IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නාගයාට කුලියාපිටියේ සැත්කමක්

හිසෙහි ගෙඩියක් හටගෙන තිබූ නාගයකු කුලියාපිටිය පශු වෛද්‍ය කාර්යාලයයේ දී අද (02) සාර්ථක සැත්කමකට ලක් කළ බව පශු වෛද්‍ය නිලධාරිනී රුවිනි විජේසිංහ මහත්මිය පැවසුවාය.

රසීමාවාසික පශූ වෛද්‍ය නිලධාරී රුවන් දුමිඳු කුමාර මහතාගේ ද සහායෙන් කුලියාපිටිය පශුවෛද්‍ය නිලධාරී රුවිනි විජේසිංහ මහත්මිය මේ සැත්කම සිදු කළාය.

‘නාගයාගේ දකුණු ඇසට ඉහළින් ඇස ආසන්නයේ මස් වැදැල්ලක් වැනි කුඩා ගෙඩියක් හට ගෙන තිබුණා. එය ඉතා වේදනාකාරී වන්නට ඇති. අප නාගයා නිර්වින්දනය කොට එම මස් වැදැල්ල කපා දැමුවා. මස් වැදැල්ලේ කොටස් පර්යේෂණ කටයුතු සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පශු වෛද්‍ය පීඨයට යොමු කරනවා. ‘

 

 



අදහස් (0)

නාගයාට කුලියාපිටියේ සැත්කමක්

අරුන Wednesday, 02 April 2014 04:04 PM

හොඳ වැඩක්. ඒත් සනීපාරක්ෂක ක්‍රම ගැනත් හිතුවනම් නේද හොඳයි කියලයි මට හිතෙන්නේ. (ස)

:       0       0

චින්තක Wednesday, 02 April 2014 04:09 PM

ඇත්තෙන්ම ගොඩක් හොඳ දෙයක්. (ස)

:       0       0

තනුජා Thursday, 03 April 2014 02:26 PM

හුගක් හොඳ වැඩක් කරලා තියෙන්නේ. මොන සතාට වුණත අයිතියක් තියනවා ජීවත් වෙන්න. කාටවත් අයිතියක් නැහැ කාගෙවත් ජිවිතයක් නැති කරන්න. අපේ මිනිස්සුන්ගේ කරුණාවක් නැතිකම නිසා තමයි බොරුවට ආරක්ෂාවට කියලා නිකරුනේ අහිංසක සත්තු මරලා දාන්නේ. (නි)

:       0       0

කුමාර Wednesday, 02 April 2014 04:43 PM

ගොඩක් පින් සිද්ධ වෙන වැඩක්. (ස)

:       0       0

සිරියලතා කෙන්යා Wednesday, 02 April 2014 05:02 PM

ධම්මගේ කතාව අහල මම තනියෙම හිනා වෙනවා. මොනවා වුණත් ඇත්ත තමා. (ස)

:       0       0

සුසී Thursday, 03 April 2014 01:20 AM

ලංකාදීප පින්තූර ගත්තට ස්තුතියි. මුළු ලෝකෙටම මේ ෆොටෝස් බලන්න පුළුවන් බවත් ඔබල දන්නවා,මා යුරෝපයේ සිටයි මේ ලියන්නේ. අත් වෙසුම් නොදැමීම ලොකු වරදක්. ඒත් කලේ ලොකු පින්කමක්.(නදී)

:       0       0

ශාන්ති Thursday, 03 April 2014 01:35 AM

පින් සිදු වෙන වැඩක්.(නදී)

:       0       0

චමින්ද Friday, 04 April 2014 08:35 AM

මැක්ස් ඔබේ තර්කය හරියටම හරි මාත් ඊට එකඟයි. (නදී)

:       0       0

සුසන්ත - ඉතාලිය Thursday, 03 April 2014 02:37 AM

අත්වැසුම් පාවිච්චි කලොත් තමා ගොඩක් වටින්නෙ. නයාට මොන ලෙඩ තියෙනවද දන්නෙ නැහැ.(නදී)

:       0       0

රොචින් දි සොයිසා Thursday, 03 April 2014 02:51 AM

නයාට වඩා අන්ත අසරන මිනිසුන්ට තුවාලයට බේහෙතක් නැති කලෙක කරන විගඩන්. ඇත්තටම බොරු වැඩක් නයා මම දැක්කනම් නයි ආත්මෙන් සමු ගෙන.(නදී)

:       0       0

ලලින් Thursday, 03 April 2014 03:12 AM

ඔක්කොම හොඳයි. ඒත් සනීපාරක්ෂක අත් වැසුම් පාවිච්චි කරනවා නම් දෙගොල්ලන්ටම හොඳයි.(නදීී)

:       0       0

රාණා Thursday, 03 April 2014 03:28 AM

ලොකු පොඩි, දික්, මහා සියලු සතුනට එකසේ කරුණාව දක්වන්නෝ බුදුන්ගේ දේශනයට අනුකුලව ක්‍රියාකරන්නෝ වෙති. මෙත් වැඩිම බලවත්ම කුසලයයි. මේ උදවිය මෙලෙස හෝ දැකීමත් හරිම සතුටක්.(නදී)

:       0       0

වරුන දෙව්පුර Wednesday, 02 April 2014 05:52 PM

ලංකාවෙ අපි ලෝකයේ අන් අයට වඩා ගොඩාක් වෙනස් නේ. (නි)

:       0       0

මිහිර Thursday, 03 April 2014 04:01 AM

චමිල අහල තියෙනවද බුදුන්ට සෙවන දුන් මුචලින්ද නාග රාජයා ගැන. මිනිස්සු වගේ නෙමෙයි නයි දෂ්ට කරන්නේ තමන්ට අනතුරකින් බේරෙන්න සහජයෙන් ලැබුන ආරක්ෂාකාරී උපක්‍රමයක් ලෙස.(නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Wednesday, 02 April 2014 06:00 PM

ගොඩක් පින් සිදුවෙන වැඩක් කරලා තියෙන්නේ. ඔබේ දෑතට දෙවි පිහිටයි. ධම්ම, කතාව මසුරන් වටී.ඇත්තෙන්ම මාත් මෙහෙම දෙයක් දැක්කමයි. (නි)

:       0       0

කොබවක විමලධම්ම හිමි Thursday, 03 April 2014 05:30 AM

අපේ රටේ අහන්න සතුටු පින් ඇති දේවල් සිද්ද වෙනවා වගේම ඒවා කියවන්න කැමැති අයත් ඉන්නවා.(නදී)

:       0       0

විදානගම Thursday, 03 April 2014 05:56 AM

විෂ ඝෝර සර්පයා දැක නෑර මෝඩයා. දත් හැලුනත් නයා නයාමයි.(නදී)

:       0       0

පහන් Thursday, 03 April 2014 05:59 AM

කෝ අනේ පෙනේ ?පෙනේ නො පෙනේ අනේ.(නදී)

:       0       0

විදානගම Wednesday, 02 April 2014 06:29 PM

මම නම් මස් කන්නේ නැහැ. එහෙත් විසකුරු සර්පයින් නම් දුටුතැන මරනවා.අහිංසක මිනිසෙක් කෑවොත් එහෙම? ඒකයි. (නි)

:       0       0

පියුමි Thursday, 03 April 2014 08:08 AM

ලොකු පිනක්. හැබැයි නයි බෝ වෙලා මිනිස්සුන්ට, පොඩි ළමයින්ට දෂ්ට කරන්න ගත්තහම තමයි ප්‍රශ්නේ. (නි)

:       0       0

දසනායක Thursday, 03 April 2014 08:08 AM

දකින දකින තැන ඉන්න සත්තු මරන එකට නෙමෙයි, විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා කියන්නේ. සමහර මෝඩයෝ මෙහෙම කියලා කැළේ ඉන්න සර්පයාත් මරනවා. එතකොට එයා ඉන්නේ කොහෙද? (නි)

:       0       0

පහන් Wednesday, 02 April 2014 06:45 PM

එක්කෙනෙක් වත් අත් වැසුම් දාගෙන නෙමේ සැත්කම කරන්නේ .නයාට මොන ලෙඩක් බෝවෙයිද මන්ද . (දී)

:       0       0

පහන් Wednesday, 02 April 2014 06:46 PM

විදානගම, නරකද අළුගෝසු තනතුරට ඉල්ලුම් කළොත්? (නි)

:       0       0

සරත් Thursday, 03 April 2014 08:26 AM

මහඟු පින්කමකි. ඔබට පින් අසරණ සතාට පිහිට වුණාට (නි)

:       0       0

කුමාරි Wednesday, 02 April 2014 06:49 PM

අනේ විදානගම, ඔයා මහා ආත්මාර්ථකාමී කෙනෙක්. මේ ලෝකයේ අපිට වගේම අනෙක් සතුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තිබෙනවා. සර්පයින්ට හිංසාවක් නොකළොත් උන් දෂ්ට කරන්නෙ නැහැ. අමතක කරන්න එපා ප්‍රාණඝාතය මහා අකුසල කර්මයක්. (නි)

:       0       0

ටෙනිසන් Thursday, 03 April 2014 08:27 AM

විදානගම, ඔයාගේ අදහසේ පැහැදිලි අරුත ගැන ඔයාට වැටහීමක් නැහැ නේද? එහි ගැබ්වෙලා තිබෙන්නේ විශාල අරුතක්. එය පැහැදිලි කරන්න මම උගත් මදි.කාගෙන් හරි අහලා දැනගන්න. (නි)

:       0       0

මහී Thursday, 03 April 2014 08:40 AM

ඔබට බොහොමත්ම පින්! (නි)

:       0       0

මහානාම Thursday, 03 April 2014 08:40 AM

ඉතාම පින් අතේ කටයුත්තක් (නි)

:       0       0

පුමී Thursday, 03 April 2014 08:45 AM

ඔහොම හිතනවා නම් ඩෙංගු බෝ කරන මදුරුවෝ මරන එකත් පවු (නි)

:       0       0

ලක්ෂ්මන් ජයවර්ධන Thursday, 03 April 2014 08:54 AM

මට මතක් වුනෙත් බුද්ධදාස රජතුමා නයෙකුට වෙදකම් කළ කතාවමයි.මේ පුවත ලොවටම ආදර්ශයක් වේවා! කුමාර,රුවිනි,මහත්ම මහත්මීන්ට අනෙක් ඇත්තන්ට, පින් සිදුවේවා! (නි)

:       0       0

සිසිර Thursday, 03 April 2014 09:30 AM

අපිටත් ආඩම්බරයි අපිත් කුලියාපිටියේ නේ. (ස)

:       0       0

දිනේෂ් Thursday, 03 April 2014 09:41 AM

"විදානගම" විතරක් නෙවෙයි. ලංකාවෙ 80% විතර මිනිස්සු සර්පයෙක් දැකපු ගමන් මරල දානවා... හරිම ආත්මාර්තකාමී මිනිස්සු ලංකාවෙ ඉන්නෙ.... (ස)

:       0       0

නවිදු සචින්තක Thursday, 03 April 2014 09:45 AM

ඇත්තටම සතුටක් මෙවන් පුද්ගලයෝ රට තුළ සිටීම ගැන.. ඔවුන්ට අපි සැවොම එක් වී ශක්තියක් වෙමු. තවත් මෙවන් දේ සිදු කිරීමට. (ස)

:       0       0

විද්‍යා Wednesday, 02 April 2014 08:22 PM

ඉතාම අගේ ඇති වැඩක්. නාගයෙකු සමග කටුතු කරන කොට ග්ලව්ස් පාවිච්චි කලොත් හොදයි නේද? (දී)

:       0       0

චමිලා Wednesday, 02 April 2014 08:24 PM

මේ ලෝකයේ මම අකමැතිම සහ පිලිකුල්ම සතා නාගය.(දී)

:       0       0

මෙත්ත Wednesday, 02 April 2014 08:31 PM

අත් වැසුම් පාවිච්චි කරන්න මෙවැනි වැඩ කරනකොට (දී)

:       0       0

Jeewa Wednesday, 02 April 2014 08:42 PM

ඔය සර්පයෝ පිළිකුල් කරන කව්රු කව්රුත් ගිය අත්මවල සර්පයෝ වෙලා ඉඳලත් ඇති. ලබන ආත්ම වලත් සර්පයෝ වෙලා උපදින්නත් පුළුවන් කියල මතක තියාගන්න. (දී)

:       0       0

චන්ද්‍රා නන්ද Wednesday, 02 April 2014 08:46 PM

මොන තරම් ප්‍රභලයෙක් උනත් දැක්කද අසරණ උනාම වෙන දේ? (දී)

:       0       0

චම්පි නිස්සංක Wednesday, 02 April 2014 08:49 PM

මමනම් නයින්ට කැමති. දොස්තරට පින් සිදු වෙනවා (දී)

:       0       0

නන්දන දීරසිංහ Wednesday, 02 April 2014 08:53 PM

පින්......(දී)

:       0       0

චන්දන මල්ලවාරච්චි Wednesday, 02 April 2014 09:04 PM

ඇත්තෙන්ම ගොඩාක් සතුටුයි (දී)

:       0       0

මැක්ස් Wednesday, 02 April 2014 09:13 PM

විදානගම, මිනිස්සුන්ව කයි කියල සර්පයින්ව මරනවා වගේ උන්ටත් අපෙන් කරදර වෙයි කියල බයට තමයි උන් අපිව කන්නෙත්. නෙතිව බඩගින්නට නෙවෙයි නෙ.. මේ ලෝකේ සත්තුන්ටත් අයිතියි . (දී)

:       0       0

රෝයි Wednesday, 02 April 2014 09:30 PM

ඉතාම අගය කල යුතු වැඩක්, සතෙක්ට උනත් වේදනාවක් දැනෙනවනේ, (දී)

:       0       0

ව.ප්.ස. වීරවර්ධන Thursday, 03 April 2014 11:54 AM

හොඳ වැඩක්. ඔබට දෙවි පිහිටයි! (නි)

:       0       0

මුතුනායක Wednesday, 02 April 2014 09:38 PM

විද්‍යාවද මනුස්සකමද (දී)

:       0       0

පිටිගල Wednesday, 02 April 2014 10:02 PM

මටත් බුද්ධදාස රජතුමා ගැන මතක් උනා. නූතන බුද්ධදාස වෙදැදුරු දෙපලට මගේ ශීර්ෂ ප්‍රණාමය!(දී)

:       0       0

පද්මිණි Wednesday, 02 April 2014 10:17 PM

මේ අයත් බුද්ධ දාස පරපුරට නෑකම් කියනවද දන්නේ නැහැ. කුලියාපිටිය, පඬුවස්නුවර අතීතයේ රාජධානියක්. බොහොම පින් ඔය දෙපොලට. (දී)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 02 April 2014 10:32 PM

දෑතේ වැසුමක් නොමැතිව හිරිකිත, අප්පිරියාවක් නොමැතිව ඔබ කර මේ සේවය අති විශිෂ්ඨයි (දී)

:       0       0

ලේක්කෝ ගලබඩ Wednesday, 02 April 2014 03:36 PM

බදුල්ල රෝහලේ කාර්ය මණ්ඩලයට මේ පුවත ආදර්ශයක් වේවා.(ස)

:       0       0

ධම්ම Wednesday, 02 April 2014 03:40 PM

බුද්ධදාස රජ්ජුරුවන්ගෙන් පස්සේ මෙහෙම දෙයක් කළ කෙනෙක් ගැන ඇහුවමයි. පින්සිදු වේවා! (ස)

:       0       0

කුමාරි Wednesday, 02 April 2014 03:56 PM

ඇත්තටම ධම්ම මටත් බුද්ධදාස රජතුමා මතක් වුණා. හැමටම තෙරුවන් සරණයි! (ස)

:       0       0

ජයම්පති Wednesday, 02 April 2014 04:00 PM

මේ වගේ දේවල් කරන එක ගොඩක් පින්. (ස)

:       0       0

දිනේෂිකා‍ Friday, 04 April 2014 03:56 AM

පින් සිදුවෙන වැඩක් (නි)

:       0       0

නිමල් -කුවේට් Wednesday, 02 April 2014 04:03 PM

ගොඩක් වටිනා කියන පුවතක්. ලෝකේ අනිත් මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු ගතිගුණ අතින් ගොඩක් වෙනස්. (ස)

:       0       0

මහේන්ද්‍ර Wednesday, 02 April 2014 11:22 PM

නියමයි! (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 367 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2633 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1991 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 209 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1209 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1321 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26925 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23512 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site