(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
"සමාවෙන්න මට අම්මේ මට ගොඩක් මහන්සි හැමදාමත් මම හිතින් විඳවනවා, දුක දරාගන්න අමාරුයි, ගොඩක් දුර්වලයි මගේ හිත,අනේ මට සමාවෙන්න
මගේ මරණයට හේතුව විසාදය, කිසිම සතුටක් මට දැනෙන්නේ නෑ " යනුවෙන් ලිපියක් ලියු " යු ටියුබ්" නාලිකාවක හිමිකරුවකු ගේ මළ සිරුර කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක උද්‍යාන භූමියක තිබී හමු වු බව කොටුව පොලිසිය කියයි.
මෙලෙස සැක කටයුතු ලෙස මියගොස් ඇත්තේ මහනුවර කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචිව සිටි අසන්න ධනංජය බණ්ඩාර නැමති 29 හැවිරිදි පුද්ගලයෙකි.
මියගිය පුද්ගලයා ඊයේ (30) හෝටලයට පැමිණ අද (31) වන මහලේ 16 වෙනි කාමරයේ නවාතැන් ගෙන සිට ඇතැයි ද පොලිස් විමර්ශනවලදී අනාවරණයවී ඇත.
එම හෝටලයේ හතරවෙනි මහලේ උද්‍යාන භූමියේ භූමිය අසල නාඳුනන පුද්ගලයකු මිය ගොස් ඇති බවට පිළියන්දල මඩපාත පොල්හේන ප්‍රදේශයේ පදිංචි ආයතනයේ සේවකයකු කරන ලද පැමිණිල්ලකට අනුව මළ සිරුර සොයා ගත් බව පොලිසිය සඳහන් කරයි.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
තරු හෝටලයේ ඉහළ මාලයෙන් වැටුණු තරුණයාගේ ලිපිය
Jacson Tuesday, 01 April 2025 07:54 AM
ජනමාද්‍ය කලාව දැන් වෙනස්. මේක sub කරපු කෙනත් ලියපු කෙනත් වැරදියි.. මරණයට හේතුව මෙහෙම පල කිරීම කිසිම දියුණු රටක කරන්නෙ නැ. නීති විරෝදීයි. සිය දිවි නසා ගන්නා අයට සපෝර්ට් එකක් මේ දීලා තියෙන්නෙ
Kaveesha Tuesday, 01 April 2025 02:32 PM
විසාදිය.... මමත් ඒ තරුණයාට තිබුන ප්‍රශ්න හා සමාන ප්‍රශ්න වලින් දුක් වින්දා.. සතුට කියන එක පොඩ්ඩක්වත් දැනෙන්නේ නෑ. පාළුව, දුක නිදිමත ගතිය, මරණිය ලෙඩක් තියෙනවා කියලා හිතෙනවා.තනියම ඉන්න කැමති බව. උස් තැන් වලට අධික බිය, යම් හේතුවක් නිසා උස් තැනකට ගියොත් එතනින් පනින්න හිතෙනවා. ඒ අවස්ථාවේ හිතෙනවා මාව කව්රුහරි මෙහෙයවනවා වගේ දෙයක්...මැරෙන්නමයි හිතෙන්නේ . පස්සේ මන්ම හිතුවා මේ ලෙඩක් කියලා.. මං ගොඩක් හිටියේ අන්තර්ජාලයත් එක්ක. නිදාගත්තේ ගොඩාක් අඩුවෙන්. මේ හැම එකක්ම මන් වෙනස් කෙරුවා. මුලින් හරිම අමාරුයි... අන්තර්ජාලය පිස්සුවක් වෙලා තිබුනේ. දැන් ඒවා අඩු කෙරුවා. හොඳට නිදාගන්නවා. ඉස්සර නින්ද යන්නෙත් නෑ. දැන් ලොකු සැනසීමක් තියෙනවා..