IMG-LOGO

2025 අප්‍රේල් මස 11 වන සිකුරාදා


දේශබන්දුට විරුද්ධව යෝජනාවක් ගේන්නේ කොහොමද?

(සුජිත් හේවාජුලිගේ)

දේශබන්දු  තෙන්නකෝන් මහතාගේ බලය  ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් නැතිකර අැති  හෙයින් ඔහු  නොදරන  පොලිස්පති ධූරයක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට මන්ත්‍රීවරුන්ට බලයක් නොමැති බව හිටපු අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

එසේම අධිකරණයේ විභාග වෙමින් පවතින නඩු කටයුත්තක් සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට  හෝ  ඒ පිළිබඳව කතා කිරීමට  මන්ත්‍රීවරුන්  ස්ථාවර නියෝග මගින්  වළකා ඇති තත්වය යටතේ  කතානායකවරයාට එවැනි යෝජනාවක් බාර ගැනීමට බලයක් නොමැති බවද  ඔහු සඳහන් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චය මණ්ඩලයක්  පොලිස්පතිවරයාගේ කටයුතු නතර කර ඇති හෙයින් කමිටුවක සභාපති ධූරය දරන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකුට තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරය දරන්නේය යන පදනම මත හිද  ඔහු ඉවත් කිරීම  සුදුසු බවට නිර්දේශ කළ හැකිදැයි විජයදාස රාජපක්ෂ මහතා ප්‍රශ්න කළේය.

පාර්ලිමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝග කළ නොහැකි නමුත් ඉහත යෝජනාව අනුමත කළහොත් ඉන් අදහස් වන්නේ දේශබන්දු  තෙන්නකෝන් මහතාගේ  පත්වීම නිවැරදි බව  යැයි  පැවසූ රාජපක්ෂ මහතා දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පොලිස්පති ධූරය අත්හිටුවීමට  ශ්‍රේෂ්ඨාධිකරණය ගත් තීරණයද  පාර්ලිමේන්තුව නොපිළිගන්නා බව  ඉන් ගම්‍ය වන්නේ යැයි  ප්‍රකාශ කළේය.

විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පවසන්නේ රාජකාරී කටයුතු අත්හිටවනු ලැබූ  පොලිස්පති දේශබන්දු  තෙන්නකෝන් මහතාට එරෙහිව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.



අදහස් (11)

දේශබන්දුට විරුද්ධව යෝජනාවක් ගේන්නේ කොහොමද?

උකුස්සා Monday, 31 March 2025 06:07 PM

මෙයා එන්නේ හොඳකට නෙමෙයි, අහුවෙන්න එපා...!

:       18       47

කෞෂි Monday, 31 March 2025 07:16 PM

හැමදේම දන්න, නමුත් කිසිදෙයක් නොකරන, ඔක්සිජන් අපරාදේ වැයවන අපේ කාලයේ ප්‍රාඥයා...

:       13       42

Sumudu Tuesday, 01 April 2025 01:23 AM

නූගත් ජෙප්පොන්ට ඕක තේරුම් ගන්න පුළුවන්නම් ඉතින්!

:       0       0

Perera Tuesday, 01 April 2025 05:06 AM

මේ ඩීල් දාසගේ පණ්ඩිතකම් වලින් අපිට වැඩක් නැහැ.

:       0       6

wimal Tuesday, 01 April 2025 05:26 AM

ටයි කෝට් බලල්ලුත් සාක්කි! ඒවා මිනිස්සු ගැලෙව්වනෙ.

:       0       7

kamal Tuesday, 01 April 2025 05:38 AM

මේ දවස්වල හැමදේම රටට් සාපයක් .ඒකාලේ මේගොල්ලෝ නීතිය භාවිතා කළහැටි මතකද

:       0       5

සොරිසේන Tuesday, 01 April 2025 07:38 AM

මූ නීතිය නැට්ටෙන් අල්ලගෙන වනනවා වගේ.

:       0       8

කොරලගේ Tuesday, 01 April 2025 07:41 AM

මෙයා හැමදාම කලේ චන්දයක් එනකොට දිනන පැත්තට පැන පැන ඇමතිකමක් අරගෙන මහජනතාවට කොකා පෙන්නල කපටිකමින් හම්බුකර ගත්ත එකයි.අමු කපටියෙක්.

:       1       7

Wimal Tuesday, 01 April 2025 07:56 AM

බලල්ලුත් සාක්කි කිව්වලු.

:       0       8

කපුරු හාම් Tuesday, 01 April 2025 01:03 PM

දූෂිත පවුල් පාලනේ උන්ව රකින්ඩ තමුන් ගහපු ඩීල් ගැනත් දන්නෝ හොන්දාකාරවම දනිති .එතකොට කිසිම අවුලක් නැතුව ඇති?

:       1       1

Chathuri Tuesday, 01 April 2025 04:55 PM

උබලා. මේරටට මේ තරම් විනාසයක් කෙරුවේ. දන්නවා නීතියක් නැත් නිසා. අපිට බේරේන්න පුලුවන් කියලා. ඒත් ගොබ්බයිනි. දැන්තුනෙන් දෙකක් නෙමේ තුනම තියෙන්නෙ අනුරගෙ අතේ. ඉතින්. නැති. නිතියක් නැති බලයක් ක්ශනයෙන් හදන්න පුලුවන්. ඉස්සර නටපු නැටිලි. උබලටම ගිය රටනෙ. දැන් ඒවා. බැහැ මුලු පාර්ලිමේන්තුවම. මාලිමාවට. වැඩිය කයිවාරුගහන්න එපා. අර් නිතිය නැහැ මේ නිතිය නැහැ කියලා නීති හදලා. ජනතාවගෙ කැමැත්ත අර්න්. මුලු හොර නඩේම. එක රැයින් අත් අඩන්ගුවට. අර ගන්න පුලුවන් දේපල. රාජ සන්තක. කරන්න පුලුවන්. කට්ටියම පරිස්සමින්. ඉන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 976 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 214 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 391 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 407 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 481 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 852 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 83 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 431 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 922 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site