IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


පෙට්‍රල් බෝම්බ 56ක් සමඟ නවයක් සැකපිට

පෙට්‍රල් බෝම්බ 56ක් ඇතුළු හිංසාකාරී අවි තොගයක් සමඟ සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.

මෙම අවි හදමින් සිටිය දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම ස්ථානය ද සොයාගෙන ඇති බවත් පොලිසිය පවසයි. යුද හමුදාවේ ද සහායෙන් එහි තවත් එවැනි දෑ ඇත්දැයි සොයා බැලීමට ක්‍රියා කළ බව පොලිසිය සදහන් කරයි.

ඇලවංගු තුනක්, අත් කෙටේරියක්, තුවක්කු ස්වරූපයේ යකඩ බට දෙකක්, වැලි උරයක් ඒ අතර වූ බව පොලිසිය කියයි.

කුවක්කු ස්වරෑපයෙන් නවා ඇති යකඩ බටවලට වීදුරුකටු ආදිය පුරවා තිබූ බව ද සොයාගෙන ඇත.

 



අදහස් (0)

පෙට්‍රල් බෝම්බ 56ක් සමඟ නවයක් සැකපිට

තරිඳු Wednesday, 18 June 2014 02:06 PM

සුමුදු යන්න වෙන ආගමකට (නදී)

:       0       0

සමන්ති Thursday, 19 June 2014 06:41 AM

තරුණ කාලයේදී බොළඳ හැඟීම් වලට වහල් වුණ විට ඉන්නේ කොහේදැයි පවා අමතක වෙනවා. කළකිරෙන්නේ පසුවටයි (නි)

:       0       0

ප්‍රියංකා Wednesday, 18 June 2014 02:32 PM

සුමුදු අනේ කරුණ කරලා යන්න. ලොකු දෙයක්. ජාතියක් ධර්මයක් හදුනන්නේ නැති උදවිය මේ රටේ නොහිටියත් කමක් නෑ. (අ)

:       0       0

දොන් රොෂාන් ද සොයිසා Wednesday, 18 June 2014 02:40 PM

සිංහල ජාතිය නැතිකරන්න කරන දේවල් ගැනත් පොඩ්ඩක් හරි සිතන්න පුරුදු වෙන්න (නදී)

:       0       0

පී වීරරත්න Wednesday, 18 June 2014 03:21 PM

මෙම සිද්දියට මුලික හේතුව අන්තවාදී තරුණයන් තිදෙනෙක් සමිත හිමියන්ට පහරදීමයි. එම නිසා හේතුව වන අන්තවාදය නැති කිරීමට වගකිවයුතු අංශ කටයුතු කලයුතු අතර බෞද්ධ අයට දෝෂාරෝපණය කිරීම නතර කල යුතුවේ . තවද මෙහිදී බෞද්ධයින්ට බෞද්ධයින්ම දෝෂාරෝපණය කරනු දැකිය හැකි අතර අනිත් පාර්ෂවය ඔවුන්ගේ අයට දොස් කියනු නොඇසේ. මෙසේ වන්නේ මොකද? තවද පසුගිය දිනවල ඉඩම් ප්‍රශ්නවලට මැදිවූ ඔවුන්ගේ ඇමතිවරයෙක් බොදු බල සේනාව ඔවුන්ගේ අහිංසකයින්ට පහර දෙන බව සෞදි අරාබියේ අරාබි නිව්ස් පුවත් පතට ප්‍රකාශ කර තිබේ. මෙය ඉතා බරපතල තත්වයකි. මේ ගැන ආණ්ඩුව සොයා බැලිය යුතුය.(නදී)

:       0       0

සම්පත් Wednesday, 18 June 2014 03:25 PM

කොහොමත් සුමුදුව ජාතියකට, ආගමකට ගැලපෙන්නේ නැහැ. (නදී)

:       0       0

දිනේෂ් Wednesday, 18 June 2014 03:27 PM

සුමුදු ඔයාල වගේ අය තමයි දෙමපියන්වත් විකුණන් කන්නේ. ඔයා අපේ ආගමේ කියනඑක අපිට ලැජ්ජයි. (නදී)

:       0       0

ශාන්ත Wednesday, 18 June 2014 10:33 AM

උපරිම දඬුවම් දිය යුතුයි (නදී)

:       0       0

කසුන් Wednesday, 18 June 2014 10:37 AM

මොවුන්ව සගවා ඇති අනෙක් ආයුද පෙන්වීමට රැගෙන යමු (නදී)

:       0       0

ගුණසිරි Wednesday, 18 June 2014 10:45 AM

මේවා මෙහෙම එක පාරට මතු වෙන්න කාගේ හරි බංගලාවක හංගා ගෙන ඉඳලා වෙලාවට එලියට යවන්න ඇති. මේවාට උඩ ගෙඩි දෙන උදවිය තමා අල්ල ගන්න ඕන. (ස)

:       0       0

චමිල Wednesday, 18 June 2014 10:49 AM

ආයෙත් ජන සංහාරයකට නේද මේ හැමෝම අර අදින්නේ. (නදී)

:       0       0

යශෝදරා Wednesday, 18 June 2014 10:50 AM

මේ අහිංසකයෝ කව්ද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

ටිරෝන් Wednesday, 18 June 2014 10:52 AM

මේ අයව එලියට දාන්න නරකයි. ඇතුලෙම තියන්න ඕනෑ. පස්සේ දවසක ඡන්දයක් තියෙනකොට කව්රු හරි මෙයාලව එලියට ගනියි (නදී)

:       0       0

සමන්ති Wednesday, 18 June 2014 08:01 PM

තමා කරන කියන දේ අවබෝධයෙන් හොඳ නරක තේරුම් ගතහැකි බුද්ධිමත් අයට බෞද්ධ කියලා කියන්නේ. කවුරුවත් කීවාට , පොතේ තියෙන නිසා , බලකිරීම නිසා, නායකයා කළ නිසා, ක්‍රියාකරන අය බුද්දිමතුන් නොවන වග තේරුම්ගත යුතුයි. (නදී)

:       0       0

සිරි Wednesday, 18 June 2014 10:57 AM

මේ අයව අපරාධ කාරයන් කරන්නේ අපේම අය නේද? (නදී)

:       0       0

නුවන් Wednesday, 18 June 2014 11:20 AM

අනේ කාවවත් කාටවත් බලෙන් අපාරධකරුවන් කරන්න බැහැ (නදී)

:       0       0

කුසුම් Wednesday, 18 June 2014 11:20 AM

අලුත්ගම රැස්වීමේදී හිමි නම කල කතාව ඔය හැම අයුධයකටම වැඩිය භයානකයි. ඒ කතාව අන්තර්ජාලයෙන් අහපු කුඩා බෞද්ධ දරුවෙකු කල ප්‍රකාශය මෙතන ලියන්න බැහැ. බලාගෙන ගියාම තව ටික දවසක් ඔය විදිහට ගියා නම් අත්අඩංගුවට ගන්න වෙන්නේ ඔය පොරෝ කෙටි අලවංගු නෙවේ, කාල තුවක්කු.(නදී)

:       0       0

එම් මර්වාන් Wednesday, 18 June 2014 11:20 AM

සිංහල හෝ මුස්ලිම් කව්රු උනත් නිසි දඩුවම් දිය යුතුයි (නදී)

:       0       0

සමන් සිගේරා Wednesday, 18 June 2014 11:40 AM

මරණ දඬුවම දිය යුතුයි අපිට මේ වගේ පපතාරයෝ අවශ්‍ය නැහැ (නදී)

:       0       0

ලලිත් - එස්.එල් Wednesday, 18 June 2014 11:49 AM

කව්රු කොහොම කීවත් අපි වැටිලා ඉන්න නාරා වල ගැන කාටවත් තේරුමක් නැහැ. තේරුනත් කරගන්න දෙයක් හිතා ගන්නවත් බැහැ. ඒ තරමට අපි හිරවෙලා.(නදී)

:       0       0

විනෝද් Wednesday, 18 June 2014 11:55 AM

ඔවුන්ට උපරිම දඩුවම් දෙන්න (නි)

:       0       0

සමාධි Wednesday, 18 June 2014 11:56 AM

මේ මිනිසුන් හදන්නේ නැවත රටේ ප්‍රශ්නයක් ඇති කරන්න. නැවත මේ වගේ දේවල් නොවෙන්න අපි හැම දෙනාම අවදානයෙන් ඉන්න ඕනෑ. මේ අයට දඩුවම් කරලා විතරක් නෙමෙයි, තේරුම් කරලත් දෙන්න ඕනෑ (නි)

:       0       0

ගුණතිලක Wednesday, 18 June 2014 11:59 AM

මේ අල්ලන අයගේ නම් දාන්න බැරිද අපිට දැනගන්නත් එක්ක? (නි)

:       0       0

අරෝෂ් Wednesday, 18 June 2014 04:38 PM

සුමුදු, එහෙනම් යන්නකෝ (නි)

:       0       0

ස්ටැන්ලි Wednesday, 18 June 2014 04:44 PM

පේනවා නේද මේචචර කියලත් කරන දේවල්? (නි)

:       0       0

ඉන්දික Wednesday, 18 June 2014 12:06 PM

හොඳ සොයාගැනීමක්. මේවා සමාජයට ගියා නම්? (නි)

:       0       0

තරංග Wednesday, 18 June 2014 12:07 PM

කුසුම්, ඔයගේ ළපටි මොළේ තමයි මොළේ. කතාව භයානකයි. අවිය අහිංසකයි. (නි)

:       0       0

ප්‍රින්ස් Wednesday, 18 June 2014 12:07 PM

මොවුන්ට ප්‍රසිද්ධියේ දඬුවම් දියයුතුයි. (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 June 2014 12:09 PM

මෙවන් වැඩ නැවත නොකරන්නට දඩුවම් දෙන්න (නි)

:       0       0

අජන්ත Wednesday, 18 June 2014 12:10 PM

කුසුම් ගැන පුදුමත් හිතෙනවා (නි)

:       0       0

චාමර Wednesday, 18 June 2014 10:33 PM

සුමුදු, ඔයා කැමති තීරණයක් ගන්න (නි)

:       0       0

නාලක බස්නායක Wednesday, 18 June 2014 12:27 PM

මොන ජාතියේ හෝ වේවා, වරදකරුවන්ට තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබාදීමෙන් අනෙක් අයටත් පාඩමක් වෙනවා (නි)

:       0       0

සම්පත් Wednesday, 18 June 2014 12:32 PM

සැබෑ නමින් ප්‍රතිචාර දාන්න. (නදී)

:       0       0

සුනිල් Wednesday, 18 June 2014 12:53 PM

බලේ පෙන්නන්න හැදුවා වෙන්න පුළුවනි. (නදී)

:       0       0

පෝල් Wednesday, 18 June 2014 01:18 PM

මුළු රටම එකම මතයක ඉන්නවා වගෙයි පෙනෙන්නේ එක් කණ්ඩායමක් හැර. මහා නායක හිමිවරු පවා ප්‍රබල අපක්ෂපාති හඬක් නැගුවා . සියලුම පක්ෂ මුස්ලිම් හා දෙමළ එකම මතයක ඉන්නේ. මොකද මේ ප්‍රස්නේ රටට හොද නැහැ. ජිනිවා වලට උත්තර බදින්න නොහැකිව ඉන්න කොට අලි මදිවට කොටි කිව්වලු. මෙතන ප්‍රශ්නය පටන් ගත්තේ කව්ද කියලා මුළු රටම දන්නවා . නමුත් සමහරු තම තමන්ගේ මත ආරක්ෂා කර ගන්න හදනවා . මැරුණු සහ විනාශ වුන දේපල ගැන සාදාරණය කරන්න කිසිම කෙනෙකුට බැහැ. මාවනැල්ලට උසාවි නියෝගයක් ගත් එක හොඳයි. මතක තියාගන්න මුස්ලිම් රටවල් සියල්ලම යු.එන් එකේදී අපේ රජයට සහය දක්වනවා හැමදේටම. මේ දේවල් නිසා ඒ අසමසම සහය අපට නැති වෙනවා. ඒවාට කතා කරන්න මෙතැන ජාති වාදය වපුරවන අය කිසිවෙක් යන්නේ නැහැ නේද? . (නදී)

:       0       0

ක්‍රිශාන්ත Wednesday, 18 June 2014 05:44 PM

මේවා මෙහෙම අහුවුණේ නැත්නම් මොන විනාශයක් වෙන්න ඉඩ තිබුණද? (නි)

:       0       0

සුමුදු Wednesday, 18 June 2014 01:28 PM

මට නම් මම සිංහල බෞද්ධ කියන්නත් ලජ්ජයි. කතෝලික ආගමට ගියා නම් හොඳයි වගේ. (ස)

:       0       0

අනුර ශාන්ත Wednesday, 18 June 2014 01:36 PM

මේ පාපිස්ඨයන්ට දඩුවම් කලාට පව් නැහැ. මේ අය කාගේ බලේද පෙන්වන්නේ කියලත් හොයන්න ඕනේ. නැත්නම් ඇග රිදෙන්න කසාය ටිකක් දුන්නත් කමක් නැහැ. (නදී)

:       0       0

විමුක්ති Wednesday, 18 June 2014 05:56 PM

සමහර අදහස් ගැන මට පුදුමයි (නි)

:       0       0

නිශාඩ් Wednesday, 18 June 2014 01:46 PM

අනුබල දුන් අය සොයා උපරිම දඩුවම් දිය යුතුයි (නදී)

:       0       0

චානක Wednesday, 18 June 2014 06:12 PM

සුමුදුට මොකක්ද වෙලා තියෙන්නේ? (නි)

:       0       0

චමින්ද Wednesday, 18 June 2014 06:12 PM

සුදුදු කියන කතාව නම් ටිකක් වෙනස් වගෙයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2129 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1380 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2196 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 539 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3112 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24487 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site