හිසෙහි ගෙඩියක් හටගෙන තිබූ නාගයකු කුලියාපිටිය පශු වෛද්‍ය කාර්යාලයයේ දී අද (02) සාර්ථක සැත්කමකට ලක් කළ බව පශු වෛද්‍ය නිලධාරිනී රුවිනි විජේසිංහ මහත්මිය පැවසුවාය.
රසීමාවාසික පශූ වෛද්‍ය නිලධාරී රුවන් දුමිඳු කුමාර මහතාගේ ද සහායෙන් කුලියාපිටිය පශුවෛද්‍ය නිලධාරී රුවිනි විජේසිංහ මහත්මිය මේ සැත්කම සිදු කළාය.
‘නාගයාගේ දකුණු ඇසට ඉහළින් ඇස ආසන්නයේ මස් වැදැල්ලක් වැනි කුඩා ගෙඩියක් හට ගෙන තිබුණා. එය ඉතා වේදනාකාරී වන්නට ඇති. අප නාගයා නිර්වින්දනය කොට එම මස් වැදැල්ල කපා දැමුවා. මස් වැදැල්ලේ කොටස් පර්යේෂණ කටයුතු සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ පශු වෛද්‍ය පීඨයට යොමු කරනවා. ‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකින දකින තැන ඉන්න සත්තු මරන එකට නෙමෙයි, විෂඝෝර සර්පයා දැක නෑර මෝඩයා කියලා කියන්නේ. සමහර මෝඩයෝ මෙහෙම කියලා කැළේ ඉන්න සර්පයාත් මරනවා. එතකොට එයා ඉන්නේ කොහෙද? (නි)
දෑතේ වැසුමක් නොමැතිව හිරිකිත, අප්පිරියාවක් නොමැතිව ඔබ කර මේ සේවය අති විශිෂ්ඨයි (දී)
නියමයි! (නදී)
ලංකාදීප පින්තූර ගත්තට ස්තුතියි. මුළු ලෝකෙටම මේ ෆොටෝස් බලන්න පුළුවන් බවත් ඔබල දන්නවා,මා යුරෝපයේ සිටයි මේ ලියන්නේ. අත් වෙසුම් නොදැමීම ලොකු වරදක්. ඒත් කලේ ලොකු පින්කමක්.(නදී)
පින් සිදු වෙන වැඩක්.(නදී)
අත්වැසුම් පාවිච්චි කලොත් තමා ගොඩක් වටින්නෙ. නයාට මොන ලෙඩ තියෙනවද දන්නෙ නැහැ.(නදී)
නයාට වඩා අන්ත අසරන මිනිසුන්ට තුවාලයට බේහෙතක් නැති කලෙක කරන විගඩන්. ඇත්තටම බොරු වැඩක් නයා මම දැක්කනම් නයි ආත්මෙන් සමු ගෙන.(නදී)
ඔක්කොම හොඳයි. ඒත් සනීපාරක්ෂක අත් වැසුම් පාවිච්චි කරනවා නම් දෙගොල්ලන්ටම හොඳයි.(නදීී)
ලොකු පොඩි, දික්, මහා සියලු සතුනට එකසේ කරුණාව දක්වන්නෝ බුදුන්ගේ දේශනයට අනුකුලව ක්‍රියාකරන්නෝ වෙති. මෙත් වැඩිම බලවත්ම කුසලයයි. මේ උදවිය මෙලෙස හෝ දැකීමත් හරිම සතුටක්.(නදී)
චමිල අහල තියෙනවද බුදුන්ට සෙවන දුන් මුචලින්ද නාග රාජයා ගැන. මිනිස්සු වගේ නෙමෙයි නයි දෂ්ට කරන්නේ තමන්ට අනතුරකින් බේරෙන්න සහජයෙන් ලැබුන ආරක්ෂාකාරී උපක්‍රමයක් ලෙස.(නදී)
අපේ රටේ අහන්න සතුටු පින් ඇති දේවල් සිද්ද වෙනවා වගේම ඒවා කියවන්න කැමැති අයත් ඉන්නවා.(නදී)
විෂ ඝෝර සර්පයා දැක නෑර මෝඩයා. දත් හැලුනත් නයා නයාමයි.(නදී)
කෝ අනේ පෙනේ ?පෙනේ නො පෙනේ අනේ.(නදී)
ලොකු පිනක්. හැබැයි නයි බෝ වෙලා මිනිස්සුන්ට, පොඩි ළමයින්ට දෂ්ට කරන්න ගත්තහම තමයි ප්‍රශ්නේ. (නි)
මේ අයත් බුද්ධ දාස පරපුරට නෑකම් කියනවද දන්නේ නැහැ. කුලියාපිටිය, පඬුවස්නුවර අතීතයේ රාජධානියක්. බොහොම පින් ඔය දෙපොලට. (දී)
මහඟු පින්කමකි. ඔබට පින් අසරණ සතාට පිහිට වුණාට (නි)
විදානගම, ඔයාගේ අදහසේ පැහැදිලි අරුත ගැන ඔයාට වැටහීමක් නැහැ නේද? එහි ගැබ්වෙලා තිබෙන්නේ විශාල අරුතක්. එය පැහැදිලි කරන්න මම උගත් මදි.කාගෙන් හරි අහලා දැනගන්න. (නි)
ඔබට බොහොමත්ම පින්! (නි)
ඉතාම පින් අතේ කටයුත්තක් (නි)
ඔහොම හිතනවා නම් ඩෙංගු බෝ කරන මදුරුවෝ මරන එකත් පවු (නි)
මට මතක් වුනෙත් බුද්ධදාස රජතුමා නයෙකුට වෙදකම් කළ කතාවමයි.මේ පුවත ලොවටම ආදර්ශයක් වේවා! කුමාර,රුවිනි,මහත්ම මහත්මීන්ට අනෙක් ඇත්තන්ට, පින් සිදුවේවා! (නි)
අපිටත් ආඩම්බරයි අපිත් කුලියාපිටියේ නේ. (ස)
"විදානගම" විතරක් නෙවෙයි. ලංකාවෙ 80% විතර මිනිස්සු සර්පයෙක් දැකපු ගමන් මරල දානවා... හරිම ආත්මාර්තකාමී මිනිස්සු ලංකාවෙ ඉන්නෙ.... (ස)
ඇත්තටම සතුටක් මෙවන් පුද්ගලයෝ රට තුළ සිටීම ගැන.. ඔවුන්ට අපි සැවොම එක් වී ශක්තියක් වෙමු. තවත් මෙවන් දේ සිදු කිරීමට. (ස)
හොඳ වැඩක්. ඔබට දෙවි පිහිටයි! (නි)
හුගක් හොඳ වැඩක් කරලා තියෙන්නේ. මොන සතාට වුණත අයිතියක් තියනවා ජීවත් වෙන්න. කාටවත් අයිතියක් නැහැ කාගෙවත් ජිවිතයක් නැති කරන්න. අපේ මිනිස්සුන්ගේ කරුණාවක් නැතිකම නිසා තමයි බොරුවට ආරක්ෂාවට කියලා නිකරුනේ අහිංසක සත්තු මරලා දාන්නේ. (නි)
පින් සිදුවෙන වැඩක් (නි)
මැක්ස් ඔබේ තර්කය හරියටම හරි මාත් ඊට එකඟයි. (නදී)
අනේ විදානගම, ඔයා මහා ආත්මාර්ථකාමී කෙනෙක්. මේ ලෝකයේ අපිට වගේම අනෙක් සතුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තිබෙනවා. සර්පයින්ට හිංසාවක් නොකළොත් උන් දෂ්ට කරන්නෙ නැහැ. අමතක කරන්න එපා ප්‍රාණඝාතය මහා අකුසල කර්මයක්. (නි)
බුද්ධදාස රජ්ජුරුවන්ගෙන් පස්සේ මෙහෙම දෙයක් කළ කෙනෙක් ගැන ඇහුවමයි. පින්සිදු වේවා! (ස)
ඇත්තටම ධම්ම මටත් බුද්ධදාස රජතුමා මතක් වුණා. හැමටම තෙරුවන් සරණයි! (ස)
මේ වගේ දේවල් කරන එක ගොඩක් පින්. (ස)
ගොඩක් වටිනා කියන පුවතක්. ලෝකේ අනිත් මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු ගතිගුණ අතින් ගොඩක් වෙනස්. (ස)
හොඳ වැඩක්. ඒත් සනීපාරක්ෂක ක්‍රම ගැනත් හිතුවනම් නේද හොඳයි කියලයි මට හිතෙන්නේ. (ස)
ඇත්තෙන්ම ගොඩක් හොඳ දෙයක්. (ස)
ගොඩක් පින් සිද්ධ වෙන වැඩක්. (ස)
ධම්මගේ කතාව අහල මම තනියෙම හිනා වෙනවා. මොනවා වුණත් ඇත්ත තමා. (ස)
ලංකාවෙ අපි ලෝකයේ අන් අයට වඩා ගොඩාක් වෙනස් නේ. (නි)
ගොඩක් පින් සිදුවෙන වැඩක් කරලා තියෙන්නේ. ඔබේ දෑතට දෙවි පිහිටයි. ධම්ම, කතාව මසුරන් වටී.ඇත්තෙන්ම මාත් මෙහෙම දෙයක් දැක්කමයි. (නි)
මම නම් මස් කන්නේ නැහැ. එහෙත් විසකුරු සර්පයින් නම් දුටුතැන මරනවා.අහිංසක මිනිසෙක් කෑවොත් එහෙම? ඒකයි. (නි)
එක්කෙනෙක් වත් අත් වැසුම් දාගෙන නෙමේ සැත්කම කරන්නේ .නයාට මොන ලෙඩක් බෝවෙයිද මන්ද . (දී)
විදානගම, නරකද අළුගෝසු තනතුරට ඉල්ලුම් කළොත්? (නි)
බදුල්ල රෝහලේ කාර්ය මණ්ඩලයට මේ පුවත ආදර්ශයක් වේවා.(ස)
ඉතාම අගේ ඇති වැඩක්. නාගයෙකු සමග කටුතු කරන කොට ග්ලව්ස් පාවිච්චි කලොත් හොදයි නේද? (දී)
මේ ලෝකයේ මම අකමැතිම සහ පිලිකුල්ම සතා නාගය.(දී)
අත් වැසුම් පාවිච්චි කරන්න මෙවැනි වැඩ කරනකොට (දී)
ඔය සර්පයෝ පිළිකුල් කරන කව්රු කව්රුත් ගිය අත්මවල සර්පයෝ වෙලා ඉඳලත් ඇති. ලබන ආත්ම වලත් සර්පයෝ වෙලා උපදින්නත් පුළුවන් කියල මතක තියාගන්න. (දී)
මොන තරම් ප්‍රභලයෙක් උනත් දැක්කද අසරණ උනාම වෙන දේ? (දී)
මමනම් නයින්ට කැමති. දොස්තරට පින් සිදු වෙනවා (දී)
පින්......(දී)
ඇත්තෙන්ම ගොඩාක් සතුටුයි (දී)
විදානගම, මිනිස්සුන්ව කයි කියල සර්පයින්ව මරනවා වගේ උන්ටත් අපෙන් කරදර වෙයි කියල බයට තමයි උන් අපිව කන්නෙත්. නෙතිව බඩගින්නට නෙවෙයි නෙ.. මේ ලෝකේ සත්තුන්ටත් අයිතියි . (දී)
ඉතාම අගය කල යුතු වැඩක්, සතෙක්ට උනත් වේදනාවක් දැනෙනවනේ, (දී)
විද්‍යාවද මනුස්සකමද (දී)
මටත් බුද්ධදාස රජතුමා ගැන මතක් උනා. නූතන බුද්ධදාස වෙදැදුරු දෙපලට මගේ ශීර්ෂ ප්‍රණාමය!(දී)