IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


දරුවන් අතරමං කළ මව සහ පියා රිමාන්ඩ්

අවුරුදු හයක සහ අටක දැරියන් දෙදෙනකුට කෘරත්වයෙන් සැලකීම සහ අතරමංකිරීම යන කරුණු මත එම දැරියන්ගේ මව සහ පියා හෙමාගම මහේස්ත්‍රාත් වයි ආර් බී නෙළුම්දෙනිය මහතා විසින් බදාදා (21) තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

දැරියන් දෙදෙනා ගැලවීමේ හමුදා භාරයට පත් කරන ලෙස ද නියෝග කැරිණි.

 



අදහස් (0)

දරුවන් අතරමං කළ මව සහ පියා රිමාන්ඩ්

මහාචාර්ය රුබට් Wednesday, 21 August 2013 12:07 PM

උපාලි, පිටබැද්දර ජයා, බන්දුල, අසෝක ,පවුල එකමුතු කරනවා කියලා ළමයි දෙන්නෙකුගේ අනාගතය කම්මුතු කරන මෝඩ කතා කියන්න එපා.හැම ළමයෙක්ම හොඳට බලාගන්නේ නැති දෙමවුපියන්ගෙන් අයින් කරලා හොඳට බලාගන්න කැමති මිනිස්සුන්ට දෙන්ඩ ඕනෑ. හොඳ වෙලාවට පොලිසිය දැක්කා ළමයින්ව,ගණිකා නිවාස හිමියෙක් දැක්කා නම් මොනවාද වෙන්නේ? මම පොලිසියෙන් ඇහුවා ළමයි ගන්න, නමුත් ලැබුනේ නැහැ. (නි)

:       0       0

චමිල - පානදුර Wednesday, 21 August 2013 12:15 AM

ළමා ආරක්ෂණ දෙපාර්තමේන්තුව නිසි තැන් වලට දරුවන් දෙදෙනා යොමු කරන්න ඕනෑ, නීතිමය වැඩ වලින් පස්සේ දෙමුව්පියන්ට කතා කරලා දරුවන් බාර දෙන්න ලෑස්ති කරනවා නම් හොදයි. කොහොම කළත් වනේ වන සතුන්වත් නොකරන දෙයක් කළ දෙන්නෙක්. කන්න බොන්න දෙන්න විදියක් නැහැ කියලා එහෙම කරනවා නම් අද අපේ රටේ ඔය දරුවෝ දෙන්නා විතරක් නොවේ මහා මග දාලා යන්නේ.නැති බැරි කම දරුවෝ පාරේ දරුවෝ හලාගෙන යන සිරිතක් නැහැනේ..රස්සාවල් කරලා දරුවෝ කොහොම හරි පෝෂණය කරන එක අපේ වගකීම, ඒකට වෙන කිසිම කෙනෙක් පිට පටවලා වැඩක් නැහැ. (නි)

:       0       0

සුදත් Tuesday, 20 August 2013 03:34 PM

ගල් ගසන දඩුවම දෙන්නනේ වටින්නේ (නි)

:       0       0

අසෝක සිරිදේව ගාල්ල Wednesday, 21 August 2013 04:50 AM

බෞද්ධ රටක් නිසා මේ වගේ දේවල් සුලබයි. හොඳ වෙලාවට පන්සලක් ළඟ දාලා නොගිය එක. (නි)

:       0       0

මාටින් Tuesday, 20 August 2013 03:42 PM

පව් අර මනුස්සයාගේ රස්සාවත් ඉවරයි නේද ඒ පාර? (නි)

:       0       0

උපාලි Wednesday, 21 August 2013 05:27 AM

පිටබැද්දර ජයා, බන්දුල, අසෝක සමග මමත් එකඟ වෙනවා. පවුලක් එකමුතු කරන්නයි හැකිතරම් උත්සාහ කළයුත්තේ. හැබැයි, මේ දේ නැවත සිදුවෙන්න හොඳටම ඉඩ තියෙන නිසා පසු අධීක්ෂණයක් නම් තිබිය යුතුමයි. බන්දුලගේ අදහස අනුව ළමාරක්ෂක අධිකාරිය හෝ පරිවාස දෙපාර්තමේන්තුව හෝ එවැනි නිසි බලධාරියෙක් සුදුසුයි. මං දන්නවා සමහර ස්වාමීන් වහන්සේලා මෙවැනි අය නිසිමගට ගෙනෙන්න දායක සභා හරහා ලොකු සේවයක් කරන බව. කොහොමත් ගමේ පිළිගත් කෙනෙකුගේ ඇස් බැල්ම තිබීමත් අවශ්‍යයි. (නි)

:       0       0

ටොම් Tuesday, 20 August 2013 04:22 PM

අහිංසක දරුවන්ට මෙහෙම අපරාධ කරන අයට දඩුවම් දීම අගය කරමු. (නි)

:       0       0

දයා,සෞදි Tuesday, 20 August 2013 04:34 PM

හම හන්න ඕනෑ ඇහේ ඉඳන්. (නි)

:       0       0

අසෝක Tuesday, 20 August 2013 04:37 PM

ඒ දෙන්නට අවවාද කරලා ප්‍රශ්නය විසදලා ළමයි දෙන්නත් එක්ක ගෙදර යවන්න බැරිද? ළමයි අතරමං කිරීම වරදක් තමයි. නමුත් ඒවා සාධාරණව දරුවන්ට හානියක් නොවෙන විදියට විසදන්න ක්‍රම තියෙනවා නේද? (නි)

:       0       0

නිරේෂා Wednesday, 21 August 2013 02:15 PM

මේ සියල්ල සම්බන්ධයෙන් ඇසින් දුටු මා මේ මව දැඩි ලෙස වැරදි කාරියක් බව ප්‍රකාශ කරමි. සැමියා රැකියාවට ගිය පසු උදේට වතුර උගුරක් වත් නොදී මෙම දරුවන් පාසලට දමා උදේ සිට දරුවන් නිවසට එනතුරු මෙම මව වෙනත් පුරුෂයන් නිවසට ගෙන්වා ගනී. මේ බව මේ දෙදෙනාගේ වැඩිමහල් පිරිමි දරුවා දන්නවා ඇත. අවසාන කාලයේ එසේ පැමිණි මිනිසෙකු සමඟ මෙම මව ගොස් ඇත. මව සිටින යුගයේද දරුවන්ට ආහාරයක්වත් නොදෙන මව පියා උපයා දෙන මුදල ජංගම දුරකථන වලට මුදල් ඇතුලත් කිරීම වෙනුවෙන් යොදවයි. මෙම දරුවන් රැදී සිටිනා නිවස තිරිසන් සතෙකුටවත් සිටීමට නොහැකි නිවහනකි. එය ඔබට පිටිපන අතපත්තුගොඩ පාරේ පහලට පැමිණියොත් දැක ගත හැකිය. මේ සියලු දෙයට අවසාන වශයෙන් මව සහ පියා වගකිව යුතුය.මේ දරුවන් ගෙවුයේ පුදුම පාපයකි. (ස)

:       0       0

නිමල් Tuesday, 20 August 2013 04:39 PM

රූපවති වගේ ගෙවල් වලට වෙලා නිකන් ඉන්නකොට ගැහැණුන්ට පිස්සු හැදෙනවා (නි)

:       0       0

රිෂාර්ඩ් Tuesday, 20 August 2013 04:43 PM

එතකොට මේ දැරියන් තවත් අතරමං වෙනවා නේද? කාවද අද විශ්වාස? (නි)

:       0       0

මොරාල Tuesday, 20 August 2013 05:21 PM

අනේ අර ළමයි ටික අන්ත අසරණ වෙනවා දැන් දෙමව්පියන් දෙන්නාම නැතුව (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 20 August 2013 06:05 PM

දඬුවම් නොකර අවවාද කරලා දැඩි නීති පනවලා දරුවෝ දෙන්න බාර දුන්නා නම් පවුලත් රැකෙනවා දරුවන්ට නැවත දෙමවුපියන්ගේ සෙවනත් ලැබෙනවා යන්නයි මගේ නම් අදහස වෙන්නේ (නි)

:       0       0

ලක්මාල් Tuesday, 20 August 2013 06:06 PM

මටත් ඉන්නවා පොඩි දෙන්නෙක්. කියන්න අපෙන් මොනවා හරි උදව්වක් ඕනෑ නම් අපි කරන්නම්. උදව්වක් කරන්නේ කොහොමද කියලා දානවා නම් හොදයි (නි)

:       0       0

ධම්ම Tuesday, 20 August 2013 06:14 PM

සමහර විවාහකයින් දරුවන් නැතුව ලතවෙද්දී මේ දෙමාල්ලන්ට දරුවන්ගේ අගය නොතේරෙන හැටි! (නි)

:       0       0

වසන්ති Tuesday, 20 August 2013 06:15 PM

ආර්ථික අපහසුකම ඇද්ද කියලා සොයලා බැලුවොත් හොදයි. (නි)

:       0       0

ගයාන් Tuesday, 20 August 2013 06:25 PM

මට පෙන්නේ දරුවන්ගේ මව දරුවන් අතහැර යාම නිසා පියාට රැකියාවට යාමට නොහැකි නිසා දරුවන් පොලිසිය ළඟ අතරමන් කළා කියලා. හැබැයි පියාට කරන්න තිබුනේ දරුවන් අරන් පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න. (නි)

:       0       0

බට්ට Tuesday, 20 August 2013 06:46 PM

ඔය හෝමාගම පොලිසිය අවට කියන්නේ හොද තැනක් නෙමෙයි. හොද වෙලාවට මේ ළමයින්ට කරදරයක් නොවුනේ. (නි)

:       0       0

චන්දි Wednesday, 21 August 2013 10:05 AM

මගේ අදහසත් පවුල එකමුතු කිරීම තමයි !! කොහොමත් දරුවන්ට කරදයක් නොකළ නිසා හිතට ටිකක් සැනසීමයි.පොලිසිය ළඟින් දාලා ගියෙත් එකනේ .දෙමව්පියන් ළඟ හැදෙන එක තමයි වඩා හොඳ කරුණාකර පවුල එකතු වෙන ලෙස කටයුතු කරන්න.(ස)

:       0       0

ඉසුරු Tuesday, 20 August 2013 07:24 PM

ගහලා ගස් බදින්න තියෙන්නේ. බලාගන්න බැරිනම් ළමයි හදන්නේ මොකටද? (නි)

:       0       0

සමන්ත Tuesday, 20 August 2013 07:30 PM

හිතාගන්නවත් බැරි සමාජ ක්‍රමයක් අපේ රට තුල ස්ථාපනය වෙමින් පවතින බවක් පෙනෙන්නට ඇත. සාරදර්ම විනය සංස්කෘතිය කිසිවක් තඹයකට මායිම් නොකරන නුතන ලංකිකයා යන්නේ කොයිබටදැයි අදහා ගත හැකිද? අප හැමදෙනාම මේ සඳහා වගකිවයුතු බව මගේ හැගීමයි. ආර්ථිකය මේ හැමදේටම මුල් වන්නේ නම් අතීතයේ මිනිසුන් වේලක් නොකා වේලක් කා සතුටින් සිටියා යැයි අප අසා ඇත්තෙමු.නමුත් නුතන සමාජය බඩට ලුණු කැඳ නැතත් ඇගට විල්ලුද ඕනෑයි කියන මතවාදයක එල්බ ගෙන සිටී අප ඉතා ඉක්මනින් විනාස වන ජාතියක් බව තරව සිහියේ තබා ගන්න තව වසර 1000ක් වත් අපිට අපේ රට ජාතිය ආගම පවත්වා ගෙන යාමට නොහැකි බව ඒකාන්තයි (නි)

:       0       0

යසවතී Wednesday, 21 August 2013 10:14 AM

අම්මා නැතිකලට අප්පා කවර කල... (නි)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 20 August 2013 07:39 PM

මේ වගේ ළමයි දෙන්නෙක් දාලා යන්න පුළුවන් අම්මටයි, අනාරක්ෂිතව ළමයි දෙන්නා මහ මග දාලා ගිය තාත්තටයි ආයෙත් ළමයි දෙන්නා බාර දෙනවා නම් නිරන්තරව ළමා ආරක්ෂක අධිකාරිය ළමයින්ට නිසි රැකවරණය ලැබෙනවද කියලා සොයා බලන්න ඕනෑ.පවුල එකතු කරන්න පුලුවන් නම් ඒක වැදගත් වගේම මේ සිදුවීම මෙතනින් අවසන් කර නොදමා දෙමව්පියන් තමන්ගේ වගකීම් වටහා ගත්තද කියලා හොයා බලන එක බලදාරින්ගේ වගකීමක්.. (නි)

:       0       0

අනු Wednesday, 21 August 2013 10:18 AM

රංජිත්ගේ අදහස් දැක්වීම ඉතා අගය කොට සලකමි . කියන්න අපෙන් මොනවා හරි උදව්වක් ඕනෑ නම් අපි කරන්නම්. (ස)

:       0       0

රන්ජිත් Tuesday, 20 August 2013 07:53 PM

මෙම සිද්ධිය සමාජයේ පැතිකඩක් ලෙස දකින්න බැහැ. මෙය එක් විශේෂිත සිදුවීමක්. මේ පියාට සහ මවට සුළු දඩුවමක් දීලා පවුල එකමුතු කිරීමත් අදහස් දක්වන අයගේ සහයෝගයෙන් සහ ආධාර අරගෙන උගන්නන්ට උදව් කිරීමත් යහපත්. අපිත් සල්ලි ටිකක් දෙන්නම්.. කවුරු හරි පටන්ගන්න වැඩේ. (නි)

:       0       0

රොහාන් Tuesday, 20 August 2013 08:17 PM

ඇයි ගැලවීමේ හමුදාවට දුන්නේ? (නි)

:       0       0

මහින්ද Tuesday, 20 August 2013 08:29 PM

මේ දෙන්නව නැවත එක්කරන්න බලමු දරුවන් දෙදෙනාත් සමග (නි)

:       0       0

රූපවතී Tuesday, 20 August 2013 09:26 PM

නිමල්,ඔයාව නම් අර අලි වැටෙන් එහාටම තමයි ගිහින් දමන්න ඕනෑ. මම ලංකාවේ පදිංචියක් නැති නිසා ටිකක් අමාරුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 738 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 870 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1592 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2018 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 513 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1056 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35808 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site