IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දකුණට ගාල්ලෙන් අලුත් මුහුණු හයක්

 

 

ගාල්ල දිස්ත්‍රික්කයෙන් දකුණු පළාත් සභාවට හිටපු මන්ත්‍රීවරු හත් දෙනකු පරාජය ලබා නවක මන්ත්‍රීවරු හය දෙනකු එක්ව සිටිති. එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ගාල්ල දිස්ත්‍රික්කයට තරග කළ ගා.දේනෙත්ති, අජිත් ප්‍රසන්න, ටී.ඩී.එස්.එල්.ජයවීර, විජිත කුමාර විජේනායක, ජේ.කේ.ඩී.ජයවික්‍රම හා කේ.පී.ජී.සිසිර කුමාරරත්න ‍මෙවර පළාත් සභාවට තේරීපත් වී නැත. 2009 පළාත් සභා මැතිවරණයෙන් පළාත් සභාව තේරීපත්ව සිටි ආනන්ද පද්මසිරි කාරියවසම් මෙවර එක්සත් ජාතික පක්ෂයෙන් ගාල්ලට තරග වැදුණ ද පරාජයට පත්වූයේය. ගාල්ලේ පළාත් මන්ත්‍රීවරියක ව සිටි අනර්කලී ආකර්ශා මෙනවිය  මෙවර මාතරින් තරග වැදී පරාජයට පත්වූවාය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභාවේ සභාපති චානක සම්පත් මාදුගොඩ, බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා සමන්මලී කුමාරසිංහ, හිටපු අමාත්‍ය අමරසිරි දොඩංගොඩ මහතාගේ පුතු ඉසුරු දොඩංගොඩ, රත්ගම ප්‍රාදේශීය සභාවේ උප සභාපති ආරියවංශ සම්මු නවකයන් ලෙස පළාත් සභාවට තේරීපත්ව සිටිති. එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්ව රජයට එක්වූ ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ද එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් සභාවට පත්ව සිටියි. ඔහු නවකයකු නොවූව ද රජයට නවකයෙකි.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් තරග කරමින් ගාල්ලෙන් ජය ලැබූ අමරසිරි කුරුවගේ සහ පද්මසිරි සිල්වා දෙදෙනා ම පළාත් සභාවට නවකයෝ වෙති. පසුගි පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු හය දෙනෙක් සිටිය ද ක්‍රිෂාන්ත පුෂ්පකුමාර රජයට එක්වී තරග කළ අතර මෛත්‍රී ගුණරත්න තරග කළේ නැත. මෙවර මැතිවරණයෙනුත් එක්සත් ජාතික පක්ෂයේ හය දෙනෙක් පළාත් සභාවට තේරී ඇතත් හිටපු හතර දෙනාට අමතරව තේරීපත් වූ දෙදෙනා ද මීට පෙර පළාත් සභාව නියෝජනය කැර ඇත.



අදහස් (0)

දකුණට ගාල්ලෙන් අලුත් මුහුණු හයක්

දිල්සරා Monday, 31 March 2014 04:54 PM

සම්පත් අතුකොරලට මගේ උනුසුම් සුභ පැතුම්! (නදී)

:       0       0

සිරිල් ගමගේ Tuesday, 01 April 2014 09:20 AM

සුනිල් සේනානායක මැතිතුමාට මාගේ සුබ පැතුම්. (ස)

:       0       0

සචින් අනුෂා Monday, 31 March 2014 10:23 AM

අපි සොයපු අපේ මනුස්සකම. බෝපේ පොද්දල ප්‍රාදේශීය සභාවේ සබාපති ඡනක මාදුගොඩ නාවින්නට ජනතාවගේ උණුසුම් සුබ පැතුම්! (නදී)

:       0       0

සුභාෂිනී Monday, 31 March 2014 10:35 AM

ගීතව දිනවන්නත්, අනර්කලීව ,හා අනෙක් නිළිය පරදන්නත් ජනතාව ඡන්දේ දීල තෙයෙනවා. මේක වැදගත් පණිවිඩයක්. ගීතා කියන්නේ නිලියක් වගේම මේ රටේ ආර්ථිකයට ලොකු මෙහෙයක් කරන ව්‍යාපාරික කාන්තාවක්. නිලියක් උනත් සමාජයේ පහල තැනින් උඩට ආව කෙනෙක්. හැබැයි ජන්ද ප්‍රතිපලය ආණ්ඩුවට හිතුව තරම් හොඳ නැහැ නේද? (නදී)

:       0       0

රංජිත් සිල්වා Monday, 31 March 2014 10:36 AM

ගීහා කුමාරසිංහ දිරිය කාන්තාවට සුභ පැතුම්. තව බොහෝ දුර ගමනක් යාමට පෙරට යනු කියා පතමි.(නදී)

:       0       0

හර්ෂ Tuesday, 01 April 2014 09:43 PM

අමරසිරි දොඩන්ගොඩ නමට අපි සැමදා ගරු කරනවා. ඉසුරු දොඩන්ගොඩ මැතිතුමාට මගේ සුබ පැතුම් (දී)

:       0       0

පියල් Monday, 31 March 2014 12:32 PM

මම නම් කැමතියි දේශපාලනයට නවක මුහුණු එනවට මොකද එතකොට ඒ අයටත් කාලයක් යනකොට දේශපාලන පරිනත කමක් එනවානේ (දී)

:       0       0

වසන්ත Monday, 31 March 2014 12:58 PM

ඊළඟ ජනාධිපතිවරණයේදී එජාප අපේක්ෂක කෙනෙක් ඉදිරිපත් කිරීමට නොහැකි බව පෙනේ. පොදු අපේක්ෂකයා ජවිපෙ කැමති කෙනෙක් වීමට පුළුවන් (දී)

:       0       0

මංජු Tuesday, 01 April 2014 03:44 PM

ගාල්ලට යලි මහා ඇමතිකම ලබා ගන්නට කටයුතු කළ මාතර හා හම්බන්තොට ජනතාවට අපේ ප්‍රණාමය. දකුණම කැමති අපේ මහා ඇමති ශාන් විජයලාල් මුළු දකුණටම මිසක් ගාල්ලට පමණක් මහා ඇමති නොවේ. එතුමන් ඔබ සියලු දෙනා සමග දකුණ ගොඩ නගනවා ඇත. (ස)

:       0       0

ප්‍රියන්ත Tuesday, 01 April 2014 12:00 AM

ජනතාව නියම පිළිතුරක් දී තිබෙනවා පවාදෙන්නන්ට. (නි)

:       0       0

ජානක Monday, 31 March 2014 01:53 PM

ඉසුරු දොඩංගොඩ ට අපගේ උනුසුම් සුබ පෑතුම්! (නදී)

:       0       0

ළහිරු අශේන් Monday, 31 March 2014 02:06 PM

දකුනම කැමති අපේ මහ ඇමති තුමාට මගේ උනුසුම් සුභ පැතුම්.(නදී)

:       0       0

සේරම් Monday, 31 March 2014 02:39 PM

ජයලලිතා වගේ නොවී තමන්ගේ තරම දැන කටයුතු කළොත් ඔබටත් අනාගතයක් ඇත ගීතා නෝනා.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 582 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 114 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 909 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1018 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2835 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1771 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 25448 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23413 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 389 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site