IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


දෙපැත්තෙන්ම 41ක් අත්අඩංගුවට

අලුත්ගම හා ධර්ගා නගරයේ ජුනි 15 ගැටුම් සම්බන්ධයෙන් සැකපිට දෙපාර්ශ්වයේම 41 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

එයින් 25 දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

මේ පිරිස ගැටුම්වලට සම්බන්ධ බවට තොරතුරු ඇතැයි පොලිසිය පවසයි.

මේ අතර ධර්ගා නගරයේ දී පෙට්‍රල් බෝම්බ 17ක් සමඟ දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඇඳිරිනීතිය ඉවත් කර තිබිය දී බෑගයක් අතැතිව පොලිස් මුරපොළ අසළ සිටි පුද්ගලයකු සැකපිට පරීක්ෂා කිරීමේ දී එම බෝම්බ සොයාගෙන ඇත.

 



අදහස් (0)

දෙපැත්තෙන්ම 41ක් අත්අඩංගුවට

ගිහාන් Tuesday, 17 June 2014 07:53 PM

තවමත් ඉවරයක් නැද්ද මේ කලබලේ? යුද්ධ කාලෙත් සමගියෙන් ඉඳල දැන් මරා ගන්න හදනවා. මේවාට උඩ ගෙඩි දෙන අයව තමා පළමුවෙන්ම අල්ල ගන්න ඕනා. (නදී)

:       0       0

නිලන්ත Wednesday, 18 June 2014 08:39 AM

නියපොත්තෙන් කැඩිය හැකි මට්ටමේ තිබුණු මෙම ප්‍රශ්නය මෙතරම් දුරදිග ගියේ කොහොමද කියලා හිතාගන්නත් අමාරුයි (නි)

:       0       0

එසෑම් Tuesday, 17 June 2014 08:13 PM

සමන් ඔය හොඳ කෙනෙක් වගේ (නදී)

:       0       0

චන්ද්‍රා Tuesday, 17 June 2014 08:24 PM

ආයුධ සමග අල්ල ගත් අයට නම් දඩුවම් අනිවාර්ය විය යුතුමය (නදී)

:       0       0

නිලන්ත ගමගේ Tuesday, 17 June 2014 08:24 PM

මෙතරම් තාක්ෂණය දියුණු කාලයක වුනත් මිනිසුන් වැරදී කිරීමට පෙළඹෙන්නේ වරදට අනුබල දුන් අය තමන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන බව විශ්වාසයෙනි. යල් පැන ගිය නීති පද්දතිය වෙනස් කොට වරදට අනුබල දුන් අය අත්අඩංගුවට ගන්න (නදී)

:       0       0

ඇන්ටනි Wednesday, 18 June 2014 09:59 AM

ප්‍රශ්නය දුර දිග ගියේ බොරු කට කතා නිසා. ඒවා පිළිගන්න අය නිසා. ගෙවල් වල වීදුරු කුඩු කරලා ප්‍රශ්න විසඳන අය නිසා. මම බේරුවල සිංහලයෙක්. මගේ ගෙටත් සිංහලයෝම ගල් ගැහුවා ප්‍රශ්නය අවුලවන්න. එස් ටී එෆ් කොල්ලෝ ආපු නිසා ගල් චන්ඩි දිව්වා. (ස)

:       0       0

මිනිපෙ Tuesday, 17 June 2014 09:46 PM

ඔය අත්අඩංගුවේ ඉන්න අය ගැන හොඳින් සොයාබලන්න. මොවුන් ගැන මට සැකයක් තිබේ. (නි)

:       0       0

මලිංක Tuesday, 17 June 2014 10:25 PM

මෙතන අහිංසක මිනිස්සු කී දෙනෙක් ඇත්ද ? (දී)

:       0       0

සෑම් Wednesday, 18 June 2014 11:28 AM

නීතිය හරිහෑටි ක්‍රියාත්මක නොවීම නිසා තමා මේ සෑම දෙයක්ම වුනේ. නීතිය මේ ආකාරයෙන් මුත්තූර්, කල්මුනේ සහ ලංකාවේ අනිත් පෑතිවලත් ක්‍රියාත්මක කලයුතුයි.(නදී)

:       0       0

අනුරශාන්ත Wednesday, 18 June 2014 11:33 AM

දෙපැත්තෙන්ම අත් අඩංගුවට ගත්තේ? කවුද ඔය දෙපැත්ත. හරියට එලි කරන්නකෝ. අවසානේ කරපු එවුන් පැත්තක. වෙනත් පිරිසක් දඬු කඳට. (ස)

:       0       0

විපුල Tuesday, 17 June 2014 11:15 PM

අද ලෝකයේ හැමතැනම ප්‍රශ්න මතුවෙලා (නි)

:       0       0

සමීර Wednesday, 18 June 2014 12:36 AM

වටිනා ක්‍රියාවක්. හැබැයි ඊතල ටික අහුලලා වැඩක් නැහැ, ඊතල විදි කෙනාව අතහැරලා. ප්‍රචණ්ඩත්වය ඇති වන අන්දමින් කටයුතු කළ ප්‍රධාන පුද්ගලයාව අත්අඩංගුවට ගත යුතුයි. (නි)

:       0       0

නෙල්සන් Wednesday, 18 June 2014 12:48 AM

මියගිය සියලුම දෙනාට නිවන් සුව පතමු (නි)

:       0       0

වසන්ත Wednesday, 18 June 2014 12:49 AM

බොහොම හොඳයි. සැමටම නීතිය සමව ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

චානක. Wednesday, 18 June 2014 01:20 AM

මේ විදියට ගිනි අවුලුවාලන්න නායකත්වය දුන් ප්‍රධානීන් ටිකත් මීට ඇතුළත්ද? (නි)

:       0       0

රඹුක්වැල්ල Wednesday, 18 June 2014 11:22 PM

මොනපැත්තේ වුණත් කමක් නැහැ, නීතිය ක්‍රියාත්මක කරන්න (නි)

:       0       0

තබුක් සිල්වා Tuesday, 17 June 2014 06:14 PM

කව්රු උනත් කමක් නාහැ ආයුධ පෙන්නන්න එක්ක ගෙන යන්න (දී)

:       0       0

විජේසිංහ Tuesday, 17 June 2014 06:26 PM

අවි ගත්තෝ අවියෙන් නසිති. අවිහිංසා වාදී දහමක් රකින්ට අවි කුමටද ? (නදී)

:       0       0

ඉසුරන්දි Tuesday, 17 June 2014 06:31 PM

කොහොමෙන් හරි මේ ප්‍රශ්න සමතයකට පත්වෙන්නයි ඕනේ. (නදී)

:       0       0

අමින්ත Wednesday, 18 June 2014 05:36 AM

නීතිය කාටත් පොදුයි. (නි)

:       0       0

සැම්සන් පිලපිටිය Tuesday, 17 June 2014 06:46 PM

ආගම තරාතිරම ජාතිය ගෙන නොබලා දෙපැත්තේම වැරදි කරුවන්ට දඬුවම් කල යුතුය (දී)

:       0       0

චතුර Tuesday, 17 June 2014 06:56 PM

සැම්සන් ආගම තරාතිරම මොකක් උනත් ජාතිය ශ්‍රී ලංකික කියල නම් විශ්වාසයි.(නදී)

:       0       0

එදිරිසූරිය Wednesday, 18 June 2014 07:00 AM

නීතිය සැමට සමානව ක්‍රියාත්මක කරන්න.අපිත් කියන්නේ ඒකයි (නි)

:       0       0

ශාන් Tuesday, 17 June 2014 07:16 PM

දර්ගා නගරයේ පෙට්‍රල් බෝම්බ තියාගෙන හිටියේ ආගමික සහජීවනේ ගැන වැඩිපුර කතා කරන කට්ටිය නේද?? (දී)

:       0       0

හර්ෂ Tuesday, 17 June 2014 07:21 PM

මේ සිදුවීම උණු දවසෙම නිසි පියවර ගත්තානම් මෙහෙම වෙන්නේ නැහැ (දී)

:       0       0

සමන් Tuesday, 17 June 2014 07:37 PM

ආය යුද්දයක් ආවොත් මේ අය යනවද යුද්දෙට. මම හමුදාවේ අවරුදු 22ක් හිටියා. කොටිත් මැරුවා. එ්ත් අහිංසක දෙමල මිනිස්සුවත් මුස්ලිම් මිනිස්සුවත් මැරුවේ නැහැ. (නදී) .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2103 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1357 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2183 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 538 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3098 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24486 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site