12 PM
අහෝ අරවින්ද මොණරවිල. ඔය ඔක්කෝම පත්වීම් දෙන්නේ මාලිමාව වෙනුවෙන් පෙනී සිටින උගතුන්ට මිසක් පොහොට්ටුව, අලියන්, සිලින්ඩර්, දුරකථන පක්ෂ හෝ වෙන කාටවත් නොවෙයි. ඉතින් ඔයා ඔය කියන විදිහට මාලිමාව පත්කරපු ඔයාලාගේම පක්ෂයේ අයත් වැඩ බැරි අයද? උඩ බලාගෙන කෙල ගහනවා කියන්නේ ඔන්න ඕවාට තමයි...
යෝගා Thursday, 27 March 2025 02:31 PM
තමන්ගේ බිරිඳත් පාර්ලිමේන්තුවට රිංගවලා එතන හැසිරෙන්නෙත් උද්දච්ච උම්මත්තකයෙක් වගේ. අන්දරේටවත් කන්ටේනර් මගඩියේ මහ මොළකරු කන්ට්‍රෝල් නෑ වගේ. පිස්සො එක්ක වැඩ කරනවට වඩා අයින් වෙන එක හොඳයි.
ගුණරත්න Thursday, 27 March 2025 02:52 PM
ඇමැතියාගේ හැටි තමයි ඔය උගතුන් ඉල්ලා අස්වීමෙන් පෙන්නුම් කරන්නේ, එකත් ඉතින් පුදුමයක් නෙවෙයි...
කෞෂි Thursday, 27 March 2025 03:06 PM
ඉස්සර කොච්චර අවුල් වුණත් ඉල්ලා අස්වෙන්නෑ. හේතුව අරමුණ හොරා කෑමයි එලෙව්වත් යන්නෑ එල්ලිලා ඉන්නවා. දැන් අරමුණ හොරාකෑම නොවෙන නිසා වැඩ අවුල්නම් යනවා.
Raththa Thursday, 27 March 2025 04:03 PM
ඔව් කෞෂි, එහෙමවත් කියලා සැනසෙන්න. ඊයේ පෙරේදම බිමල් රත්නායක ගම කාගත්තා තමාට අදාල නැති ගුවන් හමුදාවේ යානය කඩා වැටීම ගැන කරුණු නොසොයා හෝ නොදැන හේතු කියන්න ගිහින්. ඒ නිසා ඇමති සහෝදරයාගේ කෙරුවාව ගැන හිතන්න පුළුවන්. මොලේ ඇති මාලිමා සාමාජිකයන් අයින් වෙනවා ඇත්තේ ඒකයි.
කෞෂිThursday, 27 March 2025 05:14 PM
මම කිව්වේ අරමුණ හොරාකෑම නෙවේ නම්, තනතුරුවල එල්ලිලා ඉන්න අවශ්‍යතාවයක් නෑ කියලා...
සිල්වා Thursday, 27 March 2025 04:30 PM
ඉස්සර නම් අරූ හොරා කෑවා, මූ හොරා කෑවා කියලා කෑ ගැහුවා. දැන් වැඩ කරන්න බෑ. දාලා යන්න යනවා. අවුල් කරන්න දන්නවා. වැඩ කරන්න දන්නේ නෑ..
යෝගා Thursday, 27 March 2025 03:46 PM
උගතෙක් වෙන්න ඇති. ඒත් සතා අඳුනගන්න තරම් බුද්ධියක් තිබිලා නෑ.
Suneth Thursday, 27 March 2025 05:19 PM
මම නම් හිතන්නේ සතා අඳුනාගෙන. නැත්තං කම්බ හොරුන්ට කලින්ම සෙට් වෙනවානේ...
M A P Hemachandra Friday, 28 March 2025 06:25 AM
බස් කොම්පැනි කාරයන්ට යට නොවී හිටියොත් දුවන්නට පුලුවන්.