
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ප්‍රශ්න ගත ගල්අඟුරු සම්බන්ධයෙන් අදාල සැපයුම්කාර සමාගමේ රුපියල් කෝටි 1800කට ආසන්න මුදලක් රඳවා ගෙන සිටින බවත් නීතිමය කටයුතු අවසන් කළ වහා එම පාඩු මුදල අය කර ගැනීමට කටයුතු කරන බවත් වරාය, නාවික, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
කරුණාතිලක මහතා මෙසේ පැවසුවේ සමග ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
අමාත්‍යවරයා මෙසේද පැවසීය.
මේ අලාභය ඇතිවෙලා තියෙන්නේ පිරිවැය වැඩිවීම නිසා. ගල් අඟුරු ප්රශ්නය 2026 අාපු එකක්. මේ පාඩුව විදුලි පාරිභෝගිකයා මත පටවන්න රජය කටයුතු කරන්නේ නෑ.
බිලියන 18කට ආසන්න ප්‍රමාණයක් රඳවගෙන තියෙනවා. නීතිමය කටයුතු අවසන් කළ වහා ඒ මුදල අය කර ගැනීමට කටයුතු කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd