ශ්‍රී ලංකාවේ වාසය කරන සිංහල, දෙමළ හා මුස්ලිම් තුන් ජාතියම සමගියෙන් එකමුතුව ජීවත් විය යුතු බවත්, අලුත්ගම හා ධර්ගා නගරයේ ඇති වූ නොසන්සුන් තත්ත්වය කනගාටුදායක බවත් දවුල්දෙණ ඤාණිස්සර අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නා හිමියෝ කියති.
‘බෞද්ධයන් වශයෙන් අප සියලු දෙනාම ජාති, ආගම් බේදයෙන් තොරව සමගියෙන් එකමුතුව ජීවත් වූ රටක්. කිසියම් සිද්ධියක් වුණානම් සාකච්ඡාවෙන් ඒවා විසඳ ගත යුතුයි. ජීවිත හානි දේපොළ හානි සිදු කර ගත යුතු නොවේ.‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටිගල, ඔබ හරියට හරි (නි)
ඔව් අපි ඔක්කොම ලාංකිකයෝ (නදී)
රටේ සෑම දෙනාටම පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වන නීති වලින් ජිවත් වීමට සලස්වන්න. ආගමික නීති මගින් කෙරෙන ව්‍යාප්තවාදය, ආගමික පුද බිම වැනසීම , ජනතාව මත සුළුවෙන් හෝ බර පැටවීමට ඉඩ ඇති නීති පැනවීම තහ නම් කරවන්න. (නදී)
වැදගත් විදියට කොමෙන්ට්ස් දාල තියෙන අපේ මුස්ලිම් සහෝදර වරුන්ට පන උනත් දෙනවා. එ්ත් අන්තවාදී අපේ උරුමය විනාශ කරන සුළු කොටසක් නිසයි මේ ඔක්කොම ප්‍රශ්න.(නදී)
කිසිම ආගමික ශ්‍රස්තුවරයෙක් කොතනකදිවක් දේශනා කරලා නැහැ අනුන්ට හිංසා කරපල්ලා කියා. දහමෙන් කල්ක්‍රියාවෙන් ජිවත් වෙන්න තමයි උන්වහන්සේලා දේශනා කලේ. ඉතින් ආගමක් ධර්මයක් නැති එකා හරියට තිරිසනෙක් හා සමානයි. (නදී)
පිටිගල මිහිඳු හිමියනුත් ඔය වගේ හිතුවා නම් ඔයා බෞද්ධයෙක් වෙයිද ? (නදී)
ගරු ස්වාමීන් වහන්ස අවසරයි. මේ තරම් දේවල සිද්ද වෙද්දිත් ඇයි ඔබ වහන්සේලා නිශ්සබ්ද? (නදී)
මම නම් හිතන්නේ මෙලොව ඉන්නේ ජාතින් 2කයි ස්ත්‍රී හා පුරුෂ (නදී)
සෑම ජාතියකටම එකමුතුව ජීවත්වෙන්න මේ පුංචි රටේ කිසිම බාධාවක් නැහැ (නි)
අපි ජාතින්ගේ එකමුතුව ගැන කතා කරනවා.නමුත් එය නැතිකරන්නේ කවුද කියලා ලංකාව දිහා පමණක් නෙමෙයි ලෝකය දිහා බැලුවාම ඕනෑතරම් උදාහරණ තියනවා. (නි)
අපට ඕනේ ලංකාවේ සිංහල දෙමල මුස්ලිම් සියලු දෙනාම එකසේ ජිවත් වන්නයි. නමුත් එ්කට කැමති නැති තමන්ගේ අරමුණු සදහා කටයුතු කරන පිරිස් ඉන්නවා. ගොඩක් අය ජාති වාදය ගැන කතා කරනවා. හිතන්න පොඩ්ඩක් ජාතිවාදය ඇති කරන්නේ කවුද කියලා (නදී)
ඔබ වහන්සේගේ ප්‍රකාශයට ඉතා සිතින් ගරු කරමි. නමුත් හාමුදුරුවනේ, නුසුදුස්සන්ට බුදුන්ගේ චීවරය ඇඳගෙන චණ්ඩිකම් කරන්න ඉඩදෙන්න එපා. (නි)
ප්‍රශ්නයක් තිබෙනවා නම් විසඳුමකුත් තිබෙනවා. බුද්ධාගම ඇතුළේ සිටිමින් බුද්ධාගම විනාශ කරන අය ගැන යමක් කළ යුතුයි. ජනතාව මේ උදවිය ගැන දැනගත යුතුයි. (නි)
අපේ රටේ ජාතීන් අතර විරසකයක් නැතිබවයි මගේ නම් හැඟිම වන්නේ (නි)
එදා තිබුණ සුන්දර ශ්‍රී ලංකාව ගැන සිතද්දී සිතට දැනෙන්නේ අද තත්ත්වය ගැන ලොකු දුකක් (නි)
හරියට හරි, ඇයි මෙහෙම හිතන්න බැරි ඔක්කෝටම (නදී)
පිටිගල, ඔබ ඇත්ත ඇති සැටියෙන් පැවසුවා. ස්තුතියි! (නි)
සහතික ඇත්ත (දී)
ජාතික සමගිය තරම් වටිනා වෙනත් දෙයක් නැහැ (නි)
තම තමන්ගේ ආගම් ස්වභාවිකව ව්‍යාප්ත වෙන්න ඇරලා, බලහත්කාරයෙන් එක කරන්න නොගිහින් අනුන්ගේ ආගම් වලට අපහාස නොකර, අනුන්ගේ ආගමික ස්ථාන බලෙන් අල්ල නොගෙන අන්‍ය ජාතිකයන් වඳ කරන්න උත්සාහ නොගෙන හැම ජාතිකයාම තමන් කරන රැකියාව හෝ ව්‍යාපාරය කරගෙන හිටියා නම් ප්‍රස්නයක් ඇතිවෙන්නේ නැහැ. අත් දුටුයි! සත්තයි.!! (අ)
සියලුම ආගමික පුජක තුමන් ලා තම තමන්ගේ අනුගාමිකයන් හික්මවා ගත්තා නම් මේ ප්‍රශ්නය මෙතරම් දුරදිග යන්නේ නැහැ. (නදී)
" කාලෝ අයං තේ " (නදී)
අපි කවුරුත් යම් දවසක මැරෙනවා. මේ නිසා ජීවත්ව ඉන්න කාලය අනිත් අයට හිරිහැර කරදර කරන්නේ නැතිව ඉඳිමු . මා දන්නා තරමින් කිසිම ආගමක අනිත් කෙනාට හිංසා පීඩා කරන්න කියලා නැහැ. (නදී)
ඕක කියන්නේ දැන්ද ? හැමදේම අවුල් වෙලා (නදී)
මේ කාගේ ලනු කාලද මෙහෙම කරගත්තේ? (නදී)
මේ දේවල් කවුරු කවුරුත් පිළිපදිනවා නම් තමා හොඳ. උදේට තමන්ගේ ආගම සිහි කරලා හවසට අනුන්ගේ ජීවිත දේපල හානි කරලා වැඩක් තියනවාද ? (නදී)
අපේ මහනායක මල්වතු අස්ගිරි දෙපාර්ශවයේ හිමි වරු ධර්ම ප්‍රචාරයට පිටරට වත් වැඩලා වෙන්න ඇති . රටේ මෙතරම් කලබැගෑනියක් වෙලත් ජනතාවට සන්සුන් වෙන්න කියලා ප්‍රකාශයක් වත් කරන්න බැරි වුනේ ඒ නිසා වෙන්න ඇති. (නදී)
අපි හැමෝම එකම රටේ මිනිස්සු. අපි හැමෝම සමගියෙන් ඉමු (නදී)
මුස්ලිම් වන අපිත් අනයෝන්‍ය අවබෝදයෙන් සියලු ජාතින් සමග සහයෝගෙන් ජීවත් විය යුතුයි (නදී)