විද්‍යාත්මක පරීක්ෂණ සඳහා යැයි කියමින් ජපානයේ තල්මසුන් මැරීම තාවකාලිකව නතර කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අධිකරණය සූදානම් වෙයි.
මේ සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේදී පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වූ ඕස්ටේ්‍රලියාව හා පරිසර සංවිධාන පවසා සිටියේ ජපානය පරීක්ෂණ කටයුතු යැයි සදහා කියමින් අත්ලන්තික සාගර කලාපයේ සිය ගණනින් තල්මසුන් මැරීමේ යෙදී සිටින බවයි.
පර්යේෂණ කටයුතු සදහා තල්මසුන් මැරුවේයැයි තහවුරු කෙරෙන සාක්කි සපයන්නැයි ජපානයට දැන්වූ විට ජපානය ඉදිරිපත් කිරීමට සමත් වූයේ පරීක්ෂණ පත්‍රිකා 2 ක් පමණකි.
කරුණු සළකා බැලු අධිකරණ විනිසුරු ජපානයට තල්මසුන් මැරීම තාවකාලිකව තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේය.
මේ සම්බන්ධයෙන් පසුව කරුණු දැක්වූ ජපානය පැවසූයේ සංස්කෘතික කරුණු මුල්කරගනිමින් ඕස්ටේ්‍රලියාව ජපානයට අනවශ්‍ය පරිදි බලපෑම් එල්ල කරමින් සිටිනා බවයි.ජපානයට තල්මසුන් මැරීම තහනම් කිරීමට ගන්නා ප්‍රයත්නය,හින්දු භක්තිකයින් ලොව පුරා ගවයින් ඝාතනය තහනම් කිරීමට උත්සාහ කරමින් සිටීම හා සමාන යැයි ජපානය කීය.
ජපානයේ තල්මස් මස් ජනප්‍රිය ආහාරයකි.මේ නිසාම ජපානය තල්මස් සංහාරයන් සිදුකරන බව ලොවට රහසක් නොවේ.ඒ බව සනාථ කෙරෙන වීඩියෝවන් හා ඡායාරූපයන් සිය ගණනින් ඇත.
නමුත් ජපානය කියන්නේ තමන් විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු සදහා මිස වෙනත් කටයුත්තකට තල්මසුන් මැරීමේ නොයෙදෙන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන්. මහා අමානුෂික විදිහට මරන්නෙත්. තවත් බටහිර රටවල් තිබෙනවා ක්‍රීඩා විදිහට මේ අහිංසක සත්තු දඩයම් කරන. (නි)
ඉතාමත්ම යහපත් තීරණයක් (නි)
ඕක තමා බොරුව හැමදාම කරන්න බැහැ කියන්නේ. (ස)
මා දකින්නේ මෙය, ජපානයේ බලය පිලිබඳ පරීක්ෂා කිරීමට යෙදු උපායක්. තවදුරටත් ජපානය කීකරුව තබා ගැනීමට හැකිද නොහැකිද කියා සොයා බලන පරීක්ෂණයක්. (නදී)
ජපානය මේ පාපය කරනවා කාලයක් තිස්සේ. අපිත් මේ ගැන කල්පනා කළොත් හොඳයි. මතකනෙ සුනාමි ඇවිත් ජපානෙට කළ දේ. (ස)
තල්මසෙක් මැරුවත් හාල්මස්සෙක් මැරුවත් දෙකම එකයි .. මුදේ ඉන්න සියලු මාළුන් මිනිස් ආහාරයට ගත්තට කමක් නෑ.. තල්මසුන් නොමරා බෝ වෙන්නට ඇරීමෙන් ඔස්ට්‍රේලියාව බලාපොරොත්තු වෙන්නේ කුමක්ද යන්න කිසිවෙකුට වටහා ගන්න බෑ..(ස)
හොඳ තීන්දුවක් දීලා තියෙන්නේ. දැන්වත් තල්මසුන්ට නිදහසේ ඉන්න පුළුවන්. (නි)
මිනිස් කමට නොගැලපෙන විදිහටයි මේ අසරණ මාළුවා මරන්නේ. තාවකාලිකව නෙවේ ස්ථීරවම තහනම් කල යුතුයි!(දී)
ලංකාවට ජාත්‍යන්තර අධිකරන්යෙන් දෙන තීන්දු දිහා බලන විදිහට තමයි ජපානේ මිනිස්සුත් ඒ දිහා බලන්නේ..ඒ හින්ද කමෙන්ට් කරන කට්ටිය තමන්ගේ හදවතට එකගව හිතුවොත් හොදයි මට හිතෙන්නේ... (දී)
එම්බල ජපානය! එක්සත් ජාතීන්ගේ මහා සමුළුවේ තීරණයට එරෙහි වෙන්න අවශ්‍ය නම් ලංකාව ආදර්ශයට ගනු! ඊට පස්සේ තල්මස්සු විතරක් නොවෙයි මිනී මැරුවත් ප්‍රශ්නයක් නැහැ.(නදී)