IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දෙනවයි කියලා දුන්නේ නෑ

ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ යෝජනාවල ඡන්ද විමසීමෙන්  ශ්‍රී ලංකාව පරාජයට පත්වීම පිළිබදව  බෙහෙවින් කණගාටුවට පත්වන බව සචින් වාස් ගුණවර්ධන මන්ත්‍රීවරයා ජීනීවා නුවර සිට එසැණට පැවසීය.

තමා හා  ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග  ශ්‍රී ලංකාවේ එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ ඇතුළු මහත්වරු කණ්ඩායමක් සෑම රටකටම කරුණු පහදා දීමට ක්‍රියා කළ බවත් 26 වැනිදා රාත්‍රී වන තෙක් ප්‍රබල රටවල් තුනක් ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දීමට තම කණ්ඩායමට පොරොන්දු වී සිටි බවත් අවසන් වරට ඔවුන් එම තීරණය වෙනස් කිරීමෙන්  ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම පුදුමයට පත් වු බව ඒ මහතා වැඩි දුරටත් පැවසීය

ඉන්දියාව යෝජනාවට පක්ෂව ඡන්දය දීමෙන් වැළකී සිටිම  ජනාධිපතිතුමා හා රට ලැබු ජයග්‍රණයක් බව ද ඒ මහතා කීහ.



අදහස් (0)

දෙනවයි කියලා දුන්නේ නෑ

නන්දන Friday, 28 March 2014 05:08 PM

කව්රු නැතී උනත් අපි ඔබ සමගය ජනාදිපති තුමනි (අ)

:       0       0

තිමිර Friday, 28 March 2014 05:13 PM

කවුරු මොන දේ කිවුවත් දැන් වියයුත්ත වෙලා අවසානයි. (නි)

:       0       0

ලාල් සුරන්ජිත් Friday, 28 March 2014 05:15 PM

හැබැයි එහෙ පරිඝණක ජිල්මාර්ට් නම් දාන්න බැහැ (නි)

:       0       0

මාධව Friday, 28 March 2014 05:15 PM

මේ ගැන අපට ඇත්තටම දුකයි.රට ගැන දුකයි.අප ගැන අපේ රට ගැන අපට දුකයි.නිරපරාදේ කාබාසිනියා කරන රටේ සල්ලි වලට දෙවියෝ කවදා හරි ඒ ඒ වගකිවයුත්තන්ට දඬුවම් කරයි. (නි)

:       0       0

කමල් Friday, 28 March 2014 05:26 PM

අපොයි අපරාදේ අහිංසක අසරණ දුප්පත් මහජනයාගේ මුදල් (අ)

:       0       0

කුමාරන් Friday, 28 March 2014 05:29 PM

එම ප්‍රබල රටවල් 3 කියනවද? (අ)

:       0       0

වජිරා Friday, 28 March 2014 05:31 PM

අමල්ට තියෙන්නේ මාර මොලයක්නේ! සජින්ගේ ගානටම තියෙනවා. මීටර් දෙසීයක් ඉස්සරහට ගිහින් වමට හැරිලා තව මීටර් පනහක් ගිහින් බටහිරට අංශක 45ක් දකුණට මුහුණලා තියෙන කඩෙන් සීනි කිලෝ එකක් ගත්තහම, ඒ සීනි කිලෝ එකේ ගාන කීයද? ඒ ප්‍රශ්නය අමල්ට නෙවේ; අමල්ගෙන් සජින්ට. (අ)

:       0       0

අත්තනායක Saturday, 29 March 2014 09:31 AM

මොනවා කරන්නද? දැන් හිත හදාගනිමු. (නි)

:       0       0

දියෝ Friday, 28 March 2014 05:34 PM

ඔබතලත් අපිට කරන්නේ ඔය ටිකමනේ දෙනව කියපු කිසිම දෙයක් දෙන්නේ නැහැනේ දැන් තේරෙනවද ? (අ)

:       0       0

ලංකා විරසේකර Friday, 28 March 2014 05:55 PM

මේ අයට තේරෙන් නෑ අන්තර්ජාතික කටයුතු භාෂාව. (අ)

:       0       0

අල්විස් Saturday, 29 March 2014 10:19 AM

සිදුවිය නොයුත්තක් සිදුවුණා. එයට හේතුව ඇමෙරිකාව ඇතුළු රටවල දක්ෂකමට වඩා අපේ අඩුපාඩු තිබීම බව මට හිතෙනවා. අපිට විරුද්ධ රටවලට තවත් අපේම කොටස් එකතු වීමෙන් අප පරාජය කරනු ලැබුවත් මේ තත්ත්වය මුල සිටම අවබෝධ කරගෙන අපි අනෙක් රටවල් දිනා ගැනීමට අපිට බැරිවීම කණගාටුවක්. අපේ අසල්වැසි ඉන්දියාව සමග සුහදතාවය වැඩි කර ගැනීමට අපි කටයුතු කළේ නැහැ. මෙහිදී ඉන්දියාව ඡන්දය නොදී සිටියේ අපිට පක්ෂවීම නිසා නොවේ. ඉන්දියාව තම අනාගත අභිප්‍රාය ඇමෙරිකාව ලවා ඉටුකරවා ගැනීම ඊට හේතුවයි. අපට ලැබුණු 12 හොඳටම ඇති. යෝජනාවට පක්ෂව ලැබෙන ඡන්ද අඩු කිරීමට අපට ඒ කොටස් දිනා ගැනීමට මොන මොන හෝ එකඟතාවයනට යන්නට තිබුණා. කෙසේ හෝ වරින්වර අපේ කණ්ඩායම් විදේශ ගතවුණාට කෙරුණු දෙයක් නැහැ වගෙයි. (නි)

:       0       0

කල්ප Friday, 28 March 2014 06:09 PM

අපේක්ෂා සහ සාගරගේ කතාව හරියටම හරි (නි)

:       0       0

තිලින Friday, 28 March 2014 06:13 PM

මේ රටේ විදේශ ප්‍රතිපත්ති කොහොමද කියලා හිතන්න පුළුවන් ‍මේ වෙන දේවල් වලින්ම.දැන් මේක හැමදේම සල්ලි වලට යට වුණ රටක් වෙලා තියෙන්නේ (නි)

:       0       0

පද්මිණි Friday, 28 March 2014 06:21 PM

දැන් ඉතින් ඉක්මනට අාපහු එන්න. කණ්ඩායමත් පොඩි නැහැනේ. (නි)

:       0       0

සංජීව Saturday, 29 March 2014 10:40 AM

මේ සියල්ලටම හේතුව ඇමරිකාවයි. එංගලන්තය කියූ දේ තුට්ටුවකට ගණන් නොගෙන කොටින්ව නැති කළ එක.නැත්නම් මේ යෝජනා කිසිවක් නැහැ.අර මොළය තියෙන අමල්ගෙන් අහන්නේ, ඔබතුමා දන්නවාද ජාත්‍යන්තර පරීක්ෂණය සම්බන්ධව? පැවති ඡන්දේදි ඉන්දියාව එයට විරුද්ධව ජන්දය පාවිච්චි කළ බව? ජාත්‍යන්තර පරීක්ෂණයකට ඉන්දියාව විරුද්ධ වෙද්දි ඔවුන්ගේ භුමිය යොදා ගැනිමට දෙයි කියලා හිතෙන්නේ කාටද? අපේ සමහරු හිතාගෙන ඉන්නවා ඉන්දියාවට ඇවිල්ලා හරි පරීක්ෂණ කරයි කියලා. (නි)

:       0       0

කල්ප Friday, 28 March 2014 06:25 PM

කමක් නැහැ, අපිටත් ඉන්නවනේ ඇමෙරිකාව බය කරන්න කට්ටිය... (නි)

:       0       0

අමීන් Saturday, 29 March 2014 10:42 AM

ස්වාසිලන්තෙට,උගන්ඩාවට වගේ ප්‍රභල රටවල් වලට ඡන්දය නැතුව ඇති.වපුරපු හැටියටයි අස්වැන්න ලැබෙන්නේ කියලා දැන්වත් තේරුම් ගත්තොත් හොඳයි. (නි)

:       0       0

තිළිණ Friday, 28 March 2014 06:29 PM

පිස්සුද පද්මිණි, මාසයක් දෙකක් විවේකයක් අරගෙන අාපුදෙන් (නි)

:       0       0

ආනන්ද Friday, 28 March 2014 06:30 PM

අපේ රටට පක්ෂව ඡන්දෙ දෙන්න අනෙක් නොදුන් රට වලට නොහිතුණේ ඇයි? (නි)

:       0       0

නිම් Saturday, 29 March 2014 10:49 AM

ඒ ජිනීවා නුවර. දැන් මෙහෙ මැතිවරණ වල ඡන්දය නොදා ඉන්න අය මොකද එහෙම කරන්නේ කියලා නුවණැත්තෙකුගෙන්වත් අහලා බලනවද? (නි)

:       0       0

දයා අළහකෝන් Friday, 28 March 2014 06:37 PM

ජිනීවා කවුන්සිලය සිංහලෙන් තිබුණා නම් තත්ත්වය වෙනස් වෙන්නත් තිබුණා නේද? (නි)

:       0       0

සංජීව Saturday, 29 March 2014 10:57 AM

අමීන් මහත්තයෝ, චීනය,රුසියාව,ඉන්දියාව,ජපානය,සෞදි අරාබිය,දකුණු අප්‍රිකාව ප්‍රබල රටවල් නෙමෙයිද? ඇමරිකාවයි එංගලන්තෙයි දෙකම එකතුවුණත් අරන් තියෙන්නේ 47 න් 23 යි. ඉතුරු 24 ම කැමැත්ත ගන්න බැරි වෙලා.ඕස්ට්‍රේලියාවෙයි නවසීලන්තෙයි සහයත් ඉල්ලුවා.එහෙත් රටවල් දෙකම ඒක ප්‍රතික්ෂේප කළා.මේක ඇත්තටම ලාංකිකයන්ගේ ජයග්‍රහණයක්.ප්‍රභල රටවල් අපිත් එක්කයි. (නි)

:       0       0

පොනිල් Friday, 28 March 2014 06:42 PM

අනේ! අපේ ලංකාවට ගිය කලක්! (නි)

:       0       0

සංජීව Saturday, 29 March 2014 11:04 AM

නිමි වෙත, ලෝකේ රටවල් දියුනුවන විට ජන්දය ලබා දිමේ ප්‍රතිශතය අඩු වෙනවා.ඒ නිසා ඕස්ට්‍රෙලියාව වැනි රටවල ජන්දය දීම අනිවාර්ය කරලා තියෙනවා.ලංකාවේ ජන්දය දිමේ ප්‍රතිශතය සාමාන්‍යෙයන් හොඳ මට්ටමක තියෙනවා.තරඟකාරි විපක්ෂයක් නොතිබීම ජන්දදායකයින් ගේ උදාසීනත්වයට තවත් එක් ප්‍රබල හේතුවක් .(දී)

:       0       0

රජීව් Saturday, 29 March 2014 10:25 PM

මේ වගේ මෝඩ හරක් මේවට යැව්වාම ලැබෙන ඡන්දෙනෙත් ලැබෙන්නේ නෑ (අ)

:       0       0

ලවන් Friday, 28 March 2014 06:59 PM

දුන්නේ නැත්නම් ඉතින් මොනවා කරන්නද? (නි)

:       0       0

ඔසී Friday, 28 March 2014 07:06 PM

කවුරු නැතිවුණත් අපි ඔබතුමා සමඟයි. මම ඇමරිකාවේ සිට ඔබතුමාට සුබ පතන්නෙමි.ජනාධිපති මැතිඳුනි,ඔබතුමාටත් රටවැසි සැමටත් ජේසු සමිදාණන්ගේ පිහිට පතමි.බිය නොවන්න.ඔබතුමා එඩිතරයි. (නි)

:       0       0

චන්දි Friday, 28 March 2014 07:21 PM

මේක ලංකාවට හොඳ පාඩමක් (නි)

:       0       0

අක්‍රම් Friday, 28 March 2014 07:22 PM

දෙන නොදෙන එකට අපිට බලපෑම් කරන්න බැහැ. ඒක එයාලගේ පුද්ගලික කැමැත්ත. (නි)

:       0       0

දීපා Friday, 28 March 2014 07:27 PM

හැබැයි එහේ නම් පරිඝණක ජිල්මාර්ට් දමන්න බැහැ. (නි)

:       0       0

ප්‍රභාත් Saturday, 29 March 2014 12:33 PM

මෙක හරියට ආයතන ප්‍රධානියයි, කාකාස යි වලියක් දගත්තා වගෙ.. කාකාස හරියටම හරි උනත් බහුතරය ගන්නෙ ආයතන ප්‍රධානියා ගෙ පැත්තයි... මක්නිසද යත් තමන්ට වදගත් වන්නෙ ආයතන ප්‍රධානියයි.. (දී)

:       0       0

අල්විස් Saturday, 29 March 2014 12:36 PM

ජිනිව චන්දය ඉවරයි. දැන්වත් අපේ රජය පුද්ගලික න්‍යායපත්‍ර හදාගෙන තානාපති නිල ගමන් යෙදෙන බොරු දේශපාලකයින් විදේශ සාකච්චාවලට යවනවාට වඩා, දැනුමෙන් සහ බුද්ධියෙන්ද අවබෝධයෙන් හා අත්දැකීමෙන්ද වැඩි එමෙන්ම බාහිර ලෝකයේ රටවල් සමග සුහදතාවය ගොඩ නගා ගත හැකි ප්‍රියමනාප කතා විලාශයක් ඇති දේශපාලකයින් හෝ රටට ආදරේ කරන පිරිස් අපේ ඉලක්ක කරා යවා අපිට නම්මා ගැනීමේ කටයුතුවල යෙදිය යුතුය. ඉන්දියාව නිහඬ උන විගසම ධීවරයන් නිදහස් කළා වගේ විහිළු වැඩ නොකර ක්‍රමවත් වැඩපිළිවෙලකට ය යුතුය. බලය ලබාගත් පසු ඊළඟ රජයේදී ලංකාවට බලපෙම් ඇතිකරන බව ජයලලිතා කියද්දී අපි හිනහ වෙලා ඉඳලා බැහැ. අනාගතය දිනාගන්න නම් අපි වර්තමානය සුදුසු ලෙස සකස් කර ගත යුතුය. (දී)

:       0       0

මහින්ද ඉතාලි Friday, 28 March 2014 09:04 PM

මම කෙටියෙන් කියන්නම් මෙතන වෙලා තියෙන්නේ මෙච්චරයි. මෙයාල කියන්න ඕනදේ එයාලට තේරිලා නැහැ.(නදී)

:       0       0

බන්දුල පෙරේරා Friday, 28 March 2014 09:28 PM

ප්‍රතිචාර බැලුවම පේනවා කට්ටිය ගොඩක් සතුටෙන් ඉන්නේ කියලා. යෝජනාව සම්මත උනාට දේශපාලන පාට කන්නාඩි වලින් මේ දිහා බලන ගුනමකුවන්ගේ ප්‍රාර්ථනය මොන දේ සම්මත වෙලා හරි මොකා මැදිහත් වෙලා හරි මේ මහජන කැමැත්තෙන් එලවන්න බැරි ආණ්ඩුව එලවල තමන්ගේ කැමැත්තට බලය ලබා දෙන එක..උදේ හවස දෙවියන් යදිමින් මේ රටට හෙන පතන අය දන්නේ නැහැ ඒ හෙන ගෙඩි දේශපාලන බේදයකින් තොරව තමන්ගේ ඔලුවලටත් පාත්වෙන වග.(නදී)

:       0       0

රොෂාන් ඩි සොයිසා Friday, 28 March 2014 10:11 PM

ලංකාවට පක්‍ෂව ඡන්දය නොදුන් සියලුම රටවල් ලංකාවේ තියෙන පරන බංගලාවගේ සංවර්දනය වෙමින් පවතින රටවල් 12 පක්‍ෂව ඡන්ද දීම සහා ඡන්දය නොදුන් රටවල් අපි අගයමු (දී)

:       0       0

සඳුන් Saturday, 29 March 2014 02:11 PM

සංජිව, ගොඩක් ලියලා නම් තියෙනවා. හැබැයි දන්නවද පක්ෂව හා විපක්ෂව චන්දය දුන්න රටවල් සහ චන්දය දීමෙන් වැලකි හිටිය රටවල් මොනවද කියල. ඉන්දියාව එහෙම මොකද කලේ කියල පොඩ්ඩක් බලන්න. (දී)

:       0       0

කුරුළු Friday, 28 March 2014 11:08 PM

කියන හැම දේම නොදෙන බව දැන් දන්නවානේ (දී)

:       0       0

නඩරාජා Friday, 28 March 2014 11:40 PM

ජිනිව මණ්ඩලයෙන් වරකදී සුඩානයේ බෂීර් ජනාදිපති හියුමන් රියිට් වයලේෂන් වලට චෝදිතයෙක් කර ජාත්‍යන්තර අදිකරණයට ගෙනියන්න හැදුවා. ඉතින් අල්ල ගත්තද .. බසීර් මහත්තය අර ඉන්නේ හොඳින්. . ඉන්දියාව රැවුලයි කැඳයි දෙකම බේරගත්ත.කපිටියෝ. (දී)

:       0       0

පිරිස් Friday, 28 March 2014 11:50 PM

ඉන්දියාවට අපේ ප්‍රසාදය (දී)

:       0       0

නඩරාජා Friday, 28 March 2014 11:50 PM

අපේ රටට විරුද්ධව පරීක්ෂණ කරන්න එන්න හිතාගෙන ඉන්න අයට අපේ රටට අඩියක් තියන්න ඉඩදෙන්න, ඉඩතියන්න එපා .මහා ජන කන්දක් මහින්ද මහතා සමගයි. වහාම විරුද්ද රටවල තානාපති සබද කම් අයින්කරගන්න. අපට රුසියාව, චීනය ඉන්නවනේ.(දී)

:       0       0

නඩරාජා Saturday, 29 March 2014 12:46 AM

අපේ සුන්දර රටට විරුද්ධව ගතු කියන ලද අයට ශ්‍රී ලංකාවට අඩියක් තියන්න ඉඩතියන්න එපා. අාවොත් හොඳ පාඩමක් කියාදෙමු. (නි)

:       0       0

හමීර් Saturday, 29 March 2014 01:59 AM

මොනවා වුණත් මුස්ලිම් රටවල් ටික ලංකාවට පක්ෂව ඡන්දය දුන් එකම ලොකු දෙයක්. (නි)

:       0       0

සමන් Saturday, 29 March 2014 02:43 AM

දැන් ඉතින් මොනවටද මේ කතා? (නි)

:       0       0

චන්දන සේනානායක Saturday, 29 March 2014 05:31 AM

මේ අයට තවම තේරෙන්නේ නැහැනේ ඉන්දියාව ඡන්දෙ නොදුන්නේ මොකද කියලා. ඉන්දියාවේ ඉඳගෙන වාර්තාව හදනකොට කට්ටියටම තේරේවි ඉන්දියාව සිල්ගත්තේ මොකද කියලා (නි)

:       0       0

සුමුදු Saturday, 29 March 2014 08:12 AM

අමල් හරි.ඒක තමයි වෙන්න ඇත්තේ. කොහොම වුණත් ලංකාවේ අනාගතය තීරණය කරන්නේ, ලංකාවේ බහුතරයයි.ලංකාව යන දිශාව තීරණ කරන්නේ ලංකාවේ බහුතරයයි.අපි බලමු ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධියේ තරම කොහොමද කියලා. (නි)

:       0       0

සමන් Saturday, 29 March 2014 08:33 AM

අපේ නායකයා කියන විදියට අපි ඉඳිමු. එතුමා කිවුවා ඕක පොඩ්ඩක්වත් ගණන් ගන්න එපා කියලා. අපි මොකටද බයවෙන්නේ? (නි)

:       0       0

ඩයස් Saturday, 29 March 2014 08:36 AM

අපේ සමහර අයට ඇත්ත තේරෙන්න කොහොමත් කල් යනවනේ... (නි)

:       0       0

අපේක්ෂා Friday, 28 March 2014 05:01 PM

ඔබට තියෙන සුදුසුකම් මොනවද කියල අපිට කියනවද මෙවෙනි අන්තර්ජාතික කටයුත්තක් වෙනුවෙන් රට නියෝජනය කරන්න? අඩුමතරමේ ඔබට තියෙන සාමාන්‍ය උපාධිය ගැනවත් . (අ)

:       0       0

සාගර Friday, 28 March 2014 05:06 PM

මේ වගේ කට්ටියද මේවට යන්නේ. ලැබෙන්නේ තිබ්බ ඡන්දෙත් නැතිවෙන එක පුදුමයක් නොවේ අපිට. (අ)

:       0       0

අමල් Friday, 28 March 2014 05:06 PM

ඉන්දියාව ඡන්දය දීමෙන් වැළකී සිටියේ අන්තර්ජාතික නිරීක්ෂකයන්ට ලංකාව විසා නිකුත් නොකොළොත් ඔවුන් ඉන්දියාවේ ඉඳල පරීක්ෂණ මෙහෙයවන්න ඕන නිසා. එතකොට ලංකාවට කියන්න බැහැ ඉන්දියාව පැත්තක් ගත්ත කියල. ඔවුන්ට අපිට වැඩිය මොලේ තියෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 13 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 265 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 363 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3228 2

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1198 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1169 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23014 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site