(සුජිත් හේවාජුලිගේ)
පසුගිය කාලයේදී විශාල වශයෙන් මුදල් නාස්ති කෙරුණු බව පැවසෙන ජනාධිපති කොමිෂන් සභා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
එලෙස විමර්ශන පවත්වා එම කොමිෂන් සභා සාමාජිකයන්ගෙන් හෝ එවකට රජයන්හි ප්‍රධානීන්ගෙන් එම මුදල් අය කර ගැනීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇත.
පසුගිය කාලයේදී විවිධ කරුණු සොයා බැලීමට ජනාධිපති කොමිෂන් සභා 14ක් පත්කර ඇති බවත් නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ ඉන් කොමිෂන් සභා දෙකක පමණක් බවත් රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර උපාලි අබේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පිහිටවනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාව මේ රටේ ජනතාවගේ මුදල් රුපියල් තුන් කෝටි පනස් ලක්ෂයකට වැඩි මුදලක් කාබාසිනියා කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
මේ මුදල් එම කොමිෂන් සභාව පිහිටවනු ලැබූ ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් හෝ උපාලි අබේරත්න ඇතුළු කොමිෂන් සභා සාමාජිකයන් තිදෙනාගෙන් අයකර ගත යුතු බවද ඔහු සඳහන් කළේය.
උපාලි අබේරත්න කොමිෂන් සභාවේ නිර්දේශ සියල්ල නීති විරෝධී බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඒ නිර්දේශ සියල්ල පසුව අහෝසි කළ බව විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ගාල්තැන්න ප්‍රදේශයේ සුප්‍රසිද්ධ දේවාලයක කපුවකු සන්තකයේ තිබූ සැකකටයුතු සුඛෝපභෝගී ජීප් රථයක් අත්අඩංගුවට ගත් බව තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය
වැල්ලවාය ප්‍රදේශයේ හෝටල් හිමියකුට බෝතලයකින් පහරදී තුවාල කළ බව කියන බුත්තල පොලිසියේ පොලිස් පරීක්ෂකවරයකුගේ වැඩ තහනම් කළ බව මොණරාගල පොලිස් අධිකාරී කාර
නීතිවිරෝධී ලෙස වාහනයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයට කැඳවමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර ඇති සිතාසි
ආනයනකරුවන් වරායෙන් නිදහස් කරනොගන්නා භාණ්ඩවලට ඉහළ තක්සේරු වටිනාමක් නියමකර ටෙන්ඩර් හෝ වෙන්දේසිය හරහා විකිණීම වළක්වා එම භාණ්ඩ විනාශ කිරීමට රැගෙන යන්න
කාත්තාන්කුඩි ආරයම්පති තිරුනිට්රුකේනි ප්‍රදේශයේ වෙරළ තීරයේ පාවෙමින් තිබූ හඳුනා නොගත් උපකරණයක් දැක එහි වූ නූලක් අදිද්දී පුපුරා යාමෙන් එක් තරුණයකු තු
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය බුද්ධි අංශ යොදවා ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
ජනපති කොමිෂන් දොළහක ලොක්කන්ට වැඩ වරදී
Asela Saturday, 01 March 2025 05:08 PM
වැඩකට නැති දේශපාලනඥයෙක් වැරදි කෙළවරකින් හැම දෙයක්ම ගන්න පටන් ගන්නවා. ඔවුන් මුලින්ම ව්‍යවස්ථාව කියවන්නේ නැහැ, නැත්නම් ඔවුන් ව්‍යවස්ථාවට ඉහළින් කියලා හිතනවා. මැතිවරණයට පෙර පවා ඔවුන් බොහෝ දේ කිව්වා, නමුත් පසුව ව්‍යවස්ථාව කියවන විට, උදාහරණයක් ලෙස, හිටපු ජනාධිපතිවරයාගේ වියදම් කපා හැරීමට ප්‍රතිපාදන නොමැති බව ඔවුන් පවසනවා
යෝගා Saturday, 01 March 2025 05:35 PM
ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි තවත් ප්‍රකාශයක්. මේවා කියන්න ඉස්සර නීති අංශ වලින් අහලා හිටියොත් හරි..
pj Sunday, 02 March 2025 04:02 AM
ඔය කියන මුදල් අය කරගෙන පෙන්වන්න.. ඒ වගේ ම මෑත අතිතයේ දී තමනට විරුද්ධ පාක්ෂිකයින්ගේ දේපළ ගිණි තබා කළ විනාශයේ වගකීම බාරගෙන අලාභය රජයට ගෙවන්න. වින්දිතයින් දැනටමත් තමන්ට වූ විනාශයේ වන්දි මහජන බදු මුදල් තුළින් රජයෙන් අයකර ගෙන ඇත. 88 89 සමයේ රටට කළ විනාශය ගණනය කර ජවිපෙ මාලිමා අරමුදලින් රජයට අයකර ගැනිමට සලසන්න..
geethsSunday, 02 March 2025 06:34 PM
රටේ සියලු සම්පත් හොරාකාලා, රජයේ අරමුදල් අවභාවිතා කරලා දුප්පතුන් අන්ත දුප්පතුන් බවට පත් කරා. එහෙම වෙලා තියෙද්දිත් බඩේ බත් නැතුව අස්වැසුමින් යැපෙන මෙවැනි නිවටයින් තව තවත් මස් කටු කෑමේ අරමුණින් දූෂිත දේශපාලුවන්ටම ආවඩන්න බලාගෙන ඉන්නවා. දඬුුුකදේ ගහලා පාරේ අරන් යන්න ඕනෑ.
සෙනෙවිරත්න Sunday, 02 March 2025 06:49 AM
යෝගා, අසේල, පරණ ක්‍රමය හොඳයි නේද? කරන්න බැරි වුනත් තමුන්නැහැලාගේ ලොක්කන්ගේ හෙලුව රටට පෙන්වන එකම මදිද?
pjMonday, 03 March 2025 08:18 AM
අනුන්ගේ හෙළුවට පෙර තමන් වසාගෙන සිටින බේසමේ අඩිය නොමැති බව තේරැම් ගන්න...