බස්නාහිර පළාත් සභාවට ජනතා විමුක්ති පෙරමුණෙන් තරග කරන සුමතිපාල මානවඩු මහතා ගමන් ගත් යතුරු පැදිය ඉඹුල්ගොඩදී ටිපර් රථයක ගැටීමෙන් ඔහු එම ස්ථානයේ දීම මියගිය බව පොලිසිය කියයි.
ඔහු අද රැස්වීමකට යන අතරතුරදී කොළඹ, මහනුවර ප්‍රධාන මාර්ගයේදී මෙම අනතුරට පත්ව ඇත.
මානවඩු මහතා ගම්පහ ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරයෙකුද වු අතර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සමස්ථ ලංකා දුම්රිය සේවකයන්ගේ පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම්වරයාද වෙයි.
සුනාමි ව්‍යසනයෙන් හානියට පත් වු දකුනු දුම්රිය මාර්ගය පිළිසකර කිරීමේදී මානවඩු මහතා මුලිකත්වය ගෙන ක්‍රියා කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෞද්ගලික ලාභ ප්‍රයෝජන පසෙකලා හඩ නඟන මෙවැනි සබැ මිනිසුන් නික්ම යාම රටකට පාඩුවකි, එත් සමහරක් බඩගෝස්තර වාදීන්ට අස්වැසිල්ලකි. ,ඔබතුම දුම්රිය රැක ගැනුම වෙනුවෙන් කල කැපකිරීම අනන්තයි, නිවන් සුව පතනවා මම (අ)
නිවන්සුව අත්වේවා!!! (ස)
අනේ පව්. මේ ටිපර් කොපමණ නම් ජිවිත බිලි ගන්නවද? (ස)
සුනාමියෙන් විනාශ වූ දුම්රිය මාර්ග දවස් 50 වැනි අඩු කාලයකින් ගොඩනැගු ඔබ උතුම් මනුස්සයෙක් පථාක යෝධයෙක් ඔබට නිවන් සුව !!! (ස)
වෙනසක තරම, අපේක්ෂකයෙක් යන්නේ යතුරුපැදියේ, ඒ නිසාම අනතුරට පත්වෙලා. ඔබ වැනි සැබෑ නායකයන් නැති වෙන්නෙ ජාතියේ අවසනාවට, ඔබට නිවන් සුව පතමි (අ)
මානවඩු සහෝදරයාට මාගේ විප්ලවීය ආචාරය (ස)
මානවඩු සහෝදරයාට මාගේ විප්ලවීය ආචාරය !!! (ස)
කැප කිරීම මේ යැයි ලොවට පෙන්වා ඇති වාර ගණන කිව නොහැක. අවසන ජීවිතයද තමන් ආදරය කරන ජනතාවගේ පන්තිය වෙනුවෙන් කැපකළ ආදරණිය සොයුර ඔබට මගේ විප්ලවීය ආචාරය. (ස)
සුනාමියෙන් මහඅය ගසාකද්දී ,නුඹ දහදිය මුගුරු හෙලමින් පැරලියේ දුම්රිය මග පිළිසකර කිරීමට උර දුන් උදාර මිනිසෙකි. මාගේ උත්තරීතර විප්ලවීය ආචාරය !!!.(අ)
සංවේගයෙන් කණගාටුව ප්‍රකාශ කරමි. (ස)
පරාර්ථය වෙනුවෙන්ම ජීවිතය කැප කළ උදාර මිනිසෙකු හදිසියේ නික්ම යාම රටට දැරිය නොහැකි පාඩුවකි.ඔබතුමාට නිවන් සුව ලැබේවායි පතමු. (ස)
තවත් අවංක, එඩිතර මිනිසෙක් රටට අහිමි විය. මාගේ විප්ලවීය ආචාර්ය ! (ස)
කණගාටු දායක මරණයක්.සසර වසන තුරු මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවේව කියල පතන ගමන්ම රාජ්‍ය අංශයේ පිරිහීමට ඍජුව වාගකිව යුතු.දිනෙන් දින රාජ්‍ය අංශය වලපල්ලට අදින හැම විටම හැම දෙයක්ම කඩාකප්පල් කිරීම පරම අරමුණ කරගත් බංකලොත් දේශපාලනයක වෘත්තීය සමිති නායකයෙක් වෙලා මතු කිසි අත්භවෙක නොයිපදේව කියලත් පතනවා.(අ)
ඔබ මිය ගියේ නැත සොයුර. (ස)
පක්ෂය කුමක් වුවත් ලක් මවට අවැසි පුද්ගලයකු අකාලයේ මිය යාම අප ලද අභාග්‍යකි. (ස)
අකල් මරණයක් ද නැතිනම් කල් බලා කල මිනීමරුමක්ද? ඔහුට නිවන් සැප ලැබේවා.(නදී)
බන්දුල පෙරේරා හැර අදහස් දාල තියන සියලු දෙනාම මියගිය පුද්ගලයා වෙනුවෙන් අවන්කවම තමාගේ අදහස ලියල තියනවා,බන්දුල පෙරේරා විතරක් තියන කුහක කමට වෙන බහුබූත අදහසක් දාල තියනවා. (අ)
මොන්ටෙරෝ එකක ගියානම් ටිපරුත් අයින් කරාවී අනේ ටිපර් රියදුරෝ නුඹ නැතිකලේ නුබෙම මිනිහෙක් රටක් වටිනා මිනිහෙක් මානවඩු සහෝදරයට අපේ උත්තමාචාරය (දී)
මිය ගිය අපේම සොහොයුරාට අපේ ප්‍රණාමය (දී)
අපේ ප්‍රණාමය !!! (ස)
යතුරුපැදි කරුවකුටත් ඉඩක් දෙන්නේ නෑ මේ අය (දිල්)
මෙතුමාගේ මරණය වෙනුවෙන් කණගාටු වීම මෝඩයන්ට අකැපය. (ස)
සබැ මිනිසුන් රටට අහිමවීම දැරිය නොහැකි පාඩුවක් දහසක් බෝල් මිසුන් අතර ඔබ දුන් ආදර්ශය ඉතිහාස ගතවනු ඇත (අ)
රටට හොද මනුස්සයෙක් අහිමි උනා.ඔබට නිවන් සුව.(අ)
ඔබට නිවන් සුව පතමි. (අ)
අපගේ බලවත් ශෝකය .හොද මනුස්සයෙක් ..(අ)
ඔබට නිවන්සුව .. (දී)
සුමතිපාල මානවඩු මහතාට නිවන් සැප ලැබේවා. මතකද ඉඹුල්ගොඩ දී යතුරු පැදි අනතුරකින් විශ්ව ව්ද්‍යාල සිසුන් දෙදෙනෙකුත් මැරුණා.(දී)
කනගාටුදායක පුවතක් නිවන් සුව පතමි (දී)
ඔබ තුමාට නිවන් සුව ලැබේවා!!!! (දී)
වැඩවර්ජන මෙහෙයවීමේදී මෙතුමා පෙරමුණේ සිටි වීරයෙකි.(අ)
සුමතිපාල මානවඩු මහතාට නිවන් සුව ලැබේවා!!!!(අ)
මගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. දෙවියෙක් වෙලා හරි ආපහු ඇවිත් අපේ රට බහිරවයන්ගෙන් බේරා ගන්න! (අ)
මාගේ විප්ලවීය ආචාර්ය හරිම කණගාටුයි (අ)
සුනාමියෙන් විනාශ වුණ මුහුදුබඩ දුම්රිය මඟ දවස් 60 කට අඩු කාලයකදී නැවත අලුත්වැඩියා කර දීමට පෙරමුණ ගැනීමම ඇති ඔබට නිවන් දකින්නට. (නි)
හරසුන් උඩඟු හිස් ගෙඩි අද බහුල ලොවේ. මිනිසකු මල නිසයි දුක මරණයට නොවේ. ඔබ තුමාට නිවන්සුව පතමි!! (ස)
ඔබ අවංකවම අපේ කාලයේ වීරයෙකි. අයිතිවාසිකම් සහ ඉල්ලීම් වෙනුවෙන්ම පෙනී සිටින යුගයක වගකිම සහ යුතුකම වෙනුවෙන් පෙනී සිටි ඔබ සුනාමි ව්‍යසනයෙන් විනාශවූ මුහුදුබඩ දුම්රිය මාර්ගය දින 50ස් ගණනකින් සාදා නිමකිරීමට පෙරමුණ ගනිමින් කරන ලද මෙහෙය නිතර දුම්රියෙන් ගමන් ගන්නා කලගුණ දත් සැම දන සිත් තුළ සදා රැඳෙනු ඇත. සොයුර ඔබට නිවන් සුව!!! (ස)
ඔබට නිවන් සුව . හොඳ මිනිසුන් ඇයි මෙතරම් ඉක්මනින් යන්නේ. (ස)
ඔබ තුමාට මගේ විප්ලවීය ආචාරය! මේ ඔබ වැන්නවුන් රටට අවශ්‍ය කාලයක්. මෙය ගම්පහ ජනතාවගේ අවාසනාවක්! (ස)
පොදු මිනිසුන් වෙනුවෙන් හඞ නැඟු ඔබ අද නිහඞය. ඔබට නිවන් සුව. (ස)
ඔබ තුමාට නිවන් සුව පතමු. (ස)
තීරණාත්මක අවස්ථාවක රටට අවශ්‍ය, කැප වී කටයුතු කරන ඔබ වැනි උත්තම සහෝදරයෙක්ගේ අහිමි වීම මාතෘ භූමියට අද වැනි දිනක අහිමි වීම අපගේ අවාසනාවකි.අපගේ බලවත් ශෝකය!දැඩි සහොදරත්වයෙන් මේ සමගින් එක් කරන්නෙමු. (ස)
ඡන්ද ගන්න, රටට ආදරය පෙන්නන අය අඳුන ගන්න අමාරු කාලයක, රටට ඇත්තටම ආදරය කරපු මනුස්සයෙක්. (ස)