පෙට්‍රල් බෝම්බ 56ක් ඇතුළු හිංසාකාරී අවි තොගයක් සමඟ සැකකරුවන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි.
මෙම අවි හදමින් සිටිය දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවත්, එම ස්ථානය ද සොයාගෙන ඇති බවත් පොලිසිය පවසයි. යුද හමුදාවේ ද සහායෙන් එහි තවත් එවැනි දෑ ඇත්දැයි සොයා බැලීමට ක්‍රියා කළ බව පොලිසිය සදහන් කරයි.
ඇලවංගු තුනක්, අත් කෙටේරියක්, තුවක්කු ස්වරූපයේ යකඩ බට දෙකක්, වැලි උරයක් ඒ අතර වූ බව පොලිසිය කියයි.
කුවක්කු ස්වරෑපයෙන් නවා ඇති යකඩ බටවලට වීදුරුකටු ආදිය පුරවා තිබූ බව ද සොයාගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමුදු ඔයාල වගේ අය තමයි දෙමපියන්වත් විකුණන් කන්නේ. ඔයා අපේ ආගමේ කියනඑක අපිට ලැජ්ජයි. (නදී)
බලේ පෙන්නන්න හැදුවා වෙන්න පුළුවනි. (නදී)
මුළු රටම එකම මතයක ඉන්නවා වගෙයි පෙනෙන්නේ එක් කණ්ඩායමක් හැර. මහා නායක හිමිවරු පවා ප්‍රබල අපක්ෂපාති හඬක් නැගුවා . සියලුම පක්ෂ මුස්ලිම් හා දෙමළ එකම මතයක ඉන්නේ. මොකද මේ ප්‍රස්නේ රටට හොද නැහැ. ජිනිවා වලට උත්තර බදින්න නොහැකිව ඉන්න කොට අලි මදිවට කොටි කිව්වලු. මෙතන ප්‍රශ්නය පටන් ගත්තේ කව්ද කියලා මුළු රටම දන්නවා . නමුත් සමහරු තම තමන්ගේ මත ආරක්ෂා කර ගන්න හදනවා . මැරුණු සහ විනාශ වුන දේපල ගැන සාදාරණය කරන්න කිසිම කෙනෙකුට බැහැ. මාවනැල්ලට උසාවි නියෝගයක් ගත් එක හොඳයි. මතක තියාගන්න මුස්ලිම් රටවල් සියල්ලම යු.එන් එකේදී අපේ රජයට සහය දක්වනවා හැමදේටම. මේ දේවල් නිසා ඒ අසමසම සහය අපට නැති වෙනවා. ඒවාට කතා කරන්න මෙතැන ජාති වාදය වපුරවන අය කිසිවෙක් යන්නේ නැහැ නේද? . (නදී)
මට නම් මම සිංහල බෞද්ධ කියන්නත් ලජ්ජයි. කතෝලික ආගමට ගියා නම් හොඳයි වගේ. (ස)
මේ පාපිස්ඨයන්ට දඩුවම් කලාට පව් නැහැ. මේ අය කාගේ බලේද පෙන්වන්නේ කියලත් හොයන්න ඕනේ. නැත්නම් ඇග රිදෙන්න කසාය ටිකක් දුන්නත් කමක් නැහැ. (නදී)
අනුබල දුන් අය සොයා උපරිම දඩුවම් දිය යුතුයි (නදී)
සුමුදු යන්න වෙන ආගමකට (නදී)
සුමුදු අනේ කරුණ කරලා යන්න. ලොකු දෙයක්. ජාතියක් ධර්මයක් හදුනන්නේ නැති උදවිය මේ රටේ නොහිටියත් කමක් නෑ. (අ)
සිංහල ජාතිය නැතිකරන්න කරන දේවල් ගැනත් පොඩ්ඩක් හරි සිතන්න පුරුදු වෙන්න (නදී)
මෙම සිද්දියට මුලික හේතුව අන්තවාදී තරුණයන් තිදෙනෙක් සමිත හිමියන්ට පහරදීමයි. එම නිසා හේතුව වන අන්තවාදය නැති කිරීමට වගකිවයුතු අංශ කටයුතු කලයුතු අතර බෞද්ධ අයට දෝෂාරෝපණය කිරීම නතර කල යුතුවේ . තවද මෙහිදී බෞද්ධයින්ට බෞද්ධයින්ම දෝෂාරෝපණය කරනු දැකිය හැකි අතර අනිත් පාර්ෂවය ඔවුන්ගේ අයට දොස් කියනු නොඇසේ. මෙසේ වන්නේ මොකද? තවද පසුගිය දිනවල ඉඩම් ප්‍රශ්නවලට මැදිවූ ඔවුන්ගේ ඇමතිවරයෙක් බොදු බල සේනාව ඔවුන්ගේ අහිංසකයින්ට පහර දෙන බව සෞදි අරාබියේ අරාබි නිව්ස් පුවත් පතට ප්‍රකාශ කර තිබේ. මෙය ඉතා බරපතල තත්වයකි. මේ ගැන ආණ්ඩුව සොයා බැලිය යුතුය.(නදී)
කොහොමත් සුමුදුව ජාතියකට, ආගමකට ගැලපෙන්නේ නැහැ. (නදී)
සැබෑ නමින් ප්‍රතිචාර දාන්න. (නදී)
සුමුදු, එහෙනම් යන්නකෝ (නි)
පේනවා නේද මේචචර කියලත් කරන දේවල්? (නි)
මේවා මෙහෙම අහුවුණේ නැත්නම් මොන විනාශයක් වෙන්න ඉඩ තිබුණද? (නි)
සමහර අදහස් ගැන මට පුදුමයි (නි)
සුමුදුට මොකක්ද වෙලා තියෙන්නේ? (නි)
සුදුදු කියන කතාව නම් ටිකක් වෙනස් වගෙයි (නි)
තමා කරන කියන දේ අවබෝධයෙන් හොඳ නරක තේරුම් ගතහැකි බුද්ධිමත් අයට බෞද්ධ කියලා කියන්නේ. කවුරුවත් කීවාට , පොතේ තියෙන නිසා , බලකිරීම නිසා, නායකයා කළ නිසා, ක්‍රියාකරන අය බුද්දිමතුන් නොවන වග තේරුම්ගත යුතුයි. (නදී)
සුමුදු, ඔයා කැමති තීරණයක් ගන්න (නි)
තරුණ කාලයේදී බොළඳ හැඟීම් වලට වහල් වුණ විට ඉන්නේ කොහේදැයි පවා අමතක වෙනවා. කළකිරෙන්නේ පසුවටයි (නි)
කව්රු කොහොම කීවත් අපි වැටිලා ඉන්න නාරා වල ගැන කාටවත් තේරුමක් නැහැ. තේරුනත් කරගන්න දෙයක් හිතා ගන්නවත් බැහැ. ඒ තරමට අපි හිරවෙලා.(නදී)
මොවුන්ව සගවා ඇති අනෙක් ආයුද පෙන්වීමට රැගෙන යමු (නදී)
මේවා මෙහෙම එක පාරට මතු වෙන්න කාගේ හරි බංගලාවක හංගා ගෙන ඉඳලා වෙලාවට එලියට යවන්න ඇති. මේවාට උඩ ගෙඩි දෙන උදවිය තමා අල්ල ගන්න ඕන. (ස)
ආයෙත් ජන සංහාරයකට නේද මේ හැමෝම අර අදින්නේ. (නදී)
මේ අහිංසකයෝ කව්ද දන්නේ නැහැ නේද? (නදී)
මේ අයව එලියට දාන්න නරකයි. ඇතුලෙම තියන්න ඕනෑ. පස්සේ දවසක ඡන්දයක් තියෙනකොට කව්රු හරි මෙයාලව එලියට ගනියි (නදී)
මේ අයව අපරාධ කාරයන් කරන්නේ අපේම අය නේද? (නදී)
අනේ කාවවත් කාටවත් බලෙන් අපාරධකරුවන් කරන්න බැහැ (නදී)
අලුත්ගම රැස්වීමේදී හිමි නම කල කතාව ඔය හැම අයුධයකටම වැඩිය භයානකයි. ඒ කතාව අන්තර්ජාලයෙන් අහපු කුඩා බෞද්ධ දරුවෙකු කල ප්‍රකාශය මෙතන ලියන්න බැහැ. බලාගෙන ගියාම තව ටික දවසක් ඔය විදිහට ගියා නම් අත්අඩංගුවට ගන්න වෙන්නේ ඔය පොරෝ කෙටි අලවංගු නෙවේ, කාල තුවක්කු.(නදී)
සිංහල හෝ මුස්ලිම් කව්රු උනත් නිසි දඩුවම් දිය යුතුයි (නදී)
මරණ දඬුවම දිය යුතුයි අපිට මේ වගේ පපතාරයෝ අවශ්‍ය නැහැ (නදී)
උපරිම දඬුවම් දිය යුතුයි (නදී)
ඔවුන්ට උපරිම දඩුවම් දෙන්න (නි)
මේ මිනිසුන් හදන්නේ නැවත රටේ ප්‍රශ්නයක් ඇති කරන්න. නැවත මේ වගේ දේවල් නොවෙන්න අපි හැම දෙනාම අවදානයෙන් ඉන්න ඕනෑ. මේ අයට දඩුවම් කරලා විතරක් නෙමෙයි, තේරුම් කරලත් දෙන්න ඕනෑ (නි)
මේ අල්ලන අයගේ නම් දාන්න බැරිද අපිට දැනගන්නත් එක්ක? (නි)
හොඳ සොයාගැනීමක්. මේවා සමාජයට ගියා නම්? (නි)
කුසුම්, ඔයගේ ළපටි මොළේ තමයි මොළේ. කතාව භයානකයි. අවිය අහිංසකයි. (නි)
මොවුන්ට ප්‍රසිද්ධියේ දඬුවම් දියයුතුයි. (නි)
මෙවන් වැඩ නැවත නොකරන්නට දඩුවම් දෙන්න (නි)
කුසුම් ගැන පුදුමත් හිතෙනවා (නි)
මොන ජාතියේ හෝ වේවා, වරදකරුවන්ට තරාතිරම නොබලා උපරිම දඬුවම් ලබාදීමෙන් අනෙක් අයටත් පාඩමක් වෙනවා (නි)