IMG-LOGO

2025 මාර්තු මස 14 වන සිකුරාදා


‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘

(අංජුල මහික වීරරත්න)

මේ වසරේදී එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරුනට සුවිශේෂී වැඩ කොටසක් පැවරෙන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවයකට එක්වෙමින් පිටකෝට්ටේ සිරිකොත එජාප මූලස්ථානයේදී අද (12) පැවසීය.

වසර අවසන් වන විට සංවිධායකවරුන්ගේ සාර්ථකත්වය දැක ගැනීමේ අවස්ථාව එළඹෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

"මෙතැන ඉන්න සංවිධායක මහත්වරු සියලු දෙනාටම සුබ ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ කොට්ඨාශයේ සංවිධායක හැටියට හෝ දිස්ත්‍රික් සංවිධායක හැටියට ඒ වගකීම ඉෂ්ඨ කරන්නැයි ඉල්ලා සිටිනවා යැයි රනිල් වික්‍රමසිංහ මහතා එහිදී සඳහන් කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න මහතා එහිදී ආසන සංවිධායක ලිපිය ලබාගන්නට පැමිණ මතු කළ කාරණයක් නිසා උණුසුම් තත්ත්වයක් ඇති විය.

එහිදී ලක්ෂ්මන් විජයමාන්න මහතා එජාප නායකයා අමතමින්" සර්,මට කාරණයක් කියන්න තියෙනවා. මම පක්ෂයේ වෙනුවෙන් ලොකු මෙහෙවරක් කළා.රාජිත ආවාම එයා ලොකු කරගෙන තනියම වැඩ කරනවා යැයි පැවසීය.

එහිදී තවත් ආසන සංවිධායකවරු දෙදෙනෙක් ද නැගිට ඇතැම් පත් කිරීම්වලට විරෝධය පළ කරන බව පැවසූහ.

රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන් අමතමින් කරුණාකර වාඩිවෙන්නැයි පැවසූ අතර " ඔබතුමාගේ නියෝගයට ගරු කරනවා" යැයි කියමින් ඔවුහු අසුන් වල වාඩි වූහ.

එජාප සභාපති වජිර අබේවර්ධන මහතා රැස්වීම අමතමින් පැවසූයේ පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා සියලු දෙනා ඒකරාශි වී සිටින බවයි.

පක්ෂයේ එකමුතුකම ඇති කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා ඔහුගේ පැත්තෙන් කළ හැකි උපරිම දේ සිදු කර තිබෙන බව කී වජිර අබේවර්ධන මහතා ස.ජ.බ -එජාප එකතු කිරීමේ සාකච්ඡා සඳහා නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහලේකම් තලතා අතුකෝරළ මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කණ්ඩායමකට වගකීම් පවරා තිබෙන බව කීය.

"කණ්ඩායමක් ලෙස සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන්න කියා රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දුන්නා.ඒ පළවෙනි ක්‍රමය.එම එකඟතාවය වැදගත්.දෙවෙනි ක්‍රමය අලියා ලකුණ යටතේ තරඟ කිරීම. තුන්වෙනි ක්‍රමය සජබ, එජාප වශයෙන් තරඟ නොකර ස්වාධීන ලකුණකින් තරඟ කිරීමයි.ජයග්‍රහණය ලබා ගැනීමට නම් අපිට වෙනත් මාර්ගයක් නැහැ යනුවෙන් ද එජාප සභාපති වජිර අබේවර්ධන මහතා කීය.

මෙම අවස්ථාවට එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන,මහලේකම් තලතා අතුකෝරළ,උපනායක අකිල විරාජ් කාරියවසම්,හිටපු අමාත්‍ය නවීන් දිසානායක,රාජිත සේනාරත්න මහත්වරු ඇතුළු පක්ෂ නායකයෝ ද සහභාගී වූහ.

 



අදහස් (2)

‘‘පක්ෂ සංවිධායකවරුන්ට මේ වසර සුවිශේෂයි‘‘

Rata Perata Thursday, 13 March 2025 12:42 PM

ඇයි නායකයාටත් සුවිශේෂයි.

:       0       2

Shantha Thursday, 13 March 2025 04:06 PM

අපිත් ඉස්සර යූ.එන්.පී. කාරයෝ තමයි. දැන් ඉතින් ඔහෙලට එල්ලෙන්න වැල් නෑ. ඔය මොන මොනවාහරි කරලා ජාමය බේරගන්න තමයි වෙන්නේ. npp තමයි හොඳම දේ රට වෙනුවෙන් කරන්නේ රනිල්ට වෙන්නේ බෙල්ලේ වැල දාගන්න.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අක්මීමන වෙඩික්කරුවන්ගේ බවට සැක යතුරු පැදි දෙකක් හමුවේ
2025 මාර්තු මස 13 211 0

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ හිටපු බන්ධනාගාර අධිකාරි සිරිදත් ධම්මික මහතා ඝාතනය කිරිමට ඝාතකයන් පැමිණි බවට සැලකෙන යතුරුපැදි දෙකක් යක්කලමුල්ල තල්ගහව


රුපියල් 372 හෘද ඖෂධය 72,000ට අරන්?
2025 මාර්තු මස 13 194 0

හෘද සැත්කම් සඳහා වූ ඖෂධයක් වර්තමානයේ රුපියල් 372 කට මිලදී ගත්ත ද පසුගිය සමයේදී ආනයනය කර ඇත්තේ රුපියල් 72000කට බව කෝප් කමිටුවේදී අද අනාවරණය විය.


වැලිවේරියේ වෙඩි තැබීමක්
2025 මාර්තු මස 13 344 0

වැලිවේරිිය අරලියගස් හන්දිය ප්‍රදේශයේ දී නාඳුනන තුවක්කු කරුවකු සිදු කළ වෙඩි තැබීමකින් මෝටර් රථයක ගමන් කළ අයකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි


ගෝලයෝ කෘතිම බුද්ධියෙන් ගුරුවරිය නිරුවත් කරලා
2025 මාර්තු මස 13 1099 0

මහනුවර ප්‍රධාන පෙළේ පිරිමි පාසලක සිසුන් පිරිසක් විසින් කෘතිම බුද්ධිය භාවිතා කරමින් එම විදුහලේ තරුණ ගුරුවරියකගේ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීමේ සිද


නැදගමුවේ මහානාම හිමි ඝාතන සැලැස්මේ කත මාට්ටු
2025 මාර්තු මස 13 984 0

සීදුව වෑත්තෑව නන්දාරාම විහාරාධිපතිව නැදගමුවේ මහනාම හිමිගේ ගෙල අඳන පටියෙන් සිරකර ඝාතනය කිරීමේ සිද්ධියට ඩුබායි රාජ්‍යයේ සිට වට්සැප් තාක්ෂණය ඔස්සේ කු


වෛද්‍යවරියකට කරදර කළ රෝහලේ තවත් මඟඩියක්
2025 මාර්තු මස 13 1317 0

අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ ඉදිවෙමින් පවතින සිවු මහල් ගොඩනැගිල්ලක ටයිල් කැට තොගයක් සොරකම් කර රැගෙන යමින් සිටි රෝහල් සේවකයකු ඇතුළු පස් දෙනෙක් රෝහලේ ආරක්ෂ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 198 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 457 0
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 242 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site