කෝටි දහයක් පමණ වටිනා මොටර් රථයක්,කැබිරියක්,ලොරියක් හා යතුරුපැදි දෙකක් ඇතුළු වාහන 16 ක් ව්‍යාජ ලිය කියවිලි සකසා විකිණිමට ගිය බව කියන හිගුරක්ගොඩ ප්‍රාදේශිය සභා (සන්ධාන) මන්ත්‍රීවරයෙක් හා ඔහුට සහය වු තවත් පුද්ගලයෙක් අතුරුගිරිය හා පිළියන්දලින් අත්අඩංගුවට ගනු ලැබුහ.
කුලී පදනම මත වාහන ලබාගෙන මෙසේ ව්‍යාජ ලිය කියවිලි සදා විකුණා ඇතැයි ද කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සොයන බව ද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජ විරෝදී ක්‍රියා කල කිසිවෙකුටත් සමාව දෙන්න එපා (දී)
කියද්දීත් මට නම් අපි ගැනම ලැජ්ජාවක් හිතෙනවා (දී)
මොනවද මේ වෙන්නේ? (නි)
ලංකාවට ගිය කලක්! (නි)
පුලුවන් නම් මෙයා ඡන්දය ඉල්ලනකොට තාප්ප හා බිත්ති පිරෙන්න අලවපු මෙයාගේ ප්‍රචාරක දැන්වීමක් හොයලා පළකරන්න. (නි)
මේ වගේ එවුන්ට තවත් ඡන්දේ දීල තියාගන්නම වටිනවා. හූ....(මුදී)
මන්ත්‍රීන් කියන්නේ හොරුන්ට භාවිතාකරන තවත් නමක්වත්ද? රාජකීය හොරෙක්. (අ)
පවු! වැටුප මදි නිසා කීයක් හරි හොයාගන්න මහන්සි වෙනවා ඇති (නි)
අල්ලලා හිරේ දාන්න ඕනෑ ඡන්දදායකයින්වයි (නි)
ඉන්දික, මට දුක අපේ දරුවන්ට දෙවියනේ කියලා තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්න රටක් අහිමි වෙන එක ගැනයි. (නි)
අපි අපිමනේ මෙයාලව තෝරා පත්කර ගත්තේ (නි)
සමහරු එක අවුරුද්දෙන් තට්ටු දෙකේ තුනේ නිවාස ඉදිකරනවා, හරියට හතු පිපෙනවා වගේ. කොහෙන්ද මේ මුදල්? (නි)
එතකොට ව්‍යාජ ලියකියවිලි හැදූ අය හා ඒවා අනුමත කළ අය නිදැල්ලේද? (නි)
අපේ මිනිස්සුන්ගේ වැරදි නැවත මනාපේ දෙන්න එපා (දී)
ඕව සුළු දේවල්. (දී)
මෙයාට චන්දෙ දුන්න මිනිස්සුන්ගේ තමයි වැරැද්ද (දී)
බොහොම වේගයෙන් ආස්චර්යට යන්ඩයි හදන්නේ. (නදී)
වාහනයකය යට වෙලා කියුවහම මම හිතුවේ වෙන දෙයක් (දී)
මට නිකන් පිස්සු වගේ මේවා දකිද්දී (දී)
චන්දෙ දුන්න මහජනයාට දුන් තෑග්ගක් (දී)
අනේ දෙයියනේ මේවා සල්ලි දීලා ගත්තනම් වහ කාල තමයි මැරෙන්න වෙන්නේ. (දී)
මෙහමත් හබ්බු කරන්නේ මොනවටද (දී)
ඊලග පාර කතිරේ ගහන්නේ පළාත් සභා අහෝසි කරනවයි කියන පක්ෂයට පමණයි. පක්ෂය මොන ජාතියේ උනත් කමක් නැහැ අපිට මේ වදකාර කට්ටිය එපා වෙලා (දී)
මේවගේ අයට චන්දෙ දුන්න අයට මොනතරම් සනීපයක් දැනෙනවා ඇද්ද දැන්.(දී)
බය වෙන්න එපා. මේවා පුවත් විතරයි. මොකුත් වෙන්නේ නැති බව කව්රුත් දන්නවා. (නදී)
කතා කරළා වැඩක් නැහැ. ඒ නිසා මුකුත් නොකියා ඉන්නවා. (නදී)
අනේද කියන්නේ නේද සුනිල්. කාට කියන්නද මේවා. කොහොමද තව පත්තරෙත් දාන ලස්සන, හරි ශෝක්. ආසාවේ බැහැ. (නදී)
ලොකු අය ලොකු දේවල් කරනකොට පොඩි අයත් පොඩි දෙයක් හරි කරන්න ඕනි නේ? නැතිනම් කොහොමද ජීවත් වෙන්නේ? වියදම් කරගෙන මරාගෙන ගහගෙන ඔය තැනට පත් උනේ වෙන මොනවටද? (නදී)
කතාව නම් ඇත්තම තමා ඉන්දික මහත්මයා. හරිම අවාසනාවන්ත කාලයක් තමා උදා වෙලා තියෙන්නේ. (නදී)
අර අලුතෙන් ඇරපු අලුත් ආගම් කටයුතු පොලිසිය වගේම ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් වෙනුවෙනුත් වෙනම පොලිසියක් ඇරියොත් මොකද? මේගොල්ලෝ සම්බන්දයෙන් එන පැමිණිලි ප්‍රමාණය බැලුවොත් එහෙම වෙනම පොලිසියක් නම් ඕනි දැන්. (නදී)
හරි ශෝක ජනක පුවත් අහන්න ලැබෙන්නේ මේ දිනවල. කවද්ද ආපහු ඡන්දෙ තියෙන්නේ? මෙයාල ටික දිනකින් ගෙදර එ්වි. මට දුක අපි ගැන. නීති ඔක්කොම දුප්පත් මිනිහට. ස්ත්‍රී දුෂණ, මංකොල්ල, හොරකම්, මිනීමැරුම් ටිකක් රජ වෙලා වගේ දැන්. හරිම දුකක් හිතනවා රට ගැන. (නදී)