ජනාධිපති වෘත්තිය සමිති උපදේශකයකු වු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු 2011 ඔක්තෝබර් 8 වැනිදා කොලොන්නාවේ දී ඝාතනය කළැයි කියන සිද්ධීයේ මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අවසන් විය.
පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 13 දෙනකුට මහාධීකරණයේ නඩු පවරනවාද නැද්ද යන්න මැයි 02 වැනිදාට තීරණයක් ගැනීමට නියමිතය.අයුතු ජන රාශිය මිනී මැරීම හා තුවාල සිදු කිරීම වැනි චෝදනා 11 ක් යටතේ ඔවුනට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියේ සාක්කි විභාග විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාරත ලක්ෂ්මන් මහත්තයාව කවුරුවත් මරල නැහැනේ. ඉතින් ඕකට නඩු කියන්න ඕන නැහැනේ නේද? (නදී)
ෆයිල් එක නීත්පති ළඟ නේද? .නිදොස් කොට නිදහස් වෙයි නේද? (නදී)
ඒ වෙලාවටත් මට මතක නැහැ කියයිද දන්නේ නැහැ (දී)
නඩු දාන්න එපා! අහිංසකයා.! දන්නේ නැද්ද කොලු කමට කරන දඟ වැඩ? මේ ණය ගෙවන්නේ කව්ද ? (දී)
නිතිය සාධාරණයි කියලා අපි තවම විශ්වාස කරනවා (දී)
නීතියේ සාධාරනය ඉටු වුණත් නැතත් හෘද ශාක්ෂියෙන් බේරෙන්න කාටවත් බැහැ (නි)
නීතියේ සාධාරනය ඉටු වුණත් නැතත් එක ශාක්ෂියක් තිබෙනවා වරදකරුට විරුද්ධව.ඒකෙන් එයාට මැරෙන මොහොතේ හෝ කළකම් පල දීලා මැරෙන්නේ.ඒ ශාක්ෂිය බොරු කරන්න මොන ජගතාටවත් බැහැ.ඒ තමයි හෘද ශාක්ෂිය. (නි)
සාධාරණයක් ඉටුවේවි යැයි අපි බලාපොරොත්තුවෙන් සිටිමු. (නි)
මොනවා වුණත් ජනතාව ඇත්ත දන්නවා (නි)
ජනතාවගෙ තීන්දුව හිරුණිකාගේ ජයග්‍රහණයෙන්ම පෙනෙනවා. (නි)
බලමුකෝ ඉවසීමෙන් මොකද වෙන්නෙ කියලා. (නි)
කොහොමත් පහත් තැනින් වතුර ගලා බසිනවා. ඒක අපි හොඳට දන්නවනේ. මොනවා වුණත්, අපරාදේ ගොඩක් රටට වටිනා භාරත මහතා. (නි)
දිවංගත ගරු බණ්ඩාරනායක අගමැතිතුමාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් අද නැති බැවින් පැරණි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ගැන කණගාටු වීම හැර කරන්නට දෙයක් මා හට නැත. (නි)
ඒකෙන්නම් හිරුනිකා පරදියි වගේ.(නදී)
ජනතාව බලාගෙන ඉන්නෙත්, ගරු අධිකරණයේ තීරණය තමා. (ස) .
භාරත කොලොන්නවේදී වෙඩිතියාගත්තනේ. බොරුනම් අහන්න.(නදී)
තීරණයට තව වෙලාව තියෙනවා.(නදී)
හිරුනිකා පාර්ලිමේන්තු ගිහින් මැරයන්ට මිනීමරුවන්ට දඩුවම් දෙන්න.(නදී)
එතකොට භාරත මහත්තයා මැරුනේ නැද්ද? (ස)
මොන නඩුද ? අපි ඔක්කොම දැන් යාළුවොනේ , දුමින්ද අයියට මතක නැහැ ,හිරු නංගිට මතක නැහැ දැන්. එහෙම වෙයිද? .(නදී)
ඊළඟ මහ ඡන්දෙදි හිරුනිකා දිනලා දුමින්ද පරාද වුනොත් මොකක් වේවිද?(නදී)
තීරණයට ඔච්චර කල් ගන්න ඕනේ නැහැ. (ස)
වැරදකරුවන්ට නීතියෙන් දඩුවම් ලැබේවා!!! (ස)
තවත් ලස්සන නාට්‍යක්. (ස)
ශ්රී ලංකා මාතා ජයවේවා. (ස)
මේ ගැන මටත් මොකුත්ම මතක නැහැ. (ස)
මෙතුමා මැරුණද? අපිට මතක නැහැනේ !!!! (ස)
මේ මොකක් සම්බන්ධවද? මට මුකුත් මතක නැහැ. (ස)