ගල්ගමුව අලුත්හේනේගම වැව් ඉස්මත්තේ නිවසක් පිටුපස නිධානයක් හාරමින් සිටි දෙදෙනෙක් ගල්ගමුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් පවසන්නේ වතුර ලබා ගැනීම සඳහා ළිඳක් හෑරූ බවයි. එහි තිබී අනුරාධපුර යුගයට අයත් සෙල්ලිපියක් ද සොයාගෙන ඇත.
ගල්ගමුව අලුත්හේනේගම වැව් ඉස්මත්තේ නිවසක් පිටුපස නිධානයක් හාරමින් සිටි දෙදෙනෙක් ගල්ගමුව පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් පවසන්නේ වතුර ලබා ගැනීම සඳහා ළිඳක් හෑරූ බවයි. එහි තිබී අනුරාධපුර යුගයට අයත් සෙල්ලිපියක් ද සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ශිලා ලේඛණ හා වෙනත් භෞතික පුරා විද්යාත්මක සාධක රැකගැනීම ඉතා වැදගත් වන්නේ ඒක පාක්ෂිකව ලියා ඇති ඉතිහාස වංශ කතා පොත්වල බයිලා පොත් තරමටවත් වැදගත් කමක් නැති නිසායි. (නදී)
ජීවිතය ඉල්ලලා කරපු යාදිනි වෙඩි හඩ අහල තියෙනවයි කියන ...........අසූ ගනන් වල වැඩ කලෙ ප්‍රා එකේද ? (දී)
නංගි බැන්නට මම ගණන් ගන්නේ නැහැ.මොකද මම දන්නවා නංගි මට බනින්නේ ආදරේට කියල..මාත් ඔය එක එක රටවල ඉදල තියෙනවා..අනේ නංගියේ එ උනාට මේ රටේ වගේ නිදහසක් සුවයක් හිතට ඒ කොයි රටකවත් දැනෙන්නේ නැහැ.අහලකින්වත් තියන්න බැහැ..මගේ උපන් රටට මම ආදරෙයි නංගියේ වැදූ මවට වගේම.මගේ ජීවිත කාලේ මම මරපු හැටි මරණ හැටි පාවල දීම් මල මිනී ලේ ගංගා දැකල තියෙනවා.හඩා වැටීම් ජීවිතය ඉල්ලලා කරපු යාදිනි වෙඩි හඩ බෝම්බ හඩ හොදට අහල තියෙනවා.. .අයෙත් ඒවා අපේ රටේ දකින්න අහන්න ආසාවක් මගෙනම් තුන් හිතකවත් නැහැ..ඒ හින්දයි ඔයා ඔය පතන නිදහසට මම විරුද්ද වෙන්නේ නංගියෝ...මට ඕන සාමකාමී රටක් දකින්න..අර අරාබියේ වගේ එකිනෙකා ඇන කොටගෙන විනාස වෙන විදියේ අරාබි වසන්ත වල සුව විදින සමාජයක් දකින්න නෙමෙයි .. (දී)
රූපවතී : ඔයාගේ හැඟීමම මටත් දැනිලා තියනවා. නිදහස කියන්නේ මොකක්ද කියලා ලංකාවෙන් එළියට ගිහින් දියුණු රටක කාලයක් නිදහස භුක්ති වින්ද කෙනෙකුට විතරයි තේරුම් ගන්න පුළුවන්. අපේ රටේ මිනිසුන් කොයි තරම් දුකක් විඳිනවද කියලා. මේ අය අපේ රට විනාශ කරනවා රට වැසියා ගොඩක් අනුවණ හා නිහඞ නිසා. රටේ ආර්ථික තත්වය පිරිහෙලා .. මිනිසුන්ට කන්න අඳින්න නැහැ. මේවට විරුද්ධව කතා කරන අය දිහා බලන්නේ රටේ සංවර්ධනයට විරුද්ධ පිරිස් විදියට.රට වැසියාට වෙනවා නිධානයක් වත් හාරන්න. නැතිනම් ජීවත් වෙන්න බැහැ. ඕනෑම රටක නීතිය අනුව පුරාවස්තු රජයට පවර ගන්න අයිතිය තියනවා. මේ තොරතුරු අනුව නම් පැහැදිලිවම ඔවුන් ලිඳක් නෙමේ හාරලා තියෙන්නේ. (ස)
බන්දුල මගේ සහෝදරයා උනත් එක දෙයක් කියන්න තියෙනවා.. ඔයා කොහොමද රුපවතිගේ අරවා මේ ගැන දන්නේ.(නදී)
බන්දුල පෙරේරා ..මම ඉන්නේ උපරිම නිදහස භුක්තිය විඳින්න පුළුවන් රටක...ඒ විඳින නිදහස දැක්කම..ලෝකේ එහා කෙලවරේ ඉදන්, ඔයාලා ,මගේ රටවැසියෝ විඳින දුක් දැක්කම හිතට හරිම දුකයි...මට කරන්න දෙයක් නැති වුණත් හිතේ දුකටයි මේ ලියන්නේ.රට ජාතිය ගැන ඇති ආදරයට, කැක්කුමට, නැති නම් අපිට කියලා නිදහස් රටක් තිබුනා නම් ඔයා කියනවා වගේ අනාගතේ බෙරේ වැවට ඔයාලට පනින්න වෙන් නැහැ.රතු පස්වලත් පහු ගිය කාලේ නිදහසේ පෙර නිමිති සටහන් වෙලා තිබුනේ ...?ඔයා හීනෙන් ඇවිදිනවා ...බන්දුල අයියේ .....?ඒක තමයි කොල්ලෝ කෙල්ලෝ ඔයාගේ හැරමිටියෙන් අදින්නේ හැමදාම .....? (ස)
කතාව ඇත්ත. නිදානයක් තමයි හාරලා තියෙන්නේ. ඇයි දෙවියනේ වතුර කියන්නේ මේ ලෝකෙට තියෙන වටිනාම නිදානයක් නේද ?(නදී)
නිධානයක් හැරුවා නම් කෝ නිධන් වස්තු? මේ ගොල්ලන් හොයාගෙන තියෙන්නේ පුරාවිද්‍යා ලොක්කන්ටත් හොයාගන්න බැරි දෙයක් නේ. මේ දෙන්නට සම්මානයක් දෙන්න වටිනා වැඩක්නේ කරලා තියෙන්නේ. අපරාදේ රිමාන්ඩ් කලේ. (ස)
ළිද කපන්නත් කලින් නාගෙන වගෙ. පව් අහිංසක මිනිස්සු (නි)
හොරෙන් නිදන් හැරීම නවතන්න එපා.කොහොමත් ඔය හොරුන්ට බොහොමයකම හම්බ වෙන්නේ,වලන් කටු හා සෙල් ලිපි.ඊට පස්සේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවට පුලුවන් එතනට ගිහින් දෙවනි පියවර අරබන්න.මේ ක්‍රමය පුරවිද්‍ය්වට ලෙහසි හා ලාබ ක්‍රමයක්.(නදී)
මට මේ අදහස් කියෙව්වාම තමා තේරෙන්නෙ, පත්තරයක පළවෙන එකම ප්‍රවෘත්තියක් කොයි තරම් විෂමාකාරයෙන්ද මිනිස්සු දකින්නේ කියලා. මට මතක් වෙනවා එල්ලාවල මේදානන්ද හාමුදුරුවෝ ප්‍රකාශ කලා, නිදන් ඇත්නම් ඒවා රජයේ මැදිහත් වීමෙන් ගොඩ ගෙන ආරක්ෂා කල යුතුයි කියලා. අවාසනාවට, පුරා වස්තු සම්බන්ධයෙන් රජය ගැන පැහැදීමක් ඇත්තේම නැති හින්දා, මිනිස්සු මෙම අදහස ප්‍රතික්ෂේප කලා. (නධී)
ලංකාවේ ශිලා ලේඛණ හා වෙනත් භෞතික පුරාවිද්යාත්මක සාධක රැකගැනීම ඉතා වැදගත් වන්නේ ඒක පාක්ෂිකව ලියා ඇති ඉතිහාස වංශ කතා පොත්වල බයිලා පොත් තරමටවත් වැදගත් කමක් නැති නිසායි. (නදී)
ලොකු ලොක්කෝ ලංකාවේ හැමතැනම තියන නිදන් ගන්නවා...තමුන්ගේ වත්තේ වළක් හාරපුවම අහිංසක මිනිස්සුන්ව අත්අඩංගුවට ගන්නවා.පොලිසියට කරන්න පුළුවන් ලොකුම දේ ඕක තමා..තමුන්ගේ ඉඩමේ තියනවනම් ඒ අයටම ඒවා දෙන්න ඕන.දැන් ඉන්න කවුරුවත් දාපු දේවල් නෙමේනේ.පන්සල් , පුජනිය දේවලට හානි නොකර පෞද්ගලික හැම දේම ඒ ඉඩම් වල අයටම දෙන්න ඕන..(අ)
සෙල්ලිපියක් හොයද්දි නිධානයක් හම්බුනොත් මට කියන්න (අ)
මේ විදියට ළිංහාරනවා කියපුවහම මට හිතුන මේක අලුත් ක්‍රමයක්ද කියල.
ඇත්තටම ළිදක් කැපුවද? (නි)
රූපවතී ඉන්න රටේ බේරේ වැවකුත් තියෙනවද? ඔයා ඉන්න රටේ ඔච්චර භීෂණයක් තියෙනවා නම් එන්න අනේ ලංකාවට. (නි)
සෑම කළු වලාවකම රිදී රේඛාවක් ඇත. (නි)
මේ බන්දුලනම් වැස්සකටවත් ඉස්කෝලෙකට ගිය කෙනෙක් නෙමෙයිද කොහෙද? (නි)
සජිත් මේවා තමයි රටේ උරුමය.(නදී) .
අචිනිට ..තේරුණා නේද දැන් ..ඔයාල අපි ..ඉන්නේ ..කීවත් නොකීවා සේ ...?වල පයයි ගොඩ පයයි කියලා. කෝ අපේ නිදහස? කතා කිරීමේ නිදහසවත් අපිට නැති අපේ කියාගත්තු,රටක ජීවත් වෙන්න වෙලාතියෙන්නේ ,අන්දයෝ බිහිරෝ ගොළුවෝ විදියට නම් ...ඇත්තටම අපි සුදුවෑන් එන්න පෙර බෙල්ලේ ගලක් බැදගෙන බේරේ වැවට පනිමු.(නදී)
මේ ආණ්ඩුව විතරක් නොවේ. පරණ ආන්ඩු කාලෙත් හොඳට නිදන් හෑරුවා.(නදී)
පොලිසියේ මහත්තුරු දන්නවද ඕක කියවන්න ?(නදී)
රුපවතිට සුදු වැන් එකක යන්න ඕනේ වෙලා වගෙයි.(නදී)
කෝ මේ සංවිදාන ආවේ නැද්ද?(නදී)
මම හිතුවේ රුපවතී අර වල හාර ගෙන ඉවරයි කියලා..දැන් තියෙන්නේ වලෙන් ප්‍රයෝජනේ ගන්න විතරයි කියල..කෝ මෙයා තාම ලංකාවටවත් ඇවිත් නැනේ.. (ස)
මේවා මොකටද නුවන් ඊළඟ පරම්පරාවට තියාගෙන කන්නද මට නම් තේරෙන්නේ නැහැ මේ ගස් ගල් තියාගෙන අපි මොනවා කරන්නද?(නදී)
ඇත්තටම කාටවත්ම බැරිද තමන්ගේ ගෙවත්තේ වළක් හාරගන්න..? මමත් මේ සැරේ ලංකාවට ගියාම වත්ත පුරාම වළවල් හාරලා බලන්න ඕනෑ. මම මොකටද කාගෙන් වත් අවසර ගන්නේ ..? ඔය දේශපාලන ලොක්කෝ බුරුතු පිටින් මහා දවාලේ අපේ ජාතික සම්පත් ඩෝසර් කරලා රජකාලේ වස්තුව ගෙනියන්නේ? එත කොට කමක් නැද්ද? (නි)
මේ වගේ අපේ ඵෙතිහාසික වැදගත්කමක් තියෙන දේවල් සොයා බලලා සුරකින්න ජාතික ක්‍රමවේදයක් හදන්න ඕනෑ.නැත්තම් ඊළග පරම්පරාවට මුකුත් ඉතිරි වෙන්නේ නැතී වේවි. (නි)