IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන්නට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මේ නිසා අප නැවත ඩොලර් අර්බුදයකට මුහුණ දේවි යැයි සැකයක් තියාගන්න එපා.අප මහ බැංකුව සමග දීර්ඝ සාකච්ඡාවක් කොට පිටමං වන ඩොලර් ගැන අවබෝධයෙන් අප මේ කාරණය කරනවා.ඒ නිසා දැඩි ස්ථාවරතාවයකින් යුතුව වාහන වෙළඳපොළ විවෘත කරන්නට අප කටයුතු කළා" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.



අදහස් (20)

පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර

kusal Wednesday, 18 December 2024 01:20 PM

හොඳයි .නමුත් අපි බලාපොරොත්තු උනේ ආනයන කිරීමක් නෙමෙයි .මේ රටේ ම හදන විද්‍යුත් වාහනයක්වත් ප්‍රමෝට් කරලා වෙළඳපොලට දමාවි කියලා .ආනයනය කිරීම කවුරුත් කරන සාමාන්‍ය දෙයක්

:       42       171

mwWednesday, 18 December 2024 02:10 PM

මෙහෙ අමුතුවෙන් සහන දෙන්න ඕනෙ නෑ. සාධාරණ ගාණකින් වෙළෙඳපළට දැම්මා නම් ඒවා විකිණෙයි.

:       87       34

senaWednesday, 18 December 2024 07:35 PM

වොක්ස් වැගන් කොම්පැනිය ආවේ නැහැනේ...

:       1       0

අරවින්ද මොනරවිල Wednesday, 18 December 2024 07:44 PM

වාහන නිශ්පාදන දවසකින් දෙකකින් ආරම්භ කරන්න පුළුවන් දෙයක් නොවෙයි කියලා කුසල්ට අවබෝධයක් නැතිවද මන්දා, අඩුම තරමේ අවුරුදු හතරක් පහක් වගේවත් යයි. එතකම් ජනතාවට වාහන පාවිච්චි කරන්න එපා කියලා කියන්න බැහැ නේද? ඒ නිසා ඒ කාලය තුළ වාහන ආනයන කරන්න වෙනවා.

:       1       2

Chinthaka Thursday, 19 December 2024 05:56 AM

කුසල් හරියටම හරි... අර්බුදයට පස්සේ වාහන ගෙන්වීම හා රටේ නිෂ්පාදනය කළහැකි දේවල් ගෙන්වීම නතර කිරීමෙන් කිසියම් ඩොලර් ප්‍රමාණයක් රටේ ඉතිරිවුණා... ඒ ටික නැවතත් විදේශගත කරලා ජනතාව අතේ තියෙන රුපියල් භාණ්ඩාගාරයට ගැනීමකට තමයි මේ උත්සාහය කියලා හිතෙනවා. යහපාලනය ආරම්භ කාලයේ වගේම අලුත් ජනාධිපතිතුමා ඉන්දියානු සංචාරය කළා විතරයි වාහන ගේන්න අවසරය දුන්නා. ඇත්තෙන්ම කුසල් කියනවා වගේ වැඩක් නොකළොත් නම් වත්මන් ආණ්ඩුවේ අය කියූ අවුරුදු 76 මොවුන් අතිනුත් දිගුවීම අවුරුදු 152 ක් වුණත් නවතින්නේ නැතිවේවි...!

:       0       0

Perera Wednesday, 18 December 2024 01:22 PM

මම ටෙස්ලා මොදල් es එකකට ඇනවුම් කරලා බුකින් එකක් දැම්මා

:       48       15

රනේ Wednesday, 18 December 2024 02:50 PM

අපේ රට යහපත් මාවතට වැටිලා. ජය වේවා!

:       87       38

pjThursday, 19 December 2024 05:33 AM

අපේ රට හතරගාතෙන් වැටිලා... 69 ලක්ෂයට ජයවේවා...!

:       0       3

kamal Wednesday, 18 December 2024 03:10 PM

දැන් ඉතින් කාර් සේල් කාරයෝ මිනිසුන්ගෙන් "අත්තිකාරම් ගැනීමේ" ජාවාරම පටන් ගනී.

:       1       70

sena Wednesday, 18 December 2024 03:29 PM

ඔබ වාහන ගෙන්වීමෙන් ලබාගන්නා බදු උපයන විට බදු අඩු කිරීමට නම් යොඳා ගන්න නම් අදහස් කරන්නෙ ? මම වැනි ඈයෝ හිටපු තැනින් තවත් පහළට. බදු අඩු වන ජනතා ප්‍රතිශතය අඩුම රුපියල් ලක්ශ 60 ක් වියදම් කර හැකියාවක් ඇති ප්‍රතිශතය ඔබලාගේ ඡන්ද ප්‍රකාශ වලට සාදාරණයක් වේද ? වැඩි ජනතාවක් පව්.

:       7       52

සිල්වා Wednesday, 18 December 2024 04:54 PM

රටේ උග්‍ර සහල් හිඟයක් පවතින මේ මොහොතේ වාහන ගෙන්වන්නේ කාගේ බඩ පුරවන්නද..?

:       23       52

Nandana Wednesday, 18 December 2024 05:39 PM

බලාගෙන ඉම්පෝර්ට් ටැක්ස් කොහොමද කියලා නැහැ.

:       4       56

K Perera Wednesday, 18 December 2024 09:41 PM

ඔබ තවමත් රටේ ජනතාව අන්දනවද? ඒක නතර කරලා නෑ වගේ...!

:       0       4

pj Thursday, 19 December 2024 03:46 AM

අළුතෙන් පාරට ඒමට නියමිත වාහනවලට අවශ්‍ය අතිරේක ඉන්ධන සැපයුම පොලිසියෙන්ද...?

:       0       0

pj Thursday, 19 December 2024 05:05 AM

පොල් හාල්...!

:       0       3

pj Thursday, 19 December 2024 05:14 AM

මේ ගොල්ලන්ගෙන් වාහන ගන්න වෙන්නෙ අර පොල් හාල් පාස්පෝට් වගේ දිග පෝළිම්වල ඉඳලයි. ඉස්සරහට තමන්ගේ පිට කහගන්න වෙන්නේත් ඒ අය කියන වෙලාවට බව අමතක කරන්න එපා..

:       0       6

Nart Thursday, 19 December 2024 07:01 AM

ඉහත අදහස් දක්වන ලද සිල්වා මහතාට කවුරු හරි කෙනෙක් හාල් කිලෝ එකක් යවපල්ලා මෙච්චරට වැදගත් මාතෘකාවක් අස්සෙත් එයාට දේශපාලනය... හාල් ලංකාවේ තියනවා දැන් ඕනෑතරම්...

:       6       0

Damith Tuesday, 24 December 2024 01:42 AM

තවත් මිනිස්සු රැවටීම නතර කරලා නෑ වගේ...

:       0       0

Hasitha Tuesday, 24 December 2024 11:23 AM

පව් ජෙබයියෝ හිතන් ඉන්නේ අඩුමිලට කාර් එකක් ගන්න .මොලේ තරම තමයි .ඉස්සෙල්ලා හාල් ටික 160 ට දෙන්න .පාන් නැත්නම් කේක් කාපල්ලා වගේ තමයි

:       0       3

Soniya Wednesday, 25 December 2024 02:43 PM

පොලුත් එපා... හාලුත් එපා... මුකුත් එපා. බොරු විතරක් කියන්නේ නැතිව ඉන්න... ඒ ඇති..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මනම්පිටියේ ආගමික මධ්‍යස්ථානයක් අසල වෙඩි තැබීමක්
2025 අප්‍රේල් මස 18 1143 0

මනම්පිටියේ පවත්වාගෙන යනු ලබන ආගමික මධ්‍යස්ථානයක් අසල මීට සුළු වේලාවකට පෙර වෙඩි තැබීමක් සිදුව ඇතැයි පොලිසිය කියයි.


පිල්ලෙයාන් රියදුරු ලෙස කටයුතු කළ අයෙකු අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 18 867 0

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වු මහාචාර්ය සිව සුබමනියම් රවින්ද්‍රනාත් මහතා අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය ස


මදුරු මර්දකයෝ 1103ක් හොර පාරෙන් අරන්
2025 අප්‍රේල් මස 18 359 0

සෞඛ්‍ය අමාත්‍යාංශය ක්ෂේත්‍ර මදුරු මර්දන සහයකයන් 1103 දෙනෙකු සේවයේ යොදවා තිබුණත් මෙම තනතුරු සඳහා පසුගිය වසරේ මාර්තු මාසය දක්වා විධිමත් අනුමැතියක් ලබාග


දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්
2025 අප්‍රේල් මස 18 1094 0

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ න


සුනිල් සේනානායක දිවි සැරිය නිම කරයි
2025 අප්‍රේල් මස 18 1115 0

එක්සත් ජාතික පක්ෂ දකුණු පළාත් සභා හිටපු මන්ත්‍රිවරයෙකු වූ සුනිල් සේනානායක මහතා අභාවප්‍රාප්ත විය.


මත්පැන් අළෙවිසැල් 3කට මුද්‍රා තබයි
2025 අප්‍රේල් මස 18 691 0

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරාබදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 68 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 217 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 387 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site