IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


තානාපතිනිය බටර් ගායි

මානව හිමිකම් කඩවීමේ සිදුවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක්  කළ යුතුයැයි ඉදිරිපත් කළ යෝජනාව ශී්‍රලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවක් නොව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී වෙනත් අවස්ථා වලදීත් සිදුවී ඇත්තාක් මෙන් රටක ගැටලූකාරී අවස්ථා පැන නැගී ඇත්නම් ඒවා විසදා ගැනීමේ අරමුණින් කි්‍රයාවට නැංවුනු වැඩසටහන් ගොන්නට ඇතුළත් වන එකක් යැයි ශී්‍රලංකාවේ ඇමරිකා තානාපතිනී මිෂෙල් ජේ සිසොන් මහත්මිය පවසයි.

ඇමරිකාව වුවමනාවෙන්ම ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් මානව හිමිකම් කවුන්සිලයට ගෙන ආවේයැයි ඇතැමුන් නඟන ප්‍රකාශයන් පදනම් විරහිත බවත් ඇය කියයි.

මේ කරුණ අරබයා ශ්‍රී ලංකාවේ ඇතැම් පාර්ශවයන් දැන් දෙපිළ බෙදී සිටින්නේයැයි ඇමරිකාවට ඇගිල්ල දිගු කිරීමට තවත් සමහරු කටයුතු කරන බවත් තම දැනීමට අනුව නම් එම පාර්ශවයන් සියල්ල පිල් ඛෙදී සිටියේ ඇමරිකාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට බොහෝ කාලයකට පෙර සිට බව ඇය පවසයි.

මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වුණු යෝජනාව අනුව අන්තර්ජාතික මට්මෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට ඉඩ දීමට ශ්‍රී ලංකා රජයට සිදුවේ.

ශී්‍රලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා මෙම යෝජනාවලිය ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කර තිඛෙන අතර අන්තර්ජාතික විචාරකයින් පවසන්නේ මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කර ගත් කරුණු කාරණා කි්‍රයාවට නැංවීමේදී ඒ සදහා ශ්‍රී ලංකා රජයෙන් කිසිදු සහයක් නොලැඛෙන බවක් පෙනෙන්නට ඇති බවයි.

ඇමරිකා තානාපතිනී මිෂෙල් ජේ සිසොන් මහත්මිය ශ්‍රී ලංකා රජය නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් තම නිර්දෝශීභාවය පෙන්වා දීමට වහා පියවර ගත යුතුයැයි පවසා සිටී.ඇයට අනුව ස්ථීරසාර සංහිදියාවක් ඇති කිරීම සදහා ශී්‍රලංකා රජය තවමත් නිසි පියවර ගෙන නොමැත.

එක්සත් ජාතීන්ගේ හා වෙනත් අන්තර්ජාතික නියෝජිතයින් හමුවන ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට එල්ල වන තර්ජනයන් ගැනත් තමන් විමසිලිමත් බව ඇය පවසයි.මානව හිමිකම් සුරැකීමට ඉදිරිපත්ව සිටින්නවුන්ට එසේ සැළකීම කිසිසේත් සිදුනොවිය යුත්තක් බව ඇය කියයි.



අදහස් (0)

තානාපතිනිය බටර් ගායි

සිංහ Monday, 07 April 2014 02:27 AM

පරික්ෂණ සඳහා ලංකාවට ඇතුල් වීමට දරන උත්සාහයක් වගෙයි පෙනෙන්නේ. බලාපොරොත්තු වන පරිදි ලංකාව හිර කිරීම අපහසු බව තේරුන නිසා කරන කපටි වැඩක් වගෙයි. මේ අවස්ථාවේදී ඔවුන්ගේ මානව හිමිකම් කඩවීම් ගැන ලංකාව උනන්දු විය යුතුයි. මන්ද එවිට ඔවුන් අටවන උගුල මඟහැරීමට එය මාර්ගයක් වන නිසා. (නි)

:       0       0

ශීලා Monday, 07 April 2014 02:51 AM

අපේ අය පිල් බෙදිලා ඉන්නේ අදක ඊයෙක නොවන වග නම් සහතික ඇත්ත. ඔය පිල් බෙදිල්ල රජකාලේ ඉඳලා එන බෙදිල්ලක්. (නි)

:       0       0

රංජිත් Monday, 07 April 2014 12:17 PM

ඇමෙරිකාව යනු මිතුරෙකු ලෙසින් එන භයානක හතුරෙක් පමණි. එම නිසා අපි එයාලට සලකන්නත් ඕන ඒ විදියට තමා. (ස)

:       0       0

සමරේ Sunday, 06 April 2014 08:03 PM

මට නම් කියන්න දෙයක් හිතාගන්න බැහැ (නි)

:       0       0

ලංකාතිලක Sunday, 06 April 2014 08:10 PM

ඔරුව මොන පැත්තට හැරුනත් ගැළවෙන්න පුළුවන් නම් ඒක ලොකු දක්ෂකමක් (නි)

:       0       0

ලංකාතිලක හුඹුටියාව Monday, 07 April 2014 04:55 AM

අර අරන්තලාවේ පොඩි හාමුදුරුවරුන්ව කපලා කොටලා අපවත් කරපු ඒවා පෙන්නුවා නම් හරි. (නි)

:       0       0

රත්නසිරි Monday, 07 April 2014 05:23 AM

ඉරාකයේ සදාම් හුසේන් ජනාධිපති, ලිබියාවේ ගඩාබී ජනාධිපති, යුගොස්ලියාවේ ජනාධිපති මේ අයට කළේ කුමක්ද? ඔය තරම්ම මානව හිමිකම් රකිනවා නම් ඇමරිකාවටයි යුරෝපයටයි තිබුනා අල්ලා ගත් පසු පරීක්‍ෂණයක් කරන්න. තිරිසන් සතුන් ලෙස මිනී මැරුවේ කවුද ? උදව් කළේ කවුද?ලංකාවට එන්න පෙරම කරන්නේ කුමක්ද කියලා ඔවුන් තීරණය කර හමාරයි. කොටියා හරි නරකම නරකයි කියලා සමබර වචන ටිකක් පෙන්නලා කියයි, මානව හිමිකම් කැඩිලා දඬුවම් දෙන්න ඕනෑ කියලා. කලින් කිවුවා ‘එව බලව‘ කියලා. නමුත් ,චෝගම් අාපු අයද,පිල්ලේද ඉතා කුහක ලෙසයි පැමිණ හැසිරුනේ. ඔවුන්ට කිවයුත්තේ ස්වෛරී රාජ්‍යවලට අත නොගසනු! මෙහි නොඑනු! රට රැකදුන් ජනපතිතුමා සහ රණවිරුවන් සමඟ එකාමෙන් නැඟී සිටිමු! කළ යුත්තේ එයයි. (නි)

:       0       0

තිලක් Monday, 07 April 2014 05:50 AM

බණ්ඩාර,කොටියා සිංහල මිනිස්සු මරනකොට සමහරු නිදාගෙන හිටියා. උන්ට අවි ආයුධ උපකරණ හොරෙන් විකුණුවා.දැන් එ් මිනී මරපු,අවි ආයුධ ගෙන්වපු කොටි හුරතල් වෙන්නේ කාගේ ඔඩොක්කුවේද? (නි)

:       0       0

කරුණා Monday, 07 April 2014 05:52 AM

ලංකාතිලක හුඹුටියාව,ඒවා කළ එක්කෙනා ඉන්නෙ කොහෙද කියලා ඔයා දන්නවා ඇතිනේ (නි)

:       0       0

සංජි Monday, 07 April 2014 01:03 PM

තිලක් මයා, අපි දැන් පය ගහලා මෙහමවත් ඉන්නේ මානව හිමිකම් කවුන්සිලය හින්දා නොව මහින්ද රාජපක්ෂ ජනපති කොටි පරද්දපු නිසා.89 කොල්ලො මරද්දි, කොටි බෝම්බ ගහද්දි, මානව හිමිකම් කොමිසම මොකද කළේ.මේ දිනවල ඉරාකේ, ඇෆ්ගනිස්ථානයේ, ලිබියාවේ, සිරියාවේ මානව හිමිකම් රැකගන්න මොනවද කරලා තියෙන්නේ. ඒවායේ මානව හිමිකම් කඩන ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් වලට එරෙහිව මොනවද කරලා තියෙන්නේ? (ස)

:       0       0

බණ්ඩාර Sunday, 06 April 2014 09:05 PM

කොටියා සිංහල මිනිස්සු මරනකොට සමහරු නිදාගෙන හිටියා. උන්ට අවි ආයුධ උපකරණ හොරෙන් විකුණුවා. දැන් මානව හිමිකම් සළුවෙන් පියඹලා එන්නයි බලන්නේ (නි)

:       0       0

තිලක් Monday, 07 April 2014 05:54 AM

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කියලා දෙයක් තිබිලත් මෙහෙම නම් නොතිබුණා නම් කොහොම තියෙයිද ?අපි පය ගහලා මෙහෙමවත් ජීවත් වෙන්නේ මානව හිමිකම් කියලා දෙයක් තිබෙන නිසයි කියලා හිතන්න බැරි මිනිසුන් ජීවත් වෙන රටක්. (නි)

:       0       0

නදුන් Sunday, 06 April 2014 09:05 PM

බලමු එයා මොනවද කියන්නෙ කියලා (නි)

:       0       0

තිලක් Monday, 07 April 2014 05:56 AM

ලංකාතිලක හුඹුටියාව,එහෙම කළ කෙනාට ඇමති තනතුරකින් පිදුම් ලැබීම ගැන සිංහල ජාතියක් වශයෙන් අපි සතුටු වෙමු නේද? (නි)

:       0       0

නඩරාජා Sunday, 06 April 2014 09:12 PM

නිකන් දෙපිටකාට්ටු කතා මොකටද? අනේ! අපි නොදන්නා අනුකම්පාව! (නි)

:       0       0

රොහාන් Sunday, 06 April 2014 09:14 PM

මට නම් පිස්සු වගෙයි. ලෝකෙම කැරකෙනවා. (නි)

:       0       0

චන්දිම Monday, 07 April 2014 07:15 AM

මේ කතාවලට අපිත් හරි විදියට සූදානම් වෙන්න ඕනෑ. (නි)

:       0       0

හිරාන් චින්තක Monday, 07 April 2014 07:42 AM

මට තේරෙන විදිහට නම් එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්තිය තමයි ජනතාව පත්කළ රජයක් ජනතාවගේ ආරක්ෂාවට කෙරන සටනකදී ත්‍රස්තවාදීන් මැරෙනකොට එක මානව හිම්කම් කැඩීමක්. නමුත් ත්‍රස්තවාදීන් අහිංසක මිනිස්සු මරනකොට ඒක මානව හිම්කම් ආරක්ෂා කිරීමක්. අනික නම් ඇමෙරිකාව ලෝකේ ගොඩක් රටවල ගැටුම් ඇති කෙරන්න කටයුතු කරලා තියෙන්නේ ඒකත් මම හිතන්නේ ලෝකේ මානව හිමිකම් රකින්නේ වැඩ කෙරන එක විදිහක් වෙන්නේ ඇති. බොහොම ඉක්මනට එක්සත් ජාතීන්ගේ සංවිදානේටත් වෙන්නේ 1942 පෙර තිබුන ජාතීන්ගේ සංවිදනෙට වෙච්ච් දේ.(නදී)

:       0       0

අල්විස් Monday, 07 April 2014 07:42 AM

අපේ රටේ මෙතෙක් පාලනය කළ කිසිදු නායකයෙකු නොකළ ආකාරයෙන් අපේ රට වෙනුවෙන් තම මතය ඍජුව ප්‍රකාශ කළ මෙරට රාජ්‍ය නායකයා කිසිම පරීක්ෂණයකට ඉඩ නොතබන බව පවසන්නේ නිකම් නොවන බව මිෂෙල් ජේ මනාව වටහාගෙන ඇති බව පෙනෙනවා. අධිරාජ්‍යවාදීන්ට කොන්ද නොනමන උන්ගේ එහෙයියකු නොවන අතිගරු ජනාධිපතිතුමා අපේ රටේ පාලකයා වීම මෙරට කාගේත් වාසනාවකට සිදුවූවක් බව කවුරුත් තර්කයකින් තොරව පිළිගත යුතුව ඇත.(නදී)

:       0       0

රංජිත් සිල්වා Sunday, 06 April 2014 10:41 PM

සතුරාත් මිතුරාත් හඳුනාගැනීම ඉතා වැදගත් බව ජනාදිපති පුටින් පවසා ඇත. ඇමෙරිකා යනු මිතුරෙකු නොවේ. (නදී)

:       0       0

ජයේ Monday, 07 April 2014 07:59 AM

සේද මාවත ආයිත් දිගහැරෙනවා වගේ.(නදී)

:       0       0

රජීව Sunday, 06 April 2014 10:50 PM

ඔය කොටි අපේ සිංහල මිනිස්සු මොන තරම් බෝම්බ තියල මැරුවද?  කුඩා පාසැල් දරුවන් රස්සාවලට යන අය. ඔය වගේ අහිංසකයෝ මරපු කොටින්ට කෝ මානව හිමිකම් උල්ලංගනය.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 07 April 2014 08:20 AM

බොහෝ දෙනෙක් මෙහි තිබෙන පුවත හරියට තේරුම් නොගෙන වගෙයි කතා කරන්නේ.(නදී)

:       0       0

සුසන්ත Sunday, 06 April 2014 10:51 PM

අැත්තටම මානව හිමිකම් ගැන හොයා බැලුවා නම් සිංහල කොල්ලෝ 1989 දී ටයර් සෑයවල පුච්චපුවා ගැන පළමුව හොයලා බලන්න ඕනෑ නේද? (නි)

:       0       0

සාමා Monday, 07 April 2014 08:25 AM

අනේ අපොයි! (නදී)

:       0       0

නිමල් ලලිතා Monday, 07 April 2014 08:39 AM

ලෝක පොලිස් කාරයයි සිතන එලෙස ක්‍රියාකරන ඇමෙරිකාව කරනු ලබන මානව හිමිකම කඩ කිරිම් සම්බන්දයෙන් කටයුතු කිරීමට .ඔය මහා ලොකුවට සමාජ වාදී යි කියන ලබන රටවලට හැකියාවක් නැද්ද.? (නදී)

:       0       0

හේමානන්ද Sunday, 06 April 2014 11:02 PM

ඔළුව අතගාලා පිහියෙන් ඇනලා.(නදී)

:       0       0

තුසිත අබේකෝන් Monday, 07 April 2014 03:29 PM

ජනක, ඔබේ කතාව හරියටම හරි. පළ කරපු ලංකාදීපයට තුති. කී දෙනෙක් ඔබ කියන දේ තෙරුම් ගනිවිද කියන එක තමා ප්‍රශ්නය. (ස)

:       0       0

රන්ජි Sunday, 06 April 2014 11:18 PM

එයාලා කරන දේවල් කාටවත්ම පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

චානක. Sunday, 06 April 2014 11:32 PM

දියුණු වන රටකට කුලමල බේදය ,උසස් පහත් බව ,තිබීමම හානියක්,ලෝකයේ දියුණු රටවල රක්ෂාවක් අයදුම් කිරීමේදී එම අයදුම් පතේ සමාන අවස්ථා කියා සඳහන් කර තිබෙනවා. සියලුම දෙනා සමානාත්මක තාවයෙන් සලකන්නේ ...කෙනෙක් තව කෙනෙකුට ඇඟිල්ල ඔසවලා තර්ජනයක් වත් නොකිරීමට තරම් ඔවුන් පොහොසත්. මේවා නොදකින කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. ලෝක සවාරි යන දේශපාලකයෝ නම් මේවා දකින්නේය. ඔවුන් මේ ක්‍රමයන් රට තුල ක්‍රියාත්මක නොකරන්නේ මේවා රට තුල ක්‍රියාත්මක කලොත් මිනිසාව ඔවුන්ට අවශ්‍ය ලෙස පාලනය කර ගන්නට නොහෙකි වේ කියාය. මෙමගින් මානව හිමිකම් උල්ලංගනය ඉබේම සිදුවන්නේය. (නදී)

:       0       0

අසෝකා Sunday, 06 April 2014 11:50 PM

ඇමරිකාවේ බටර් ලාබයිනේ!ඉතින් තව හොඳට ගාන්නත් ,ගාගන්නත් පුළුවන් (නි)

:       0       0

කුමාරි Sunday, 06 April 2014 11:52 PM

ඒ කතාව මට නම් පෙනෙන්නේ අර කපන්න බැරි අත ඉබිනවා වගේ කියලා කියන කතාව වගේ. (නි)

:       0       0

විජේ Monday, 07 April 2014 12:06 AM

එහෙම කොහොමද කරන්නේ? (නි)

:       0       0

බන්දුල රත්නායක Monday, 07 April 2014 10:29 AM

ලෝකයේ දියුණුම යුද තාක්ෂනය තියන ඇමරිකාවට බින් ලාඩන් හොයාගන්න වසර දහයකට වඩා ගත උනා. නමුත් එයාලගේ උදව්වක් නැතිව අපේ රටේ ත්‍රස්තවාදය අවසන් කල නිසා සිදු උන ලැජ්ජාව වහගන්න තමයි ඔය කෙනෙහිලිකම් කරන්නේ.(නදී)

:       0       0

ධම්ම Monday, 07 April 2014 12:46 AM

කොයි කවුරු මොනවා කිවුවත් අපි අපේ රාජ්‍ය නායකයා සුරකිනතුරු එතුමා අප සුරකින බව අපට විශ්වාසයි. (නි)

:       0       0

කුමාර Monday, 07 April 2014 10:50 AM

මැඩම්, ඔය කියන මානව හිමිකම් ගැන කතා කරන අය එල්ටීටීඊය අපරාධ කරනකොට කොහෙද හිටියේ. එදා එල්ටීටීඊ එකට ඔය වගේ තද ක්‍රියාමාර්ග ගත්ත නම් 2000 දී ත්‍රස්තවාදය නැතිකරන්න තිබුණා නේද? (ස)

:       0       0

වින්සන්ට් Monday, 07 April 2014 01:30 AM

මේ දවස්වල විපක්ෂයේ කෙනෙකුත් ඇමෙරිකාව පැත්තේ යන්නේ බටර් ගාන්නද? (නි)

:       0       0

සිරිලාල් Monday, 07 April 2014 01:42 AM

දැන් ඔය ඇති. සියලුම රටවල් එකතු වෙලා ඇමෙරිකාවට,යුරෝපා රටවලට සහ තවත් යුධ අපරාධ කළ රටවලට විරුද්ධව යෝජනා ගෙන ඒමට කාලය එළඹ ඇත.තමන්ගේ වැරදි වලින් බේරෙන්න අනුන්ට වැරදි පටවන ව්‍යාපාර වලට දෙවියන් දඬුවම් කරත්වා! (නි)

:       0       0

තබිත Monday, 07 April 2014 11:24 AM

ඡානක පවසන දේ හරි. අපි ලෝකය ගැන නොදැනුවත් වෙන තරමටම දේශපාලන ලොක්කන්ට මරු. සියලුම දෙනා සමානාත්මක තාවයෙන් සලකන්න මානව හිමිකම, මේවා රට තුල ක්‍රියාත්මක කලොත් මිනිසාව ඔවුන්ට අවශ්‍ය ලෙස පාලනය කර ගන්නට නොහැකි වේ. මෙමගින් මානව හිමිකම් උල්ලංගනය ඉබේම සිදුවන්නේය. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 726 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4661 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2794 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 257 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1371 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1478 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28034 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site