බුදු රුව සහිත පච්චයක් අතෙහි කොටාගෙ ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය හෙදියක වන නයෝමි කෝල්මන් (37) අද පස්වරු 1.30ට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ලන්ඩන් බලා පිටව යෑමට නියමිතය.
ඇයට ටිකට්පත ලබා දී ඇත්තේ සංචාරක මණ්ඩලයෙනි.
ඇය ඒඑෆ්පී ප්‍රංශ පුවත් සේවයට පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ලන්ඩන් ගොස් තීරණය කරන බවයි.
‘සංචාරක මණ්ඩලය මෙයට මැදිහත් වුණා. මේක උසාවි යා යුතු කරුණක් නොවෙයි.
මෙවන් දෙයක් වෙන කිසි දෙනකුට වෙන්න එපා.‘
ඡායාරූප ඒ එෆ් පී අනුග්‍රයෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. (ස)
පව් ඉතින්. (ස)
මොන ක්‍රියා මාර්ග ගන්න ද? නැවත ලංකාවට එනව නම් පච්චය මකා ගන්න විදියක් හොයනවා ඇරෙන්න. (ස)
ලොස් ඇන්ජලිස් විහාරස්ථානයේ නායක හිමියන් පුවත් පතකට පවසා තිබුණා, මෙවැනි අය පිටුවහල් කරන්නේ නැතිව මේ වගේ දේවලින් අපේ ආගමික සංස්කෘතික කටයුතු ගැන දැනුවත් කල යුතුයි කියලා. අපේ සංචාරක මණ්ඩලය සංචාරකයන් ගෙන්න ගන්න උත්සාහ කරනවා වෙනුවට ආපු අයටත් අතින් වියදම් කරලා ටිකට් අරන් ආපසු යවනවා (දිල්)
දඩුවමට කලින් අපේ සන්ස්කෘතිය ආගම දහම ගෑන නොදන්න සංචාරක ජනතාවට කරුණු පහදා දීමට වෑඩ පිළිවෙළක් සකසන්න.අනික අපි දේශීයව අන් අයට ආදර්ශයක් වෙන ආකරයෙන් හෑසිරීමට වගබලා ගෑනීමත් වෑදගත්. (දිල්)
මේක ලොකු වැරැද්දක් වීදියට මට පේන්නේ නැහැ. මම දැකලා තියෙනවා සමහර ආගම් වල නායකයාගේ රූපය පච්ච කොටලා තියෙනවා. ඒත් නරක චේතනාවෙන් නෙමෙයි.(නදී)
මේක එතරම් ලොකු දෙයක් නෙමෙයි. ආගමට නිගරු කරලා නැහැ. (ස)
මේක සංචරයන්ගේ නොදැනුවත්කම නිසා සිදු වු දෙයක්.මේකට කවුරුවත් වග කියන්න ඕනේ කියල මම නම් හිතන්නේ නෑ.(දිල්)
සෑම්, සංචාරක මණ්ඩලයෙන් සංචාරකයෝ ගේන්න ගන්නවා වගේම මේ රට ඇතුලත ඒ මිනිස්සුන්ට වෙන හැමදෙයකම වගකීම ගන්න ඕනෙත් සංචාරක මණ්ඩලයෙන්ම තමයි, ඒ නිසා ඒ කාන්තාවට යන්න ටිකට් එකක් දුන්නු එක ගැන වැරදි කියන එක හරි දෙයක් නෙමෙයි.(දිල්)
ආගමකට ගරු කරන්න ඕනෙනම් එකට කරන්න ඕනේ පිළිවෙත් තියෙනවා.ගරු කරන්න කියලා ආගමික නායකයින්ගේ චායාරුප ඇගේ කොටන්න ඕනෙද?අපේ දහදිය කුණු ගද ගහන ශරීරේ බුදු රුපය ගහගන්නවා කියන්නේ මොන තරම් පාපයක්ද? (අ)
සංචාරක මණ්ඩලය අපේ රටේ ආගමකට අපහාසයක් වෙන නිසා මැදිහත් උන එක අගය කරන්න ඕනේ.නීතිමය පියවරක් ගන්න බැරි නිසා මේ කාන්තාව යවන්නේ නැතුව වෙන මොනවා කරන්නද (අ)
මේක සංචාරකයන්ගේ නොදැනුවත් කම වෙන්න පුළුවන් එත් මෙවැනි දේ නවත්තන්න ක්‍රියාමාර්ග ගන්න ඕනේ.මේක අපේ බුදු දහමට වගේම අපේ රටටත් අපහාසයක් (අ)
මේක සංචාරකයන්ගේ නොදැනුවත් කම වෙන්න පුළුවන්.(නදී)