IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ජන බල ලිපි ගොනු බොදු බලෙන් පොලිසියට

කොළඹ නිපොන් හෝටලයේ දී ජාතික බල සේනාවේ වටරැක විජිත හිමියන්ගේ මාධ්‍ය හමුවට බලෙන් ගොස් පැහැරගෙන ගියැයි කියන ලිපිගොනු පහක් බොදුබල සේනාවෙන් බාර දුන් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් හමුවේ අද කියා සිටියේය.

එම ලිපිගොනු තමන්ගේයැයි වැරදීමෙන් රැගෙන ගිය බව ද පොලිසියට කියා ඇත.

වටරැක විජිත හිමියන්ගේ පැමිණිල්ලෙන් පවසා ඇත්තේ බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තමනට තර්ජනය කර එම සාකච්ඡාව කඩාකප්පල් කළ බවයි.

තමා එම අවස්ථාවේ මහා සංඝරත්නයෙන් සමාව ගත්තේ තර්ජනයෙන් බියට පත්වූ නිසා යැයි ද විජිත හිමියන් කළ පැමිණිල්ලේ සඳහන්ය.

 

 



අදහස් (0)

ජන බල ලිපි ගොනු බොදු බලෙන් පොලිසියට

චමින්ද Monday, 21 April 2014 04:38 PM

ඒ ගමන මේ මොනවද වෙන්නේ? (නි)

:       0       0

වසන්ත Tuesday, 22 April 2014 07:15 AM

හාමුදුරුවනේ, දේශපාලන පක්ෂයක් හදා චන්දයට ඇවිත් පාර්ලිමේන්තුවේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් කටයුතු කරන්න.(ස)

:       0       0

හේරත් Monday, 21 April 2014 04:40 PM

හැමදේටම අතදාන්න ගියහම වෙන්නේ අර කාටද වෙච්ච දේ කියලා කියනවනේ... (නි)

:       0       0

රකිත් Tuesday, 22 April 2014 08:20 AM

අයියෝ, චන්දන, කිව්වේ නැද්ද සිංගප්පුරු ජාතිකයාට හිටපු සිංගප්පුරු අගමැති කෙනෙක් කියපු කතාව? ඒ කියන්නේ සිංගප්පුරුව ලංකාවක් කල යුතු බව.(ස)

:       0       0

මරික්කාර් Tuesday, 22 April 2014 05:00 PM

අපේ සෝම හාමුදුරුවන්ගේ තිබුණු මුහුණේ පිබිදුනු සිරියාව මට මේ වෙලාවේ මතක් වුණා. ඒ වගේ සිරියාවක් මම වෙන කිසිම කෙනෙකුගෙන් මේ වනතෙක් දැකලා නැහැ (නි)

:       0       0

පෙටී Monday, 21 April 2014 05:44 PM

මට නම් හිතාගන්න බැහැ මොනවා වෙයිද කියලා (නි)

:       0       0

සරත් Tuesday, 22 April 2014 07:46 AM

අපේ හාමුදුරුවෝ රටේ අනාගතය ගැන හිතලා,,සමහරු දේශයට කරන විනාශය හෙලිකරන්නේ,,මෙතැන ලියන හුගක් අය නින්දෙන් නැගිටපු,,,පිරිසක් රටේ අනාගතේ වෙන විනාශය ගැන කිසිම වැටහීමක් නැහැ,,අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පිටුපස විශාල බලවේගයක් සෑදෙන ඇත. (ස)

:       0       0

ප්‍රනීත් Tuesday, 22 April 2014 08:33 AM

ඥාණසාර හිමියන් ජාතියේ පිනට පහළ වුණ එඩිතර ස්වාමින් වහන්සේ නමක්. ජාතියේ පවට මේවා තේරුම් ගන්න බැරි එකයි කණගාටුව. ඔබ වහන්සේට අනන්ත බුදු බලයෙන් පිහිට ලැබෙනවා (නි)

:       0       0

ෆස්රූල් ගපූර් Monday, 21 April 2014 06:06 PM

ප්‍රජාතන්ත්‍රවාදී රටක මාධ්‍ය නිදහස මෙන්ම ඕනෑම කෙනෙකුට සත්‍ය හා සාධාරණත්වය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් තිබෙනවා. වටරැක විජිත හිමියන් ක්‍රියා කළේ ජාතික සමගිය සඳහා මිසක් වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියාවකට නොවෙන නිසා සාධාරණය ඉෂ්ට විය යුතුය යනු මාගේ අදහසයි. (නි)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 22 April 2014 05:20 PM

ආගම, ජාතිය ගැන මේතරම් කැක්කුමක් තිබෙන හිමිවරු සහ ඒ හිමිවරුන්ට කැමති උදවිය ‍එදා අරන්තලාවේදී හමුදුරුවරුන්ව ඝාතනය කරද්දී, ශ්‍රී මහා බෝධිය ළඟ වෙඩිතියලා අහිංසක මිනිස්සු මරද්දී, දළදා මාලිගාවට කොටි බෝම්බ තියපු වෙලාවේ කොහෙද හිටියේ කියලා හිතාගන්න බැහැ. (නි)

:       0       0

සෙනරත් Thursday, 22 May 2014 02:12 PM

'ජාතික බල සේනාව' කියල තවත් එකක් පටන් ගත්තේ වෙනත් දේශපාලන කණ්ඩායමක හෝ ආගමික කණ්ඩායමක අවශ්‍යතාවය සපුරාලීමට විය යුතුය. මේ පසුව පැමිණ ඇති කණ්ඩායම සැබෑ ජාති මාමකත්වයක සිටිනවා නම් ඔවුනට තිබුනේ මුලින් පැමිණි බොදු බල සේනා කණ්ඩායම හා එක්ව කටයුතු කිරීමය. (ස)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Monday, 21 April 2014 05:32 PM

බලාගෙනයි.ප්‍රවේශමෙන්.... (නි)

:       0       0

රංජිත් සිල්වා Tuesday, 22 April 2014 08:29 AM

ඕස්ට්‍රේලියාවේ චමින්ද මල්ලි වෙතට, ලංකාව සිංහල බෞද්ධ රටක් කියල කියන්න ඔබට ඇති නොහැකියාව අපට ප්‍රශ්නයක් නොවේ. (ස)

:       0       0

වින්සන්ට්-ඉතාලිය Monday, 21 April 2014 05:35 PM

බොදු බළ සේනා සංවිධානයේ ක්‍රියාකාරිත්වය තවමත් ශ්‍රී ලංකාව හඳුනා නොගැනීම කණගාටුවට කරුණකි. (නි)

:       0       0

ගැමුණු Monday, 21 April 2014 06:19 PM

තමන්ගේ ලිපිගොනුවවත් අඳුනාගන්න බැරිද? එතනත් බොරුවක්ද එතකොට කියලා තියෙන්නේ? (නි)

:       0       0

කින් බෙනට් Monday, 21 April 2014 05:37 PM

මේක දඬුවම් කළ යුතු වරදක් නෙමෙයිද? එහෙම නෙමෙයි නම් මමත් හෙට අනිද්දට අවශ්‍ය තැනකට ගිහින් මෙහෙම ලිපි ගොනු ටිකක් අරගෙන එනවා (නි)

:       0       0

මුන්සීර් Monday, 21 April 2014 05:40 PM

මෙතනින් තමයි වැරදෙන්නේ. ඔන්න මම කිවුවා... (නි)

:       0       0

බී. Monday, 21 April 2014 05:56 PM

ඒ ලිපි ගොනුවේ තිබුන කරුණක් හොදින් කියවා විමසා බැලුවොත් ගොඩක් දේ ‍තේරුම් ගන්න පුළුවන් (නි)

:       0       0

සුමිත් Tuesday, 22 April 2014 09:42 AM

බොදු බල සේනා හාමුදුරුවනේ ඔබ වහන්සෙට ජය. අපි වෙනුවෙන් කතා කරන ඔබ වහන්සේට පින්. (ස)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 22 April 2014 06:24 PM

පිටිගල , ලක්ෂ දෙසීයකටත් අධික ජනතාවක් ජීවත් වන රටක 0.2%ක් ඒකරාශී වුණා කියලා කිසිම වෙනසක් වන්නේ නැහැ. (නි)

:       0       0

මංජුල Tuesday, 22 April 2014 09:14 AM

හැම දෙනාම අදහස් දාන්න කලින් ටිකක් හිතන්න. බොදු බල සේනාවෙ ඉන්නේ කවුද කියලා නැතිව, එයාලා කියන්නේ මොනවද? ඒ දේවල් ඇත්තද? කියලා. ජාතිය ආගම වෙනුවෙන් හඩ නගන්නෙ කවුද කියලා. ඥාණසාර හිමියන් බොදුබල සේනාවම නොවන බවත් තවත් ලක්ෂ ගණනක සාමාජිකයින් ඉන්න බවත් අපි නම් දන්නවා. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ව සිහියට ගන්න. අනගාරික ධර්මපාල තුමන්ව සිහියට ගන්න. ඒ අය අතීතයේ සිටි ජාතික වීරවරයන් නොවන්නේද? (ස)

:       0       0

චන්ද්‍රා Monday, 21 April 2014 06:26 PM

දැන් ඉතින් ලිපිගොනු වල තියෙන දේවලුත් එලියට එ්විනේ, එවිට කාටත් බලාගන්න පුළුවන් කව්ද හරි? කව්ද වැරදි ? කියලා.(නදී)

:       0       0

කුසුම් Tuesday, 22 April 2014 06:19 PM

ඒක නෙමෙයි මාගරි, ගලබඩඅත්තේ ඥානසාර හමුදුරුවන්ගේ දර්ශනයෙයි බුදු හාමුදුරුවන්ගේ බුද්ධ දර්ශනයෙයි තිබෙන වෙනස මොකක්ද කියලා ඇහුව නම් මීට වැඩිය හොඳ නැද්ද? ඒ දෙකේ වෙනස වටහා ගන්න උත්සාහ කළා නම් නරකද? (නි)

:       0       0

නසාර් Monday, 21 April 2014 06:35 PM

මේ අය නටන්නේ තව කෙනෙකුගේ බෙර පදේටද? අන්තිමට වෙන්නේ නටපු නැටුමකුත් නැත බෙරේ පලුවකුත් නැත කතාව.(නදී)

:       0       0

මංගල Monday, 21 April 2014 07:36 PM

මෙහෙම බලද්දී අපි වගේ සාමාන්‍ය මිනිස්සු මොනවා කිවුවහම මොකෝ? (නි)

:       0       0

ප්‍රවීන් Monday, 21 April 2014 07:41 PM

බොදු බල සේනාව කවදාවත් වට්ටන්න බෑ. තව තව ශක්තිමත් වෙනවා මිසක් ! ජාතියේ පිනට පහළ උන එඩිතර ස්වාමින් වහන්සේ නමක්. ජාතියේ පවට මේවා තේරුම් ගන්න බැරි කොටසකුත් ඉන්නවා?(නදී)

:       0       0

අමිනා Monday, 21 April 2014 07:43 PM

පොලිසිය මේ වගේ දේවල් නම් හොදට කරනවා.(නදී)

:       0       0

මදු Monday, 21 April 2014 07:48 PM

රණ විරුවන් ගෙන් පසුව අපිට ඉන්න ජාතියේ අරක්සකයා ඔබ වහන්සේ ! ඔබ වහන්සේ ට යෝද බල යෝද ශක්තිය ලැබෙනවා ! බුදු ගුණ අනන්තයි.(නදී)

:       0       0

දර්ශන Monday, 21 April 2014 07:59 PM

වරිදින දවස ඈතක නෙමේ.(නදී)

:       0       0

සදුන් Monday, 21 April 2014 08:00 PM

කට්ටිය දත කට මැදගෙන ඇති වරදිනකල් ? උන් වහන්සේ අපේ ජාතික වීරයෙක් ! ඔබ වහන්සේට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ! (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 22 April 2014 07:57 PM

වග කිව යුක්තන් දෑස් පියා සිටින නිසා නේද මේ හැම ප්‍රස්නයක්ම මෙච්චර දුර දිග යන්නේ. යමෙක් කරන හොද දෙයින් හොද ප්‍රතිපලද,නරක දෙයින් නරක ප්‍රතිපලද,ලැබෙන නිසා බිය වන්න කිසිම හේතුවක් නැහැ. නොදැනවත්ව කා අතිනුත් වැරදි සිදු වෙනවා.(නදී)

:       0       0

මනෝජ්-සාජා Monday, 21 April 2014 07:27 PM

බොදු බල සේනාවට ජය වේවා !!! (නි)

:       0       0

ෆාසුරල්කටාර් Monday, 21 April 2014 08:13 PM

මදු - එතකොට ශ්‍රී දළදා මාලිගාවට කොටි පහර දෙනකොට, අරන්තලාවේ භික්ෂු ඝාතනය කරනකොට කොහෙද හිටියේ? කොටින්ට විරුද්ධව මේ වීරයෝ මොකක්ද කළේ? (අ)

:       0       0

ඇන්ටනී Tuesday, 22 April 2014 10:35 AM

සල්ලි අරගෙන රට පාවාදෙන්න බලාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. සේරටම ඕනෑ රටට හෙණ ගැහුවත් තමන්ගේ අරමුණ ඉටුකර ගන්න. නමුත් ඊට පස්සේ වෙන දේ ගැන රටේ මිනිස්සු දැනගන්නකොට ප්‍රමාද වැඩියි. (නි)

:       0       0

ලාල් ජකර්තා Monday, 21 April 2014 08:23 PM

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වැනි වීර,අභීත ස්වාමින් වහන්සේලා තව තවත් බිහිවේවා! ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)

:       0       0

නිලේන්ද්‍ර Tuesday, 22 April 2014 11:33 AM

රන්ජිත් සිල්වා මහතාණෙනි, ඔබ යම් කිසි දවසක මෙලොවින් සමුගත් දා ගිහින් ඉපදෙන්නේ සිංහල බෞද්ධ පවුලකම කියා සහතික ද ? ඕස්ට්‍රේලියාවේ සිටින සිංහල බෞද්ධ පවුල් වල දරුවන් ළඟ ලංකාවේ සිටින ඇතැම් දරුවන්ට වඩා අපේ කම තියනවා. හැකි නම් ඇවිත් බලන්න. (ස)

:       0       0

සුමති Tuesday, 22 April 2014 10:52 AM

මට පේන්නේ රන්ජිත් සිල්වා මහතාගේ විසා බලපත්‍රය ප්‍රතික්ෂේප වෙලා ද කොහෙද ? ඇයි මේ ඔස්ට්‍රලියාවේ ඉන්න ලංකාවේ උදවිය ගැන මෙතරම් තරහක්? (ස)

:       0       0

ශානි Tuesday, 22 April 2014 10:54 AM

අනේ අපේ රටට මොනවද මේ වෙන්නේ? රටට ආගම ධර්මය දේශනා කරන මිනිසුන්ට නිවුණු හිතක් ඇතිකරන මෙත්තා මෛත්‍රී උගන්වන අය මේ හැසිරෙන විදිහ හරිද? කවුද මේ අයට බලය දුන්නේ? මේක නීත්‍යානුකුලද? මේ අය බුදු දහම රකිනවද නැත්නම් බුදු දහමට අගෞරව කරනවද? ඇයි සිහලුනේ ඇස අරින්නේ නැත්තේ, අපේ රට මේ විනාශ වෙන විදිය කාටවත් පේන්නේ නැද්ද? (ස)

:       0       0

සජී Monday, 21 April 2014 07:56 PM

කොටින්ට විරුද්දව මේ ස්වාමීන් වහන්සේලා ක්‍රියා කරපු හැටි පෙන්වන වීඩියෝ මාලග තියනවා. ඒ වගේම වටරැක වීජිත නමින් පෙනී සිටින කෙනා ගැන මීට අවුරුදු 10කට කලින් පුජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කරපු හෙළිදරවුවක් සදහන් වීඩියෝවක් මා ළඟ තියනවා අන්තර්ජාලයේත් ඒවා තියනවා.. ඕන කෙනෙකුට නරඹන්න පුළුවන් ඒවා.. (අ)

:       0       0

චතුර Monday, 21 April 2014 08:40 PM

සඳුන් වරදිනකල් බලන් ඉන්න දෙයක් නෑ, අර කෙනෙක් බීල රියදුරු බලපත් නැතිව වාහන එලවල අහු උනේ... අන්න එදා දැක්ක වැරදුන විදිහ.... (අ)

:       0       0

ලාල් ජකර්තා Monday, 21 April 2014 08:10 PM

සිංහල ජාතියට අපහාස කළ අය ගැන තීරණ ගන්න කාලය පැමිණ ඇත (නි)

:       0       0

නිලංග Tuesday, 22 April 2014 11:44 AM

රන්ජිත් මහතාණෙනි, ඕස්ට්‍රේලියාවේදී කිසිම කෙනෙකුට වර්ගවාදී ආගම්වාදී ප්‍රකාශ කරන්න තහනම්. අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ රටේ එකමුතු බව සහ හොඳ කියනවා මිසක් වෙනත් අභ්‍යන්තර ගැටළු අනෙත් රටවල් වල උදවිය සමග කතා කරන්න යන්නේ නැහැ. එහෙ සිටින කිසිම සිංහල බෞද්ධයෙක් උඩ බලා ගෙන කෙල ගහන්නේ නැහැ. (ස)

:       0       0

මෝහමෙඩ් සරූක් කුවේට් Monday, 21 April 2014 08:55 PM

බුදු දහම සහ ජාතීන් අතැර තිබෙන සමගිය විනාශ කරන්න එපා (අ)

:       0       0

යානී Tuesday, 22 April 2014 11:01 AM

අපි නම් මේවට මොකුත්ම කියන්නෙ නැහැ (නි)

:       0       0

චතුර Tuesday, 22 April 2014 11:45 AM

ඔව් වසන්ත, ඡන්දෙ දෙන්න. ඊට පස්සේ ඔයාටත් පුළුවන් ඔයාගේ මතයට අකමැති අයට ගහන්න, බනින්න විතරක් නෙමෙයි, බීලා බලපත්‍ර නැතුව වාහන එලවන්නත්. වැරැද්දක් වුණහම නොවුණා වගේ හෙමීන් සීරුවේ ගෙදර යන්නත් පුළුවන් වෙයි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 22 April 2014 11:46 AM

මේ ජාතික බලසේනාවේ ඉන්නේ වටරැක හැමදුරුවෝ විතරයි ගපුර් මහත්තයෝ. හාමුදුරුවන්ගේ වගතුග අතීතය වර්තමානය ටිකක් හොයලා බැලුවා නම් හාමුදුරුවෝ කොහොම කෙනෙක්ද කියලා පැහැදිලි වේවි නේද? මේ රටේ අන්‍ය ආගම් මිනිස්සුන්ට හිරිහැර වෙනවා කියලා ජාත්‍යන්තරව ප්‍රචාරයක් ගෙනියන්න යම්කිසි පිරිසක් උත්සාහ ගන්නවා සැලසුම් සහගතව. (නි)

:       0       0

පියල් Monday, 21 April 2014 08:22 PM

අන්තවාදීන්ට නම් එයා වීරයෙක්. (අ)

:       0       0

පිටිගල Monday, 21 April 2014 08:34 PM

බොදු බල සේනාව ලක්ෂ ගණනක සිංහල බෞද්ධ සාමාජිකයින් ඉන්න මහා සේනාවක්.තව ඉදිරියට තවත් සිංහලයෝ ඊට එකතු වෙනවා. (අ)

:       0       0

ලාල් ජකර්තා Monday, 21 April 2014 09:25 PM

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැනි හිමිවරුන්,එදත්,අදත්,හෙටත් සිංහළ අපට සදාකලික විරයන් තමයි. (අ)

:       0       0

නිලන්ති Tuesday, 22 April 2014 12:13 PM

අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා. (ස)

:       0       0

උත්තරා බණ්ඩාර ටොරොන්ටෝ Monday, 21 April 2014 09:39 PM

30 වසරක කුරිරු ජාති වාදී යුද්දය අවසන් කළාම , විදේශ බලවේග සහ විදේශ සංවිධාන මෙහෙයවන ජාතිවාදී සහ ආගම් බේද වලින් නැවතත් අපේ රට අස්ථාවර කර ඔවුන්ගේ උවමන ඉටුකර ගැනිමට ඇතැම් සංවිධාන කටයුතු කරනවා (අ)

:       0       0

ලංකාතිලක Monday, 21 April 2014 08:57 PM

ජාති වාදී ආගම් වාදී අන්තවාදීන්ට ඔවුන් වීරයන් , නමුත් අනාගතේ සිදුවන පරතිවිපාක රටම අගාදයක දැමිමක් (අ)

:       0       0

සමන් Monday, 21 April 2014 09:08 PM

අපේ හාමුදුරුවනේ සමහර නරුමයන් ඔබවහන්සේට නිගාකරන්නේ හරිහපන් ජාතකයක් නැති අදමයෝ නොනැවෙති ඉදිරියට යමු. දළදා සමිදුගේ පිහිට ලැබේවා. (අ)

:       0       0

කැලුම් ප්‍රියන්ත Monday, 21 April 2014 09:09 PM

83 දී ලංකාව ගිනිතිබ්බේ ඔය වගේ මෝඩයෝ ටිකක් තමයි. රටම අවුරුදු ගානක් දුක් වින්ද මතකද. මේ අන්තවාදීන්ට උඩගෙඩි දෙන්න එපා. (අ)

:       0       0

සුසන්ත Monday, 21 April 2014 10:22 PM

සිංහලයන් ගැන කතා කරන්න ඉන්න එකම කෙනා බොදු බල සේනාව පමණයි. (ස)

:       0       0

සිල්වා Monday, 21 April 2014 10:32 PM

කෙලුම් ප්‍රියන්තගේ අදහස හරි,ඔය උඩ අදහස් දාල තියෙන්නේ අන්තවාදී ත්‍(ස)

:       0       0

සමන් Monday, 21 April 2014 11:22 PM

මෙතන අදහස් ලියන ඇතෙමෙක් අන්ධයින් පිරිසක් අලියෙකුගේ ඇඟ අතගාල වංගෙඩි මෝල්ගස් කොහු මිටවල් ගැන කිව්වා වගේ ලියල. (ස)

:       0       0

රංජිත් සෝමවංශ Monday, 21 April 2014 10:41 PM

රට, බුදුදහම වෙනුවෙන් කටයුතු කරන ගලබඩඅත්තේ ඤාණසාර හිමියන් ට අපගේ ප්‍රණාමය! (ස)

:       0       0

නිශාන්ත පණ්ඩිතරත්න Monday, 21 April 2014 10:55 PM

මේ අය ලෝකෙට පන්නනවා මහා ජාතිය සුළු ජාතියකට සලකන හැටි. (ස)

:       0       0

ශියාස් ඩුබායි Tuesday, 22 April 2014 01:09 PM

ඕනෙම දෙයක් කරන්න ඕනෙම ක්‍රමයක් තියෙනවා. විල්පත්තුවේ ජනාවාස ඉදිකිරිම නීති විරෝදී නම් ඒකට එක ක්‍රියා පටිපාටියක් තියෙනවා. . හොඳ වෙලාවට බුද්දිමත් අය ඉන්න නිසයි ඕවට කලබල නොවන්නේ. මේකෙන් වෙන්නේ තවත් යුද්දයක් පටන් ගන්නේ එක විතරයි.(නදී)

:       0       0

වින්සන්ට් Monday, 21 April 2014 11:02 PM

හරිහමන් ජාතකයක් නැති සමහර නරුමයන් දැක ඇත්තේ වෙනත් දෙයකි. (ස)

:       0       0

මාගරී Tuesday, 22 April 2014 01:53 PM

ගලබොඩ ඇත්තේ ඥානසාර හාමුදුරුවන්ට වැරදි කියන කට්ටිය කියන්න බලන්න වාරියපොළ සුමන්ගල හාමුදුරුවෝ ,අනගාරික ධර්මපාල තුමා කරපු කියපු දේවල් හරිද වැරදිද කියලා.(නදී)

:       0       0

අනුපම Tuesday, 22 April 2014 01:23 PM

චන්දන, අතීතයේ සිටම ලංකාවේ පාලන කටයුතු කළේ භික්ෂූන්ගේ උපදෙස් මත තමයි කියලා ඒ විදේශිකයාට කියන්න තරම් ශක්තියක් හා දැනුමක් නොමැති වීම ඔබගේ පමණක් වරදක් නොවේ. (ස)

:       0       0

රත්නසිරි Tuesday, 22 April 2014 12:04 AM

ප්‍රරජාතන්ත්‍රවාදය කියා සත්‍යය, අසත්‍යය කිරීමට යෑම බලවත් අපරාධයක් . විල්පත්තුවේ අනවසර ආක්‍රමණය මුල්වන මේ ප්‍රශ්නය, බොදු බල සේනාවට පමණක් නොව මුලු ජාතියටම බල පාන ප්‍රශ්නයක්. රක්‍ෂිත වනයක දර කෑල්ලක් කැඩීමට පවා තහනම්. නමුත් අපි වීඩියෝ වලින් දුටුවා වසර සිය දහස් ගණන් වයසැති ගස් කපා දා පොලවටම සමතළා කර ගිනි බත් කරණ අයුරු. මේවා අනුමත කරණ අය සිටීම මොන තරම් අවාසනාවක්ද? (නදී)

:       0       0

රත්නසිරි Monday, 21 April 2014 11:33 PM

"ෆස්රූල් ගපූර්" කාත්තන්කුඩි යේ සමූලඝාතනය කළ මොහොතේ ඔබට මොකුත් කර ගන්න බැරිවුනා නේද? එහෙම කියලා ඔබ අසාධාරණයට කඩේ යන එක වැඩේ කැතයි නේද?(නදී)

:       0       0

සෙනරත් ආනන්ද මිලානෝ Tuesday, 22 April 2014 12:28 AM

සාමය සමගිය එකමුතුකම් වෙනුවට අඩදබර කලකෝලහල වෛරය බෙදීම නැවැත්විය යුතුයි. බුදුන්ගේ දහමේ අඩදබර නම් සදහන්වෙලා නෑ. බුදු දහම රකින්න , ජාතිය රකින්න ඒත් මනුස්සයන් අතර වෛරය උපදවන්නේ නැතුව. එහෙම අයට කඩේ යන්න එපා. බුද්දීමත්ව හිතමු.(නදී)

:       0       0

රත්කසිරි Tuesday, 22 April 2014 12:42 AM

හරි පුදුම වැඩේ කියන්නේ විල්පත්තුව අත්තනෝමතිකව වන රක්‍ෂිතය වන සන එක බුදු බල සේනාව ගිහින් නිරීක්‍ෂණ කර හෙළි කළ එකට එරෙහිව කී දෙනෙක් විරුද්ධ වෙනවද?.ඊට පස්සේ වැරැදි වැඩ කරණ අය හිමිවරුනට බණ කියන්නත් පටන් අරන්. වාක්‍යය ටික. වසර 30ක යුද්ධය, ජාතික සමගිය කැඩෙන්න එන්නේ, ප්‍රජාතන්‍ත්‍රවාදය නැති කරන්න හදන්නේ. (නදී)

:       0       0

මදු Tuesday, 22 April 2014 12:53 AM

ෆාසුරල් කටාර් ට සජිගෙන් හොද පිලිතුරක් ලැබී ඇත . සජි වගේම වින්සන්ට් ..ඉතාලිය , ප්‍රවීන් ,සදුන් ,මනෝජ් සාජා,ලාල් ජකර්තා,පිටිගල ,සමන් ,සුසන්ත ,රන්ජ්ත් සෝමවංස, මේ හැමෝටම මගේ ප්‍රණාමය ! ඒ වගේම හෙට බොදු බල සේනාවට සවියක් වෙන අදහස් දාන හැමෝටම මගේ ප්‍රණාමය ! ඔබ සැමට අනන්ත බුදු සරණයි ! (නදී)

:       0       0

ජනක Tuesday, 22 April 2014 12:17 AM

බොදු බලය වටා එකතු උන පිරිස අති විසාලයි . බොදු බල සේනා නමින් දේශපාලන පක්ෂයක් අවොත් උන් වහන්සේ උඩින්ම දිනනවා. මේ වගේ එඩිතර කෙලින් කතා කරන කියන දේ කෙලින්ම කියන මේ ස්වාමින් වහන්සේ අපිට ජාතික සම්පතක් ! ඔබ වහන්සේව බුදු දහම රකින දෙවියෝ ආරක්ෂා කරනවා ! (නදී)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Tuesday, 22 April 2014 01:06 AM

ඔය කියන තරම් දේවල් නම් සිදුවුනේ නැත.(නදී)

:       0       0

චන්ද්‍ර Tuesday, 22 April 2014 02:57 PM

වසන්ත, පහුගිය කාලයේ හිමිවරු පාර්ලිමේන්තුවට පත්වෙලා මොකද වුනේ ?......විකාර කියන්න එපා , බොදු බල සේනාවෙන් රටට හොඳ සේවයක් වෙනවා, ජයවේවා !..... (ස)

:       0       0

නුරානි Tuesday, 22 April 2014 01:25 AM

මම අදහසක් ලියන් නෑ (ස)

:       0       0

පාලිත Tuesday, 22 April 2014 01:31 AM

දුර දකින රුසියාව,ඇන්ගෝලාව ගැන මට හරි ආඩම්බරයි. ඒත් ලග නොදකින ලංකාව ගැන මට හරි කලකිරීමක් තියෙන්නේ ? (නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Tuesday, 22 April 2014 02:59 PM

මා වැඩි විස්තර ලයන්න යන්නේ නැහැ. එවිට කියාවි මාත් ජාතිවාදියෙක් කියා. කිසි දිනක ඔබලා සිතන්න එපා මේ වගේ ක්‍රියා කලාපයන් තුලින් අපිට මේ ලෝකේ ජය ගන්න පුළුවන් කියලා. මේ සංවිධාන ගැන කතා කරන්න මෙම වෙබ් අඩවිය සුදුසු නොවේ කියා සිතමි. ඒ බැවින් අපේ වැඩි තර්ක ඉදිරිපත් නොකර ඉමු. සමහර විට ගරු කර්තෘ තුමා පවා ඒවා පල නොකිරීමට ක්‍රියා කරාවි. සමගිය බලය වේ. ඇන කොටගෙන හෝ අනිත් ආගම් වලට අපහාස කරමින් චන්ඩිකම් පෙන්වමින් සිංහල බෞද්ධ ජනතාව මුලා කරමින් ගෙනයන වැඩපිළිවෙල් වල් කිසි දිනක ජයග්‍රහණය ලබන්නේ නැත. බුද්ධ ධර්මයේත් දේශනා කරලා තිබෙන ආකාරයෙන් සත්‍ය පමනයි ජයගන්නේ. (ගරු කර්තෘ තුමනි මේ අදහස් පල නොවේනම් මා හට සිදුවෙන බලවත් අසාධාරණයක් හැටියට සලකමි. මා හට පලවූ අදහස් වලට පමණක් පිළිතුරු සපයා ඇත්තෙමි).(නදී)

:       0       0

රුවන් Tuesday, 22 April 2014 01:36 AM

බොදුබල සේනාවට ජයවේවා! ජාතියේ පිනට පහල උන බොදු බල සේනාවට ජයෙන් ජය ලැබේවා ! (නදී)

:       0       0

නිශාදි ඊශ්‍රයාලය Tuesday, 22 April 2014 02:20 AM

ලංකාවත් යුදේව්වන් වගේ ශක්ති මත් වෙන්න ඕනි. (නදී)

:       0       0

කැලුම් Tuesday, 22 April 2014 01:41 AM

බොදු බල සේනාව කියන්නේ අපේ ජාතික සේනාවක්. අපේ රට විනාස කරන මහ බල වේගයන්ට විරුද්දව නැගී සිටින සේනාවක්. (නදී)

:       0       0

සිල්වා Tuesday, 22 April 2014 01:46 AM

වින්සන්ට්,ප්‍රවීන්,මදු,සදුන්,මනෝජ්-සාජා,ලාල් ජකර්තා,පිටිගල,සමන්,සුසන්ත,සෝමවංශ ,රත්නසිරි,ජනක ඔබලත් ජාතියේ විරයෝ අපි කොහේ හිටියත් මේ අවස්ථාවේ එකතුවේමු ඔබලාට ජයවේවා.! (නදී)

:       0       0

රුවන් Tuesday, 22 April 2014 02:30 AM

ඥාණසාර හිමියන් දෙසපාලන පක්ෂයක් හදාගෙන එනවා නම් මම ඔබ වහන්සේට ඡන්දය දෙන්න ඇමරිකාවේ ඉදලා එන්න සුදානම්. ඔබ වහන්සේට දළදා සමිදු පිහිට ලැබේවා! (නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 22 April 2014 02:40 AM

ජාතිය,රට ,බුදු දහම රැක ගන්න ගලබඩ අත්තේ ඥානසාර හිමියන් කරන කැපවීම නොපෙනන අයට කවදා හරි පසු තැවෙන්න වේයි.(නදී)

:       0       0

නිමල් කැනඩාව Tuesday, 22 April 2014 02:47 AM

සිංහල අයට තියෙන එකම රට. මහ විනාසයක් වෙන ලකුණු පේන නිසා උන් වහන්සේ අපි වෙනුවෙන් ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න අභිත සගරුවනක්. ඔබ වහන්සේට අනන්ත බුදු බලෙන් පිහිට ලැබෙනවා ! (නදී)

:       0       0

භානු Tuesday, 22 April 2014 03:00 AM

රටේ සිදුවන සමහර දේවල් ගැන නිශ්ශබ්දව සිටීම හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. හෙට ඇවිල්ල කවුරු හරි අපේ ගෙදෙර තියන උප්පැන්න සහතිකය අරගෙන ගිහිල්ල පසුව කිව්වොත් මගේ උප්පැන්නය කියල හිතල අරගෙන ආවා කියල , පුදුම වෙන්නේ නැහැ. (නදී)

:       0       0

චාන්දනී Tuesday, 22 April 2014 03:06 AM

අපි ඊළඟ ආත්මයේ කොහෙද, මොන ජාතියේද , මොන ආගම අදහා ගෙන ද උපදින්නේ කියලා කවුරු හරි දන්නවාද. මම බුද්ධාගම නිසා ඉගෙන ගත්ත වටිනාම දෙය තමයි අන්‍යාගම් අදහන අයටත් ගරු කරගෙන, කිසිවෙකුට හිසා පීඩා කරන්නේ නැතිව ජීවත් වීම වැදගත් කියන එක. ඊට එකඟ නැති විරුද්ධ අදහස් තියන බවත් මම දන්නවා. මම අනිත් අයගේ මතය ඉවසන නිසා ප්‍රශ්නයක් නැහැ. (නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 22 April 2014 03:23 AM

මොකද මේ සමහර අයට බොදු බල සේනාව ගැන මෙච්චර කැක්කුම. ! (නදී)

:       0       0

සුමුදු Tuesday, 22 April 2014 03:32 AM

ඕක ගන්නකොට පොලිසිය බලාගෙන හිටිය නේද? මෙහෙමත් පොලිසියක්.(නදී)

:       0       0

කැනඩා දිසා Tuesday, 22 April 2014 03:47 AM

රටේ ඉන්න අන්ත වාදීන්ට නම් සමහර අය වීරයෝ.(නදී)

:       0       0

භානු Tuesday, 22 April 2014 03:50 AM

බුද්ධාගම අදහන කෙනෙකු වශයෙන් මම කිසිම ආකාරයක ප්‍රචණ්ඩ හැසිරීමක්, අන්‍යාගම් හෙලා තලා කටයුතු කිරීමත් අනුමත කරන්නේ නැහැ. කවුද දන්නේ මම ඊළඟ ආත්මයේ කොහේ මොන ආගමේ ඉපදෙවිද කියලා.(නදී)

:       0       0

චානි Tuesday, 22 April 2014 03:55 AM

බුද්ධාගමේ හැටියට සංඝ බේදය මහා පවක්. දැන් මේ ප්‍රශ්නය ඇති වී තියෙන්නේ හාමුදුරුවරු කොටස් දෙකක් අතරේ නිසා ඒ මැද්දට පැනලා අහවල් කෙනා නිවැරදි කියලා පව් සිද්ධ කරගන්න මට බැහැ. කුමන අදහස් දැරුවත් බුද්ධ චීවරයට අගව්රව නොකරන්න සංඝයා වහන්සේලා කටයුතු කරනු ඇතයි මම ප්‍රර්ථනා කරමි. (නදී)

:       0       0

ද සිල්වා බෙර්ලින් Tuesday, 22 April 2014 03:57 AM

රට , ජාතිය ,බුද්ධාගම ගැන කැක්කුම වගේම මිනීමරන , ස්ත්‍රී දුෂණය කරන , රටේ දේපල සුරකන , අයට විරුද්ධවත් නැගී සිටින්න. අපේ රටට අවශ්‍ය ජාති ,ආගම වශයෙන් බෙදී එකිනෙකා හා කුලල් කා ගැනීම නොව සියලු දෙනා එක්ව වංචාවට දුෂණයට මැරකමට එරෙහිව සටන් කර රට බේරා ගැනීමය. (නදී)

:       0       0

බිමල් Tuesday, 22 April 2014 04:45 AM

මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග යද්දී , මහනායක ස්වාමින්වහන්සේලා නිහඬව ඉන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. අපේ රටේ සංඝයා වහන්සේලා පොලිසි උසාවි ගානේ යාම , රටට සහ පුරවැසියන් ට ජාත්‍යන්තරයේ ඉදිරිපිට රටේ කීර්ති නාමයට හොඳයි ද නරකද කියල පාඨකයන් ම තීරණය කරන්න.(නදී)

:       0       0

කිංග්ස්ලි Tuesday, 22 April 2014 06:03 AM

මම වටරැක හිමි ගැන හොඳට දන්නවා. මට කරුණාකරලා ගලබඩ හාමුදුරුවන්ගේ දුරකථන අංකය ලබා දෙන්න (නි)

:       0       0

චන්දන Tuesday, 22 April 2014 06:56 AM

මේක විහිළුවක් නෙමෙයි. ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංගප්පුරු ජාතිකයෙක් මගෙන් ඇසුවා ඔබේ මවුරටේ සිවිල් පාලනය ගෙනයන්නේ ආණ්ඩුවද, නැත්නම් බෞද්ධ භික්ෂුන්ද කියලා. මට කට උත්තර නැතුව ගියා. මීට වඩා යමක් ප්‍රකාශ නොකරමි. (නි)

:       0       0

ගෝතමී Monday, 21 April 2014 04:29 PM

මෝඩ වැඩක් නේද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 24 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 661 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 133 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 3083 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1065 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 2074 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30587 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23706 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 421 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 195 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site