IMG-LOGO

2025 අප්‍රේල් මස 30 වන බදාදා


ඩී.අයි.ජී. ලෙස රඟපා කප්පම් ගත් ලංගම ක.ක.ස මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු නිල ඇඳුමෙන් සැරසුන ඡායාරූපයක් යොදාගෙන වට්සැප් තාක්ෂණය ඔස්සේ කප්පම් මුදල් ලබාගත් මීතොටමුල්ල ඩිපෝවේ කාර්යාල කාර්යය සහයකයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 3000 ක් සමගය.

සැකකාර කාර්යාල කාර්ය සහයකයා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නාරහේන්පිට ප්‍රධාන කාර්යාලයේ පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.

ඉකුත් 2 වෙනි දින කොලොන්නාව ප්‍රදේශයේ රූපලාවන්‍ය ශිල්පිනියකගේ වට්සැෆ් ගිණුමට " ඔයා ඔය ජොබ් එක පරෙස්සමෙන් කරගන්න" යනුවෙන් කෙටි පණිවිඩයක් ලැබී ඇති අතර ,එය දුටු රූපලාවන ශිල්පිණියගේ සිත බයෙන් තිගැස්සී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

අනතුරුව එම පණිවිඩය කාගෙන්ද යන්න රූපලාවන ශිල්පිනිය විසින් දුරකථනය පරීක්ෂා කිරීමේදී නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ නිල ඇඳුමෙන් සැරසුණු අයකුගේ බව දැක ඇත.

එම රූපලාවන ශිල්පිනියට ඒ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ නඩුවක සැකකාරියක්ව සිටින බැවින් ඒ සම්බන්ධයෙන් එම කොට්ඨාසයේ යම් නිලධාරියෙක් කිසියම් හෝ පණිවිඩයක් තමන් වෙත දැන්වූවාදැයි යන සැකයෙන් වට්සැප් තාක්ෂණය ඔස්සේ එම ගිණුමට ඇමතුමක් ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.

එහිදී පවසා ඇත්තේ රූපලාවන ශිල්පිනිය හට රතු නිවේදනයක් අත්සන් කිරීමට සූදානමින් සිටින බවත් එය අත්සන් කළහොත් ඇයට බන්ධනාගාර ගතවීමට සූදානම් වී සිටින ලෙසත් , එය වළක්වා ගැනීමට අවශ්‍ය නම් රුපියල් 50000/= ක මුදල ලබා දෙන ලෙසත් , එය ලබා නොදෙන්නේ නම් හොරයින් මත්කුඩු ග්‍රෑම් 50 සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවීමට සිදුවන බව දන්වා ඇයට පරුෂ වචනයෙන් බැන තර්ජනය කර ඇතැයි පොලිසිය කියයි.

එදින රුපියල් 50000/= මුදලක් ලබාදීමට නොහැකි තත්ත්වයක සිටි රූපලාවන ශිල්පීනිය මහත් අසරණභාවයට පත්ව එය රුපියල් 25000/= දක්වා අඩු කර ගැනීමට කටයුතු කර ලබා දුන් ගිණුම් අංකයට මුදල් බැරකර ලදුපතේ ඡායාරූපයක් වට්සැප් තාක්ෂණය ඔස්සේ වට්සැෆ් ගිණුමට යොමු කිරීමටද කටයුතු කර ඇත.

අනතුරුව මඳ වේලාවකදී රූපලාවණ්‍ය ශිල්පිනිය ඇමතු පොලිස් නිලධාරියා යැයි කියු සැකකාර පුද්ගලයා රූපලාවණ්‍ය ශිල්පිනියගේ මිතුරියගේ ඡායාරූපයක් ඇය වෙත වට්සැෆ් තාක්ෂණය ඔස්සේ යොමු කර ඇයගේද දුරකථන අංකය ඉල්ලා ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇති වූ සැකය මත එම පුද්ගලයා සමග තවදුරටත් දුරකථනය හා සම්බන්ධ නොවී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කර ඇත.

ලද පැමිණිල්ල අනුව සිදුකළ විමර්ශන වලදී කප්පම් ඉල්ලීම සඳහා යොදාගත් වට්සැප් ගිණුම සකස් කිරීම සඳහා යොදාගෙන ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවේ බුද්ධි සේවාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ඡායාරූපයක් බවට අනාවරණය වීමෙන් අනතුරුව සැකකරු මීතොටමුල්ල ඩිපෝවේ විවේක කාමරය තුළදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගෙන වැඩිදුරටත් සිදුකළ විමර්ශන වලදී සැකකරු වට්සැප් ගිණුම සඳහා භාවිතා කළ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ඡායාරූපය අන්තර්ජාලයෙන් ලබාගෙන ඇති බවත්, දුරකථන අංකය ලංකා ගමනාගමන මණ්ඩලයේ මීතොටමුල්ල ඩිපෝවේ රියදුරකුට අයත් සිම්පතක් බවට අනාවරණය වූ බවත් මුදල් තැන්පත් කරවාගෙන ඇත්තේ එම ඩිපෝවේ ම ලිපිකරුවෙකුට අයත් බැංකු ගිණුමකට බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සැකකරු එම රියදුරාගේ සහ ලිපිකරුගේ , දුරකථන සිම්පත සහ බැංකු ගිණුම භාවිතා කර ඇත්තේ ඔවුන් දෙදෙනා නොමඟ යවමින් බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

 

 



අදහස් (0)

ඩී.අයි.ජී. ලෙස රඟපා කප්පම් ගත් ලංගම ක.ක.ස මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඉන්ධන මිල පහළට
2025 අප්‍රේල් මස 30 8 0

පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.


වැඩි මිලට වතුර වික්කාට ලක්ෂයක් දඩ
2025 අප්‍රේල් මස 30 282 0

පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම


මාර්ග ආරක්ෂාව රකින්න ජාතික සැලැස්මක්
2025 අප්‍රේල් මස 30 151 0

ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික


ලාෆ් ගෑස් මිල වෙනස් නොවේ
2025 අප්‍රේල් මස 30 239 0

ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.


මැයි රැළියට බස් 5,532 ක්
2025 අප්‍රේල් මස 30 550 0

ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ


කෝටියක කුඩු සමඟ අයෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 30 288 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 243 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 70 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1099 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site