දඹුල්ල රෝහලේ නේවාසික රෝගියෙකු වෙනුවෙන් සැපයූ විශේෂ ආහාර වේලක මිල ගණන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා මාතලේ දී අනාවරණය කළේය.
‘ බෝංචි ග්‍රෑම් 100 රුපියල් 60/- යි . (එතකොට බෝංචි කිලෝව රුපියල් 600/- යි), කැරට් ග්‍රෑම් 100 රුපියල් 80/- යි . (එතකොට කැරට් කිලෝව රුපියල් 800/ - යි). තැම්බූ බිත්තරය රුපියල් 50/ - යි . තෝර මාළු ග්‍රැම්100 රුපියල් 125/- යි . (කිලෝව රුපියල් 1250/- යි.) පරා මාළු කිලෝවේ මිල රුපියල් 1100/ - යි. ‘
මේ මුදල ලබා ගැනිමේ වවුචරය ගැන පරීක්ෂණය පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මගේ ප්‍රශ්නය නියමයි (දී)
දැන් හැම පොලේම මිල ගණන් මේවා තමයි (නදී)
හැමතැනම හොරු. අනේ මන්ද මේ රට මොනවගේ රටක්ද කියල. මේකේ ඉන්න මහ ලොක්කො ටික තමයි මේ රටට හෙනහුරෝ වෙලා ඉන්නෙ. එක්කෙනෙක් හරි මේවා හොයන්න උත්සහ ගත්ත එක නම් අගය කරනවා. (ස)
නෑ. නෑ .. නෑ ...... සර්විස් චාජස් එක්ක තමයි ගාන දාල තියෙන්නේ .......... ඔයාල බබා ලද අනේ..(අ)
ලංකාවේ කොමිස් කාරයෝ ඉන්නේ (අ)
ඇමතිතුමා ඔය අල්ල ගත්තාවගේ දුෂණ රජයේ ආයතනවල කොපමණනම් වෙනවා ඇද්ද? ඔන්න ඔය ආකාරයට හැම අමතිකෙනෙක්ම හොර වැඩ කරන අය හොයා බැලුවනම් රටේ අහිංසක ජනතාවට තව සහන දෙන්න තිබුන..එත් කොහොමද කරන්නේ අමතිලගේ හොරත් අහුවෙනවනේ.ඔක්කොම විහිළුවක්ම පමණයි. (අ)
මෙහෙමතමා නරක වාගේම හොඳ මිනිස්සුත් ඉන්නාව (අ)
අනේ හොදයි (දී)
අමු මාළු, අමු බෝංචි, අමු කැරැට්, කඩෙන් ගත්තගමන් වගේ ෂෝපිං බෑග් එකක දමල ලෙඩාට දුන්නනම් අඩුවට දෙවි. ගෑස්, විදුලිය, ප්‍රවාහන ගාස්තු, සෝදන සබන්, වැටුප්,බදු ආදිය එකතු කලාම ගණන හරි වගේ. අපි ගෙදර කන කෑමත් ඔයවගේ ගණනක් වෙනවා මහත්තයෝ..(දී)
මාසෙට 25000 වත් ඕනේ ජිවත් වෙන්න (දී)
මේ වට්ටෝරුව මොන ලේද්දුන්ටද දන්නේ නැහැ නේද (දී)
බුදු අම්මෝ මට පිස්සු වගේ (දී)
ගණන් මිණුම් වැරදී නේද...බෝංචි ග්‍රෑම්10 රු60 නම් ග්‍රෑම්100 රු600නේ..කිලෝ 1 රු6000ක් වෙන්න ඕනේ. (දී)
අනිවාර්යයෙන්ම...ඇයි දන්නෙ නැද්ද අලවල මිල. (ස)
ඔය වගේම් උතුමන්ලාගේ ඉන්ධන, දුරකතන, ගෙවල් කුලී,අනෙකුත් දීමනා ගැනත් හොයල බලල ජනතාව දැනුවත් කරා නම්. (ස)
ලොක්කෝ හම්බ කරන ප්‍රමාණයට මේ කොන්ත්‍රාත් කරු සාධාරනයි. (ස)
පාර්ලිමේන්තුවේ නොමිලේ කන ඒවායේ මිල ගණනුත් දැනගන්න ආසයි. (ස)