කොළඹ නිපොන් හෝටලයේ දී ජාතික බල සේනාවේ වටරැක විජිත හිමියන්ගේ මාධ්‍ය හමුවට බලෙන් ගොස් පැහැරගෙන ගියැයි කියන ලිපිගොනු පහක් බොදුබල සේනාවෙන් බාර දුන් බව කොම්පඤ්ඤවීදිය පොලිසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් හමුවේ අද කියා සිටියේය.
එම ලිපිගොනු තමන්ගේයැයි වැරදීමෙන් රැගෙන ගිය බව ද පොලිසියට කියා ඇත.
වටරැක විජිත හිමියන්ගේ පැමිණිල්ලෙන් පවසා ඇත්තේ බොදුබල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තමනට තර්ජනය කර එම සාකච්ඡාව කඩාකප්පල් කළ බවයි.
තමා එම අවස්ථාවේ මහා සංඝරත්නයෙන් සමාව ගත්තේ තර්ජනයෙන් බියට පත්වූ නිසා යැයි ද විජිත හිමියන් කළ පැමිණිල්ලේ සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක ගන්නකොට පොලිසිය බලාගෙන හිටිය නේද? මෙහෙමත් පොලිසියක්.(නදී)
ඥාණසාර හිමියන් ජාතියේ පිනට පහළ වුණ එඩිතර ස්වාමින් වහන්සේ නමක්. ජාතියේ පවට මේවා තේරුම් ගන්න බැරි එකයි කණගාටුව. ඔබ වහන්සේට අනන්ත බුදු බලයෙන් පිහිට ලැබෙනවා (නි)
අපේ හාමුදුරුවෝ රටේ අනාගතය ගැන හිතලා,,සමහරු දේශයට කරන විනාශය හෙලිකරන්නේ,,මෙතැන ලියන හුගක් අය නින්දෙන් නැගිටපු,,,පිරිසක් රටේ අනාගතේ වෙන විනාශය ගැන කිසිම වැටහීමක් නැහැ,,අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ පිටුපස විශාල බලවේගයක් සෑදෙන ඇත. (ස)
අයියෝ, චන්දන, කිව්වේ නැද්ද සිංගප්පුරු ජාතිකයාට හිටපු සිංගප්පුරු අගමැති කෙනෙක් කියපු කතාව? ඒ කියන්නේ සිංගප්පුරුව ලංකාවක් කල යුතු බව.(ස)
හාමුදුරුවනේ, දේශපාලන පක්ෂයක් හදා චන්දයට ඇවිත් පාර්ලිමේන්තුවේ සිංහල බෞද්ධයන් වෙනුවෙන් කටයුතු කරන්න.(ස)
මේක විහිළුවක් නෙමෙයි. ඕස්ට්‍රේලියාවේ වෙසෙන සිංගප්පුරු ජාතිකයෙක් මගෙන් ඇසුවා ඔබේ මවුරටේ සිවිල් පාලනය ගෙනයන්නේ ආණ්ඩුවද, නැත්නම් බෞද්ධ භික්ෂුන්ද කියලා. මට කට උත්තර නැතුව ගියා. මීට වඩා යමක් ප්‍රකාශ නොකරමි. (නි)
මම වටරැක හිමි ගැන හොඳට දන්නවා. මට කරුණාකරලා ගලබඩ හාමුදුරුවන්ගේ දුරකථන අංකය ලබා දෙන්න (නි)
මේ ප්‍රශ්නය මෙච්චර දුරදිග යද්දී , මහනායක ස්වාමින්වහන්සේලා නිහඬව ඉන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ. අපේ රටේ සංඝයා වහන්සේලා පොලිසි උසාවි ගානේ යාම , රටට සහ පුරවැසියන් ට ජාත්‍යන්තරයේ ඉදිරිපිට රටේ කීර්ති නාමයට හොඳයි ද නරකද කියල පාඨකයන් ම තීරණය කරන්න.(නදී)
රට , ජාතිය ,බුද්ධාගම ගැන කැක්කුම වගේම මිනීමරන , ස්ත්‍රී දුෂණය කරන , රටේ දේපල සුරකන , අයට විරුද්ධවත් නැගී සිටින්න. අපේ රටට අවශ්‍ය ජාති ,ආගම වශයෙන් බෙදී එකිනෙකා හා කුලල් කා ගැනීම නොව සියලු දෙනා එක්ව වංචාවට දුෂණයට මැරකමට එරෙහිව සටන් කර රට බේරා ගැනීමය. (නදී)
බුද්ධාගමේ හැටියට සංඝ බේදය මහා පවක්. දැන් මේ ප්‍රශ්නය ඇති වී තියෙන්නේ හාමුදුරුවරු කොටස් දෙකක් අතරේ නිසා ඒ මැද්දට පැනලා අහවල් කෙනා නිවැරදි කියලා පව් සිද්ධ කරගන්න මට බැහැ. කුමන අදහස් දැරුවත් බුද්ධ චීවරයට අගව්රව නොකරන්න සංඝයා වහන්සේලා කටයුතු කරනු ඇතයි මම ප්‍රර්ථනා කරමි. (නදී)
බුද්ධාගම අදහන කෙනෙකු වශයෙන් මම කිසිම ආකාරයක ප්‍රචණ්ඩ හැසිරීමක්, අන්‍යාගම් හෙලා තලා කටයුතු කිරීමත් අනුමත කරන්නේ නැහැ. කවුද දන්නේ මම ඊළඟ ආත්මයේ කොහේ මොන ආගමේ ඉපදෙවිද කියලා.(නදී)
රටේ ඉන්න අන්ත වාදීන්ට නම් සමහර අය වීරයෝ.(නදී)
ඕස්ට්‍රේලියාවේ චමින්ද මල්ලි වෙතට, ලංකාව සිංහල බෞද්ධ රටක් කියල කියන්න ඔබට ඇති නොහැකියාව අපට ප්‍රශ්නයක් නොවේ. (ස)
මොකද මේ සමහර අයට බොදු බල සේනාව ගැන මෙච්චර කැක්කුම. ! (නදී)
අපි ඊළඟ ආත්මයේ කොහෙද, මොන ජාතියේද , මොන ආගම අදහා ගෙන ද උපදින්නේ කියලා කවුරු හරි දන්නවාද. මම බුද්ධාගම නිසා ඉගෙන ගත්ත වටිනාම දෙය තමයි අන්‍යාගම් අදහන අයටත් ගරු කරගෙන, කිසිවෙකුට හිසා පීඩා කරන්නේ නැතිව ජීවත් වීම වැදගත් කියන එක. ඊට එකඟ නැති විරුද්ධ අදහස් තියන බවත් මම දන්නවා. මම අනිත් අයගේ මතය ඉවසන නිසා ප්‍රශ්නයක් නැහැ. (නදී)
රටේ සිදුවන සමහර දේවල් ගැන නිශ්ශබ්දව සිටීම හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. හෙට ඇවිල්ල කවුරු හරි අපේ ගෙදෙර තියන උප්පැන්න සහතිකය අරගෙන ගිහිල්ල පසුව කිව්වොත් මගේ උප්පැන්නය කියල හිතල අරගෙන ආවා කියල , පුදුම වෙන්නේ නැහැ. (නදී)
සිංහල අයට තියෙන එකම රට. මහ විනාසයක් වෙන ලකුණු පේන නිසා උන් වහන්සේ අපි වෙනුවෙන් ජාතිය වෙනුවෙන් පෙනී ඉන්න අභිත සගරුවනක්. ඔබ වහන්සේට අනන්ත බුදු බලෙන් පිහිට ලැබෙනවා ! (නදී)
ජාතිය,රට ,බුදු දහම රැක ගන්න ගලබඩ අත්තේ ඥානසාර හිමියන් කරන කැපවීම නොපෙනන අයට කවදා හරි පසු තැවෙන්න වේයි.(නදී)
ඥාණසාර හිමියන් දෙසපාලන පක්ෂයක් හදාගෙන එනවා නම් මම ඔබ වහන්සේට ඡන්දය දෙන්න ඇමරිකාවේ ඉදලා එන්න සුදානම්. ඔබ වහන්සේට දළදා සමිදු පිහිට ලැබේවා! (නදී)
වින්සන්ට්,ප්‍රවීන්,මදු,සදුන්,මනෝජ්-සාජා,ලාල් ජකර්තා,පිටිගල,සමන්,සුසන්ත,සෝමවංශ ,රත්නසිරි,ජනක ඔබලත් ජාතියේ විරයෝ අපි කොහේ හිටියත් මේ අවස්ථාවේ එකතුවේමු ඔබලාට ජයවේවා.! (නදී)
බොදු බල සේනාව කියන්නේ අපේ ජාතික සේනාවක්. අපේ රට විනාස කරන මහ බල වේගයන්ට විරුද්දව නැගී සිටින සේනාවක්. (නදී)
ලංකාවත් යුදේව්වන් වගේ ශක්ති මත් වෙන්න ඕනි. (නදී)
බොදුබල සේනාවට ජයවේවා! ජාතියේ පිනට පහල උන බොදු බල සේනාවට ජයෙන් ජය ලැබේවා ! (නදී)
දුර දකින රුසියාව,ඇන්ගෝලාව ගැන මට හරි ආඩම්බරයි. ඒත් ලග නොදකින ලංකාව ගැන මට හරි කලකිරීමක් තියෙන්නේ ? (නදී)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා. (ස)
'ජාතික බල සේනාව' කියල තවත් එකක් පටන් ගත්තේ වෙනත් දේශපාලන කණ්ඩායමක හෝ ආගමික කණ්ඩායමක අවශ්‍යතාවය සපුරාලීමට විය යුතුය. මේ පසුව පැමිණ ඇති කණ්ඩායම සැබෑ ජාති මාමකත්වයක සිටිනවා නම් ඔවුනට තිබුනේ මුලින් පැමිණි බොදු බල සේනා කණ්ඩායම හා එක්ව කටයුතු කිරීමය. (ස)
වග කිව යුක්තන් දෑස් පියා සිටින නිසා නේද මේ හැම ප්‍රස්නයක්ම මෙච්චර දුර දිග යන්නේ. යමෙක් කරන හොද දෙයින් හොද ප්‍රතිපලද,නරක දෙයින් නරක ප්‍රතිපලද,ලැබෙන නිසා බිය වන්න කිසිම හේතුවක් නැහැ. නොදැනවත්ව කා අතිනුත් වැරදි සිදු වෙනවා.(නදී)
ඒක නෙමෙයි මාගරි, ගලබඩඅත්තේ ඥානසාර හමුදුරුවන්ගේ දර්ශනයෙයි බුදු හාමුදුරුවන්ගේ බුද්ධ දර්ශනයෙයි තිබෙන වෙනස මොකක්ද කියලා ඇහුව නම් මීට වැඩිය හොඳ නැද්ද? ඒ දෙකේ වෙනස වටහා ගන්න උත්සාහ කළා නම් නරකද? (නි)
පිටිගල , ලක්ෂ දෙසීයකටත් අධික ජනතාවක් ජීවත් වන රටක 0.2%ක් ඒකරාශී වුණා කියලා කිසිම වෙනසක් වන්නේ නැහැ. (නි)
ආගම, ජාතිය ගැන මේතරම් කැක්කුමක් තිබෙන හිමිවරු සහ ඒ හිමිවරුන්ට කැමති උදවිය එදා අරන්තලාවේදී හමුදුරුවරුන්ව ඝාතනය කරද්දී, ශ්‍රී මහා බෝධිය ළඟ වෙඩිතියලා අහිංසක මිනිස්සු මරද්දී, දළදා මාලිගාවට කොටි බෝම්බ තියපු වෙලාවේ කොහෙද හිටියේ කියලා හිතාගන්න බැහැ. (නි)
අපේ සෝම හාමුදුරුවන්ගේ තිබුණු මුහුණේ පිබිදුනු සිරියාව මට මේ වෙලාවේ මතක් වුණා. ඒ වගේ සිරියාවක් මම වෙන කිසිම කෙනෙකුගෙන් මේ වනතෙක් දැකලා නැහැ (නි)
මා වැඩි විස්තර ලයන්න යන්නේ නැහැ. එවිට කියාවි මාත් ජාතිවාදියෙක් කියා. කිසි දිනක ඔබලා සිතන්න එපා මේ වගේ ක්‍රියා කලාපයන් තුලින් අපිට මේ ලෝකේ ජය ගන්න පුළුවන් කියලා. මේ සංවිධාන ගැන කතා කරන්න මෙම වෙබ් අඩවිය සුදුසු නොවේ කියා සිතමි. ඒ බැවින් අපේ වැඩි තර්ක ඉදිරිපත් නොකර ඉමු. සමහර විට ගරු කර්තෘ තුමා පවා ඒවා පල නොකිරීමට ක්‍රියා කරාවි. සමගිය බලය වේ. ඇන කොටගෙන හෝ අනිත් ආගම් වලට අපහාස කරමින් චන්ඩිකම් පෙන්වමින් සිංහල බෞද්ධ ජනතාව මුලා කරමින් ගෙනයන වැඩපිළිවෙල් වල් කිසි දිනක ජයග්‍රහණය ලබන්නේ නැත. බුද්ධ ධර්මයේත් දේශනා කරලා තිබෙන ආකාරයෙන් සත්‍ය පමනයි ජයගන්නේ. (ගරු කර්තෘ තුමනි මේ අදහස් පල නොවේනම් මා හට සිදුවෙන බලවත් අසාධාරණයක් හැටියට සලකමි. මා හට පලවූ අදහස් වලට පමණක් පිළිතුරු සපයා ඇත්තෙමි).(නදී)
වසන්ත, පහුගිය කාලයේ හිමිවරු පාර්ලිමේන්තුවට පත්වෙලා මොකද වුනේ ?......විකාර කියන්න එපා , බොදු බල සේනාවෙන් රටට හොඳ සේවයක් වෙනවා, ජයවේවා !..... (ස)
චන්දන, අතීතයේ සිටම ලංකාවේ පාලන කටයුතු කළේ භික්ෂූන්ගේ උපදෙස් මත තමයි කියලා ඒ විදේශිකයාට කියන්න තරම් ශක්තියක් හා දැනුමක් නොමැති වීම ඔබගේ පමණක් වරදක් නොවේ. (ස)
ගලබොඩ ඇත්තේ ඥානසාර හාමුදුරුවන්ට වැරදි කියන කට්ටිය කියන්න බලන්න වාරියපොළ සුමන්ගල හාමුදුරුවෝ ,අනගාරික ධර්මපාල තුමා කරපු කියපු දේවල් හරිද වැරදිද කියලා.(නදී)
ඕනෙම දෙයක් කරන්න ඕනෙම ක්‍රමයක් තියෙනවා. විල්පත්තුවේ ජනාවාස ඉදිකිරිම නීති විරෝදී නම් ඒකට එක ක්‍රියා පටිපාටියක් තියෙනවා. . හොඳ වෙලාවට බුද්දිමත් අය ඉන්න නිසයි ඕවට කලබල නොවන්නේ. මේකෙන් වෙන්නේ තවත් යුද්දයක් පටන් ගන්නේ එක විතරයි.(නදී)
මම අදහසක් ලියන් නෑ (ස)
මේ ජාතික බලසේනාවේ ඉන්නේ වටරැක හැමදුරුවෝ විතරයි ගපුර් මහත්තයෝ. හාමුදුරුවන්ගේ වගතුග අතීතය වර්තමානය ටිකක් හොයලා බැලුවා නම් හාමුදුරුවෝ කොහොම කෙනෙක්ද කියලා පැහැදිලි වේවි නේද? මේ රටේ අන්‍ය ආගම් මිනිස්සුන්ට හිරිහැර වෙනවා කියලා ජාත්‍යන්තරව ප්‍රචාරයක් ගෙනියන්න යම්කිසි පිරිසක් උත්සාහ ගන්නවා සැලසුම් සහගතව. (නි)
ඔව් වසන්ත, ඡන්දෙ දෙන්න. ඊට පස්සේ ඔයාටත් පුළුවන් ඔයාගේ මතයට අකමැති අයට ගහන්න, බනින්න විතරක් නෙමෙයි, බීලා බලපත්‍ර නැතුව වාහන එලවන්නත්. වැරැද්දක් වුණහම නොවුණා වගේ හෙමීන් සීරුවේ ගෙදර යන්නත් පුළුවන් වෙයි. (නි)
අපි නම් මේවට මොකුත්ම කියන්නෙ නැහැ (නි)
රන්ජිත් මහතාණෙනි, ඕස්ට්‍රේලියාවේදී කිසිම කෙනෙකුට වර්ගවාදී ආගම්වාදී ප්‍රකාශ කරන්න තහනම්. අපි ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපේ රටේ එකමුතු බව සහ හොඳ කියනවා මිසක් වෙනත් අභ්‍යන්තර ගැටළු අනෙත් රටවල් වල උදවිය සමග කතා කරන්න යන්නේ නැහැ. එහෙ සිටින කිසිම සිංහල බෞද්ධයෙක් උඩ බලා ගෙන කෙල ගහන්නේ නැහැ. (ස)
අනේ අපේ රටට මොනවද මේ වෙන්නේ? රටට ආගම ධර්මය දේශනා කරන මිනිසුන්ට නිවුණු හිතක් ඇතිකරන මෙත්තා මෛත්‍රී උගන්වන අය මේ හැසිරෙන විදිහ හරිද? කවුද මේ අයට බලය දුන්නේ? මේක නීත්‍යානුකුලද? මේ අය බුදු දහම රකිනවද නැත්නම් බුදු දහමට අගෞරව කරනවද? ඇයි සිහලුනේ ඇස අරින්නේ නැත්තේ, අපේ රට මේ විනාශ වෙන විදිය කාටවත් පේන්නේ නැද්ද? (ස)
මට පේන්නේ රන්ජිත් සිල්වා මහතාගේ විසා බලපත්‍රය ප්‍රතික්ෂේප වෙලා ද කොහෙද ? ඇයි මේ ඔස්ට්‍රලියාවේ ඉන්න ලංකාවේ උදවිය ගැන මෙතරම් තරහක්? (ස)
රන්ජිත් සිල්වා මහතාණෙනි, ඔබ යම් කිසි දවසක මෙලොවින් සමුගත් දා ගිහින් ඉපදෙන්නේ සිංහල බෞද්ධ පවුලකම කියා සහතික ද ? ඕස්ට්‍රේලියාවේ සිටින සිංහල බෞද්ධ පවුල් වල දරුවන් ළඟ ලංකාවේ සිටින ඇතැම් දරුවන්ට වඩා අපේ කම තියනවා. හැකි නම් ඇවිත් බලන්න. (ස)
සල්ලි අරගෙන රට පාවාදෙන්න බලාගෙන ඉන්න කට්ටියකුත් ඉන්නවා. සේරටම ඕනෑ රටට හෙණ ගැහුවත් තමන්ගේ අරමුණ ඉටුකර ගන්න. නමුත් ඊට පස්සේ වෙන දේ ගැන රටේ මිනිස්සු දැනගන්නකොට ප්‍රමාද වැඩියි. (නි)
හැම දෙනාම අදහස් දාන්න කලින් ටිකක් හිතන්න. බොදු බල සේනාවෙ ඉන්නේ කවුද කියලා නැතිව, එයාලා කියන්නේ මොනවද? ඒ දේවල් ඇත්තද? කියලා. ජාතිය ආගම වෙනුවෙන් හඩ නගන්නෙ කවුද කියලා. ඥාණසාර හිමියන් බොදුබල සේනාවම නොවන බවත් තවත් ලක්ෂ ගණනක සාමාජිකයින් ඉන්න බවත් අපි නම් දන්නවා. මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ව සිහියට ගන්න. අනගාරික ධර්මපාල තුමන්ව සිහියට ගන්න. ඒ අය අතීතයේ සිටි ජාතික වීරවරයන් නොවන්නේද? (ස)
බොදු බල සේනා හාමුදුරුවනේ ඔබ වහන්සෙට ජය. අපි වෙනුවෙන් කතා කරන ඔබ වහන්සේට පින්. (ස)
දැන් ඉතින් ලිපිගොනු වල තියෙන දේවලුත් එලියට එ්විනේ, එවිට කාටත් බලාගන්න පුළුවන් කව්ද හරි? කව්ද වැරදි ? කියලා.(නදී)
කොටින්ට විරුද්දව මේ ස්වාමීන් වහන්සේලා ක්‍රියා කරපු හැටි පෙන්වන වීඩියෝ මාලග තියනවා. ඒ වගේම වටරැක වීජිත නමින් පෙනී සිටින කෙනා ගැන මීට අවුරුදු 10කට කලින් පුජ්‍ය ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කරපු හෙළිදරවුවක් සදහන් වීඩියෝවක් මා ළඟ තියනවා අන්තර්ජාලයේත් ඒවා තියනවා.. ඕන කෙනෙකුට නරඹන්න පුළුවන් ඒවා.. (අ)
ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වැනි වීර,අභීත ස්වාමින් වහන්සේලා තව තවත් බිහිවේවා! ඔබ වහන්සේට යෝධ බල යෝධ ශක්තිය ලැබේවා! (නි)
මදු - එතකොට ශ්‍රී දළදා මාලිගාවට කොටි පහර දෙනකොට, අරන්තලාවේ භික්ෂු ඝාතනය කරනකොට කොහෙද හිටියේ? කොටින්ට විරුද්ධව මේ වීරයෝ මොකක්ද කළේ? (අ)
බොදු බල සේනාවට ජය වේවා !!! (නි)
කට්ටිය දත කට මැදගෙන ඇති වරදිනකල් ? උන් වහන්සේ අපේ ජාතික වීරයෙක් ! ඔබ වහන්සේට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ! (නදී)
වරිදින දවස ඈතක නෙමේ.(නදී)
රණ විරුවන් ගෙන් පසුව අපිට ඉන්න ජාතියේ අරක්සකයා ඔබ වහන්සේ ! ඔබ වහන්සේ ට යෝද බල යෝද ශක්තිය ලැබෙනවා ! බුදු ගුණ අනන්තයි.(නදී)
පොලිසිය මේ වගේ දේවල් නම් හොදට කරනවා.(නදී)
බොදු බල සේනාව කවදාවත් වට්ටන්න බෑ. තව තව ශක්තිමත් වෙනවා මිසක් ! ජාතියේ පිනට පහළ උන එඩිතර ස්වාමින් වහන්සේ නමක්. ජාතියේ පවට මේවා තේරුම් ගන්න බැරි කොටසකුත් ඉන්නවා?(නදී)
මෙහෙම බලද්දී අපි වගේ සාමාන්‍ය මිනිස්සු මොනවා කිවුවහම මොකෝ? (නි)
මේ අය නටන්නේ තව කෙනෙකුගේ බෙර පදේටද? අන්තිමට වෙන්නේ නටපු නැටුමකුත් නැත බෙරේ පලුවකුත් නැත කතාව.(නදී)
සඳුන් වරදිනකල් බලන් ඉන්න දෙයක් නෑ, අර කෙනෙක් බීල රියදුරු බලපත් නැතිව වාහන එලවල අහු උනේ... අන්න එදා දැක්ක වැරදුන විදිහ.... (අ)
ඒ ලිපි ගොනුවේ තිබුන කරුණක් හොදින් කියවා විමසා බැලුවොත් ගොඩක් දේ තේරුම් ගන්න පුළුවන් (නි)
මෙතනින් තමයි වැරදෙන්නේ. ඔන්න මම කිවුවා... (නි)
මේක දඬුවම් කළ යුතු වරදක් නෙමෙයිද? එහෙම නෙමෙයි නම් මමත් හෙට අනිද්දට අවශ්‍ය තැනකට ගිහින් මෙහෙම ලිපි ගොනු ටිකක් අරගෙන එනවා (නි)
තමන්ගේ ලිපිගොනුවවත් අඳුනාගන්න බැරිද? එතනත් බොරුවක්ද එතකොට කියලා තියෙන්නේ? (නි)
බොදු බළ සේනා සංවිධානයේ ක්‍රියාකාරිත්වය තවමත් ශ්‍රී ලංකාව හඳුනා නොගැනීම කණගාටුවට කරුණකි. (නි)
බලාගෙනයි.ප්‍රවේශමෙන්.... (නි)
ප්‍රජාතන්ත්‍රවාදී රටක මාධ්‍ය නිදහස මෙන්ම ඕනෑම කෙනෙකුට සත්‍ය හා සාධාරණත්වය පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් තිබෙනවා. වටරැක විජිත හිමියන් ක්‍රියා කළේ ජාතික සමගිය සඳහා මිසක් වෙනත් කඩාකප්පල්කාරී ක්‍රියාවකට නොවෙන නිසා සාධාරණය ඉෂ්ට විය යුතුය යනු මාගේ අදහසයි. (නි)
මට නම් හිතාගන්න බැහැ මොනවා වෙයිද කියලා (නි)
හැමදේටම අතදාන්න ගියහම වෙන්නේ අර කාටද වෙච්ච දේ කියලා කියනවනේ... (නි)
ඒ ගමන මේ මොනවද වෙන්නේ? (නි)
කෙලුම් ප්‍රියන්තගේ අදහස හරි,ඔය උඩ අදහස් දාල තියෙන්නේ අන්තවාදී ත්(ස)
ඔය කියන තරම් දේවල් නම් සිදුවුනේ නැත.(නදී)
බොදු බලය වටා එකතු උන පිරිස අති විසාලයි . බොදු බල සේනා නමින් දේශපාලන පක්ෂයක් අවොත් උන් වහන්සේ උඩින්ම දිනනවා. මේ වගේ එඩිතර කෙලින් කතා කරන කියන දේ කෙලින්ම කියන මේ ස්වාමින් වහන්සේ අපිට ජාතික සම්පතක් ! ඔබ වහන්සේව බුදු දහම රකින දෙවියෝ ආරක්ෂා කරනවා ! (නදී)
ෆාසුරල් කටාර් ට සජිගෙන් හොද පිලිතුරක් ලැබී ඇත . සජි වගේම වින්සන්ට් ..ඉතාලිය , ප්‍රවීන් ,සදුන් ,මනෝජ් සාජා,ලාල් ජකර්තා,පිටිගල ,සමන් ,සුසන්ත ,රන්ජ්ත් සෝමවංස, මේ හැමෝටම මගේ ප්‍රණාමය ! ඒ වගේම හෙට බොදු බල සේනාවට සවියක් වෙන අදහස් දාන හැමෝටම මගේ ප්‍රණාමය ! ඔබ සැමට අනන්ත බුදු සරණයි ! (නදී)
හරි පුදුම වැඩේ කියන්නේ විල්පත්තුව අත්තනෝමතිකව වන රක්‍ෂිතය වන සන එක බුදු බල සේනාව ගිහින් නිරීක්‍ෂණ කර හෙළි කළ එකට එරෙහිව කී දෙනෙක් විරුද්ධ වෙනවද?.ඊට පස්සේ වැරැදි වැඩ කරණ අය හිමිවරුනට බණ කියන්නත් පටන් අරන්. වාක්‍යය ටික. වසර 30ක යුද්ධය, ජාතික සමගිය කැඩෙන්න එන්නේ, ප්‍රජාතන්‍ත්‍රවාදය නැති කරන්න හදන්නේ. (නදී)
සාමය සමගිය එකමුතුකම් වෙනුවට අඩදබර කලකෝලහල වෛරය බෙදීම නැවැත්විය යුතුයි. බුදුන්ගේ දහමේ අඩදබර නම් සදහන්වෙලා නෑ. බුදු දහම රකින්න , ජාතිය රකින්න ඒත් මනුස්සයන් අතර වෛරය උපදවන්නේ නැතුව. එහෙම අයට කඩේ යන්න එපා. බුද්දීමත්ව හිතමු.(නදී)
"ෆස්රූල් ගපූර්" කාත්තන්කුඩි යේ සමූලඝාතනය කළ මොහොතේ ඔබට මොකුත් කර ගන්න බැරිවුනා නේද? එහෙම කියලා ඔබ අසාධාරණයට කඩේ යන එක වැඩේ කැතයි නේද?(නදී)
ප්‍රරජාතන්ත්‍රවාදය කියා සත්‍යය, අසත්‍යය කිරීමට යෑම බලවත් අපරාධයක් . විල්පත්තුවේ අනවසර ආක්‍රමණය මුල්වන මේ ප්‍රශ්නය, බොදු බල සේනාවට පමණක් නොව මුලු ජාතියටම බල පාන ප්‍රශ්නයක්. රක්‍ෂිත වනයක දර කෑල්ලක් කැඩීමට පවා තහනම්. නමුත් අපි වීඩියෝ වලින් දුටුවා වසර සිය දහස් ගණන් වයසැති ගස් කපා දා පොලවටම සමතළා කර ගිනි බත් කරණ අයුරු. මේවා අනුමත කරණ අය සිටීම මොන තරම් අවාසනාවක්ද? (නදී)
හරිහමන් ජාතකයක් නැති සමහර නරුමයන් දැක ඇත්තේ වෙනත් දෙයකි. (ස)
මේ අය ලෝකෙට පන්නනවා මහා ජාතිය සුළු ජාතියකට සලකන හැටි. (ස)
රට, බුදුදහම වෙනුවෙන් කටයුතු කරන ගලබඩඅත්තේ ඤාණසාර හිමියන් ට අපගේ ප්‍රණාමය! (ස)
මෙතන අදහස් ලියන ඇතෙමෙක් අන්ධයින් පිරිසක් අලියෙකුගේ ඇඟ අතගාල වංගෙඩි මෝල්ගස් කොහු මිටවල් ගැන කිව්වා වගේ ලියල. (ස)
මෝඩ වැඩක් නේද? (නදී)
සිංහලයන් ගැන කතා කරන්න ඉන්න එකම කෙනා බොදු බල සේනාව පමණයි. (ස)
83 දී ලංකාව ගිනිතිබ්බේ ඔය වගේ මෝඩයෝ ටිකක් තමයි. රටම අවුරුදු ගානක් දුක් වින්ද මතකද. මේ අන්තවාදීන්ට උඩගෙඩි දෙන්න එපා. (අ)
අපේ හාමුදුරුවනේ සමහර නරුමයන් ඔබවහන්සේට නිගාකරන්නේ හරිහපන් ජාතකයක් නැති අදමයෝ නොනැවෙති ඉදිරියට යමු. දළදා සමිදුගේ පිහිට ලැබේවා. (අ)
ජාති වාදී ආගම් වාදී අන්තවාදීන්ට ඔවුන් වීරයන් , නමුත් අනාගතේ සිදුවන පරතිවිපාක රටම අගාදයක දැමිමක් (අ)
30 වසරක කුරිරු ජාති වාදී යුද්දය අවසන් කළාම , විදේශ බලවේග සහ විදේශ සංවිධාන මෙහෙයවන ජාතිවාදී සහ ආගම් බේද වලින් නැවතත් අපේ රට අස්ථාවර කර ඔවුන්ගේ උවමන ඉටුකර ගැනිමට ඇතැම් සංවිධාන කටයුතු කරනවා (අ)
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වැනි හිමිවරුන්,එදත්,අදත්,හෙටත් සිංහළ අපට සදාකලික විරයන් තමයි. (අ)
බොදු බල සේනාව ලක්ෂ ගණනක සිංහල බෞද්ධ සාමාජිකයින් ඉන්න මහා සේනාවක්.තව ඉදිරියට තවත් සිංහලයෝ ඊට එකතු වෙනවා. (අ)
අන්තවාදීන්ට නම් එයා වීරයෙක්. (අ)
බුදු දහම සහ ජාතීන් අතැර තිබෙන සමගිය විනාශ කරන්න එපා (අ)
සිංහල ජාතියට අපහාස කළ අය ගැන තීරණ ගන්න කාලය පැමිණ ඇත (නි)