දකුණු පළාත් සභාවට සන්ධානය සමග ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් තරඟ කැර ජයගත් වීරසුමන වීරසිංහ මහතාට පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු, පරිවාස හා ළමාරක්ෂක ඇතුළු අමාත්‍යාංශ කිහිපයක් පැවරෙනු ඇතැයි පක්ෂ ආරංචිමාර්ග කියයි. ඔහු සඳුදා දිවුරුම් දීමට නියමිතය. මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කැර ජයගත් වීරසුමන විරසිංහ මහතා දෑරංගල පදිංචිකරුවෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ අපි එයාගේ වැඩ (නි)
අපි ඔහුට සුභ පතමු! (නි)
හොර බොරු නැති එල කොල්ලෙක්. (ස)
දැනට නම් මෙතුමා හොඳයි. ඉදිරියටත් එහෙමම හිටියොත්... (නි)
මෙතුමා උගත් කෙනෙක්. මාතර සාන්ත තෝමසයට සේවයක් කිරීමට මෙතුමාට අමතක නොවේවා කියා ප්‍රර්ථනා කරමි. (නි)
අපි රතුපාට වර්ගයේ ඇමතිවරු සහ මිනිසුන් ගැන අහලම නැත (නි)
රතු අැමතිතුමා කිවුවම මම ඒත් බය වුණා (නි)
මීට ගොඩක් කලින් ලැබිය යුතු දෙයක්. දැන් හරි ලැබීම සතුටක්. මනුස්සකමින් පිරුණු අපේ කාලයේ අවංක ජන නායකයා. (නි)
මේ වෙන පක්ෂයක්ද? මේ පක්ෂය දැන් තිබෙනවාද? අපි දන්නා කලකදී නම් මෙහෙම පක්ෂයක් අසා නැත. (නි)
රතු ඇමතිකෙනෙක් කිවුවහම මම හිතුවේ වෙන විදියකට (නි)
අපේ කෙනෙක් අපට සතුටුයි. ගමට රටට වැඩ කරන මනුස්සයෙක් (දී)
රතු පාට පක්ෂය මොකක්ද පුතේ/දුවේ කියලා අවරුදු 5 ක ළමයෙකුගෙන් ඇසුවත්, අවුරුදු 80 ක සීයා කෙනෙක් හෝ ආච්චි කෙනෙක්ගෙන් ඇසුවත් හරි උත්තරය දැනගන්න පුළුවන්. (නි)
මෙම සහෝදරයට රතු පාටේ බලය ක්‍රියාවෙන් පෙන්වන්නට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. (දී)
අපේ රතු ඇමතිට හොදට වැඩ කරන්න හැකි වෙිවා. කියා ප්‍රර්තනා කරමු.(දී)
අනිත් ඇමැතිලටත් පෙන්න හොදට වැඩ කරොත් ඊලග පාර දකුණේ මහා ඇමති කරමු... (දී)
මෙතුමා අපේ කෙනෙක් දක්ෂ තරුණයෙක් පළාත්සභාවේඅ අමාත්‍ය තනතුරක් දෙනියායට ආසනයේ කෙනෙකුට ලැබුන පලවෙනි වතාව එනිසා මුළුමහත් දකුණටත් විශේෂයෙන් මොරවක් කෝරලය ප්‍රදාන මාතර දිසාවටත් පොදු මහා ජනතාවටත් වැඩක් කරන්නට යෝධ බල ශක්තිය ලැබේවා මෙතුමා වගේ තරුණයෙක් තේරීම පිලිබදව කොමොනිස්ට් පක්ෂයටත් ස්තුතිය් (දී)
රටට සේවයක් වෙනවානම් තව මොකද්ද (දී)
මෙතුමා මම පෞද්ගලිකව දන්නා කෙනෙක් වැඩ කරන්න පුළුවන් කෙනෙක්.ඔබ තුමාට ජයෙන් ජය.(දී)
රටේ ජනතාවට විශාල සේවයක් කිරීමට ලැබේවා (දී)
මෙයාට රතු ඇමති කිව්වම රතු අයට මොනවද කියන්නේ? 1948 ඉඳලම එල්ලෙන කස්ටිය නේ.එල්ලෙන්නේ නැතුව මොකුත් බැහැ (දී)