ලාෆ් ගෑස් මිල ඉහළ යාම පිළිබඳව කරුණු විමසීම සඳහා, පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් 'ලාෆ් ගෑස්' (LAUGFS Gas) ආයතනයේ නිලධාරීන් කැඳවා තිබේ.
මිල සංශෝධනයට හේතු විමසීම එහි අරමුණයි.
ඒ අනුව හෙට (16) පෙරවරු 10ට අධිකාරිය හමුවේ පෙනී සිටින ලෙස සමාගම් නියෝජිතයන්ගෙන් දැනුම් දී ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) පවසයි.
ලාෆ් ගෑස් මිල නොවැම්බර් 13 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි, ඉහළ දැමීය.
කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රු. 4,965 සිට රු. 6,740 දක්වා රු. 1,775කින් ඉහළ දැමූ අතර, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රු. 1,988 සිට රු. 2,720 දක්වා රු. 732කින් ඉහළ ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd