
(අංජුල මහික වීරරත්න)
ජනපති හැම විටම තීරණ ගන්නේ ව්යවස්ථාවට, අධිකරණයට සහ සම්ප්රදායට ගරු කරමින් බව අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මහනුවරදී මල්වතු අස්ගිරි මහා නා හිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්යයට ප්රකාශයක් කරමින් අග්රාමාත්යවරිය මේ බව කීවාය.
ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් දෙන්න තීරණයක් තිබෙනවාදැයි මාධ්යවේදියකු ඇසූ ප්රශ්නයකට පිළිතුරු දෙමින් අග්රාමාත්යවරිය මෙසේද කීවාය.
"ඒක අධිකරණ ක්රියාවලියක්. අධිකරණ තීන්දුවක් දීලා තියෙනවා.ඒකට අධිකරණයෙන්ම තමයි අපට උපදෙස් ගන්න තියෙන්නේ.මං හිතන්නේ ජනාධිපතිතුමා හරි තීරණේ හරි වෙලාවට ගන්න කෙනෙක්.බුද්ධිමත් විදියට රටේ තත්ත්වය ගැන හරි අවබෝධයෙන් එතුමා හැම වෙලාවේම තීරණ ගන්නේ.අධිකරණයටත් ගරු කරනවා. අපේ රටේ සම්ප්රදායටත් ගරු කරනවා.අපේ ව්යවස්ථාවටත් ගරු කරනවා.ඒ අනුව තමයි ජනාධිපතිතුමා දැනුත් ඉදිරියටත් තීරණ ගන්නේ යනුවෙන්ද අග්රාමාත්යවරිය සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd