IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ජවිපෙට දුන් ඡන්දයක් පාසලකින් හමුවෙයි

ගාල්ල උළුවිටිකේ රිචඩ් පතිරණ විද්‍යාලයේ තිබී ඡන්දය සළකුණු කළ ඡන්ද පත්‍රිකාවක් හමුවී ඇත. උදෑසන පාසල් ආ සිසුවකු එය අහුලා විදුහල්පති හිමියන්ට භාර දීමෙන් පසු ඒ ගැන අදාල අංශ දැනුම්වත් කැර ඇත. මේ විදුහල ඡන්ද මධ්‍යස්ථානයක් ලෙස භාවිතයට ගෙන ඇත. ජනතාවිමුක්ති පෙරමුණේ අපේක්ෂක රත්න ගමගේ මහතා පවසන්නේ මේ පත්‍රිකාවේ ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය සළකුණු කැර ඇති බවයි. එම ස්ථානයට පැමිණි සහකාර මැතිවරණ කොමසාරිස් බිමල් ඉන්ද්‍රජිත් මහතා කියා සිටියේ හමුවී ඇති ඡන්ද පත්‍රිකාව මුද්‍රා තබා රැගෙන ගොස් පරීක්ෂා කරන බවයි.



අදහස් (0)

ජවිපෙට දුන් ඡන්දයක් පාසලකින් හමුවෙයි

අකලංක Monday, 31 March 2014 03:56 PM

ගන්දර සයිමොන්, ඒකට තමා පොලිසියෙන් බලාගෙන ඉන්නේ ඡන්ද පොලට වෙලා.(නදී)

:       0       0

සමීර Monday, 31 March 2014 03:57 PM

මේ පාර දකුණේ ඡන්ද අඩුවෙලා.(නදී)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 01 April 2014 08:33 AM

ජනතා විමුක්ති පෙරමුණ කුණු කූඩයට දැමීම ඇමෙරිකන් කුමන්ත්‍රණයක් බව මනාව පැහැදිලි වේ. ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටට රැස් වී උපවාස කරමුද? (නි)

:       0       0

ශශිකා Sunday, 06 April 2014 09:00 AM

මේක ඉතින් හැමදාම වෙන එකක්නේ? (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 31 March 2014 06:09 PM

හැබැයි ඉතින් වංචාවක් කරන එකා හැමෝටම අහු වෙන්න ඕවා තැන තැන දාන්නේ නැහැනේ කවදාවත්... (නි)

:       0       0

සමන් Tuesday, 01 April 2014 11:40 AM

මේ ඔක්කොම බටහිර කුමන්ත්‍රණ. බටහිර රටවල් මේකට වග කිව යුතු බව අපි තරයේම කියන්නෙමු. (ස)

:       0       0

මුණසිංහ Monday, 31 March 2014 06:38 PM

ඔතන කිසියම් හොර වැඩක් උනානම් චන්ද නියෝජිතයෝත් වග කියන්න ඕන. සියලුම පක්ෂවල නියෝජිතයෝ ඔතන හිටියා සවස 4 වෙනකම්. ඒ අය ඕක දැක්කේ නැත්ද අවසානදීවත්. පොලිසියත් හිටියා. කිසි කෙනෙකුට නිකම් ඉන්න දුන්නෙත් නැහැ ඇතුලේ. (අ)

:       0       0

සමන්ති Monday, 31 March 2014 08:11 PM

චන්ද පත්‍රිකාව පෙට්ටියට දමනවා බැලීම ඡන්ද ස්තානදිපතිගේ වගකීමක් . නිකුත්කළ ඡන්ද පත්‍රිකා ගණනට පෙට්ටියේ ඇති පත්‍රිකා ගණන සමානවිය යුතුයි .(අ)

:       0       0

විධුෂක Monday, 31 March 2014 08:56 PM

ඡන්ද පෙට්ටිය සීල් තබා ඡන්ද පත්‍රිකා ගිණුම සකස් කරනු ලබයි. එහිදී නිකුත් කල සහ නොකළ පත්‍රිකා එකතුව ජෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපති වෙත නිකුත් කර ඇති පත්‍රිකා ගනනට සමාන විය යුතුය. (අ)

:       0       0

සමන්ත Monday, 31 March 2014 08:59 PM

මේක ආණ්ඩුවට මඩ ගහන්න හිතාගෙන කරපු වැඩක් උනාට ඕන කෙනෙකුට පේනවා ගොන් පාට් එකක් කියලා..! (අ)

:       0       0

කල්පනී Monday, 31 March 2014 09:23 PM

සමන්තිගෙ අදහසට මමත් එකඟයි. ඡන්දදායකයා ‍වෙත නිකුත්කළ ඡන්ද පත්‍රිකාව ඡන්ද ‍පෙට්ටියට දමනවාදැයි විමසිලිමත්වීම එම ස්ථානය භාර නිලධාරීන්ගේ වගකීමකි. ‍මෙය ව්‍යාජ නොවන ඡන්ද පත්‍රිකාවක් නම්, එම සිද්ධියට මධ්‍යස්ථානය භාර බිලධාරීන් වගකිව යුතුයි. (අ)

:       0       0

පිටිගල Monday, 31 March 2014 12:56 PM

"ඔන්න කනෝ පිනුම්" කිව්වලු! (දී)

:       0       0

ඉන්දික Monday, 31 March 2014 01:00 PM

ලකුණු කරපු චන්දෙ බිමටනේ දාල තියෙන්නේ! (දී)

:       0       0

රණවක Monday, 31 March 2014 09:59 PM

ඒ කියන්නේ මෙතන වංචාවක් සිද්ද වෙලා තියෙනවා (දී)

:       0       0

අමිත Monday, 31 March 2014 11:05 PM

සමහර අයට කාලයක් කථාකල හැකි හොඳ මතෘකාවක්!!!! (දී)

:       0       0

සත්‍යා Monday, 31 March 2014 11:39 PM

පිරිසකට රිදිලා තිබෙනවා.ඒකනේ බයිලා කියන්නේ.ඕනෑ කෙනෙකුට තේරෙනවා මෙතන වරදක් සිද්ධ වෙලා කියලා (නි)

:       0       0

පියල් Monday, 31 March 2014 01:43 PM

අන්තර්ජාතික කුමන්ත්‍රණයක් වගේ (දී)

:       0       0

කපිල බණ්ඩාර Tuesday, 01 April 2014 12:32 AM

මම සිතන්නේ නුවණැති ඡන්දදායකයෙක් එය දැමිය යුතු තැනට දමලා. ෆොන්සේකා මහතා ජේවීපි යේ තැන අරන් 3 වැනි බලවේගය වෙලා. (නි)

:       0       0

හේරත් Tuesday, 01 April 2014 12:34 AM

ඉදිරියේදී ජ.වි.පෙ. රජයක් එයි.සමහර තැන්වල අවස්ථාවාදියෝ ඉන්නවා. ඔවුනුත් එළවන්න ඕනෑ. (නි)

:       0       0

විදුර රත්නායක Monday, 31 March 2014 02:06 PM

කවුද මේ වගේ වැඩ කරන්නේ ? ඒ ඡන්දේ සෙනසුරාදා හවසම ගණන් කරන්න යැව්වා නං අද දකුණු පළාත් සභාව ජනතා විමුක්ති පෙරමුණ බලය අරගෙන නේ. (නදී)

:       0       0

හේරත් Monday, 31 March 2014 02:06 PM

ඕක ජාතිද්‍රෝහී, දනවාදී විජාතික කුමන්ත්‍රන කරුවන්ගේ බලලෝභී වැඩක්.(නදී)

:       0       0

ලංකා Monday, 31 March 2014 02:09 PM

මේක කරලා තියෙන්න ඇමරිකන් කාරයෙක්. ෂුවර් එකට මේක ජිනිවා වල වැඩක්. (නදී)

:       0       0

ජයන්ත Monday, 31 March 2014 02:10 PM

ඡන්දෙ දුන්නට පස්සේ අදහස වෙනස් වෙලා කුනුගොඩට දන්නා ඇති. (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 31 March 2014 02:16 PM

මේක චන්දෙකින් පස්සේ පැරදුන කෙනා භාවිතයට ගන්න ප්‍රසිද්ද උපක්‍රමයක්.. ලකුණු කල චන්දෙ පෙට්ටියට නොදා ඒක හංග ගෙන ඇවිත් ඒ විදියට කීපයක් එකතු කරලා තැන තැන දානවා. චන්දෙන් වැලේ වැල් නැතුව ගියත් පහුවද මාධ්‍ය සාකච්චාවක් කැදවල මෙන්න මේ වගේ චන්ද දුෂණ සිදු වෙලා තියෙනවා කියල ඒ නිසයි අපි පැරදුනේ කියල රටට කියනව.. වංචාවක් කරන එකා හැමෝටම අහු වෙන්න ඕව තැන තැන දාන්නේ නැහැනේ කවදාවත්.. (දී)

:       0       0

මහේෂන් Monday, 31 March 2014 02:17 PM

මයිනෝ කෑගසති. මේ වෙන වැඩ දන්නෝ දනිති. (නදී)

:       0       0

ගන්දර සයිමොන් Monday, 31 March 2014 02:29 PM

ඡන්දය දාපු පත්‍රිකාවක් ඕන කෙනෙකුට කොහේ හරි දමලා පසුව අරගෙන පෙන්නන්න පුළුවන් මෙන්න ඡන්ද පත්‍රිකා හොර කරලා කියලා. ඕවා මඩ. පරාජය පිළිගන්නට බැරි වුනාම මේ වගේ දේවල් කරනවා.(නදී)

:       0       0

ඉන්දික Monday, 31 March 2014 02:57 PM

චන්ද පත්‍රිකාව ලකුණු කරාට පස්සේ එක පෙට්ටිය ඇතුලට දානකම් තියෙන්නේ ඡන්ද දායකයාගේ අතේ. ඒක තිබුනේ බිමනම් ඒක ඡන්ද දායකයාගේ වැරැද්ද. එහෙම නැත්නම් ජේ.වී.පී එකට දාන්න ගෙනාපු හොර ඡන්දයක්.(නදී)

:       0       0

ඩික් Monday, 31 March 2014 03:00 PM

ජවිපෙ ඡන්දය ඊට සුදුසු තැන වන කසල ගොඩට දමා ඇත. බුද්ධිමත් ඡන්ද දායකයෙක්.(නදී)

:       0       0

ඩෙන්සිල් Monday, 31 March 2014 03:01 PM

ඡන්දය සලකුණු කරන්න යන්නේ රහසේ. නමුත් ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දාන්නේ කාටත් පෙනෙන්න. එහෙමනම් පාසල් භූමියෙන් කොහොමද පත්‍රිකා හමුවන්නේ. මේවා පිලිබඳ බැලුවේ නැතිනම් මිනුස්සුන්ට ඡන්දය පිලිබඳ විස්වාසය අවසන් වේවි.(නදී)

:       0       0

වාසනා Monday, 31 March 2014 03:07 PM

ඔය අපහසුතාවයට පත්කරන්න කරපු දෙයක් (නදී)

:       0       0

පුර්ණ Monday, 31 March 2014 03:25 PM

හොර ඡන්ද දාන්නේ ඉස්සර වගේ නෙවෙයි කියලා සමහරුන්ට තේරුම් ගිහින් නැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 461 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 108 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 889 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 984 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2770 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1751 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25374 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23408 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site