තෙලරූස් රාජ්‍යයේ නිල සංචාරයක් සදහා කටුනායක ගුවන්තොට දක්වා යමින් සිටි මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට පිවිසියේ ය. මුතුරාජවෙල මැදින් අධිවේගී මාර්ගය ඉදිවන මාර්ගය ජනපතිගේ නිරීක්ෂණයට ලක්විය.
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිනී සෙනරත්, අමාත්‍යංශ ලේකම් ආර් ඩබ්ලිව් ආර් ප්‍රේමසිරි මහත්වරු ද මේ ගමනට එක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට දළදා සමිදු සරණයි.(නදී)
අරයා එද්දී ජනපති ඇයි ගියේ.(නදී)
සුබ ගමන්, බුදු සරණයි......(නදී)
ඔබ තුමාට දළදා සමිදු පිහිටයි. අපි අද නිදහසේ ඉන්නේ ඔබ තුමාගේ නිර්භීතකම නිසයි.(නදී)
ගරු ජනදිපති තුමනි, ඔබ තුමාට ජාතියේ ප්‍රණාමය මේ වගේ පාරවල් අනාගත පරපුරට දායාද කරාට.(නදී)
නියම වැඩක්.(නදී)
ඔබ රට රැකගත් පිනම ඇති. දිඟුකල් දිනේවා.(නදී)
ඔන්න ඕවා තමයි වැඩ කාට කාටත් ඉගෙනගන්න.(නදී)
අනුර , සමර කොන් , එතකොට තම ජීවිතේ ගැනවත් නොතකා අවසන් සටන වෙනකම් යුද්දය මෙහෙයවපු යුද්දේ දිනවපු සරත් ෆොන්සේකා මැතිදුන්ට කාගේ සරණද ? කාගේ පිහිටද ?(නදී)
ඔබ තුමා කොහොද යන්නේ? යන ගමනක් ගිහින් ඉක්මනට ඇවිත් පිල්ලෙට හොද පිළිතුරක් දෙන්න.(නදී)
ජනපති තුමනි ඔබ නියම කොන්ද පන ඇති නායකයෙක්. කවුරු මොනවා කිවුවත් ඔබ නිසා අද ලංකාවේ මිනිස්සු නිදහසේ ඉන්නවා. ලබන ආත්මෙත් ලංකාවෙම ඉපදේවා! ඔබට දළදා සමිදූ සරණයි.(නදී)
පිට බැද්දර එයාටත් අපි දළදා සමිදු පිහිටයි කියනවා, එයාට හොඳට එන්න තිබුනා.(නදී)
තෙලරුස් නොව බෙලරුස්.(නදී)
කටුනායකත් එක්කම කටුගෙයත් බැලුවා නම්.(නදී)
අනුර, සමරකෝන්, පිටබැද්දර ජයා, පෙරේරා, එතකොට යුද්දයට ගිහින් මැරුන මගේ අයගේ දරුවෝ දෙන්න, ඒ වගේම කකුල් දෙකම කපල ඉන්නේ අපේ ගෙදරට ගෙවල් දෙකින් එහින් ඉන්න මල්ලිගේ දෙමාපියෝ එයාලට කාගේ පිහිටක්ද, හැමෝම විලාසිතාවට වගේ ප්‍රතිචාර දානවා, ඒත් අර අහිංසකයෝ ගැන බලන්න කතා කරන්න කෙනෙක් නැහැ, හැමෝම නායකයින්ට සුබ පතනවා, ඒත් ජීවිත වලින් වන්දි ගෙවපු අය, ඇස මස්, අවයව වලින් වන්දි ගෙවපු අය ගැන අපේ යාලුවෝ මොකද්ද කියන්නේ. (නදී)
2009 යුද්දේ ඉවර කරගන්ඩ බැරි නායකයෙක් හිටියනං, සංජීව වගේ අය ඔහොම කතා කියන්ඩ ඉන්න එකක් නැහැ. අපි කොච්චර යුද්ද කරත් වැඩක් නැහැ ඒක ඉවර කරන්ඩ පුළුවන් දේශපාලන නායකයා හිටියේ නැත්තන්. ඒකට නායකකම විතරක් මදි.සංජිව ඔයා බලන් හිටියේ තව කිදෙනේක්ගේ අත පය නැතිවෙනකන්ද? (නදී)
සංජීව , ඔබ හරියටම හරි.(නදී)
මේ පාර ඉක්මනට හැදෙන තරමට හොදයි (දී)
මොනවාද අද ඉපදුනා වගේ කතා කරන්නේ? රජය අනතුරට පත් උණු රණවිරුවෝ ගැන සොයල බැලුවේ නැද්ද? පශ්චාත් යුදසමයේ සෙබළුන් වෙනුවෙන් මෙතරම් සුභ සාධනයක් කරන්න වෙන කිසිම ලටක් මේ ලෝකයේ නැතිව ඇති. ඉස්සර යුදබිමේ මරුනේ අරමුණක් නැතිව. රට වෙනුවෙන් වීරයෝ වගේ මැරුනේ මහින්ද රාජපක්ෂ සහ ගෝටාභය යන මහත්වරුන් යටතේයි. මේවා අමතකද? නැත්නම් ඔයාලගේ නොදැනීමද? (දී)
සන්ජිවගේ කතාව ඇත්ත. යසස්ගේ කතාව ඊටත් වඩා ඇත්ත. යුද්දේ කරන්ඩ කලිනුත් කට්ටිය හිටියා. ඒ උනාට ඉවරකරගන්ඩ පුළුවන් උනාද? හොඳට කල්පනා කරලා බලනකොට මේ නායකත්වය කියන එක දුර්ලබ එකක්. යුද්දේ ඉවර කරන්න දායක උන හැමෝටම පින්. අපි අද ගන්න හුස්ම ඒ උත්තමයන්ගෙන් ගිලිහෙන හුස්ම බව අමතක කරන්න එපා. (නදී)
අපේ උත්තමාචාරය (දී)
ඉක්මනට වැඩ අවසන් කර ගැනීමට ලැබේවා (දී)
උදම් ඇණිය යුතුයි (දී)
අදහස් දාන හැමෝම හරි දේ හරියට අගය කරන්න. මේවා හොඳ වැඩ. අනාගතයට වටිනවා. හැබැයි යුද්දේ දිනපු පලියට අනිත් හැමදේම අනුමත කරන්න එපා. යුද්දේ දින්නා වගේම ඇයි බැරි කුඩු එන තැන හොයල 100% ක්ම නවත්තන්න, ඇයි බැරි පාතාල, මංකොල්ල, වලට සම්බන්ධ ලොකුපුටුවල ඉන්න උන්දලා කුදලන්න. පොලිසියට අමතිලගෙන් එන කෝල් නවත්තන්න. කොන්ත්‍රාත් වලින් ලොක්කන්ට යන සල්ලි නවත්තන්න. පාලම්, විදුලිය, නැති තැන් බලල ඉක්මනට ඒ ටික හදන්න(දී)
සජීව පටලවගන්න එපා.මේ අදහස් දාල තියෙන්නේ මාතෘකාවට අනුව. (දී)
ගරු ජනාදිපති තුමනි ඔබ තුමාට දීර්ග ගමනක් යන්න මුළු රටේම සුබ පැතුම්...ජය වේවා....තෙරුවන් සරණයි......! (දී)
කිසිත් වටහා ගත නොහැකි ගවයෝ තුස්නිම්බුත වී තප්පුලති .මැතුදුනි ඔබට ජය (දී)
නියම වැඩක් (දී)
පුලුවන්තරන් ඉක්මනට දක්ෂිණ අධිවේගී මාර්ගයට මේ මාර්ගය සම්බන්ධ කරන්න එතකොට තමයි මේ හි නිසි ප්‍රතිපල ලැබෙන්නේ , සම්බන්ධ කරනකන් මේ ම මාර්ගයේ අවසානයේ සිට ධක්ෂින මාර්ගයේ ආරම්භය දක්වා මාර්ගය නොදන්නා රියදුරන්ට පහසුවන පරිදි මාර්ගය පෙන්වා දෙන පුවරු කරන්න , එමගින් මාර්ග තදබදය අඩු කරගත හැක ,(දී)
රටේ ඉදිරි දියුනව සඳහා යටිතලපහසුකම් ඉතාමත් වැදගත්. සංජීව : ඔබ කලකිරීමකින් කත කරන්නෙ නේද? මේ රටේ දුප්පත්කමත්, නුගත් කමත් හුඟක් වැඩි තමා. ඒව නැතිකරන්න රට දියුනු කරන්න ඕන නේද? ජනපතිතුමා විතරක් නෙමෙයි රටේ සෑම පුද්ගලයෙක්ම එයට උරදියයුතුයි.(දී)
අපට හරිම ආඩම්බරයි (දී)
අපේ රටේ දියුණුවට උණුසුම් සුභ පැතුම් මහරජානෙනි ! (දී)
සුභ පැතුම් (දී)
ලංකාවේ දියුණුව. සන්තෝසයි (දී)
ඒක හොද වැඩක් (දී)
පිටබැද්දර ජයා - ජනාධිපතිවරුන් 5 දෙනෙක් යුද්ධය ආරම්භය සිට 2009 දක්වා මෙරට පාලනය කලා. විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය වසර 17ක් (1994) දක්වා රට පාලනකය කලා. සරත් ෆොන්සේකාට වඩා අතිදක්ෂ නිලධාරීන් යුධ හමුදාවේ සිටියා.(ජෙනේරල් කොබ්බෙකඩුව- විජය විමලරත්න වගේ තවත් බොහෝ ය) ඒ කාලයේ කොටි සංවිධානයට නවීන ආයුධ තිබුනෙත් නැහැ. නමුත් අපිට ඔවුන්ව යුධමය වශයෙන් පරාජය කරන්න බැරිවුණා මොකද හේතුව? නිවැරදි, එඩිතර නායකත්වයක් නොමැතිකම. ඇමෙරිකාවට බටහිර රටවල්වලට සහ ඉන්දියාවට ඒ නායකයින් සවන් දුන්න. රටගැන හිතල නිර්භීතව තීන්දු තීරණ ගන්න මැලි වුන. නමුත් අති ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ යුද්ධය අවසන් වන තුරු තමාගේ තීරණයෙන් බැහැර වුනේ නැහැ. මොනම ජාත්‍යන්තර නායකටත් යටත් වුනේ නැහැ. එහෙනම් කවුද නියම වීරයා? ජනාධිපති තුමාට (මියගිය සොල්දාදුවන් හැමදාමත් අපේ ආදරයට ගෞරවයටත් පාත්‍ර වෙනවා) ඒ වගේම මහින්ද කියන්නේ ඉතිහාසය වෙනස් කලා එඩිතර ජන නායකයෙක්. ආණ්ඩුවේ සිටින අය වෙනත් වැරදි කරනවා නමුත් ඒවා මේකට අදාළ නැහැ. (දී)
ඵස්රුල් ගෆූර් ඔය මුස්ලිම් කෙනෙක් ඔයා ගැන මම ආඩම්බර වෙනවා. ඔය කිව එක හැම කෙනෙකුටම තේරෙනවානම් අපේ රට ගොඩක් දියුණුවෙනවා , එඩිතර නායක කමක් තිබුන නිසා අද හැම කෙනෙක්ම නිදහසේ ජීවත්වෙන්නේ, ඔයාට මම අයෙත් ස්තුති කරනවා (දී)
ඔබට අපේ ප්‍රණාමය (දී)
යුද්දේ දිනපු එකට හමුදාවට වැඩිය නායකත්වයට ගරුත්වය ලැබෙන්න (දී)
ගෆුර්, ජනාධිපති තුමාම ප්‍රකාශකලා ලෝකේ හොදම හමුදාපති සරත් ෆොන්සේකා කියල. ,ඔයා කියන විදිහට රට වෙනුවෙන් තමන්ගේ එකම ජීවිතය පුජා කරපු සෙබළු ඉන්න ඕනේ "වරහන්" ඇතුළෙද? (දී)
පාරට කුණු නොදැමීමට කාරුණික වන්න. (දී)
ෆ්හස්රුල් ගෆුර් ඇත්තටම ඔයා ගැන ආඩම්බරයි. ඔබගේ අදහස් වලට ස්තුති පුද කරනවා හදවතින්. ගෆුර් අපේ සමහරක් ජාතියක් ඉන්නවා ළමයෙක් ඉපදුන හැටියේම ඇවිදින්නී ඕනේ කරන කට්ටියක්. අපි ඒ අයට අනුකම්පා කරන්න ඕන. සමාජ රටාවත් එක්ක එයාලගේ අදහස් වෙනස් වෙයි එදාට අපේ රට ලෝකෙන් උතුම්ම රට බවට පත්වේවි.(නදී)
දේශපාලන නායකයන් ගරුනාම තමයි බලන්නේ. සැබෑ නායකයන් බලන්නේ ජනතාව ගැනයි. යුද්ධය දිනුව එක පුද්ගලික ජයක් ලෙස හැදින්වීම මේ රටේ මධ්‍යස්ත ජනයාට අගෟරව කිරීමක්.(නදී)
අනේ දෙයියනේ, මේ සන්ජීවල, පිට බැද්දර ජයාල කියන දේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ. පොන්සේකා මහත්තයා තනියම හමුදාපති වෙලා ත්‍රිවිද හමුදාවටම අණ දීල පොලිසියටත් එක්කම, තමන්ගේ අතින් සල්ලි වියදම් කරගෙන හමුදාවට ආයුද ගෙන්න ගෙන පිරිස් බලය හොයාගෙන ජාත්‍යන්තරය කළමනාකරණය කරගෙන මොන තරම් සටනක් තනියෙම ගෙනිහිල්ලද මේ යුද්දේ දිනවල දුන්නේ..උඩිනුත් ගැහුවේ පොන්සේකා,දියෙනුත් ගැහුවේ පොන්සේකා, යටිනුත් ගැහුවේ පොන්සේකා..ගැහිල්ලේ තරම කිව්වොත් රත් මල්ලිලා මොලේ වයර් මාරු කරනකම් දන්නේ නැහැ..කට්ටියට මේවා තේරෙන්නේ නැහැ..නැත්නම් පොන්සේකනේ අද ඔය පාරේ තෙල රුස් යන්නේ.(නදී)
මම නම් හරි ආසයි උඩින්ම යන්න හැදුවානම්. බිමින් වැඩක් ගන්න තිබුනා. මේ වෙනුවෙන් කටයුතු කළ සැමට තුති. අපේ ගෙවල් හරිය මාර ලස්සනයි. (නදී)
දසුනි - ජනාධිපති තුමා ප්‍රකාශ කලා ලෝකේ හොදම හමුදාපති සරත් ෆොන්සේකා කියල, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රකාශ කලා ලෝකේ හොදම ජන නායකයා සහ (එඩිතර නායකත්වයක් ඇත්තේ ) අති ගරු ජනාධිපතිතුමාට කියලා. මම සදහන් කරපු දේවල් බොහොමයක් සරත් ෆොන්සේකා මැතිතුමාත් කීවා. නමුත් දේශාපාලන ව්‍යාපාරයේ දී බොහෝ දේවල් වෙනස් වෙනවා බොහෝ වෙනස්කම් සිදුවෙනවා. මම කොතනකවත් කියල නැහැ සරත් ෆොන්සේකා හමුදාපති වශයෙන් අපිට සේවයක් නොකළ බවට. අපේ ජනාධිපති තුමා තමා ඔහුව හමුදාපති කලේ ඒකට තමා කියන්නේ දුර දක්නා ඥානය කියලා. එතුමාගේ තේරීම හරි නේද? මම කියන්නේ ගෙරද දී පවා (ගෘහ මූලිකයා) තමාගේ පවුල් ජීවිතයේ නිවැරදි කළමනාකරණය තුලින් තමයි තමන්ගේ දරුවන් ගේ අනාගතයේ ඉරණම තීරණය වන්නේ. ඒ වගේ තමා අපේ නායක තුමාගේ නිවැරදි තීරණ සහ දේශප්‍රේමීත්වය මේ ජයග්‍රහණයට ඉවහල් වුන. අද අපේ දරුවන්ටත් අපිටත් සුබ අනාගතයක්. සොල්දාදුවන් ඉන්නේ වරහන් තුලද කියල ඇහුව ඒ වරහන් තුලින් මා හුව දක්වන්නේ "දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගේ" හදවත්......ඒ තුල තමා ඉන්නේ.....(අනුර - ඔබටත් ස්තුති)(නදී)
ෆුසරුල් ගෆුර් ඔබට ස්තුති වන්ත වෙනවා අපේ මිනිසුන්ට තේරෙන විදියටම කියාදීම ගැන. දසුනි,මේ කතා කරේ රටේ සෙනාදිනායකයා ගැන රණවිරුවෝ ගැන කතා කරා නම් අපි ඉස් මුදුනින් කතා කරනවා . ඒක නිසාම තමා ඒකාලේ අපි පන්සල්වල බෝදි පුජා තිබ්බේ. ඒ ජනිපතිතුමාට විතරක් නෙවේ. මුළු සේනාවටම. අද හාමුදාවේ ඉන්න එකෙක් දෙන්නෙක් හමුදාවේ නම කනවා. ආණ්ඩුවේ එකෙක් දෙන්නෙක් ආණ්ඩුවේ නම කනවා. මේ අපේ ජාතියේ වාසනාවට පහල උණු නායකයෙක් ඔහුව රැක ගැනීම අපේ යුතුකම.(නදී)
ඵස්රුල් ගෆූර් . ඔයා ගැන මම ආඩම්බර වෙනවා. ඔයාට මම ස්තුති කරනවා.(නදී)
යසස් අබේවර්දන , අනේ ඔයා වගේ ගොන් හරකෙක් , සරත් ෆොන්සේකා මහත්තයා නැත්නම් යුද්දේ කරයි. මතකනේ රතුපස්වල, කොහොමද ? නිකන් අසුචි කන්නේ නැතුව ඉන්න මහත්තයෝ. අපිත් ඡන්දෙ දුන්නනේ.(නදී)
අපි එක්සත් ජාතික පක්ෂයේ නමුත් අගය කලුතු දේ අගය කරන්න ඕනේෙ
ඔබ තුමාට අපි ගරු කරනවා නමුත් ජනපති තුමනි ඔබ තුමාට අරධනා ලැබෙන යන රටවල් ගැන පොඩ්ඩක් දුකයි,යන රටවල් ලෝක සිතියෙමේ තිබෙනවා කියලා දැන ගන්න ලබුනෙ මේ ළඟදි ඉඳලා (අ)
අනිල්, මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. දෙයක් කියන්න කලින් දෙපාරක් හිතලා මේ අදහස් දාන්න හිතට එකගව ලියන්න. ඔයාට දොස් කියලා වැඩක් නැහැ හේතුව මෝඩකමට බෙහෙත් නැහැ. (නි)
මේ සුපිරි මාවතේ ගමන් ගාස්තුව එහෙම කොහොමද? (නි)
මත්තලින් ගියා නම් තමා අපි සතුටු (නි)
ඇයි මත්තලින් යන්නෙ නැත්තේ? (නි)
රටේ මිනිසුන් බඩගින්නේ මැරෙනවා නම්,වේලක් හැර වේලක්වත් රටේ අසරණ මිනිසුන්ට කන්න නැත්නම්.රටේ දරුවන්ගෙන් 40% දරුවන් මන්දපෝෂණයෙන් පෙලෙනවා නම්, 30% ගැබිනි මව්වරු රක්තහීනතාවයෙන් පෙලෙනවා නම්... මොනවා තිබුණත් මොකටද? (නි)
සුපිරි තමා. මිනිස්සු බඩගින්නේ මැරෙනවා...ළමයෙක් ඉස්කෝලෙකට දාගන්න බැහැ. ගැහැනු දරුවෙකුට පාරේ යන්න බැහැ. රටේ නීතියක් නැහැ ඔක්කොම හොරු, දූෂකයෝ, මංකොල්ලකාරයෝ, තක්කඩියෝ, මිනීමරුවෝ... (නි)
සියලු සංඝයා වහන්සේලාගේ ආශිර්වාදය ඇතුව රට මේ තැනට ගෙන ආ සියලුම දේශප්‍රේමී ජන නායකයන්ට අපගේ ප්‍රණාමය. (නි)
මේක හොඳ වැඩක්. රටට අනිවාර්යෙන් අවශ්‍යයි. (නි)
ගෆුර්, මමත් යුද්ධය ජයග්‍රහණය කරන්න,ඡන්දය පාවිච්චි කළ කෙනෙක්. හොද දේට හොදයි කියනවා.නමුත් අද සිදුවෙන හුගක් දේවල් මම අනුමත කරන්නේ නැහැ.දේශයට ආදරෙයි.දේශපාලකයින්ට නෙමෙයි. (නි)
ගයාන්, තුනෙන් දෙකක ඡන්ද බලයක් එක්ක අපේ රටේ විධායක ජනාධිපති ධුරයට තියන බලතල ගැන ඔය දන්නවද,මම හිතන්නේ ඔයා දන්නේ නැහැ. (නි)
ගරු ජනාධිපතිතුමනි.අපි ඔබතුමාට ආදරෙයි.අපි මේ අදහස් වලින් සටන් කරන්නේ ඔබතුමා වෙනුවෙන්.ඒත් ඔබතුමාට තියෙන ආදරය ගෞරවය ඔබතුමාගේ වටේ ඉන්න ඔබතුමාගේ පානෙන් එලිය බලන හොරු රැල වෙනුවෙන් නම් අපේ හිත්වල නැහැ. මේ රජයේ සමහර කටයුතු ගැන අපේ හිතුත් කළකිරිලා තියෙන්නේ.සාමය මේ රටට ගෙන ආපු එකට අපි ඔබතුමාට කාලගුණ සළකන්න ලබාදුන් ඡන්දෙන් අපි බලාපොරොත්තු වුනේ මේ රටේ තියෙන අනිත් අඩුපාඩු ටිකත් නිවැරදි කරයි කියලා. ඔබතුමාට තුන්වන වරටත් ජනාධිපති වෙන්න පුළුවන්. ඒක ඉර හද වගේ විශ්වාසයි.ඔබතුමාට දීර්ගායුෂ! (නි)
ඔබතුමාට දෙවි පිහිටයි ! (නි)
සංජීව ,දසුනි, පිටබැද්දර, අනේ අධිවේගේ ගැනත් මොනවා හරි අදහස් සඳහන් කළා නම්, යන්නේ කොහෙද මල්ලේ පොල්, (නි)
කවුරු මොනවා කිවුවත් වසර 30 ශාපකාරි යුද්ධයට මුහුණ දී ජීවිත පුජා කළ වීරෝධාර ත්‍රිවිධ හමුදාවන්ට සහ සාමාන්‍යය වැසියන්ට කරපු උපහාරයක් වසයෙන් ජාත්‍යන්තර බලවේගයන්ට මුහුණ දී ඔබ දුන් නිවැරදි නායකත්වය අපි සැවොම අගය කරමු. එමෙන්ම වර්තමානයේ ඇතිවී තිබෙන මංකොල්ලකෑම්, ළමා අපචාර, දුෂණ. මිනීමැරීම්, අල්ලස් ගැනීම්, දේශපාලන අක්‍රමිකතා වැනි දේවල් වලට නීතිය ක්‍රියාත්මක කර නිසි දඩුවම් ලබාදීමත් , රටේ සාමාන්‍ය ජනතාවගේ බදු සනහ ලබාදී ජීවන බර අඩු කිරීමත් වැනි දේවල් ගැන අවදානය යොමු කරන්නේ නම් ඔබ අප රටේ සදා නොමැකෙන ශ්‍රේෂ්ට නායකයෙක් වනු ඇත. (නි)
රටට හිතැති අපේ ජනපති දිගුකල් දිනේවා ! (නි)
මේවට අදහස් ලියන සම හරක් හරියට අපේ ඇමති මණ්ඩලයේ ඉන්න ඇමතිවරු වගේ. ,"යන්නේ කොහෙද කියලා ඇහුවම කියන්නේ මල්ලේ පොල් කියලා " මේ ප්‍රවෘත්තිය තිබෙන්නේ පාරක් සම්බන්ධව මිසක්, යුද්ධයක් ගැනවත් ෆොන්සේකා මැති තුමා ගැනවත් නෙවෙයි (නි)
මොනවා කියන්නද ,ඔක්කොම ෆස්රුල් ගෆූර් මහතා කියලා තියනවා (නි)
රසිකා කියන්නේ පිල්ලේට ගරුසරුව ඇතුව ජනපති අතින් මල්මාලා දා පිළිගන්න කියාද? (නි)
තබුක්, ලෝකයේ ප්‍රබල රුසියාව සමග තිබෙන මිත්‍රකම පෙන්වන කදිම උදාහරණයක් මේක (නි)
පිට බැද්දර උන්නැහේ අහවලාට කොහේදෝ යන බවක් වැටහේ (නි)
ගෆුර් .කටාර් ඔබගේ දැනුම සහ සත්‍ය වාදී කම අගය කරමි (අ)
පිටබැද්දර ජයාට හොඳ පිළිතුරු ටිකක් ලැබිආ තියෙනවා. රටේ ඉන්න බහුතරයක් මොලේ ඇති, රටට ආදරය කරන ආත්මාර්ථකාමී නොවන අය බව මේ අදහස් වලින් පෙනෙනවා. ජනාධිපතිතුමාටත් රට වෙනුවෙන් වැඩ කරන හැමදෙනාටත් දළඳා සමිඳු පිහිටයි. (නි)
රටවැසියාට ජය වේවා! (නි)
ඔබතුමාට දළදා සමිදු පිහිටයි.ජනපති දිගුකල් දිනේවා ! (නි)
සුපිරි තමා. මිනිස්සු බඩගින්නේ මැරෙනවා...ළමයෙක් ඉස්කෝලෙකට දාගන්න බැහැ. ගැහැනු දරුවෙකුට පාරේ යන්න බැහැ. රටේ නීතියක් නැහැ ඔක්කොම හොරු, දූෂකයෝ, මංකොල්ලකාරයෝ, තක්කඩියෝ, මිනීමරුවෝ...(අ)
ඔබතුමාට බොහොම ස්තුතියි (දී)
සමන් රොහාන් රණසිංහ බලලා මීයන් අල්ලනවනම් මැට්ටෙන් හරි එව්වරයි. (දී)
අනේ මන්ද කා වෙනුවෙන් මේ අධිවේගී මාර්ග හදනවද කියලා .අපිට ඔය පාරේ යන වාහනයක් ගන්නවා තියා වේලක් හැර වේල්ලක් කන්නෙත් බොහෝම අමාරුවෙන්.රටේ බහුතරයක් ජීවත් වෙන්නේ අපි වගේ තමයි දී)
ෆුසරුල් ගෆුර් ඔබට ස්තුති වේවා. ඔබලා රටට හිතැති දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්. ආත්මාර්ථකාමීන්ට හොඳට පිළිතුරු දී තියනවා. (දී)
ඔබ කරන මේ සංවර්දනයට මම සුභ පතනවා (දී)
අනතුරු අවම වෙන්න හදන්න,, දැක්කානේ සුපිරි මගේ වෙන අනතුරු (දී)
දළදා සමිඳුට කාගේ පිහිට ද දන්නේ නැහැ. (අ)
සමන් රොහාන් රණසිංහ බලලා මීයන් අල්ලනවනම් මැට්ටෙන් හරි එව්වරයි. (දී)
ජනාධිපතිතුමා අපි නොදන්නා වෙන ලෝකෙකට යන්න ඇති.(නදී)
ඔබ තුමා යන්නෙම කිසිම වැඩක් නැති රටවලටනේ. මේ රටවල තියන දුගී දුප්පත් කම, ඒඩ්ස් වැනි වසංගත රෝග. .ගිහින් උදව් කලාට, බැලුවට කමක් නැහැ. ඒත් අපේ අය ගැනත් බලන්න.(නදී)
ගියාට කමක් නෑ. ඔබතුමා පිල්ලෙ යන්න කලින් එනවා නේද? (ස)
ගියාට කමක් නැ. ඔබතුමා පිල්ලිය රටින් යන්න කලින් එන්න. (ස)
රට සංවර්ධනය කරන්නට ඔබ දරන වෑයමට අපගෙ ප්‍රණාමය. අපි සහ අපේ අනාගත පරම්පරාව ගොඩක් වාසනාවන්තයි. (ස)
මෙහි අදහස් දලා තියෙන්නේ ඇත්තටම ලංකාවේ ජිවත් වෙන අයද කියල හිතෙනවා. බලපුවම ලංකාව ආශ්චර්යේ ඉහලටම ගිහින්. (ස)
ෆස්රූල් ගෆුර් කිව යුතු සියල්ල නිවැරදිව කියල තියෙද්දී අපි තව මොනවා කියන්නද? ඔබ ගැන මට හරි ආඩම්බරයි. හැම විටම ජාති ආගම් භේදයෙන් තොරව මධ්‍යස්ථව ලියන ඔබ වගේ සියලු දෙනාම අවංකව හිතනවා නම් අපේ රට කොච්චර ලස්සනද.ආශ්චර්යය තිබෙන්නේ පිරිසිදු සිත්වල මිසක් පුහු ආටෝපයේ නොවෙයි .සොයුර ඔබට සුබ අනාගතයක්. (ස)
ඇත්තටම මත්තල ගුවන් තොටු පොලින් ගුවන් යානා යන්නෙම නෙද්ද? දන්නේ නැති නිසයි අහන්නේ? (නදී)
සක්ය....දළදා හාමුදුරුවෝ ගැන නොදන්නා දේවල් කතා නොකරනු !(නදී)
සබරගමුවේ පාරවල් ටිකත් බලනු මැනවි .. (ස)
ගෆූර් කියන දේ තේරුම් ගන්න. මහා ජාතිය කියලා කයිවාරු ගහන සමහර මෝඩ සිංහලයන්ට මොලේ නැ...... (ස)
කටුනායක අධි වේගේ නොසැලකිල්ලෙන් ගියොත් කලපුවෙන් නාගෙනම යන්න පුළුවන්.(නදී)
මුලින්ම මගේ ප්‍රතිචාර වලට පිළිතුරු සපයා ඇති සියලු දෙනාට ගෞරවනීය ස්තුතිය පුද කරමි. ටෙනිසන් - මහත්මයා ඔයාටත් ගොඩක් ස්තුතියි. ජීවිතය කෙටිය, කොහොමද ඉපදුනේ කියන එක ප්‍රශ්නයක් නොව. කොහොමද ජීවත් වුනේ කියන එක තමා වැදගත්. මොන ආගම අදහන්නේද කියන එක නොව, මොන ජාතියද නියෝජනය කරන්නේ කියන එකයි වැදගත් මම ඉස්ලාම් ධර්මය අදහන සිංහල ජාතික -(ශ්‍රී ලාංකිකයෙක්) වෙන්න තමා ආඩම්බර වන්නේ. මම සිංහල මාධ්‍යයෙන් තමා ඉගෙන ගත්තේ ජාතික වීරයින් ගැන අසා තිබෙනවා. නමුත් දෑසින් දුටු වීරයෙක් මහින්ද රාජපක්ෂ අති ගරු ජනාධිපතිතුමා. අපේ දෙමාපියන් මෙලොවින් සමුගත් පසුව අපිට හැගෙන්නේ මේ ලෝකයේ වෙන කිසිම දෙයක් අපිට වටින්නේ නැති වගේ. ඒ වගේ තමා වටිනා නායකයන් අපෙන් වෙන් වුණදාට තමා අපි ඔවුන් ගේ ගුණ ගායනා කරන්නේ. මෙතුමාත් අපිට වටිනවා. එයට හේතු ගොඩක් තිබෙනවා. දසුනි - හොද හෝ නරක දේශපාලකයින් තෝරන්නේ අපි. අපේ වගකීම උගත් බුද්ධිමත් අයව තෝරාගන්න එක, මැරයෝ ස්ත්‍රී දූෂකයෝ නොව. අපේ මිනිස්සු කරන වැරදි වලට තමා අපි හැමෝම වන්දි ගෙවන්නේ. (ස)
මාතෘකාව මාර්ගය පිරික්සීම. ඒත් අදහස් පලකරලා තියෙන්නේ මාර්ගය ඉදිකිරීම ගැන. පිරික්සීම ගැන කතා කළොත් මට නම් පෙනෙන විදියට ජනපතිතුමා ඒ තරම් පැහැදීමක් නැහැ වගේ මොනවා හරි අඩුපාඩුවක් ගැන කියනවා වගෙයි පෙනෙන්නේ. (නි)
ඔය සුපිරි මග නිසා කී දෙනෙක් සුපිරි මිනිසුන් වුණාද? (නි)
මහින්ද ජනපති තුමා මම දකින්නේ, හොද සේවයක් කිරීමට ප්‍රයත්නයක් දරන රාජ්‍ය සේවකෙකු හැටියට මිස,වීරයෙකු හැටියට නොව.එතුමා වෙන රටවලට ගොස් ඒ රට වල ඇති අකර්ශමත් පරිසරය දැක එය අපේ රටේද ඇති කිරීමටද ප්‍රයත්නයක් දරන උත්තමයෙකි.ඒ කරන දේවල් රැකගැනීම හා ආරක්ෂා කිරීම අපේ යුතුකමකි.(අ)
අමිල කටුනායක 2013-08-26 19:00:40 ඔය සුපිරි මග නිසා කී දෙනෙක් සුපිරි මිනිසුන් වුණාද? හා හා තහනම් වචනයක්.(නදී)
මිනිපේ, මොනවා කියනවද මිනිපේ ,අපේ රක්ෂිත වනාන්තර වලට සිද්ද වෙන විනාසය දැක්කම,අපේ මුහුදේ මාළු ටික චීනයෙන් ඇවිත් විශාල නැව් 45 කින් අරන් යනකොට බඩ පපුව හෝස් ගාල යනවා. අනේ මෙහෙමත් විනාසයක් මිනීමරු ප්‍රබාකරන්ටවත් අවරුදු 35 කදී කරන්න ලැබුනේ නැහැනේ.(නදී)
ජගත් ලියනගේ, මේකෙන් පනට ආදරේ තියෙන, මොලේ තියෙන මොනම සතෙක්වත් යන්නේ නමි නැහැ.(නදී) .
ඩුබයි-තිලකේ, වනාන්තර වලට සිද්ධ වෙන විනාශය,සිදුවෙන්නේ සාමාන්‍ය ඔයා මම වගේ මහජනයා අතින්.එය වැළැක්වීමේ රාජකාරිය අප සතුයි.චීනෙන් නැව් 45 කියන එක ගැන මගේ විශ්වාසයක් නැත.හැබයි මම ඔබ කරන විනාශයක් ගැන මම කියන්නම්.....ඔබ වැනි දේශප්‍රේමියෙක් ඩුබායි වලට සේවය කිරීම. (නි)
ඔහොම තමයි තිලක් ඩුබායි මහතා, අපි ඉතින් ණය වුනා නම් අනුන් කියන පලියට නටන්න සිද්ධ වෙනවා. ඔවුන් රටට ආයෝජනය කරන්නේ හොඳට දුර දිග කල්පනා කරලා. එහෙත් හැම පක්ෂයක්ම කල්පනා කරන්නේ ඔවුන්ගේ කෙටි කාලින (අවූ : 6 ක හෝ 12 ක)දේශපාලන ව්‍යාපාරය රැකගැනීමටයි (නි)