ඇමැති ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසයේ ආධාරකරුවන් හා පාර්ලිමේන්තු මන්ත්‍රී පී දිගම්බරන් මහතාගේ ජාතික කම්කරු සංගමයේ ආධාරකරුවන් අතර කොටගලදි අද (19) පැවති ගැටුමකින් දෙපැත්තේම වාහන දහයකට පමණ අලාභ හානී සිදු වී ඇත.
මධ්‍යම පළාත් ඡන්දයේ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී මේ ගැටුම ඇවිලී ගියේය.
කම්කරු කොංග්‍රසයෙන් මෑතදී දිගම්බරන්ගේ පක්ෂයෙන් එක් වු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් රාජදොරේ මහතා ද , දිගම්බරන් මහතා ද එහි සිටි නමුත් ඔවුනට තුවාල සිදු වී නැත.
තොණ්ඩමන් මහතා එහි සිටියේ නැත. දිගම්බරන්ගේ පක්ෂය පොලිස් ආරක්ෂාව ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් වැඩ! (නි)
රට ගොඩගන්න තියන හදිස්සියට තමයි මේ ගහගන්නේ (නි)
අපරාදේ වාහන ටික. අර දෙන්නා අර යස අගේට ඉන්නේ. අපේ පැත්තේ අය වගේමයි. කිසි වැඩක් හරියට කරන්න බැහැනේ ෂා..ෂා ..ෂා ! (නි)
තමුන්ගේ දහඩිය මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් ගත්ත වාහන නේද මේ? දෙයියෝ සාක්කි! (නි)
පිටබැද්දර ජයා,ඔයා හරියටම හරි. එහෙත් අපේ අයට ඕක නොතේරෙන එකයි දුක. (නි)
ජාතිය මොකක් වුනත් ශ්‍රී ලාංකිකයෝ වශයෙන් හැම දෙයක්ම කරන්නේ බාගෙට. කොටි යුද්ධ කළෙත් බාගෙට, අපි යුද්ධ කළෙත් බාගෙට. ප්‍රශ්නේ තාම ඉවරයක් නැහැ. මෙතනත් ගහන එක ගහලා තියෙන්නේ බාගෙට. (නි)
වැඩේ නම් නැගලා යනවා වගෙයි. නියමයි (නි)
ඌ මට ගහනවා , මට ඌ ගහනවා.(නදී)
මට මතක්වුනා කොටි සංවිධානය විසින් අනිකුත් ද්‍රවිඩ සංවිධාන සියල්ල විනාශ කළ යුගය.... (නි)
වෙස්ට් මිනිස්ටර් ක්‍රමය ලංකාවට ගැලපෙන්නේ නැහැ වගේ නේද. කොටින්ම ප්‍රජාතන්ත්‍රවාදයම තවම අපට හුරු නැතුව වගේ. ඒ වුනාට අවුරුදු 30-40 කට කලින් අපි අගේට ඒ අනුව වැඩ කළා නේද? දැන් මේ මොකද වෙන්නේ? (නි)
ජයා මල්ලි " අහවල්ලු දේශපාලනයට පැමිණිලා අපිට තලන හින්දා එයාලට රජ මගුල් ". (නි)
පිටබැද්දරට පිස්සු හැදිලද? (නි)
අමාරු වෙන්නේ අපිට.මේවා මහජන මුදල්. (නි)
මේ දෙගොල්ලටම ඡන්දෙ වානා (අ)
දැන් එයාලට පාඩු වෙයි. මේවා මහජන සල්ලි. පිටි පාන් හාල් විදුලි බිල ඉහළ යනවා. එයාලා ගහගන්නවා (නි)
දෙපැත්තේම ආධාරකරුවන් ගැන දුකයි. නිසි අධ්‍යාපනයක් නොමැතිකම නිසා අනුන් වෙනුවෙන් ගුටිකනවා,ලොක්කෝ දෙන්නා නම් දිනුම්. (නි)
කපටි දේශපාලඥයෝ ඉන්න ,මෝඩ ජනතාවක් ඉන්න රටවල් වල මේවා සුළු දේවල් (නි)
වතු ජනතාවට සේවය කරන්න තියෙන උනන්දුවක් ? (නි)
කොච්චර මරා ගත්තත් ඔය වාහන හදන්න සල්ලි ගෙවන්නෙ මෝඩ අපිම නේද කියලා හිතෙන කොට සංසාරේ එපා වෙනවා.... (ස)
හබන් කුකුලොද ජයා? (නි)
නාම යෝජනා බාර දුන් අවසන් දිනයේ සිට සති 2 ක් පමණ ඇතුලත ඡන්දය පවත්වන ක්‍රමයක් හදුන්වා දුන්නොතින් මේ කරන වැඩ සියයට 90 කින් නතර කර ගත හැකියි. (නි)
මෙහෙම වැඩක් නැහැ (නි)
නියම වාර්තාකරුවෙක් කවුරු වුනත් (නි)
ආණ්ඩුවේ වාහන නේ! ඒකත් අපේ බිලටනේ. කමක් නැහැ, ඔහොම යං (නි)
මම හිතුවේ මේ ජාතිය ගහ ගන්න ජාතියක් නොවේ කියලා. අපේ කට්ටිය වගේම තමා මේ කට්ටියත් (ස)
අපි උඹල ගහ මරා ගන්නකොට සතුටු වෙන තව කොටසක් ඉන්නවා. හරියට ඌරෝ කැකුන තලනකොට හබන් කුකුලන්ට රජ මගුල් වගේ. (නි)