තායිලන්තයේ ඔටුන්න හිමි කුමරිය වන පුරා විද්‍යාඥ මහා චක‍්‍රි සිරින් ද්‍රොං රජ කුමරිය සිව් දින නිල චාරිකාවක් සඳහා දිවයිනට පැමිණියාය.
තායි ගුවන් සේවයට අයත් විශේෂ ගුවන්යානයකින් දිවයිනට පැමිණි සිරින්ද්‍රෝන් කුමරිය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී විදුලි බල හා බල ශක්ති අමාත්‍ය පවිතා වන්නි ආරච්චි සහ විදේශ සේවා නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා යන මහත්ම මහත්මීන් විසින් පිළිගනු ලැබූහ.
තායිලන්තය හා ශ‍්‍රී ලංකාව අතර පුරා විද්‍යාත්මක දැනුම හුවමාරුකර ගැනීම සංචාරයේ අරමුණ වේ.
දින හතරක් මෙරට රැදී සිටින කුමරිය එම කාලය තුළ ජනාධිපති මහින්ද රාපක්ෂ මහතා හමුවීමටද නියමිතය.
ථිට අමතරව අනුරාධපුර, පොලොන්නරුව යන ප‍්‍රදේශ වල පෞරාණිික ස්ථාන රැුසක් නැරඹීමටද කටයුතු යොදාගෙන ඇති අතර ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවද රාජකීයත්වය. අපේ මිනිස්සුන්ට අපේ ඉතිහාසය වටින්නේ නෑ..... (ස)
ඔබේ පැමිනීම අගයකොට සළකන අතර, සම්ප්‍රදායික පටු ආගම් සබඳතාවලින් මිදී පුරාවිද්‍යාව, සංචාරක ක්ෂේත්‍රය හා වෙළ-හෙළඳාම ඇතුළු නවයුගයට ඔබින විවිධ පැතිකඩ ඔස්සේ දෙරටේ සුහදත්වය වැඩිදියුණු වන බව නිසැකයි. (නි)
තායිලන්තේ රජ කුමරිය කිව්වට මෙයා ඇමෙරිකාවේ ඇදුම් නේ ඇදගෙන ඇවිල්ල තියෙන්නේ. රජ කුමරියගේ අසල්වැසියෙක් වගේ පෙන්නේ. (ස)
මාටින්, තමුන් ලංකාවේ ජාතික ඇඳුමක් වන අමුඩය ගහගෙන විදේශ චාරිකාවක් ගියොත් මොකද? (නි)
අප දෙරට අතර මිතුදම සදා කල් පවතීවා!!! (ස)
සාදරයෙන් පිළිගන්නවා (නි)
ඇයි මේ සමහර තැන් වල ලයිට් නිවලා? (නි)
නීල් මහත්තයෝ, . අරාබි ආධාර ඇතුව හදපු එක පන්සලක් කියන්නකෝ. (නි)
මාටියෝ රජ කුමරිය ඉන්නේ 3 වන පොටෝ එකේ සාරිය ඇදගෙන (අ)
අනේ බලන්නකෝ ඔටුන්න හිමි කුමරිය වෙලත් තනියමනෙ ඇවිත් තියෙන්නේ. අපේ බලෙන් ඔටුන්න දාගත්ත අය යනකොට මිමැහි පොදිය වගේ රොත්තක් වටකරගෙන යන්නේ. (අ)
රෝහණ, ඔයා දන්නේ නැතුවට අරාබි රටවල් කරන උදව් මේ රටට,(පොලි රහිත ණය, ප්‍රධාන සහන මිලට බොරතෙල් ආදී ...) ඔය මහලොකුවට ඔලුව උඩ තියාගෙන ඉන්න එක රටක්වත් කරන්නේ නැහැ. ඔය ඕගොල්ලෝ හොදයි කියා සිතන රටවල් කරන්නේ සුරා කෑමේ ප්‍රතිපත්තිය මිස අන් කිසිවක් නොවේ .... (නි)
අනේ පරිස්සමෙන් (නි)
රෝහන, පන්සල් හදපු තරමට රටක් දියුණු වෙනවා නම් මේ වනවිට ලෝකයේ දියුණුම රට ලංකාවයි. ඒත් යථාර්තය අපි ලෝකයේ දුප්පත්ම, හොරකම්, මැරකම් හා දූෂණ ඉහවහා ගිය දූපත් රාජ්‍යයක් බවයි. (නි)
මාර්ටින් කියන කතාව ඇත්ත ලකී මෙන්ඩිස් අනේ ඔය දන්නා තරම ලංකාවේ ජාතික ඇඳුම අමුඩයද ? ඔය එක වෙන්නැති ජාතික ඇඳුම කියලා අදින්නේ.(නදී)
අපටත් ඉන්නවා ඔටුන්න හිමි රජ කුමරෙක්.(නදී)
විදේශ චාරිකාවක් හම්බ වෙනවා නම් අමුඩෙත් නැතුව වුනත් මම යනවා ආයුබෝවන් (නි)