පොලිස් වෙඩි පහරින් මිය ගිය දිවුලපිටිය බරවාවිල එස්. එම්. කැලුම් සුබසිංහ (19)ගේ දේහය රැගත් අවමගුල් පෙරහර විරෝධතා පුවරු රැගෙන දිවුලපිටිය නගරයට දෙසට යෑමෙන් කොළඹ-කුරුණෑගල මාර්ගය දිවලපිටියෙන් අවහිර විය.
පිහි ඇනුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට යෑමේදී කොස්තාපල්වරයකුට පිහියෙන් අනිද්දී ඒ අසළ සිටි සැරයන්වරයකු එල්ල කළ වෙඩි පහරකින් ඔහු මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවත් කැලුම්ගේ ඥාතීහු එය ප්‍රතික්ෂේප කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය මේ ප්‍රශ්නයේදී හරි (දී)
පොලිසියට එන්න පුලුවන්ද? (නි)
කවුද මෙතන ඇත්තටම වැරදි (දී)
මගේ රටට මොකද මේ වෙන්නේ (දී)
ජීවිතයක වටිනාකම වචන වලින් කියන්න බැහැ (දී)
සියල්ල දන්නේ නැතුව කාටවත් මොකුත් කියන්න බැහැ (දී)
ආනන්ද නිකන් බබෙක් වගේනේ කතා කරන්නේ. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එහෙම කරන්න වෙනවා, පිහියක් අරන් අනින්න යන්නේ හොද මිනිහෙක් නොවෙයිනේ. (අ)
පොලිසියට බනින්න කලින් ඒ තරුණයකරන්න හදපු වැඩේ ගැන හොයල ඉන්න (දී)
ඒ අහිංසකයාට මැරෙන්න වෙඩි තිබ්බේ මොකද කකුල් දෙකටනේ තියන්න තිබ්බේ (දී)
පොලිසියට වරදක් කියන්න පුලුවන්ද (දී)
මොකද දන්නෙ නැහැ මෙහෙම වෙඩි තිබ්බේ? (නි)
ජනතාවනි නීතිගරුකව වැඩ කරන්න (දී)
මෙයා මැරයෙක්ද නැද්ද දන්නෙ නැහැ. නමුත් මැරයො මොන ක්‍රමයෙන් හරි මැරෙන එක සමාන්‍ය මිනිසුන්ට හොදයි. නැත්නම් එවුන් දේශපාලකයොන්ට හේත්තු වෙලා චන්ඩි පාට් දමන කොට බොරුවට කෑගනවා උන්ට විරුද්දව. සමහරු පොලීසියට බනින්නෙ දේශපාලන බංකොලොත් කමට.(නදී)
ලංකාව කියන්නේ මාරම රටක්. අපේ රටේ තරම් අපරාධ කරුවාගේ මානව හිමිකම් ගැන කතා කරන වෙන රටක් නැතුව ඇති. පිහි ඇනුම් කාපු දෙන්නෙක් ඉන්නවා. කෝ ඒ අයට මොකුත් උනානම් ඔය කට්ටියම තමා පොලිසියට බනින්නේ වෙඩි තිබ්බේ නැහැ කියල.කෙනෙක් නිතිය අතට ගන්න හැදුවොත් ඒක පාලනය කරන්න බැරි පොලිසියක් මොකටද? ලංකාවේ මෙහෙම අපරාධ කරුවාගේ අයිති වාසිකම් කතා කලත් ලෝකේ අනිත් රටවලනම් කතා කරන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ අයිති වාසිකම් ගැන. (ස)
පිහියෙන් අනින්න එන එකාට හරි ඇනල දුවන එකාට හරි කකුල් දෙක බල බල ඉලක්ක ගන්නේ මොකටද? කලයුතු දේ තමයි පොලිසිය කරලා තියෙන්නේ..මෙයා ජිවතුන් අතර හිටියොත් ඉදිරියේදී කීප දෙනෙකුට ජීවිතය අහිමි වෙන්න තිබුන.මේක සාදාරන මනුෂ්‍ය ඝාතනයක් ..(දී)
මිනී මරන එක හොද නැහැ. ඒත් මේ මියගිය කෙනා ඇනපු පිහි පාරෙන් අර කඩේ මුදලාලි සහ පොලීසියෙ මහත්මය මිය ගියේ නම් මිනිස්සු මේ විදිහට උද්ගෝසන කරනවද (දී)
දරුවන් නොව මැරයන් මගෙ දේ කා මට වින කෙරුවො! (අ)
ලංකාව කියන්නේ මාරම රටක් (දී)
අධිකරණය තීරණය කරයි (දී)
හංගපු අවි පෙන්නන්න ගිය කතාවේ 2 වන කොටස වගේ,මොනවා උනත් රාළහාමි සේහෙන දුරක සිට හරියටම වෙඩි තියල තියනවා,එළබෙන සාෆ් තරගයට යවන්න පුළුවන් වෙඩි තියන්න (අ)
නැති එක හොඳයි (දී)
කහ ඉර මතදී අසරණයෙක් ඇමති පුතෙකුගේ වාහනයකට යට වෙලා මැරිලා ගියා.මොන පොලිස් නිලදාරියද වෙඩි තියල මරල දැම්මේ? (දී)
හැමදාම සිදු වෙන්නේ සිදු නොවිඅ යුතු දේමයි (දී)
"සැරයන්වරයකු එල්ල කළ වෙඩි පහරකින් ඔහු මිය ගිය".පොලිසියට කියල තියන්නේ "ඔලුවටම" වෙඩි තියල මරල දාන්න කියලද?(දී)
රටට උසාවි ඕන නැහැනේ.
දැන් හැමතැනම අහන්න දකින්න ලැබෙන්නේ මේ වගේ අපරාධම තමයි (දී)
අවි ගත්තෝ අවියෙන්ම නසිති කියල මම අහල තියෙනවා. (අ)
ලංකාවේ ආශ්චර්ය (අ)
කිසියම් කෙනෙක් මෙල්ල කිරීමට වෙඩි තැබීම අවශ්‍යමනම්,ජිවිතයට හානි නොවන පරිදි දණහිසින් පහලට වෙඩි තැබීම කළ නොහැකිද! එය පසුව කෙරෙන විමර්ශන ක්‍රියාවලියකට උදවු වෙනවා.මෙවන් අවස්ථාවකදී ඉලක්කය වැරදුනහොත් හානි වෙන්නේ අහිංසක පදිකයින්ටම නේද! (අ)
පවු මොනවා උනත් තරුණ කොල්ලෙක් රටට අහිමි උණා !(දී)
පිහිය අතට ගත්තේ, දෙදෙනෙකුට අනින්න එන්නේ ජීවිතයක වටිනාකම නොදත් නිසානේ. (නි)
ඔහුට නිවන් සුව ලැබේවා! (නි)
පොලිස් නිලධාරීන් පුහුණු කිරීමේදී ගිනි අවි පුහුණුව සමග ආත්ම ආරක්ෂක සටන් සහ කලහකාරී පුද්ගලයන් පාලනය කිරීමත් පුහුණු කරනවා.වෙඩි නොතබා නිලධාරීන් දෙදෙනාම එක්වී ලැබූ පුහුණුව ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළා නම් තවත් තරුණ ජීවිතයක් බේරාගන්න තිබුණා. (නි)
අවිගත්තෝ අවියෙන් නසින්නේ ගත් අවියෙන් ලොකු ගණනක් නැසුවාට පසුවයි. මෙන්න මේ නිසයි අවිගත්තෝ අවියෙන් නසිනතුරු නොසිට නීතිය ක්‍රියාත්මක කිරීමේ වටිනාකමක් ඇත්තේ (නි)
වෙඩි තියලා මිනිස්සු මරන්න එපා. රටම ආගාධයට යන වැඩක් ඒක (නි)
අහෝ අපේ පොලිසිය....! (නි)
ලංකාව දැන් විහිළුවක් වෙලා. පොඩි මිනිහට එක නීතියක්, ලොකු මිනිහට තව නීතියක්.මිනිසුන්ට වෙඩි තියලා මරන්න පොලිසියට පුලුවන් නම් උසාවි ඕනෑ නැහැනේ (නි)
අයියෝ! දණහිසින් පහළට වෙඩි තියන්නවත් දන්නෙ නැහැනේ... අපේ පොලීසියේ සර්ලා පුරුදුවෙලා ඉන්නේම මාරක පහරවල් තියන්නනේ. (නි)