IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පකිස්තානුවා ලක්ෂ 25 ක හෙරොයින් සමග අල්ලයි

 රුපියල්  ලක්ෂ  විසිපහක් වටිනා හෙරොයින් කුඩු  රැගෙන  පකිස්ථානයේ සිට මෙරටට   පැමිණි පාකිස්ථාන ජාතිකයෙකු රේගු මත් ද්‍රව්‍ය ඒකකයේ  නිලධාරීන් විසින්  අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.

සැකකරු  තිස් හතර වියේ  පසුවන  පකිස්ථානයේ කරච්චි නුවර පදිංචි පුද්ගලයෙකි.

ඔහු ගෙන ආ  ගමන් මළු දෙකක හෙරොයින් ග්‍රෑම් 100 බැගින්ද, ඔහු පැළඳි සපත්තුවේ යටි පතුලේ  තවත් හොරොයින් ග්‍රෑම් 100 ක්ද  සගවා තිබු  බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබු හෙරොයින් වල බර ග්‍රෑම් තුන්සීයකි.

සැකකරු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 184 දරණ ගුවන්යානයෙන් මෙරටට පැමින ඇත.

මොහු  නිතර නිතර ශ්‍රී ලංකාවට යන එන අයෙකු බව කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

මේ පිළිබඳ විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක  දීපාල් සිරිබද්ධන මහතාගේ  අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධිකාරී එම්.ඩබ්ලිව්.ඒ.ටී.එම් රෂීක් සහ සහකාර රේගු අධිකාරී තනුෂ්ක විජේසුරිය යන නිලධාරීහු සිදුකරති.

 



අදහස් (0)

පකිස්තානුවා ලක්ෂ 25 ක හෙරොයින් සමග අල්ලයි

නිරාන් - සෞදි Thursday, 03 April 2014 02:52 PM

ඉක්මන්ට එල්ලුම් ගහ අවශ්‍යව ඇත. (ස)

:       0       0

සමන්ති Friday, 04 April 2014 07:05 AM

මෙහෙම එන අය නේද ලංකාවේදී සංචාරකයන් විදියට සලකන්නේ ? දඬුවම් දී මොවුන් අසාදු ලේඛන ගතකල යුතුයි.(නදී)

:       0       0

සංජු Thursday, 03 April 2014 08:23 AM

පාකිස්තානු කට්ටිය ටික ටික වැඩි වෙනවා. මේ මොකද වෙන්නේ? (නි)

:       0       0

මහානාම Thursday, 03 April 2014 08:34 AM

ලංකාදීපයේ පුවත් සේවාව හරිම වේගවත්. (නි)

:       0       0

සලීම් Thursday, 03 April 2014 08:41 AM

කුඩු ගේන පිටරැටියනුත් දැන් දැන් වැඩි වෙනවා නේද? (නි)

:       0       0

එසල Thursday, 03 April 2014 08:41 AM

හලාල් කරලා ගෙනල්ලා තියෙන්නේ. (නි)

:       0       0

භානු‍ Thursday, 03 April 2014 08:49 AM

මොකද මේ පකිස්ථානුවන්ගේ ජාවාරම් ලංකාවටම සේන්දු වෙන්නේ? බය නැතුව මේවා රැගෙන එන්නේ රට ඇතුළේ බෙදා හරින්න පහසුකම් තියනවා කියලා හිතලාද? සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න කියලා ඕනෑම කෙනෙකුට පහසුවෙන් වීසා ලැබෙන නිසා තමා මෙහෙම වෙන්නේ. (නි)

:       0       0

සජී Thursday, 03 April 2014 08:58 AM

තව කොච්චර ගේන්න ඇද්ද නේද? (නි)

:       0       0

කුමාරි Thursday, 03 April 2014 09:13 AM

මෙරටට එන සෑම පාකිස්තානුවෙක්ම විශේෂ පරීක්ෂණයකට ලක් කරන්න. එයාලා හදන්නේ සිංහලයා නැති කරන්න කියලා මට හිතෙන්නේ.මත් කුඩු,ගබ්සා පෙති,වස මිශ්‍ර සුදුරු... තව කොච්චර ඇද්ද? (නි)

:       0       0

ගිලිමලේ Thursday, 03 April 2014 09:18 AM

අනේ! මේ රටේ තියෙන්නේ සාමයේ ආගම නේද? (නි)

:       0       0

අසංග Thursday, 03 April 2014 10:10 AM

මේවට අපේ අයත් සම්බන්ධ ඇති. (ස)

:       0       0

පුෂ්පකුමාර Thursday, 03 April 2014 10:27 AM

ලංකාවේ ට්‍රැවල් වීසා වලින් ඇවිත් නතර වුන අය අල්ලන්න කව්රුත් නැහැනේ. (නදී)

:       0       0

තිලක් Thursday, 03 April 2014 11:02 PM

හැමදාම අල්ලනවා කියලා විතරයි අහන්න ලැබෙන්නේ. (නි)

:       0       0

සිරිසේන Thursday, 03 April 2014 12:00 PM

මිනිසුන් කරන නරක වැඩ වලට ආගම් පලි නෑ නේද? (ස)

:       0       0

චානක. Thursday, 03 April 2014 12:22 PM

ඔහුට නම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නමුත් ඔහුව අල්ලාගත් අය නම් ප්‍රවේශම් වුණොත් හොඳයි. (නි)

:       0       0

සරත් Thursday, 03 April 2014 11:55 PM

දුර සිටින හතුරන්ට වඩා ළඟ සිටින මිතුරන්ගෙන් ගැළවෙන එක බොහොම අමාරුයි (නි)

:       0       0

රොෂාන් Friday, 04 April 2014 02:07 AM

ඇඟිලි සළකුණු ගෙන නැවත ලංකා මාතා බැලීමට ඒම නතර කරන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 357 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2576 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1970 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 208 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1204 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1318 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26891 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23509 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 397 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site