ගුරුකමක දී බරපතල පිළිස්සුම් තුවාල ලැබූ හොරොව්පතානේ රංජනී කුමාරි (17) දැරිය ප්‍රතිකාර සඳහා වෙළෙඳ ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්වරුන්ගේ මැදහත්වීමෙන් අද උදේ හොරොව්පතානේ සිට කොළඹට ගෙන එනු ලැබීය.
දැරියගේ දුක්මුසු කතාව ලංකාදීප පත්‍රයෙන් හා ලංකාදීප වෙබ් අඩවියෙන් දුටු නාමල් රාපක්ෂ මහතා දැරිය ගෙන්වා ගැනීමට කටයුතු කරන්නැයි ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දන්වා ඇත.
ගුරු උපදේශකයකු හා යකදුරකු ද වන පුද්ගලයකු විසින් ඇගේ දෙපා පුළුස්සා ඇත්තේ ඇයට වැහුණු බව කියන යක්ඹයකු පළවා හරින්නටළු.
ඇය කොළඹ නවලෝක රෝහලට ඇතුළත් කොට මේ වන විට මූළික ප්‍රතිකාර අරභා තිබේ
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජොන්ස්ටන් ට තෙරුවන් සරණයි කියල හරියන්නේ නැහැ. ඒ සරණ ලැබෙන්න ඕනේ පිලිස්ස්සුම් තුවාල ලැබූ මේ දැරියට. ජොන්ස්ටන් ට "ජේසු" පිහිටයි!(දී)
ගරු නාමල් මන්ත්‍රී තුමනි මේවා ගොඩක් පිං සිදු වන වැඩ (දිල්)
නාමල් සහ ජොනි මැතිතුමන්ලට බුදු සරණ හා දෙවි පිහිට. (නදී0
ඔය පින් මහජනතාවට ලැබෙන්න ඕනේ. ජනතාවගේ සල්ලි. (නදී)
මේහෙම දේවල් කරන්න තව තවත් කරන්න ඔබලාට පින්.(නධී)
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහත්මාගේ. කරුනාව. දයාව සහා අසරනයන්ට පිහිටවීම ඉතා උතුම් ගතියකි. මෙවැනි අදහස් සිතට එන්නේ පිංවතුන්ට පමනි මෙතුමන් වැනි අය මාගේ මවුබිමේ අනාගතයට අබිමානයකි!(නදී)
රාජපක්ෂ මහත්තයා ඔබට ජයෙන් ජය අත්වේවා (අ)
නවලොකෙට කරගන්න බැරිවුනාම ලෙඩ්ඩු අපහු ගෙනත් දාන්නේ ආණ්ඩුවේ ඉස්පිරිතාලේටම තමයි.(අ)
මගේ හද පතුලෙන් නැගෙන අවංක ස්තුතිය ඔබ දෙපලට. ඒ අම්මගේ මුහුණේ තිබෙන අසරණකම, තත්වය බලන්න.(අ)
අදාල පුද්ගලින් අත්අඩංගුවට ගන්න (අ)
නාමල් මහත්තයා මහත්මාගති තියන අයෙක් (අ)
අනේ මන්දා දෙකම එච්චර හොද ලෝක නෙමෙයි (දී)
චන්දෙ අත ලගනේ (දී)
මේවා ලංකාවේ මිනිසුන්ගේ නුගත් කමට හැමදාම වෙන දේවල් (දී)
දරුවාට ඉක්මන් සුවය ලැබේවා.මන්ත්‍රී දෙපලටම බොහොමත්ම පින්.ගුරාට නිසි දඬුවම් වහාම දිය යුතුයි,පාර අයිනේ එල්ලා තබමු. (දී)
ඔබ තුමාට ජය !(අ)
ඔබතුමා මෙළොවදීම පිං පළ දෙන කුසල කර්මයකටයි අත ගහල තියෙන්නේ.තෙරුවන්සරණයි! (අ)
නිමල් වගේ අය හැම දේකම දකින්නේ වැරදි !!!!!!! (දී)
ඉක්මනට සුව වෙන්න කියා ප්‍රර්ථනා කරනවා .අහිසක දරුවාට (දී)
අර ස්කෑන් මෑශින් එකට නම් දාන්න එපා..... (දී)
නිමල්, රජයේ ගොඩක් හොද රෝහල් තියෙනව තමයි.සතියේ දවස් දෙකක් දොස්තරලා,දවස් දෙකක් හෙදියන්,දවස් දෙකක් තාක්ෂණ නිලධාරීන්,ඉතිරි දවස සුළු කම්කරුවන් වැඩ වර්ජනයේ..........ඔයා ලංකාවේද ඉන්නේ? (දී)
ඇත්තටම හොද දෙයක් ලංකාදීප. ඔයාලාට ගොඩක් පිං. තවත් මේ වගේ වැඩ කරන්න හැකියාව ලැබේවා... (දී)
මේ දැරියට ඉක්මන් සුවය ලැබේවා (දී)
නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමනි, හොඳ වැඩක්.(නධී)
ඔබ දෙපල මේ කල සත් කාර්ය වගේම නීතියෙන් වැරදි කරුවන්ට එරෙහිව වැඩ කරන්න.(නදී)
ගුරු උපදේශකයෙක් මේ වගේ පහත් වැඩ කරනවානම් අනේ ඉතින් අපේ ගුරුභවතුන්ටයි පාසල් දරුවන්ටයි හතර වරම් දෙවියන්ගේම පිහිට තමා. (නදී)
ඔබතුමා නිතර ලංකාදීප පත්‍රය කියවන්න. මෙවැනිදේ වලට පිහිට වෙන්න. ඒ පින්ම ඇති ඔබට නිවන් අවබෝද කරගන්න. අපිත් ඔබට පින්දෙනවා. (අ)
ඇයි නවලෝකට රෝහලට ඇතුළත් කළේ? රජයේ ගොඩක් හොද රෝහල් තියෙනවනේ. (අ)
මේ වැරැද් කළ ගුරුවරයාට මොකක්ද දඬුවම (අ)
ජෝන් මහත්තයා කොහොමත් හොද මිනිහෙක් තමයි. එයා මිනිස්සුන්ට ගොඩක් උදව් කරනවා. (නදී)
සනීප උනාම පරෙස්සමෙන් ගෙදර යන්න පුතේ. ඊට පස්සේ දෙමාපියන්ගේ වගකීම මේ දරුවා ආරක්ෂා කර ගැනීම. ඇමති තුමා කල හොඳ වැඩේට අපේ ප්‍රණාමය.(නදී)
ඇති යන්තම් ජෝනි මහතා ගැන හොඳක් අහන්න ලැබුණා. බලාගෙන ගියාම මිනිහගේ හොඳ වැඩත් තියෙනවා. ජොනි මහත්මයාණනි. (අ)