අවුරුදු දහයක කාලයක් තායිලන්ත මුහුදේ බෝට්ටුවල හා නැව්වල සිර වී සේවය කරමින් සිටි හබරණ තරුණයෙක් සිය දිවි බේරා ගෙන මෙරටට පැමිණ සිටි.
ඔහු හබරණ හිරිවඩුන්නේ ප්‍රියන්ත ලාල් හේරත් (37) ඔහුය.විවාහකයකු වන ඔහු 2004 වසරේදී මීගමුව ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනයකට රුපියල් ලක්ෂ තුනහමාරක් වියදමින් තායිලන්තයේ සැමන් කර්මාන්ත ශාලාවක සේවයට යවන බව පවසා පිටත් කර හැර ඇත.
එහි ගිය පසු ඔහුට හිමිව ඇත්තේ බහු දින යාත්‍රාවල මසුන් මැරිමේ රැකියාවයි.
මාස හයක පමණ මුහුදේ සිටි ඔහු නැවත එම සමාගමටම අයත් තායිලන්තයේ අයිස් කර්මාන්ත ශාලාවකට සේවයට යොදවා තිබේ.
එහිදී තමන් විදින දුක දැනුම් දී ලිපි දෙකක් සිය මවට එවා ඇත.
මවගෙන් පිළිතුරු ලිපිය ලැබීමත් සමඟ මෙම පුද්ගලයා අයිස් කර්මාන් ශාලාවෙන් මසුන් මැරීම සඳහා බෝට්ටුවට යොදවා ඇත.
වසර නවයක් මුහුදේ මසුන් මැරීමේ කටයුතු වල නිතර වී සිටියදී අඳුරු අත්දැකිම් රැසකට මුහුණ දුන් බව හෙතෙම කියයි.
විවිධ රටවල සියයකට වැඩි තරුණයක් පිරිසක් මුහුදේ මේ ආකාරයෙන් නැව් හා බෝට්ටුවල රඳවාගෙන සිටින බවත් ඔවුන් බේරී යාමට උත්සාහා කළද අත පය ලණු වලින් ගැට ගසා මුහුදට දමන බවත් තම බෝට්ටුවේ සිටි නේපාල හා බංගලාදේශ තරුණයන් තිදෙනකු වෙඩි තබා මුහුදට විසි කළ බවත් ඔහු කියයි.
කිසිදු වැටුපක් නොදි ආහාර පාන පමණක් දෙන බව හේ කියයි.
එසේ සේවය කරමින් සිටියදී තමන්ගේ සිරුර මතට අයිස් තොගයක් කඩා වැටී බරපතල තුවාල ලැබීමෙන් පසු එම ජාවාරම්කරුවන් තමන් තායිලන්තයේ වෙරළකට ගොස් දැමු පසු එරට පිරිසක් බැංකොක් නුවර රෝහලකට ඇතුළු කැර මාස ගණනාවක් එහි ප්‍රතිකාර ලබමින් සිටියදී වෛද්‍යවරයකු මෙම පුද්ගලයා පිළිබඳව බැංකොක් පොලීසියට දැනුම් දී එම පොලීසියේ සිර මැදිරියේ මාස 04 ක් රඳවා තිබීමෙන් පසු පසුගිය 14 වැනිදා නැවත ලංකාවට එවු බව ඔහු කියයි.
ඔහු ලංකාවට එන විට නිවස කඩා වැටී ගොසිනි . බිරිය ශාහ සේවය සඳහා විදේශ ගත වී ඇති බවත් සිය මව ඥාතී නිවසක සිට් බවත් කියයි.
වසර දහයක කාලයක් කිසිදු මුදලක් නොලැබීම නිසා ඔහුට ජීවත් වීමට නොහැකි වී යැයි පවසන ඔහු දැනට දැඩී රෝගී තත්වයකින් ද පසු වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රොෂාන්,බෞද්ධ රටවල තමයි ඔය වගේ දේවල් වැඩිපුරම වෙන්නේ. ඔය ම්යන්මාර්, තායිලන්තේ, ශ්‍රීලංකා, ඔක්කොම රටවල මිනීමරනවා වැඩියි.(නදී)
තායිලන්තේ මිනිස්සුත් මෙහෙම වැඩ කරනව ද?
වැසිකිළි හෝදන එකත් වෙනත් රටවල හොඳ වැටුප් ලැබෙන රැකියාවක්. (ත)
මිනිස්සුන්ට සුරඟන ලෝකයක් පෙන්වල පිටරට යවන විදේශ සේවා ආයතන නිදිද? (ත)
රට යවපු ආයතනය තාම තියනවද? නීතියේ ඇස ඒ ස්ථානයට යොමු කර ඔහුට සාදාරණයක් කරන්න.(දී)
තවත් මෙවැනි ශ්‍රී ලාංකිකයන් ඉන්නවද දන්නේ නැහැ... රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මැදිහත් වී සොයා බැලිය යුතුයි... මානව හිමිකම් ආයතන වලට පැමිණිලි කල යුතුයි. (අ)
දිලාන් ඇමතිතුමෝ , මෙන්න රට විරුවෙක්.(අ)
මම දන්නවා, ගොඩක් තය්ලන්තේ මුස්ලිම් අය තමයි මේහෙම කරනනේ. තායි මිනිස්සු හොදයි. මොනවා උනත් අසරන වෑඩේ. ජිනිවා වලට ලියන ඔනි වෑඩක් (අ)
මිනිස්සු රට යන්න රට රස්සාවලට යන්න කියල එහෙමත් නැත්නම් යුරෝපෙට යන්න කියල ශ්‍රී ලංකාවේ ජාවාරම්කාරයන්ට සල්ලි කුට්ටි පිටින් දීල තායිලන්තේ මැලේසියාවේ එනවා... ඇවිල්ල අතරමන් වෙලා ඉන්නකොට මොනවා හරි ජොබ් එකක් කරනවා... ණයවෙලා ඇවිත් ඉන්න නිසා ලංකාවට යන්නත් බැහැ. මෙව්වට තායිලන්තේ පාලි නැහැ.(නදී)
අනේ රන්ජිත් සිල්වා, මෝඩ කතා කියන්න එපා. සැමට සාදාරන සමාජයක්, රැකියා උත්පාදන අධ්‍යාපන ක්‍රමයක් තිබුනානම් මිනිස්සු පිට රට රැකියා සඳහා යොමු වෙන්නේ නැහැ.(නදී)
එතකොට විදේශ රැකියා නියුක්ති කාර්යාලය, රට යවපු ඒජන්සිය මේගැන මොකද කියන්නේ ? (නදී)
ඔන්න විසදන්න හොද දෙයක් හැබැයි මේකට නම් රජය පලි නැත.(නදීී)
පව් අසරන මනුස්සයෙක් මොනව උනත් ජීවිතය බේරුන එක ලොකු දෙයක් , මෙයාට පුලුවන් අය උදව් කරොත් ගොඩාක් පින්(දී)
හැම එකකටම මැද පෙරදිග රටවල කරන අපරාද කියා ලියන්නේ ඇයි? (නධී)
මෙන්න උදවු කරන්න ඕන මිනිස්සු .... අනේ පුළුවන් අය ඉන්නවා නම් උදවු කරන්න..(අ)
තායිලන්තයේ සැමන් කර්මාන්ත ශාලාවක්? මේ කියන්නේ ටින් මාළු කර්මාන්ත ශාලාවක් ගැන ද? (අ)
ජීවිතය බේරී ඇත්තේ පෙර වාසනාවකට දැයි සිතේ. අප රටේත් අන් රටවලත් මිනිසුන් අතර මේ වගේ මිනිසුන් ඕනෑම රටක ඉන්නවා. ලංකාවෙන් යවපු ඒජන්සියට විරුද්ධව නඩුවක් දැමිය යුතුයි. අහිංසක ගෑනු මිනිස්සු බදු දෙන, විකුනා කන මිනිස් ජාවාරම් කරුවන් මේ රටේ මඩිය තර කර ගන්නවා.(අ)
බලාගෙන ඉමු වගකිවයුත්තන් මොනවද කරන්නේ කියල.. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විදේශ ගතවන හැමෝගෙන්ම ලොකු මුදලක් අය කරනවා නේද? බලමු මෙයාටවත් රක්ෂණ වන්දි දෙයිද කියල ...මම දන්නා විදියට නම් ගනු විතරයි දෙනු නැහැ...අනික තේරෙන වයසේ ඉඳල මේ වගේ දේවල් අහනවා ,දකිනවා , එත් අයකරන මුදලේ හැටියටවත් විදේශ වල දුක් විඳින අයට සරණක් නම් නැහැ..එතකොට ඒ මුදල් ???????(දී)
රොෂාන් මීට වඩා ජරා වැඩ කරනවා.(නදී)
මෙයා ලංකා තානාපති කාර්යාලයට දන්වා සොයා බැලිය යුතු කාරණයක්. මේ බෞද්ධ රටේ තමා ගණිකාවෝ පිරිලා ඉන්නේ. නරක වැඩ ඕන තරම් වෙනවා අනික් රටවල වගේම, ආගම ගාව ගන්න එපා මේ වගේ දේවලට.(නදී)
බෞද්ධ රටක් වන තායිලන්තේ මිනිස්සුත් මෙහෙම වැඩ කරනවද. මේවා ඒ රටේ පොලිසිය දන්නේ නැද්ද.(නදී)
ලංකාවේ ඉදල වැසිකිලි හේදුවත් සැපයි කියලා හිතෙනවා (දී)
මේ රට එපා කියල වෙන රටවල් ගැන හිතන අයට මේක හොඳ පාඩමක්. කොහොම හරි පොලොව කොටලා යමක් හම්බ කරගෙන ඉන්න මේ රටේ බැරි නැහැ. රට යන උන හදුන අය මීට පස්සේ ටිකක් හිතල බලන එක හොඳා. (දී)