මොරටු වඩු කාර්මිකයන්ගේ උද්ඝෝෂණයකදී ඇමැති ජීවන් කුමාරතුංග මහතාට වතුර බෝතල ප්‍රහාරයක් එල්ල කළැයි කියන සිද්ධියේ වීඩියෝපට දෙකක් මොරටු විශ්ව විද්‍යාලයයේ තාක්ෂණ අංශයට යොමු කරන ලෙස මොරටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අරවින්ද පෙරේරා මහතා නියෝග කළේය.
පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ අට දෙනකුගෙන් කටඋත්තර ගත් බවයි.
දෙසතියකින් අදාළ වාර්තා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.
ජීවන් කුමාරතුංග මහතා අධිකරණයට පැමණ නොසිටියේය.
නඩුව අගෝස්තු 19ට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාදිපතිතුමනි...... ඔබතුමා මොරටුවට මොරටු පුතෙක් නොදැම්මොත් ආයේ මොරටුව දිනලානම් ඉවරයි.... (දී)
මොනවද මොහු රටට කර තිබෙන්නේ? (නි)
අයෙ නම් මොරටුවේ පැත්තෙවත් එන්න එපා . (දී)
මේක හොඳ පුර්වාදර්ශයක්. බුද්ධිමතුන්ට නිසි තැන දීම. ඉංජිනේරු කොල්ලෝ ඉදිරියටම වරෙල්ලා. අනාගතේ අපේ අතේ. (අ)
අමාලි තංගල්ල, දේශපාලකයන් ගැන නම් කතාකරන්න එපා.පක්ෂ විපක්ෂ හැමෝම එකයි. පක්ෂ විපක්ෂ දේශපාලකයෝ හැමෝම බලන්නේ ජනතාව රවටාගෙන රට කන්නයි (නි)
බලන්නකෝ මේක හොයන්න තියන උනන්දුව? අර තංගල්ලේ ඝාතන සිද්ද්යේ වාර්තාව ගන්න අවුරුද්දකට වඩා ගියා (දී)
ඇමතිතුමා හුග කාලයකින් දැක්කේ... (නි)
මොරටු සරසවිය උගතුන් බිහි කරන තැනක්, හොරු අල්ලන තැනක් (දී)
වතුර ගහපු එක අහු වෙනකල් කොයි කවුරුත් එකතුවෙලා වතුරගහගන්න කියලා කියමුද? (නි)
අනේ එහෙ ළමයින්ට බලන්න නෙමෙයිද? චිත්‍රපටි ශාලාවලට යන්න සල්ලිත් නැති හින්ද මාත් හිතුව නොමිලේ බලන්න චාන්ස් එකක් වදින්නයි එන්නේ කියල. (දී)
උසාවි ගිහිල්ලා අර මාධ්‍ය වලට කියපු විදියට " මොරටු ජනතාව ගැන මගේ අහිතක් නැහැ මම නඩුව ඉල්ලා අස්කරගනවා ස්වාමිනි කියලා කියන්න බැරි මොකද " මේ වගේ බොරුකාරයන්ට නම් ලබන සැරේ ඡන්දය දෙන්න එපා. ඉස්සර ජර්මනියේ ඉදලා ලංකාවට ලිපියක් යැවුවම දින 7- 10 අතරේදී ලැබෙනවා. දැන් මාසෙකටත් වැඩිය ගතවෙනවා. තැපැල් දෙපාර්තමේන්තුවේ සේවක ප්‍රශ්න ගොඩක් තිබෙනවා. ඒවාට විසදුම් හොයන්නේ නැතුව යනවා වඩු කාර්මිකයන්ගේ ප්‍රශ්න බේරන්න (නි)
ඇයි මේ තාක්ෂණය, උනන්දුව අනිත් අපරාධ වලදී නැත්තේ? (නි)
මිනිස්සු වැරදි විදිහට හිතලා තියෙන්නේ, ජීවන් මහත්තයා මීටර් 500 තරගෙට ඇවිල්ලා කියල හිතල ද දන්නේ නැහැ. (නි)
සමහර හිතුවද දන්නේ නැහැ ජීවන් මැරතන් තරගයකට ආවා කියලා,මේ දවස් වල වතුර ගැහුවට මොකද වෙන්නේ,හරි රස්නෙයිනෙ (නි)
අනේ මන්දා ඉස්සෙල්ලා කිව්වෙ අනුකම්පා කරනවා කියලා නේද? (නි)
'හිතකින් නොවේ මා නඩු දැම්මේ '. (නි)
"මොරටු ජනතාව ගැන මගේ හිතේ අහිතක් නැහැ " කියපු ඇමතිතුමා මොකද උසාවි ගිහින් තියෙන්නේ ? (දී)
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි... අනේ මන්දා ඉස්සෙල්ලා කිව්වෙ අනුකම්පා කරනවා එහෙම කරපු අයට කියලා. එතැනින් ලිස්සලා ඇවිල්ලා මෙන්න කොරන වැඩ. (දී)