ශ්‍රි ලංකාවට එරෙහිව ඇමරිකාව ඇතුළු බටහිර රටවලින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනාවට එරෙහිව පන්දහසක් පමණ යුරෝපයේ ශ්‍රී ලාංකිකයෝ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර අද දැවන්ත උද්ඝෝෂණයක් පැවත්වූහ. ඉතාලියෙන් බස් 50කින් ශ්‍රී ලංකිකයෝ එහි ගියහ. ශ්‍රී ලංකාවේ සමගියට හා සංහිඳිවාට බාධා නොකරන ලෙස ඉල්ලන පෙත්සමක් ද එක්සත් ජාතින්ගේ සංවිධානයට බාරදුන් බව එහි ශ්‍රී ලංකික ප්‍රකාශකයෙක් කියයි.
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකිරි බණ්ඩාරට හොඳටම ඩොන් ගිහිල්ලා!!!! (ස)
.ශ්‍රී ලංකාවට ජයවේවා ඔබට සුභ දවසක් (අ)
ගොඩක් ස්තුතියි. ශ්‍රී ලංකිකයනි අවදිවන්න ඉදිරියටම යමු.(නධී) .
ලාංකිකයන් හැටියට ඔබලාට අපේ ප්‍රණාමය. ජයවේවා ! (ස)
මේ වගේ දකින්නත් සතුටුයි.(නදී)
රටට අදරය කරන මිනිසුනේ නුඹලාට චිරං ජයතු! (නදී)
ලංකා ලංකා පෙම්බර ලංකා පිනවමු ඔබ ලංකා ..පිනවමු ඔබ ලංකා දිරිදී ....ඔසවමු ඔබ ලංකාආ....(නදී).
අපේ උපහාරය ඔබ සැමට.(නදී)
කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක් හැටියට මම ලජ්ජා වෙනවා අපට ටොරොන්ටෝ හරි ඔටාවාවල මේවගේ දෙයක් කරගන්න බැරි වීම ගැන.(නදී)
මෙන්න නියම මිනිස්සු. (ස)
කවදත් රටට හොදක් කළේ දකුණේ මිනිස්සු තමා. (ස)
වැල්ලේ පිපෙන බිම්මල වාසනාවන්. ගොල්ලේ පිපෙන පන් මල වාසනාවන්. පෝයදාට පුන් සඳ වාසනාවන්. ජාතිත් දේශප්‍රේමීන් වාසනාවන්.(නදී)
ඇත්තටම ලංකාවේ හැදුන වැඩුන ඔබේ මේ ප්‍රයත්නය ලාංකිකයින් ලෙස අපට ආඩම්බරයක් , සතුටු වෙනවා ඔබලා ගැන.(නදී)
අවශ්‍ය මොහොතේදී ඔබේ යුතුකම ඉටුකිරීම ගැන දේශප්‍රේමීන්ට අපේ උපහාරය.(නදී)
වියදමට කෝටි ගානක් ඇරලා කියලා අන්තර්ජාලයේ සදහන් වෙනවා.(නදී)
මෙහෙ අලුත් කොටියෙක් නිර්මාණය කරන්න යනවා. අද හෙට හෙළි දරව් වේවි බෝම්බ කීයක්, ටී 56 කීයක් කැලෑවේ හංගලා තිබිලා හමු වුනාද කියලා. (නදී)
සජිනි මදුෂානි ඉතාලිය 2014-03-24 23:51:15.ලංකාවේ සත්‍ය කතා කරන්න ගියොත් වෙන්නේ සුදු වෑ න වලින් යන්න. දැනට මාධ්‍යවේදීන් කී දෙනෙක් අතුරුදහන් වුනාද? කී දෙනෙක් මැරුම් කෑවද? කී දෙනෙක්ගේ ගෙදරට හොරු පැන්නද? (නදී)
දේශප්‍රේමි වෙන්න නිකම් බැහැ. විදුලි බිල මාසෙකට ලක්ෂයක්වත් පන්නන්න ඕනේ. ඒක ගෙවන්නෙත් අපේ පරිප්පු ටිකට,පාන් කෑල්ලට ගහන බදු මුදලින් නිසා ප්‍රස්නයක් නැහැ.(නදී)
මානව හිමිකම් කියල කාර්යාලයක් ලෝකයේ තිබිලත් මෙහෙම නම් නොතිබුනා නම් අපේ මොකුත් ඉතිරි වෙන්නේ නැහැ.(නදී)
මෙි මිනිස්සුන්ට පිටරට හිටියත් රට ගැන තියෙන හැගීම අපේ රටේ සමහරුන්ට නැහැ.(දිල්)
මගේ ජාතිය මගේ ආගම මගේ ප්‍රාණය. ඔබ සැමට තෙරුවන් සරණයි. ජය වේවා! (නදී)
ආඩම්බරයි.මේ වගේ දේවල් ගොඩක් වටිනවා රටේ මතය කියාපාන්න.රට දිනේවා........ (දී)
සත් ක්‍රියාවක් කෙරුවේ ඔබල අපේ රට ආගම වෙනුවෙන්...සිංහලයනට ජයවේ..... ජයවේ .... (දී)
ඔබ අපේ රටට ආඩම්බරයක් සහෝදර සහෝදරියනි (දී)
කියන්න වචන නැහැ. ඔබලාද රණවිරුවන්ට සමානය. බොහොම පිං. (ස)
ඔබ සැමට තෙරුවන්සරණයි !!!!!!!!!!!! (දී)
විදේශ ගතව සිටියත් සිංහල කැක්කුම හදවතිම ඵන අය සිටිම අපි කාටත් ආඩම්බරයි (දී)
පිට රටක හිටියත් අපි හැමදාම ලංකාව සමග ඉන්නවා.මෙම රැළියට එකතු වු සියලු දෙනාට ස්තුති .ලංකාවට ජයවේවා(දිල්)
අදිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියන එක දේශප්‍රේමියෙකුගේ ගෙදර විදුලි බිල පමණක් රුපියල් එක්ලක්ස හතලිස් දෙදාහක් කියලා බිලක් අන්තර්ජාලයේ පල කරලම තිබුනා.(නදී)
ඉදිරියටත් ඔබ සැමට මෙලෙස මවුබිම වෙනුවෙන් පෙළ ගැසීමට ශක්තිය ලැබේවා! (නි)
සෑම් කියලා අදහස් දමා ඇති කෙනාගේ අදහස් මමත් පිළිගන්නවා.අපේ රටේ අය මේ වගේ රට වෙනුවෙන් දේවල් කරනකොට අපිට සතුටුයි තමා. ඒත් එයින් මේ යෝජනාවටවත් අපේ රටට එරෙහි වී ඇති රටවලටවත් ඇති වෙන ලොකු බලපෑමක් නැහැ නේද? රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් බුද්ධිමත් නිලධාරීන් යොදවා මෙය හොඳ විදියකට විසඳා ගන්න බලන්න ඕනෑ. (නි)
ඔබට මගේ හදපිරි ප්‍රණාමය පුද කරමි. (නි)
පැරිස් වලින් ගිය පිරිසටද ගොඩක් ස්තූතියි. මගේ රටට ජය වේවා. (ස)
මේ ප්‍රශ්නෙට විසඳුම පෙළපාලි යාම නොවේ. යු එන් එක ඉදිරිපිට මොන විදියට කෑගැහුවත් ගොඩනැගිල්ල ඇතුලේ වෙන දේවලට බලපෑමක් නැහැ.රාජ්‍යතාන්ත්‍රික දැනුමක් සහ පිළිගැනීමක් ඇති හොඳ දැනුමක්, කථිකත්වයක් ඇති ලාංකික නිලධාරීන් යොදවා මේ ප්‍රශ්නයට මුහුණ දිය යුතුයි. (ස)
ජයවේවා !!!! (ස)
මේ මින්නිසුන්ගේ ඔක්කොම වැඩ දාලා ලංකාව වෙනුවෙන් කෑගැහුවටවත් ස්තූති කරන්න.වෙන දේවල්වලට කීයක් ගියාද කියල හොයන්නේ නැතුව.ඔබ සෑම දෙනාටම අපේ ප්‍රණාමය. (ස)
ලෝකයේ කොයි මුල්ලක සිටියත් මැරෙන්න ලක්බිම දෙසට හැරී. ජයවේවා ඔබ සියලුම දෙනාට... (ස)
ඔබ සැමට දළදා සමිදු පිහිට ලැබේවා (දී)
මෙවන් මොහොතක රට වෙනුවෙන් හඬ නගන්න එක්වීමත් සතුටක් (දී)
ඔබලා සියලුම දෙනාට තවතවත් ශක්තිය ලැබේවා (දී)
සිරිනා මාග්‍රට් මැතිනිය ඔබ අපගේ සිංහල සහෝදරයන් කරන මෙම දේවල් අවතක්සේරු කර විහුලුවට අරන් වාගේ . ඔබට රට ගැන කැක්කුමක් නැතුවට මෙම ලාංකිකයන් හට එය තිබෙනවා . ඔබගේ නමින්ම පේනවා ඔබ කවුද කියා . සිංහලයන් වශයෙන් මෙවෙනි දේවල් වලට උදව් කිරීමත් අගය කිරීමත් කල යුතුය (දී)
ලංකාව වෙනුවෙන් හඩක් නැගු ලාංකිකයිනි ඔබට අපේ උත්තමාචාරය (දී)
අපිට හරිම ආඩම්බරයි ඔබගැන (අ)
ස්තුතියි ඔබලා නියම දේශප්‍රේමි ශ්‍රී ලාංකිකයන්; අපේ දේශප්‍රේමින් මේක පෙන්නලා ඡන්ද ටිකක් ගන්න බලාවිද දන්නේ නැ (අ)
ලාංකිකයෙක් හැටියට මට ආඩම්භරයි (දී)
යුතුකමක් විදිහට ලෙඩ නිවාඩු දමා මමත් ගියෙමි. (දී)
ඔබ සැමට ,ශ්‍රී ලාංකිකයින්ගේ ප්‍රණාමය (දී)
ලංකාවේ ජීවත් වෙන අයට වඩා මේ මිනිස්සුන්ට රට ගැන හැගීමක් තියෙනවා (දී)
ලෝකයේ කොයි මුල්ලක සිටියත් මැරෙන්න ලක්බිම දෙසට හැරී ජයවේවා ඔබ සියලුම දෙනාට (දී)
ස්තුතියි ශ්‍රී ලාංකිකයන්ට , නමුත් අපේ රටේ පාලකයන්ටවත් නැහැ ඔය තරම් උවමනාවක් , (දී)
ජිනීවා පොලීසිය තහනම් නියෝගයක් අරගෙන නැ වගේ රැස්වීම් උද්ගෂණ තහනම් කරලා.(නදී)
බලන්නකෝ අද ප්‍රවෘත්ති. අර පින්තුර වලට ඉන්න ගිය උදවිය මානව හිමිකම් සංවිධානවලට දෙයි ඇට්ටි හැලෙන්න. හැබැයි කටින් තමා ඉතින්.(නදී)
බොහොම හොඳයි. ඔබ සියලු දෙනා කරන කැපවීමට. තවත් දිරිය ලැබේවා. ඔබ කරන දේ හරි.(නදී)
මේක සංවිධානය කලේත් ඒ සඳහා විය හියදම් කලෙත් තානාපති කාර්යාල තමා. වෙන කව්ද?(නදී)
සැබැ දේශප්‍රේමින් .... ඔබලාට තව තවත් ශක්තිය ලැබේව...!!! (අ)
අපිට මේ රට තුල ඉදගෙන කල නොහැකි දේවල් ඔබල කිරීම ගැන බොහොම සතුටි. ජය වේවා!!! (අ)
මේ වැඩේ හොඳයි. නමුත් මේ ගොල්ලන්ගේ වියදමට ලංකාවෙන් වෙන් කරන යුරෝ 5000 කවුද ගෙවන්නේ. එම්බසි කීයකට පන්දහ ගානේ වෙන් කරලා ඇතිද.(නදී)
ලියන්නා කෙසේ ලීවත් පාඨකයන් සිහි බුද්දියෙන් කියවිය යුතුය.(නදී)
මුළු රටේම උපහාරය ! දළදා සමිදුගේ සරණයි ! (නදී)
අපේ පුංචි රට වෙනුවෙන් ඔබලා ගෙනයන මේ සත් කාර්යට ගොඩක් පින්.(නදී)
සුපිරියි.(නදී)
මට හිතෙන්නේ මෙතන 8000 කට වැඩිය ඉන්නවා කියලා.(නදී)
ජයවේවා.. ජයවේවා..(නදී)
ස්තුතියි ශ්‍රීනා. ඇය ශ්‍රී ලාංකික කාන්තාවක් නෙවෙයි. අපි මෙහෙ ඉදගෙන රට වෙුනවෙන් මොනවද කරන්නේ කියා ඇය දන්නේ නැහැ.(නදී)
පාඨකයෙනි ලංකාවේ මානව හිමිකම් කඩනවා කියා මුලින්ම ජිනීවා වලට ලිපි ලේඛන හොරෙන් අරගෙන ගියේ කව්ද? එදා කරපු වැඩේ ඵල විපාක අන්තිමට පාරා වළල්ලක් වී පැමිණ ඇති බව පමනක් පෙනේ.(නදී)
බොහොම ස්තුතියි! මේවා තානාපති කාර්යාල වලින් කෙරෙන්න ඕන වැඩ. (අ)
අපගේ උත්තමාචාරය. ඔබ හැම දෙනා සැබෑ ශ්‍රී ලාංකිකයින්. අපට හරිම ආඩම්බරයි ඔබ ගැන. රට ජාතිය ගැන සැබෑ කැක්කුමක් ඇති ඔබ සැමට ස්තුතියි. ප්‍රශංසා කරන්න වචන නැහැ මට. තෙරුවන් සරණයි. (නදී)
ලංකාව වෙනුවෙන් හඩක් නැගු ලාංකිකයිනි. ඔබට ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකන් අපේ උත්තමාචාරය.(නදී)
අවංකවම මමත් යනවා. නිවාඩු නොමැති නිසා යන්න බැරිව ගියා. සහභාගී වුනු සියලු දෙනාට මගේ ස්තුතිය.(නදී)
විරෝදතාව අවසානයේ බස් අස්සේ, ගස් අස්සේ අරක්කු පාටි තිබුනද දන්නේ නැහැ.(නදී)
අපේ පුංචි ලංකාවට මේ වීරයන්ගේ උනන්දුවෙන් යහපතක්ම සිදු වේවා!(නදී)
අදහස් දක්වමින් අපව දිරි ගැන්වූ පාඨකයන්ට ස්තුතියි.(නදී)
මේ ගොල්ලන් රජයේ වියදමින් ට්‍රිප් එකක් ගිහින්. දේශප්‍රේමියෝ නෙමෙයි.(නදී)
මේ පින්තුර දැක්කම දැසම තෙත් වෙනවා සත්තයි !!!! (දී)