හංවැල්ල තුන්නානේ පසුගිය 16 වැනි දා ගැටුමේ දී නීති විරෝධී ක්‍රියා කළ 26 දෙනකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
එම 26 දෙනා අතර කාන්තාවන් ද සිටින බව පොලිසිය පවසයි.
එවැනි පුද්ගලයනට රැකවරණ දීමත් නීති විරෝධී ක්‍රියාවක් බව කියන මාධ්‍ය ප්‍රකාශක එවැනි අයට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කරන බව ද පවසයි.
පොලිසියෙන් සැඟවී සිටින අයට එරෙහිව ද නඩු පැවරිය හැකි බව ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරුවට මිනිස්සු අල්ලන්න එපා. නියම වැරදිකරුවෝ අල්ලන්න.(නදී)
මහා පරිමාණ කුඩු මුදලාලිලා , ගංජා මුදලාලිලා, හොර අරක්කු මුදලාලිලා, ස්ත්‍රී දුෂකයින් කීදෙනෙක් නම් ඉන්නවද ? කෝ මේ අයව අල්ලන්න බැරි පොලිසිය අහිංසක මහජනයාට තමයි එයාලගේ ඔක්කොම කෙරුවාවල්.(නදී)
හැංගුන අය හොඳට දන්නවා අපේ පොලිසියේ හැටි. අහුවුනානම් කෙලින්ම එක්ක යන්නේ ආයුධ පෙන්වන්න සහ වැව ලඟට බව.(නදී)
පරිසරය වනසන බලය සහ ධනය ඇති අය වෙනුවෙන් කරන මර්ධනය වහා නැවැත්තුවේ නැතිනම් රට නැවත තල්ලු වෙන්නේ තවත් ලේ වැගිරෙන කාලයකට බව තේරුම් නොගන්නා එක අවාසනාවක්. සාධාරණ ජනතා විරෝධතා උපක්‍රම යොදා මර්ධනය පැවැත්වීම තාවකාලිකයි. "නිව්ටන්ගේ 3 වන නියමය අනුව සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රති විරුද්ධ ක්‍රියාවක් ඇත.(නදී)
මේක ගහක් යටින් යද්දී ගහ වැටිලා වෙච්ච දෙයක් කියලා කවුරුත් දන්නවා. කරන දෙයක් නිත්‍යානුකුලව කරන්න. මේ මිනිස්සුන්ට පාරක් හරි නිකරුනේ ගැහුවොත් ඒක නිතිය කඩ කිරීමක්. වරදක් කලානම් දඩුවම් දිය යුතුයි. නමුත් ඒකට ක්‍රමයක් තියනවා. අපි දෙකෝටියක් මේ දෙස බලා ඉන්නවා. (නදී)
බලය අනිසි ලෙස පාවිච්චි කරලා මේක ඊජිප්තුවක් කරන්න නම් හදන්න එපා. අපි මේ රටට ගොඩක් ආදරෙයි.(නදී)
රතුපස්වල මිනීමරුවන් තාම නිදැල්ලේ. වෙඩි තියලා අසරණ ළමයින් මැරුවා. මාධ්‍ය ප්‍රකාශක ඒ ගැන මොකුත් කියන්නේ නැද්ද? (නදී)
රැකවරණය දීම වරදක් නම් මහත්තයෝ , අර ගෝබි ද මොකාද කියන ලංකාවේ අලුතින් පත් උනා කියන මහ කොටියට රැකවරණය දුන්න ගැහැනියට ගත්ත පියවර මොකද්ද ?.නිතිය අපේ උන්ට විතරද ?.(නදී)
හැමෝම ගැනත් හිතන්න මේ මිනිස්සුන්ටත් යම් අසාධාරණයක් වෙලා තියෙන්න පුළුවන් ඒ නිසානේ ඒ මිනිස්සු පාරට බැස්සේ (දී)
කොහොම හෝ හොයා ගන්න මොකද අහිංසක පොලිස් නිලධාරින් මියගියා මේ සිද්දියේදී (දී)
පෝය දවසේ උද්ඝෝෂණය කරපු මිනිස්සු පොලිසියෙන් ගහනවට බේරෙන්න පන්සලට ගියා. මිනිසුන්ට පන්සලේදීම පොලිසියෙන් ගැහැව්වා. දැන් මොකටද මේ මිනිස්සුන්ව අල්ලන්නේ. වැරදි නිර්මාණය කරලා මිනිස්සුන්ව හිර කරනවා.(නදී)
කොල්ලෝ පොලිස් නිලධාරියව ඕනෑකමින් ගසට යට කළේ නැහැ. උද්ඝෝෂණයට ආපු කොල්ලෝ නිකරුනේ ඇල්ලුවොත් මීට වැඩිය භයානක ප්‍රතිපල ඇතිවෙන්න පුළුවන් නේද? උසාවි අවසරයක් නැතිව මාධ්‍යවේදීන්ගේ කැමරා පට ගන්න පුලුවන්ද? (නදී)
ඊයේ ඉරිදා ලංකාදීප පුවත්පතේ මේ ගැන සම්පුර්ණ ලිපියක් තියෙනවා. පව් ඒ මිනිස්සු. කාගෙන්වත් පිහිටක් නැ . හුස්ම ගන්න බැ . බොන්න වතුර නැ . මේවා ගැන කියන්න කෙනෙකුත් නැහැ.(නදී)