බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සැසිවාරයේ අගමැතිගෙන් ප්‍රශ්න නැගීමට වෙන්ව තිබු කාලයේදී ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඇමෙරිකාවේ මුලිකත්වයෙන් සහ බ්‍රිතාන්‍යයේ පුර්ණ අනුග්‍රාහකත්වයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරෙන යෝජනාවලිය පිළිබඳව ප්‍රශ්නයක් නැගිණි.
එහිදී බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් කියා සිටියේ තමන් කියුදේ ඇහුවානම් මෙවැනි ක්‍රියාදාමයකට මුහුණදීමට ශ්‍රී ලංකා ජනාධිපතිට සිදු නොවන බවයි.
මෙම පිළිතුර පිළිබඳව විමතිය පළකරන ලන්ඩන් නුවර ශ්‍රී ලාංකිකයින් කියන්නේ එම ප්‍රකාශයෙන් පැහැදිලි වශයෙන්ම පෙනීයන්නේ " ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ඇති උවමනාවකට වඩා ශ්‍රී ලංකා ජනාධිපති තම මනාපයට අනුව කටයුතු කරන්නෙකු බවට පත්කර ගැනීමේ අවශ්‍යතාවය" බටහිරට ඇති යැයි කියති.
මේ අතර පසුගිය වසරේ මෙන්ම ජිනීවා සැසිවාරය ඉලක්ක කරගනිමින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නළිකාව තවත් පුවතක් ප්‍රචාරය කළේය.
එහි අතුලාන්තයද මිට පෙර වතාවලදී පෙන්වූ දේට වඩා විශාල වශයෙන් වෙනස් වූයේ නැත. මෙවර ඔවුන් යුද්ධය පැවති කාලයේ කිලිනොච්චි රෝහලේ සේවය කළ දොස්තර වර්ධරාජා තුරෙයිරාජා සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්චාවක් ඇතුළත් කැර තිබුණි.
එම සාකච්ඡාව පටිගත කර තිබුණේ කොහෙද කියා සඳහන් නොවුවත් පසුබිම අනුව එය ලන්ඩන් නුවරදී සිදුකරන ලද්දක් ලෙසටත් එම දොස්තරවරයා දැනට ලන්ඩනයේ දේශපාලන රැකවරණය ඉල්ලා සිටින අයෙක් වත්දොයි අනුමාන කළ හැකි බවත් එම වාර්තාව දුටු අය කියති.
ඔහු යුද්ධය අවසාන වුවාට පසුව ශ්‍රී ලංකාවේදී මාධ්‍ය සාකච්ඡාවකට සහභාගිවෙමින් පැවසු කිසිම දෙයක් සත්‍ය නොවන බව කිවේය. " එදා මට එහෙම කියන්න සිද්ධ වුයේ ඒ සම්බන්ධයෙන් මට රජයෙන් දුන් උපදෙස් පිළිපදින්නට සිදුවුණ නිසයි" කියන දොස්තර තුරෙයිරාජා චැනල් 4 නාළිකාවට දැන් වෙනත් කතාවක් කියන්නෙත් ඒ වගේම එම මාධ්‍ය ආයතනයෙන් ලබාදෙන උපදෙසයකට අනුවද කියා සැකයක් මතුවන බව මෙම වාර්තාව දුටු බොහෝ දෙනෙක් පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළ කළ දේ පළ පළ දේ කියන කතාව මේ රටට හරියටම ගැලපෙනවා. (දිල්)
බලයෙන් මත්වීම කාටවුනත් හොදදෙයක් නෙවෙයි. (අ)
අපේ රටේ ඉදන්ම රටට වින කරන ඔය වගේ අයව හොයල... ගාලු මොදරදි එල්ලලා.. ගල් ගහල මරන්න ඕනේ.... මොනම ජාතියක උනත්... සිංහල අයත් ඉන්නේ ඔය වගේ.... (අ)
ශ්රී ලංකාව 1972න් පසු බ්රිතාන්යයෙන් සම්පූර්ණයෙන් නිදහස් රටක් වූ බව ඩේවිඩ් කමරූන්ට අමතක වෙලාද?.මොන රජය තිබුනත් ඔහුන් ගහන පදයට නටන්න තරම් අප දීන වියුතු නැහැ.ඇමෙරිකාවේ පදයට නටන තාක් කල් සදාම් හුසෛන්ලා බින් ලාඩන්ලා බොහොම හොද මිනිස්සු. එයට අවනත නොවුණුද සිට ඔහුන් ත්‍රස්තවාදියෝ.මුන්ට ඕන ඒ තත්වයට අපවත් ගෙනවිත් රට අරාජිත කරවන්න එවිට උන්ගේ යටිඅරමුනු සාර්ථක කරගත හකිවෙයි .දේශපාලනය මොක වුනත් සැවොම මෙයට අවදානයෙන් සිටියුතුයි. (අ) .
මා සිතන විදියට අපි තවම බ්‍රිතන්‍යයෙන් සම්පූර්ණයෙන් නිදහස් නැහැ . අපි පොදු රාජ්‍ය මණ්ඩලයේ සිටීමත් ; එකතරා යටත් කමකි . අනික් කරුණ අපේ රට කියන පරිදි නොබෙදුන ජාතීන්ගේ රටකුත් නොවේ . අනික් කරුණ අපේ රටේ රාජ්‍ය නොවන විදෙස් සංවිධන කොපමණ මුදල් වියදම් කරමින් අපේ රටට වින කරනවද ? එහෙත් රජයවල් නිහඩව ඉන්නේ ඔවුන්ගේ මුදල් නිසා (අ)
උමේෂ්, අන්න ඒ වගේ වැඩ කරපු අය හොයන්න තමයි ස්වාධීන පරීක්ෂණයක් තියන්න කියන්නේ (අ)
කාට කාටත් ඕන උනේ ඉස්සර හිගන්නාගේ තුවාලේ වගේ යුද්දේ වවන් කෑවා.දැන් එක ඉවර උනාම උන්ගේ ආයුද විකුණා ගන්න විදියක් නැහැ. අපේ රට දියුණු වෙනවා බලන් ඉන්නත් බැහැ.අපේ දැන් තියන සමගිය එකමුතුවට අකමැතිවයි මේ චෝදනා කරන්නේ. (අ)
සත්‍යය කවදා හෝ ජය ගනීවි. (නි)
විජිත ඕස්ට්‍රේලියාව,කැමරන්ලාගේ සීයලාගේ කෲරත්වයෙන් බැටකාපු ජාතීන් ආපසු නැඟී සිටින්න උත්සාහ කරන විට ඊට එරෙහිව මානව අයිතිවාසිකම් කොල්ලකෑමත් තමන්ගේ ධර්මය කරගෙන. (නි)
ශ්රී ලංකාව 1972න් පසු බ්රිතාන්යයෙන් සම්පූර්ණයෙන් නිදහස් රටක් වූ බව ඩේවිඩ් කැමරන්ට අමතක වෙලාද? මොන රජය තිබුණත් ඔහුන් ගහන පදයට නටන්න තරම් අප දීන විය යුතු නැහැ. ඇමෙරිකාවේ පදයට නටන තාක් කල් සදාම් හුසේන්ලා, බින් ලාඩන්ලා බොහොම හොඳ මිනිස්සු. එයට අවනත නොවුණ දා සිට ඔවුන් ත්‍රස්තවාදියෝ.මොවුන්ට ඕනෑ ඒ තත්ත්වයට අපවත් ගෙනවිත් රට අරාජික කරවන්න. එවිට ඔවුන්ගේ යටි අරමුණු සාර්ථක කරගත හැකිවෙනවා.දේශපාලනය කුමක් වුණත් සැවොම මෙයට අවධානයෙන් සිටිය යුතුයි. (නි)
ලංකාවට කරන කුඩම්මාගේ සැළකිළි කවදා හෝ ආපසු හැරී ඔවුන්ටම යාවි. මා උපන් මාගේ මවුබිමට යම් කෙනෙක් නින්දා අපහාස කරයි නම් එය ඔවුන් විසින් ඔවුන්ට කරගන්නා දෙයකි. (නි)
පෙරුමාල් , උමේෂ්, මතක නැද්ද, ඒ වගේ කෙනෙක් නන්දිකඩාල් වලදී වෙඩි කාලා මියගියා? (නි)
අපේ අයගේ සමහර අදහස් බලපුවහම කියන්න වෙන්නේ ලිදේ ඉන්න ගෙම්බෝ දන්නේ ලිදේ තරම විතරයි . එකම සැනසීම ඉඳල හිටලා දකින බාල්දිය විතරයි.(නදී)
රොෂාන් ඔයා කියපු දේ දැන් සිදුවෙලා තිබෙනවා. (නදී)