යුද්ධයෙන් නැගෙනහිරදී අතුරුදන් වූ හා මිය ගිය සිංහලයන් වෙනුවෙන් ද ත්‍රිකුණාමලයේදී අද උද්ඝෝෂණයක් පැවැත්විණි.
ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයයේදී මේ උද්ඝෝෂණය පැවැත්විණි.
යුද සමුවේ අතුරුදන් වූ හා මිය ගිය දෙමළ හා මුද්ලිම් ජාතිකයන්ගේ නෑදෑයෝ ද එහිදී උද්ඝෝෂණයක් කළහ.
මේ උද්ඝෝෂණය පැවැතියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමාසරිස් නවනීදන් පිල්ලේට සිය දුග්ගැනවිලි කියා පෑම සඳහාය.
ඔවුහු ඇගේ නියෝජිතයකුට සංදේශයක් ද භාර දුන්හ.
කොමසාරිස්වරිය නැගෙනහිර ආණ්ඩුකාර රියද් අද්මිරාල් මොහාන් විජේවීර හා ත්‍රිකුණාමලය, අම්පාර මා මඩකලපුව දිසාපතිවරුන් ද හමුවූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව මොකට ලංකාවට ගෙන්නුවද? (නි)
මෙහෙම දෙයක් කරන්න ඉදිරිපත් වුන අපේ සිංහල ජනතාවට අපේ උපහාරය. (නි)
හරි ඔබලා දෙපැත්තටම වැනෙන්නේ නැතුව කෙලින් මේ ප්‍රශ්නෙදි ප්‍රකාශ කළ යුතුයි . (නි)
ඔය මොනවා දුන්නත් එම මැතිනිය මෙහාට ඇවිත් තිබෙන්නේ මුලින් පිළියෙල කර ගත්තු ක්‍රියාවන් සම්මත කරගන්න. අපේ රට සෑම අතින්ම විනාශ කරන්න තමා මෙයාලා උත්සාහ දරන්නේ. බුදුන් දවස හිටිය මාරයන් වගේ අපේ මිනිසුන්ගේත් සමඟියක් සදාචාරය ගැන සිතීමක් නැති නිසා එයාලට මේවා ලේසියෙන් සම්මත කරන්න පුළුවන් වෙලා තිබෙනවා. අනික අද හමුදාවේ පොලිසියේ අය කරන වැඩත් මෙයට උපකරණ සපයනවා. (ස)
රත්නායක දන්නා දේවල්. (ස)
ඔය බොරු සංචාරයක්, එයාගේ වාර්තාව දීලයි ඇවිත් ඇත්තේ, ඒකේ වෙනසක් බලාපොරොත්තු වෙන්න බැහැ. (ස)
වේලුපිල්ලේ කරපුව ගැන නවනන්දනීපිල්ලේ ට කිව්වට වැඩක් වෙයිද මහත්තයෝ? (අ)
වේලුපිල්ලේ... නවනීදන් පිල්ලේ ...නිකන් හිතල බලන්නකෝ (අ)
නවි පිල්ලේ ලංකාවට ඇවිත්.(නදී)
අපේ මේ අහිංසක මිනිස්සු බලා ඉන්නේ සර්ව බලධාරී දේවතාවියක් දිහාද? හැම එක්කෙනාම ගැලවුම්කාරිය ආවා කියන හැගීමෙන් මෙයාව බැහැ දකින්න එනවා වගේ. ඒ වුනාට සහෝදරයිනේ, මේ ඉන්නේ ජාත්‍යන්තර ආයතනෙක නිලධාරිනියක්. එච්චරයි. එයාගේ ලොක්කෝ කරන්න ඕන දේ ගැන උපදෙස් දීලයි එවල ඇත්තෙත් අර කවුද කියල තිබුනේ එයාගේ වාරතාව දැනටමත් ලියල ඉවරයි කියලත්. ඒත් ඔහොම සන්දේශයක් හරි දෙන එකත් හොඳයි. අඩු ගානේ විරුද්ධ පැත්තකුත් තියෙන බව දැනගන්නවත්. (අ)
ලංකාවට පිල්ලියක් වෙලා තිබෙන්නේ පිල්ලේ නොවෙයි , අපේ ජාතික ධනය සුරකන , නිතිය අතට ගත්තු හොරකම් , දුෂණ , මැරකම් කරන දෙශපලකයන් සහ වුණ්ගේ සහචරයන් විසිනි , මේ තත්වයෙන් මිදීමට හැක්කේ අපි පක්ෂ පට නොබලා දුෂිත දෙශපලකයන් සහ උන්ගේ ගෝලයන්ට මනාප දීමෙන් වලකිමඊ, චන්දදාකයන් ඉදිරියේදී මොලේ පාවිච්චි කර වැඩ නොකලොතින් පිල්ලේට නොවෙයි මහා සකරයටවත් අපේ ඉරණම වෙනස්කල නොහැක (අ)
දැන් එහෙනම් ඒ සිංහල ජනයාත් දේශද්‍රෝභීන්ගේ ලිස්ට් එකට දායිද දන්නේ නැහැ අපේ දේශප්‍රේමී මහත්තුරු ටික ? (නි)
බලන්නකො ඒකටත් එක්ක ජපන් කුමරි... (නි)
අපි පාසැල් යද්දී ළමයි දෙන්නෙක් රංඩු වුනොත් ගුරුවරයෙකු ඇවිත් තරවටු කරනවා. ගමේ දෙන්නෙක් රංඩු වුනොත් පොලිසියෙන් ඇවිත් හොයලා බලනවා. ඒක එහෙම නොවුනොත් මේ දෙපාර්ශවයෙන් අසාධාරනයක් වුන අය අයව තවත් අසාදාරණයකට ලක්වෙනවා. ඒ වගේ තමයි එක රටක දෙපාර්ශවයක් මරාගත්තොත් ඊට ඉහළින් අය ඇවිත් හොයලා බලනවා. ඉතින් එහෙම නොවුනොත් මේ දෙපාර්ශවයෙන් අසාධාරණයට ලක්වුවන් තවත් අසාධාරණයට ලක්වෙනවා.(නදී)
අන්න හොද වැඩක් ජාතිබේද නැතිව ඇත්ත ලෝකෙට පෙන්නමු.(නදී)
ලංකාවට ඇයි පිල්ලේ මේ තරම් කෙනෙහිලි කම් කරන්නේ (අ)
මෙතුමිය කසාද බදින්න කැමති නම් කෙනෙක් ඉන්නවා කැලණියේ.. (නි)
නව නිදන් කිව්වට කිසිම නව බවක් පෙනේද? (නි)
ලාංකික ජාතියක් ලෙස ආගම ජාති පක්ෂ බේද නැතුව නැගී සිටින්න.එදාට සිංහලද , මුස්ලිම්ද, දෙමළද, නෙමේ අපි ඔක්කොම දිනනවා.අපේ ජාතික ගීය අර්ථවත් කරන්න හැමෝම එක්වෙන්න. (නි)
මට නම් මේ කාන්තාව ගැන කිසිම පැහැදීමක් නැහැ. භයංකාර පෙනුමක් තියෙන කෙනෙක්. (නි)
පිල්ලයාන්ට පෙනෙන්නේ නැද්ද බටහිර රටවල එළිපිට කෙරෙන මානුෂික අයිතිවාසිකම් කඩ කිරීමේ? ඒවා පෙනුනත් කට වහගෙනද ඉන්නේ? නැත්නම් ඔතන ඉන්න බැහැනේ (නි)
අපේ දුක කාට කියන්නද? අපිට ඉන්නේ අපේ රජ විතරයි. අපි සෞදියේ ඉන්නේ. (නි)