IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


ජනවාර්ගික තුවාලයට බෙහෙත් දෙයි

‘ජාතිවාදී ආගම්වාදී උගුලකට නැවත අහු නොවෙමු‘. යන තේමාව මුල් කර ගනිමින් ‘සම අයිතිය ව්‍යාපාරය‘ සංවිධානය කළ විරෝධතාවක් අද සවස කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී පැවැත්විණි.

අලුත්ගම, ධර්ගා ටවුන් වැනි ප්‍රදේශවල ගැටුම්වලින් පසුව මහා සංඝරත්නයද, ඉස්ලාම් පුජක වරුන්ද මීට එක්වුහ. ජාතින් අතර සමගිය ගොඩනැවීමේ අරමුණින් ජනතාව දැනුවත් කිරීමත් මෙහි අරමුණ වු අතර සිවිල් සංවිධාන සාමාජික සාමාජිකයන් මෙන්ම දේශපාලන පක්ෂ නියෝජිතයන්, විවිධ වෘත්තිකයන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

ස්වාමින් වහන්සේලා සමග ඉස්ලාම් පුජක වරුන්ද එකට එක්ව ජාතික සමගිය ගැන ලියු පුවරු ප්‍රදර්ශනය කරන අයුරු ද දැකගත හැකි විය.



අදහස් (0)

ජනවාර්ගික තුවාලයට බෙහෙත් දෙයි

යසිරු Thursday, 19 June 2014 05:59 AM

සැමදා අපි එක මවකගේ දරුවන් ලෙස ජීවත්වෙමු (නි)

:       0       0

තිලක් Thursday, 19 June 2014 05:59 AM

ලංකාව පුංචි රටක්. සම්පත් සීමාසහිතයි. මිනිස්සු වැඩි වුණා කියලා ඉඩම් වැඩිවන්නේ නැහැ. ‍මෙරට කාටත් අයිතියි (නි)

:       0       0

උදේශ් Thursday, 19 June 2014 11:57 AM

කාලෝචිතයි නියපොත්තෙන් කඩන්න තියෙන දේවල් පොරවෙන් කපන්න හොද නැහැ (දී)

:       0       0

අනුරුද්ද Thursday, 19 June 2014 12:01 PM

ඉතා වටිනවා (දී)

:       0       0

කැනඩා දිසා Thursday, 19 June 2014 07:29 AM

ජාතිවාදයට එරෙහි වෙමු (නදී)

:       0       0

කේ.එම්.ආර්.කුමාර Thursday, 19 June 2014 08:08 AM

මෙවන් ව්‍යාපාර තවතවත් බිහිවී රටේ සාමය සුරකීවා (නදී)

:       0       0

ගිහාන් Thursday, 19 June 2014 08:24 AM

අපේ රටේ බොදු ගී ගායනය මුල් කාලයේ සිට කළේ මුස්ලිම්වරුන්. නිදහස් සටනට එක් වූ නායකයින් අතර පෙළ ගැසුණේ මුස්ලිම්වරුන්. ඒ ජාතික සමගිය අපට නුහුරු දෙයක් නොවෙයි. අද ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී පිරිස් ලෝකය පුරා වපුරන ජාතිවාදී බීජය අන්තවාදී සහ ආගම්වාදී පිරිස් තුළට කවා මෙවන් අරගල ඇති කර ඒවා මැඩ පැවැත්වීම යන අදහස ඉදිරියට දමා ඒ මුවාවෙන් රට තුලට අැතුල්විම කරන බව මෑත අතීතයේ ලෝකය දෙස බලද්දී පැහැදිලිවෙනවා. ඒ වගේම සුවිශේෂ ගුවන් යානා යොදවා රට තුළ ඇති වැදගත් තැන් වලට පහර දීමද කරනවා. මෙවන් තත්වයට දැනට රටවල් හත අටක්ම ගොදුරුවී තිබෙනවා. අපේ රටත් එවන් අරාජික තත්වයට දැන හෝ නොදැන පත් කරනවාද යන්න අපි අපිම ස්වයං විවේචනයකින් සිතා කිරා මැන බැලිය යුතුයි. අපේ සුළු වැරදීම අපටම කරගන්නා බරපතල විනාශයක් වනු ඇත. නැවත මේ වැන්නක් නො වන්නට මව් බිමේ නාමයෙන් අපි කටයුතු කරමු. (නදී)

:       0       0

දීපිකා Thursday, 19 June 2014 12:36 PM

බොහොම හොඳ ‍ක්‍රියාවක් (නි)

:       0       0

ජපන් සුචිත්ත Thursday, 19 June 2014 08:34 AM

අහිංසක මිනිසුන්ගේ බදු සල්ලි වලින් සැප ගන්නා උදවියට මේවගේ යහපත් සමාජයක් දකිනකොට වහ කදුරු වගේ ඇති (දී)

:       0       0

ලුම්බිණි Thursday, 19 June 2014 08:50 AM

ප්‍රවේශමෙන් හාමුදුරුවනේ, වටරැක විජිත හිමියන්ට වෙලා තිබෙන දේ දන්නවා නේ ජාතික සමගිය ඇති කරන්න ගිහින්. (ස)

:       0       0

අසෝකා Thursday, 19 June 2014 12:49 PM

ශ්‍රී ලාංකිකයෝ විදියට එකම රටක ජීවත්වෙන අපිව රජයේ ඉන්න ඔලුව පාවිච්චි කරන්න දන්නේ නැති අය නිසා ජාති වලට ආගම් වලට උත්පත්තියේ ඉදලම බෙදිලා. දැන් සමගි වෙන්නලු. මේක අපේ උප්පැන්න සහතිකයෙන් මුලින්ම වෙනස් කලයුතු දෙයක්. ජාතිය කියන තැනට ශ්‍රී ලංකාව දැම්මා නම් මේ බෙදීම අඩුයි. අනික උපතින් නෙමෙයි කෙනෙකුට ඕනෙම ආගමක් අදහන්න අයිතියක් තියෙනවා. ඒ නිසා උප්පැන්නයට ආගම අවශ්‍යත් නැහැ.(නදී)

:       0       0

විජිත් Thursday, 19 June 2014 12:55 PM

හරිම කණගාටුදායක සිදුවීමක් තමයි වුණේ. මේ සුන්දර රට නැවතත් නාස්ති කරන්න නම් එපා. (නි)

:       0       0

අබුදුල් Thursday, 19 June 2014 09:01 AM

අපි ඔක්කොම මිනිස්සු. සිංහල මුස්ලිම් මිනිස්සු අතර වෛරයක් නෑ. මගේ හොදම යාළුවා සිංහල. පාසලේ එක බත් මුල බෙදාගෙන කෑවේ. කිසිම බලවේගයකට අපේ යාළුකම බිදින්න බෑ (නදී)

:       0       0

දසනායක Thursday, 19 June 2014 09:12 AM

ලොකුම ප්‍රශ්නය තමයි මේ එක එක විදියේ සංවිදාන. "සම අයිතිය ව්‍යාපාරය" මේ හැම සන්විදානයකටම යටි අරමුණක් තියෙනවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නවා (නදී)

:       0       0

තරංග Thursday, 19 June 2014 09:21 AM

අනේ සමාවෙලා මුහුදු මහා විහාරෙට යන්න පාර ඉඩ දෙන්න. (නදී)

:       0       0

සසිත් Thursday, 19 June 2014 09:23 AM

බොදු බල සේනාවෙන් දැන් මේ හාමුදුරු වරුන්ගේ පන්සල් වට කරයිද දන්නේ නෑ.. පරිස්සම් වෙමු අපේ හාමුදුරුවනේ... (ස)

:       0       0

ඉසුරන්දි Thursday, 19 June 2014 09:44 AM

ඔහොම සමගියෙන් ඉන්නවා නම් මොනා කරන්න බැරිද අපට. (නදී)

:       0       0

මේනකා ලොකුපතිරණ Wednesday, 18 June 2014 10:04 PM

විය යුතු නිවැරදිම දේනම් මෙයයි.ආගම් වලට මුවා වෙලා නැවත අපේ රටේ යුද්ධයක් ඇති කර ගන්නවට වඩා අපි සිංහල දෙමළ මුස්ලිම් මේ ජාතින් සහයෝගයෙන් සිටිමයි සිදු විය යුතුම දෙයනම්.ලෝකයට පෙන්විය යුතුයි අපේ එකමුතුකම.(අ)

:       0       0

සරත් Thursday, 19 June 2014 01:32 PM

කාලෝචිත ක්‍රියාවක් (නදී)

:       0       0

නයනජිත් Thursday, 19 June 2014 09:58 AM

ඔඩු දුවන්න කලින් සුව කරන්න (දී)

:       0       0

විජේසිංහ Wednesday, 18 June 2014 10:24 PM

ගමේ එකට ජීවත්වෙන මිනිසුන්ට රණ්ඩු කරන්න අවශ්‍යතාවයක් නැහැ (නි)

:       0       0

විමල් Thursday, 19 June 2014 01:41 PM

මේවා ජාත්‍යන්තර කුමන්ත්‍රණ වෙන්න බැරිද ? (නදී)

:       0       0

කෙවින් Wednesday, 18 June 2014 10:27 PM

ඉතා වටිනවා මේ වෙලාවේ, මෙවන් දේවල් (නි)

:       0       0

අහිංසා Wednesday, 18 June 2014 10:56 PM

උගත්, බුද්ධිමත් ඒ සියල්ලටම වැඩිය ශීලාචාර,මිනිස්කමට ගරුකරන උතුම් ශ්‍රී ලාංකිකයින් කොටසක්. ඔබ සැමදා දෙවියන් රකිත්වා! (නි)

:       0       0

දීපාල් Wednesday, 18 June 2014 11:00 PM

ජය වේවා! බොහොම හොඳ වැඩක් (නි)

:       0       0

ශිහඩ් Thursday, 19 June 2014 10:56 AM

සිහල දෙමල මුස්ලිම් නැහැ රුදිරයෙහි වෙනසක්. එකම ලේයි සැමගේ සිරුරේ, එක මවකගේ දු දරුවෝ, එක් වෙමු ජයගමු එක්සත් වී. (නදී)

:       0       0

සුනිල් ප්‍රේමරත්න Wednesday, 18 June 2014 11:49 PM

ගොඩක් ලස්සන වැඩක්. (නි)

:       0       0

නිමල් ලලිතා Thursday, 19 June 2014 11:07 AM

ගිහාන් ඔබට ටිකක් වැරදිලා. මොහිදීන් බෙග් මහත්මා සහ එතුමාගේ පුතා එහෙම කලාට හැමෝම එහෙම නැහැ. ඉතාමත් හොඳ මුස්ලිම් සහ දෙමල මහත්ම මහත්මීන් සිටින බව මම දන්නවා. නමුත් ජාතිවාදීන් පිරිසකුත් සිටිනවා (නදී) .

:       0       0

සීල ද සිල්වා Thursday, 19 June 2014 02:19 PM

අපි ඔක්කොම මිනිස්සු ජීවිතේට ආදරය කරන. අපි ඉපදෙනකොට අපි දෙමාපියෝ ,කුලය, දේශය තේරුවේ නැහැ.(දී)

:       0       0

පද්මිණි Thursday, 19 June 2014 12:26 AM

හැම දහමකින්ම උගන්වන්නේ අවිහිංසාවාදයයි. (නි)

:       0       0

ශීලා Thursday, 19 June 2014 12:43 AM

හාමුදුරුවනේ, මොනවා කළත් ප්‍රවේශමෙන් (නි)

:       0       0

ශ්‍යාමිලා Thursday, 19 June 2014 12:44 AM

අපිට හරිම සතුටුයි හාමුදුරුවනේ (නි)

:       0       0

ටෙරාන් Thursday, 19 June 2014 01:38 AM

සැමදා අපි සැම සමගියෙන් සිටිමු (නි)

:       0       0

වින්සන්ට් Thursday, 19 June 2014 02:20 AM

ජයවේවා! සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් දැනුවත් වේවා! (නි)

:       0       0

සරත් Thursday, 19 June 2014 03:55 AM

මේ සියලු ගැටුම් වලට එකම හේතුව සැකයයි. (නි)

:       0       0

පද්මිණි Thursday, 19 June 2014 04:30 AM

හිතට ලොකු හැඟීමක් එනවා මෙහෙම එකට එක්වෙලා ඉන්නවා පෙනෙනකොට (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2543 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1691 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2436 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3339 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site