IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


නියාමනය නොවූ සමාගම් ගැන අනතුරු අඟවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

වගාව සම්බන්ධයෙන් ආයෝජන ඉල්ලා සිටින ආයතන සමාගම් ලෙස ලියාපදිංචි වී තිබුණත් ඒවා කිසිම නියාමනයකට ලක් නොවන බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා අද ප්‍රකාශ කළේය.

නියාමනය නොවන ආයතනයක කිසියම් පුද්ගලයකු මුදල් ආයෝජනය කිරීමෙන් පසුව එම මුදල් නොලැබුණහොත් පැමිණිලි කිරීමට ආයතනයක් නොමැති වීම නිසා එම ආයෝජනවල විශාල අවදානමක් තිබෙන බව ඔහු පැවසුවේය.

එවැනි ආයතන මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය තුළ විශාල මුදලක් ගෙවා දැන්වීම් පළ කරන බවද ඔහු ප්‍රකාශ කළේය.

ලොකු දැන්වීමක් දුටු විට මෙය හොඳ දෙයක් යැයි සිතා මුලාවට ලක්වන බවත් මුදල් ලැබුණත් මාධ්‍ය මේ පිළිබඳ සැලකිල්ලෙන් සිටිය යුතු බවත් ඔහු පැවැසුවේය.

වගා කිරීමෙන් මෙවැනි ප්‍රතිලාභ ලැබේනම් වගා කිරීම හොඳ දෙයක් නමුත් අනෙක් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන වගා කරන්නේ ඇයිදැයි මහ බැංකු අධිපතිවරයා ප්‍රශ්න කළේය.

මුදල් නොලැබුණු විට පුද්ගලයන් පැමිණිලි කළත් මුදල් ලැබෙන විට කිසිවකු පැමිණිලි නොකරන බව ආචාර්ය වීරසිංහ මහතා පැවැසුවේය.

මෙම සමාගම් නියාමනය නොවන බවත් පේර, වල්ලපට්ට, පලතුරු සහ තේක්ක වැනි බෝග වගා කර වාර්ෂිකව මුදල් දීලා වසර 5 අවසානයේ ආයෝජනය කළා මෙන් දෙගුණයක් ලබාදීම සඳහා එම සමාගම් භාවිත කරන ක්‍රමවේදය කුමක් දැයි ප්‍රශ්න කළ යුතු බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (2)

නියාමනය නොවූ සමාගම් ගැන අනතුරු අඟවයි

Mohan Mangala Mapa Wednesday, 26 March 2025 08:53 PM

මේවා නිසි ආකාරව කලමනාකරණය කලොත් රටට හොඳ දෙයක් වෙන්නේ

:       0       0

Kamal Koyrala Thursday, 27 March 2025 11:44 AM

සමාගම් පනත සංශෝධනය කල යුතු අතර නීති රීති දැඩි කල යුතුයි . එමෙන්ම මේවයේ ආයෝජන කරන්න අයගේ බදු සම්බන්ධව වගේම රජයේ අනුමැතියක් හෝ එයට වග කිව යුත්තෙක් නැතිනම් ආයෝජකයන්ගේ මුදල් වලට වගකීමෙන් රජය බැහැර විය යුතුය . අක්කර 400 කෝමාරිකා ගැනත් සෙවිය යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 10 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 30 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 109 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


රනිල්ට අල්ලස් කොමිසමට එන්න දින දෙයි
2025 අප්‍රේල් මස 21 327 0

චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ


පැය හතකට පසු මෛත්‍රී CIDයෙන් පිටව යයි
2025 අප්‍රේල් මස 21 371 0

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.


නිලධාරීන් මොන දේශපාලන මතයේ හිටියත් අපට කමක් නෑ
2025 අප්‍රේල් මස 21 414 0

නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 474 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 286 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 436 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site