IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


පියාගේ මාරක කොන්ත්‍රාත්තුව පුතාගෙන් එළියට

වසර දාහතරකට පෙර සිදුකළැයි කියන ඝාතනයක් සම්බන්ධයෙන් කොට්ටාවේ මාළු කඩ හිමි ව්‍යාපාරිකයකු  අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය කියයි.

මාළු කඩ තුනක් හිමි ව්‍යාපාරිකයා එම ඝාතනය සදහා  රුපියල් එක්ලක්ෂ දහදාහක කොන්ත්‍රාත්තුවක් දී ඇතැයිද ව්‍යාපාරිකයාගේ පුතා සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අවස්තාවේ එම තොරතුරු හෙළි වු බවද පොලීසිය පවසයි. ව්‍යාපාරිකයාත් ඝාතනයේ ඔත්තුව බැලු බව කියන පුද්ගලයාත් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.

ඝාතනයට ලක්වී ඇත්තේ පොල්ගස්ඕවිට මත්තේගොඩ අම්බලම පාරේ උදය චානක අල්ගම(25) නම් තරුණයෙකි.

 ඔහු මාළු ව්‍යාපාරිකයාගේ සේවකයකුගේ මිතුරකු බවත්  එම දෙදෙනා මාළු ව්‍යාපාරිකයාට 1999 දී බෝම්බ ගසා තුවාල කළැයි කියන සිද්ධියකන් මෙම ඝාතනයට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

අතුරුගිරියේ කඩයකින් පසුගිය හයවැනිදා  රුපියල් ලක්ෂ 15 ක භාණ්ඩ සොරකම් කළැයි සැක පිට ව්‍යාපාරිකයාගේ පුතා අත්අඩංගුවට පත් විය.

එම සාප්පුවෙන් සොරාගත් භාණ්ඩ අඩු මිලට විකුණා ඔහු මත් කුඩු මිලට ගන්නට ඇතැයි පොලීසිය සදහන් කරයි. කුඩු පාවිචියෙන් මිදීම සදහා යැයි කියමින් ව්‍යාපාරික පුතා කරිඳිවැල පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට ඇතුළු විමට යන බව ලැබුණු තොරතුරකට අනුව සැරයන් පියල් දුණුසිංහ (56750) ඔහු අත්අඩංගුවට නොගත්තේනම් වසර දාහතරකට පෙර සිදු වු ඝාතනය නාදුණන පුද්ගලයකු අතින් සිදු වු ඝාතනයක් ලෙස යට පත් වීමට ඉඩ තිබුණේ යැයි පොලීසිය කියයි.

199-01-19 වැනි දින කොට්ටාවේදී චානකට වෙඩි තැබු බව කියන කොන්ත්‍රාත් කණ්ඩායමේ තිදෙනකුම මිය ගොස් ඇති බව පොලීසිය සදහන් කරයි.ඔවුන් වැල්ලම්පිටිය,කොළඹ හා පන්නිපිටියේ අය බවද කියති.

 ඝාතනයෙන් අනතුරුව ඔවුන් කොට්ටාවේ ත්‍රීරෝද රථ රියදුරකුට ගිනිඅවිය පෙන්වා  මහරගමට ගොස්  එතැනින් වෙනත් වාහනයකින් කොළඹ ලොජ් නවාතැන්පොළකට ගිය බවද පොලීසිය සොයාගෙන ඇත.

ඝාතනය සිදුවෙද්දී ව්‍යාපාරිකයාද අනෙක් සැකකරුද ඒ ආසන්නයේ සිටි බවටත් පොලීසියට තොරතුරු ලැබී ඇත.ඝාතනය සම්බන්ධයෙන් පියාද සොරකම සම්බන්ධයෙන් පුතාද නුගේගොඩ අධිකරණයට බදාදා (28) ඉදිරිපත් කිරීමට නියමිතය.

නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත (දකුණ භාර)සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් මත මිරිහාන විශේෂ අපරාධ මොහයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න,පොලිස් පරීක්ෂක සිල්වා, සැරයන් (56750)ජයවර්ධන ,කොස්තාපල්වරුන් වන  (81600) සමීර,(88816) ලයනල් (69598) අනිල් යන නිලධාරීහු  එක්ව පරීක්ෂණ මෙහෙයවති.  

පොලිස් සැරයන් පියල් දුනුසිංහ මහතාය

මිරිහාන වශේෂ  අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න

වසර 14 කට පෙර මරා දැමු උදය චානක අල්ගම

 

 

 

 

 

 



අදහස් (0)

පියාගේ මාරක කොන්ත්‍රාත්තුව පුතාගෙන් එළියට

නිමල් රණසින්ග්හේ Tuesday, 27 August 2013 10:29 PM

පියල් දුනුසින්ග්හේ නිමල් කරුණාරත්න මත්වරුන්ට මගේ ප්‍රණාමය ඔය මලු කඩ කාරයාගේ තවත් අපරාද ඕන තරම් ඇති ගැලවෙන්න දෙන්න එපා (දී)

:       0       0

කසුන් Tuesday, 27 August 2013 11:02 PM

මමත් කොට්ටාවේ අපිට මතකයි අපි පොඩි කාලේ කොට්ටාවේ මාළු කඩේට බෝම්බ ගැහුවා. අපි පොඩි එවුන් එතකොට (දී)

:       0       0

මහානාම Tuesday, 27 August 2013 11:18 PM

අද අපේ රට් හැම තැනකම නීතිය නැත්තට නැති වෙලා මේවට සාමාන්‍ය මිනිස්සු වශයෙන් අපිට කම්පා වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. (දී)

:       0       0

උපුල් නෙරංජන් රත්නායක Tuesday, 27 August 2013 11:24 PM

අනේ දැන් මේ රටේ කිසිම සාධරණ දෙයක් කෙරෙන්නේම නැති තරම්. හැම තැනක්ම බැලුවෝත් මේ වගේ අපරාධ හැම තැනකම වෙනවා. පාලිත පිරිසට නිවැරදි යහ මාර්ගය පාලක පක්ෂය විසින් පෙන්විය යුතු වුවත් අද පාලක පක්ෂයන් පාලිත පක්ෂයට ලැබෙන්නේ ඊට හාත්පසන්ම ප්‍රතිවිරුද්ධ ආදර්ශයක්. මේ තත්වය මත මෙවැනි සිදුවීම් ඉදිරියේදී මීටත් වඩා බහුලව බලාපොරොත්තු විය හැකියි. හැම තීතියක්ම බොරුවට පොඩි මිනිහට විතරයි. ලොකු මිනිහා වැරැද්දක් කලොත් ආචාර කරලා පිළි අරගනියි. හැම තැනකම අපරාධ සිද්ධ වෙන නිසා තිස් අවුරුදු යුද්ධය නතර වුනා කියලා මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. යුද්ධ කාලේදී රටේ තැනින් තැන මරණ සිද්ධ වුනා. දැනුත් ඒකම ඊට වැඩියෙන් සිද්ධ වෙනවා. ඉතින් මිනිස්සුන්ට වෙනසක් දැනෙන්නේ නැහැ. සමහර මිනිස්සු මට ඇහිලා තියෙනවා කෝච්චිවලදී බස්වලදී කතා කර කර යනවා ඉස්සර යුද්දේ තියෙද්දී දැන් කාලේ වගේ අපරාධ සිදු වුනේ මිනිසුන් මැරුනේ නැහැ නේද කියලා. (දී)

:       0       0

ජගත් හර්ෂණ ජයසූරිය Tuesday, 27 August 2013 11:29 PM

මේ රටේ මිනිසුන්ට අද මරණයක් කියන්නේ සාමාන්‍ය දෙයක් වෙලා. යුද්ධ කාලේ හැම තිස්සේම මැරෙනවා බල බලා ඉදලා නිසාද දන්නේ නැහැ මරණය මිනිස්සුන්ට මේ තරම් සාමාන්‍යකරණය වෙලා තියෙන්නේ. අනික මරණයට ඉස්සර තරම් මිනිස්සු සංවේදී වෙන්නෙත් නැහැ. කවරුහරි මැරිලා හිටියොත් ඒ දිහා හැරිලා වත් බලන්නේ නැතුව තමන්ගේ පාඩුවේ මිනියේ ඇඟ උඩින් පැනලා හරි යන්න යාවි. ඒ තරමට අපේ රටේ මිනිසුන්ට මරණය, මිනීමැරීම, ඝාතනය සාමාන්‍යකරණය වෙලා. මුළු සමාජයම හරියට හරිවට්ටලා වගේ. මම දකින්නේ මේක ඉබේම සිද්ධ වුන දෙයකට වඩා පාලකයින් විසින් පාලනය කිරීමේ වුමනාව මත පාලිතයින් පිට පටවන ලද පාලක උපක්‍රමයක් විදිහටයි. (දී)

:       0       0

චමල් Wednesday, 28 August 2013 06:18 PM

අනේ රූපවති, ඔයත් එක්ක කතා කරන කාලෙත් අපරාදේ. කරන කලට පව් රස බව හැගුනේ කියලා කියනවනේ. අපේ සමහර මිනිස්සු කරන්න ඕනෑ සේරම ජරා වැඩ කරලා ,හිගන්නෙකුට කෑම ටිකක් දීලා, තව කොහෙට හරි සල්ලි ටිකක් දීලා පින්වන්ති කියලා හිතා ගෙන ඉන්නවා. ඔයා බුද්ධාගම ගැන කියන විදිහෙන් තේරෙනවා හොදට මස් ගිල ගිලා ඉන්න ආත්මයක් කියලා. (නි)

:       0       0

රුවන් Tuesday, 27 August 2013 11:33 PM

මේ ගැන කතා කරලා වැඩක් නැහැ ලංකාවේම ඉන්නේ මෝඩ මිනිස්සු (දී)

:       0       0

ජයසූරිය Wednesday, 28 August 2013 06:18 PM

මිනිස් ඝාතනයක් කළ තැනැත්තෙක් තමන් මැරෙන්න මොහොතක් තියා හරි නීතියට කොටු වෙනවා. එයයි ලෝක ධර්මතාවය. කළ කළ දේ පල පල දේ (නි)

:       0       0

තිලකරත්ත Tuesday, 27 August 2013 11:37 PM

අනේ මල්ලියේ වැඩක් නැහැ ඒ ගැන කතා කරලා නම්. මේවා ගැන අපි කතා කලොත් අපිට විතරයි නඩු තියෙන්නේ. අනික් උදවියට මොකුත් නැහැ. (දී)

:       0       0

චමිල් තරංග Tuesday, 27 August 2013 11:40 PM

මම නම් දැන් මේ ගැන කතා කරන්න කැමති නැහැ. ඔයාලා දන්නවනේ මට කරපු හරිය. මම කැමති නැහැ ගැරඩි මරලා පව් පුරවා ගන්න. මට දරු පැටියෙක් ඉන්නවා. දැන් මම ගමට වෙලා හොඳින් ජීවත් වෙනවා. හැබැයි මට වරද්දපු අයට පරෙස්සම් වෙලා ජීවත් වෙන්න කියන්න. මම වෙන වෙන නම් වලින් ඇවිල්ලා හරි ගේම දෙන එක දෙනවාමයි (දී)

:       0       0

කසුන් චාමර Tuesday, 27 August 2013 11:42 PM

මිනීමැරිම සමහරුන්ගේ රස්සාව. සමාජ අසාධාරණකම් දැක්කම මටත් එක වෙලාවකට මරාගෙන මැරෙන්න තරම් හිතට ආවේගයක් එනවා ඇත්තටම. වැඩියෙන්ම මරන්න හිතෙන්නේ ඔය ගයාන් වගේ කේලාම් කියවලා අපිව කොටවන අයව තමයි (දී)

:       0       0

උදාර සංජීව ද අල්විස් Tuesday, 27 August 2013 11:45 PM

මරණ වරෙන්තුව තමන්ට එන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න මිනිස්සු අනුන්ගේ ජීවිත බොහෝම සැහැල්ලුවට ගන්නවා. එයාලා දන්නේ නැහැ එයාලා කරන දෙයම එයාලගේ ජීවිත වලටත් උරුම වෙනවා කියලා... (දී)

:       0       0

මධූෂා Tuesday, 27 August 2013 11:47 PM

කොල්ලෝ මාව දැක්කම මැරෙන්න හදනවා. අනේ මට නම් උන් එකෙක් වෙනුවෙන් වත් මැරන්න කිසිම ඕන කමක් නැහැ. මට මැරෙන්න නෙවෙයි ජීවත් වන්න හොඳ මහත්තයෙක් ඉන්නවා. (දී)

:       0       0

මුදිත සංජීව Tuesday, 27 August 2013 11:49 PM

මරණය තමන් කරා නො එනා තාක් කල් හැමෝම හරියට ලොකු චණ්ඩියෝ වගේ කතා කරනවා. හැබැයි මරණය තමන් කරා එද්දී බයට හැංගෙන්න තැන් හොයනවා සමහරු නම්.... (දී)

:       0       0

සුමි Thursday, 29 August 2013 04:57 AM

අනේ ලස්සන දරුවෙක් මව්පියෝ කොච්චර ආදරයෙන් බලාපොරොත්තු තියාගන ඉන්න ඇති පව් (අ)

:       0       0

පී.ජී. බුද්ධික ප්‍රසන්න Tuesday, 27 August 2013 11:51 PM

මම නම් මරණයට බය නැහැ. මට නම් දැන් උලේ හිටියත් එකයි පිලේ හිටියත් එකයි. මම මරලත් තියෙනවා. මරන්නත් පුලුවන්. කොහොම වුනත් මම අහිංසකයින්ට නම් අතවත් තියන්නේ නැහැ. මට කේන්ති ගැස්සුවොත් ඉතින් එයාගේ මරණය තමයි. කවුරු කවුරුත් දැන ගෙන තමයි මාව ආශ්‍රය කරන්නේ. (දී)

:       0       0

සිල්වා Tuesday, 27 August 2013 11:52 PM

දැන් හරිනේ දෙන්නාම අතුලේ (දී)

:       0       0

සිරිපාල Wednesday, 28 August 2013 06:27 PM

රුපවති නෝනා, ඇත්තටම පින්වන්ත කට්ටිය මම ඔයාට වඩා පින්වන්තයි කියලා කියන්නේ නැහැ නේද? අනික ඔයා නරකාදියේ ඉපදිලා අදහස් දැම්මට අපි දාන්නේ මනුස්ස ලෝකේ ඉදලා. මනුෂ්‍ය ආත්මයක් ලබන්න ගොඩක් පින් කරලා තියෙන්න ඕනෑ. මනුෂ්‍ය ආත්මයක් ලැබීම කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා තරම් දුර්වලයි කියනවනේ. (නි)

:       0       0

රංග රවීන්ද්‍ර විජේවර්ධන Tuesday, 27 August 2013 11:55 PM

කොකාට වාරයක් වගේම තිත්තයාටත් වාරයක් එනවා. කොකාගේ වාරේ ඔහේ මට කෙලියටදී) පස්සේ අහවර වුනා ප්‍රසන්න. දැන් ඇවිල්ලා තියෙන්නේ තිත්තයගේ වාරේ. තමුන් මගෙන් නොමැරී බෙරෙන හැටි ඉදිරියේදී අපි බලාගනිමු ප්‍රසන්න. මම හොඳට හොඳයි නරකට අන්තිම නරකයි දන්නවා නේද මගේ හැටි? පරෙස්සම් වෙලා ඉන්නවා. (දී)

:       0       0

රූපවතී Wednesday, 28 August 2013 12:23 AM

මේ ප්‍රතිචාර දමලා තියන සොහොයුරෝ මමදන්නවා ඔයාල විහිලුවටයි මේවා ලියල තියෙන්නේ කියලා. ඒත් , විහිළුවටවත් එපා එහෙම ලියන්න, අපි අපේ හදවත් පිරිසිදුවෙන් ජීවිතේට මුහුණ දෙන්න ඕනා. මෙහෙම සිතන විට අපේ සිතිවිලි, අපේ යම් හතුරෙක් වේද? ඒ වෙත ඇදීයන සුළු බැවින් ,පළි ගැනීමට සිත පොලඹවයි ..?අපි පින් සිතුවිලි වලින් සිත පුරෝගෙන අදිෂ්ටාණ පුර්වකව ජීවිත ගමනේ කෙනෙක්ට කරදරයක් නොවී ජීවත් වෙන්න ඕනා. එවිට අපේ ජීවිත අදට වඩා දීප්තිමත්ව කරදර වලින් තොර ,සැපවත් බවට දිනෙන් දින ලගාවෙලා ඔබ ,අපි හැමෝම දියුණු පුද්ගලයෝ වෙනවා සියලු පැතිවලින්ම... ?විහිළුවටවත් වෛර අදහස් ලියන්න එපා. කෙනෙකුට විහිළුවක් කරන්න හුරුවෙන්න. ඔහුට, ඇයට, සිනහ උපදවන සුළු. එවිට අපේ ඇගේ ලේ පිරිසිදු වෙනවා.(නදී)

:       0       0

මධුශංක Wednesday, 28 August 2013 01:13 AM

මල්ලි අපි මැරෙන්න බයත් නැහැ. මරන්න බයත් නැහැ. දකුණේ කොල්ලන්ව මරණය පෙන්නලා බය කරන්න බැහැ. අද මම ඔතන නැති වුතන් මගේ ආත්මය හරි ඔහෙලා එක්ක ඉඳීවි. (නි)

:       0       0

මජිඩ් Wednesday, 28 August 2013 01:14 AM

කව්රු කව්රුත් සෝබන කතා ලියනවා (නි)

:       0       0

රූපවතී Wednesday, 28 August 2013 01:15 AM

පිහියක් අරගෙන ඇවිල්ලා අනින්න හිතෙනවා මට (නි)

:       0       0

නීල් බණ්ඩාර Wednesday, 28 August 2013 01:16 AM

මෙතැන නැති එක පුදුමයි ප්‍රසන්න කියලා අදහස් දාන කෙනා. (නි)

:       0       0

චමිල් ආදිහෙට්ටි Wednesday, 28 August 2013 02:07 AM

මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති නිමල් කරුණාරත්න මහතාටත්, සැරයන් පියල් දුනුසිංහ මහතාටත් මගේ ප්‍රණාමය! (නි)

:       0       0

මලී Wednesday, 28 August 2013 01:37 PM

කඩු ගත්තෝ කඩුවෙන්ම නසිති. අපරාධකරුවන්ට තමන් කළ අපරාධ වලට දඩුවම් කවදා හෝ ලැබෙනු ඇති.ධර්මය සත්‍යමය. (ස)

:       0       0

චන්ද්‍ර වීරසින්ග්හේ Wednesday, 28 August 2013 04:31 AM

මෙන්න බොලේ වැඩක්! (නි)

:       0       0

ඉන්දික Wednesday, 28 August 2013 05:08 AM

මධුෂා කියන කෙනා මොකක්ද මේ කියන්නේ ? මේ පුවතට ඒකෙ අදාලත්වය මොකක්ද?ලංකාවේ සමහර ගැහැණුන්ගේ මානසිකත්වය! (නි)

:       0       0

ටිරල් Wednesday, 28 August 2013 05:09 AM

රුපවතී , මම දැන් දන්නවා ඔයාගේ වයස (නි)

:       0       0

සත්‍යා Wednesday, 28 August 2013 06:43 AM

උපුල් නිරංජන් රත්නායක සොහොයුරා ට අපේ ආචාරය. සත්‍යය දකින්නා මනුෂත්වය සම්පුර්ණ කරමින් සිටින අයෙකි.(නදී)

:       0       0

චමල් Wednesday, 28 August 2013 07:34 AM

අනේ රූපවති, ඔයා ගොඩක් පව් කරපු කෙනෙක් වගේ. එහෙම අය තමා යටිහිතෙන් වද දෙනකොට මේ වගේ තැන්වලට ඇවිල්ලා ඔය වගේ ප්‍රතිචාර දාලා හිත හදා ගන්න බලන්නේ. (නි)

:       0       0

උදයංග Wednesday, 28 August 2013 02:16 PM

තිරිසන් මිනිසුන්! (නි)

:       0       0

ඉෂාර Wednesday, 28 August 2013 08:15 AM

පී.ජී. බුද්ධික ප්‍රසන්න මනී මැරුවැයි කියන්නේ මෙ... ඔන්න ඔයඅයිඑඩ්රස් එක අරගෙන පොලෝසියට දෙන්නකෝ පරීක්ෂණයක් තියන්න.(අ)

:       0       0

රකිත් Wednesday, 28 August 2013 08:33 AM

රූපවතිලා දෙන්නෙක් ඉන්නවද මෙතන? එක්කෙනෙක් වෛර අදහස් ලියන්න එපා කියන ගමන් තව එක්කෙනෙක් පිහියක් අරගෙන ඇවිල්ලා අනින්න හිතෙනවා කියනවා. නැත්නම්, මේ එකම රූපවති, රූප දෙකක් රඟපානවද? (අ)

:       0       0

වසුන්දරා Wednesday, 28 August 2013 09:44 AM

තමුන්ගේ වාසි ප්‍රයෝජන ගැන පමණක් හිතන, අනුන්ගේ ජිවිත තඹ සතේකට මායිම් නොකරන ,දෙලොවටම නැති කාලකණ්ණි.පව්.රටක් වටින ජිවිත. (ස)

:       0       0

ටිරල් Wednesday, 28 August 2013 03:23 PM

මට පෙනෙන විදියට රූපවතී මහණ වෙයි. (ස)

:       0       0

නීලා Wednesday, 28 August 2013 09:56 AM

වැරදිකරුවන්ට නිසි දඩුවම් ලබාදෙන්න (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 28 August 2013 10:07 AM

මම නම් ඔය ලොකු ලොකු කතා කියන චණ්ඩි සවුත්තු වෙන හැටි ඕනෑතරම් දැකලා තිබෙනවා (නි)

:       0       0

රූපවතී Wednesday, 28 August 2013 10:12 AM

මේ තීරයේ .. " රුප " කියලා තවත් කෙනෙක් පාඨක අදහස් දමනවා .එයත් වෙන කෙනෙක් ...?ඒත් මගේ සිතේ අදහස් අනික් අයට ගිනිපෙනේලි වෙන්නේ නැහැ කියලා මට ෂුවර්, මොකද මම විහිළු කරන්න ආසයි..හිනාවෙන් අපි නිතරම රාජකාරියෙහි යෙදෙන හැමෝම , සුහදශීලියි ..ඒ නිසා මට ගිනි ඇවිලෙන අදහස් පහළ වෙන් නැහැ ...?එහෙම සිතිවිලි වලට මම කැමතිත් නැහැ...!! (ස)

:       0       0

ලුම්බිණි Wednesday, 28 August 2013 10:31 AM

ඇයි මේ පුතා හදිසියේම තාත්තගේ අපරාධ කියන්න පටන් ගත්තේ? (ස)

:       0       0

නිල් බණ්ඩාර Tuesday, 27 August 2013 09:47 PM

මාළුකාරයො කිව්වහම එක එක විදිහෙ අය ඉන්නවා. සමහර මාළු මුදලාලිලට නගර කීපයකම තට්ටු දෙක තුනේ ගෙවල් සමග මාළු කඩ. ඒ හැම ගෙදරටම වෙන වෙනම බිරින්ඳෑවරු ඉන්නවා. මාළු කන එහෙත් උන් අල්ලන්නත් වෙළඳාම් කරන්නත් අකමැති බෞද්ධ බහුතරයක් ඉන්න රටේ මේක හොඳ ව්යාපාරයක්. (දී)

:       0       0

රුපවති Tuesday, 27 August 2013 09:49 PM

අනේ පව්....? ලස්සන පිරිමි දරුවෙක් ජීවතුන් අතරේ හිටියනම් අද අපේ වයසේ...මෙවන් පාපීතර මිනිසුන් වසන පොළවක ඔබ නැවත නොපදේවා..ඔබට නිවන් සුව ...!!මහා පොලවට පස් උන මෙවන් සාපරාදී මිනිස් ඝාතන කොතෙක් නම් තව ඇද්ද .මේ මිහි තලයේ ....?

:       0       0

ජගත් Tuesday, 27 August 2013 09:50 PM

කරුමේ (දී)

:       0       0

සුසිල් Wednesday, 28 August 2013 11:09 AM

උදය චානක ඔබෙ මුහුණ මනුෂ්‍යත්වය අවංකකම පිරිපුන් මුහුණක්. මනුෂ්‍යත්වය අගයන මිනිසුන් අතර ඉපදෙන්නට වාසනාව ලැබෙවායි ප්‍රාර්ථනා කරමි. (ස)

:       0       0

කටා මාමා Wednesday, 28 August 2013 04:59 PM

එක එක්කෙනාට මරණ තර්ජන කරන්න මේ තීරුව යොදා ගන්න එපා කොල්ලනේ. (නි)

:       0       0

සිරිපාල Friday, 30 August 2013 10:53 AM

රුපවති දුවට අල්පෙනෙත්ති තුඩකවත් ලැජ්ජාවක් නැද්ද මගේ දුවේ.(නදී)

:       0       0

රූපවතී Thursday, 29 August 2013 12:30 AM

සිරිපාල මාමේ,ඔයා කියනවා වගේ පව්කාරයත් කවදාවත් හිතන්නෙ නැහැ මම කරන්නේ පවක් කියලා (නි)

:       0       0

රූපවතී Wednesday, 28 August 2013 11:38 AM

චමිල් මල්ලි ..ඔයාලා අපි හැමෝම මහා පව්කාරයෝ. ඒකනෙ අපි නැවත නැවතත් මේ මහා නරකාදියේ ඉපදිලා සංසාර ගමනේ කෙලෙස් පොදි බදින්නේ.. මම ඔයා සමඟ එකඟයි ..?ඒත් යම් විදියකින් මම මේ ආත්මේ ඔයාට වඩා පින් වන්තයි..! ඒ ඇයි දන්නවද මගේ සිතේ ඔයාට වගේ? පව්කාර සිතිවිලි අතිවෙන්නෙම නැහැ, ඒ නිසා මම සිතනවා මම මේ ආත්මේ පින්වන්තියක් කියලා ..!ඒ වගේම මතු ආත්මෙටත් මේ වෙනකොට ගොඩක් පින් රැස් කරගෙනයි තියෙන්නේ ...!! ඔයාටත් එවැනි සිතක් පහළ වේවායි..! ප්‍රර්ථනා කරනවා !!! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් වෙති
2024 සැප්තැම්බර් මස 24 146 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 362 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති අද ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 2472 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2081 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1542 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


හරිනි අගමැති ලෙස දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 24 8448 11

ශ්‍රී ලංකාවේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු මොහොත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34521 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24006 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 159 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 217 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site