IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


පෑලියගොඩට වනාන්තරයක්

(අංජුල මහික වීරරත්න)

ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නාගරික වනාන්තර ඇති කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර  පෑලියගොඩ, කැලණි පාලම අසලදී අද ආරම්භ විය.

ජනාධිපති කාර්යාලයේ මගපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශය මෙම ව්‍යාපෘතිය සමග එක්ව සිටියි. 

ඒ අනුව පෑලියගොඩ නවලෝක වටරවුම සහ නව කැලණි පාලම අතර රජය සතු භූමියෙහි පැළ රෝපණය කරමින් එය ආකර්ශණීය නාගරික වන වගා භූමියක් ලෙස ස්ථාපනය කර තිබේ.

මෙහි විශේෂත්වය වන්නේ මෙම පැළ ආරක්ෂා කොට  රැකබලා ගැනීමේ කැපකරුවන් ලෙස පාසල් සිසුන්, විශ්වවිද්‍යාල සිසුන් සහ දහම් පාසල් සිසුන් වැනි විවිධ පාර්ශ්වයන් වෙත වගකීම් පැවරීමයි.

ඒ අනුව පෑලියගොඩ කැලණි පාලම අසළ රෝපණය කෙරුණු පැල ආරක්ෂා කොට රැකබලා ගැනීමේ වගකීම පෑලියගොඩ ධර්මවිජය දහම් පාසලේ සිසු දරු දැරියන් වෙත පැවරීමද මෙහිදී සිදු විය.

ගස පිළිබඳ සියලු තොරුතුරු එනම් ගස වැඩීමත් සමග එහි කාලීන තත්ත්වය සහ කැපකරුවන් පිළිබඳ තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙන යෙදවුමක්ද (APP) හඳුන්වාදී තිබීම විශේෂත්වයකි.

මෙම උත්සවයේ පිළිගැනීමේ කථාව සිදු කළ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සඳහන් කළේ  මෙම වැඩසටහන හුදු වන වගා ව්‍යාපෘතියක් පමණක් නොව සමාජයීය, පාරිසරික සහ ආචාරධාර්මික වශයෙන් රට තුළ නව ප්‍රබෝධයක් ඇති කිරීමට ක්‍රියාත්මක  “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ අරමුණු සමඟ බැඳි ජනතාව තුළින් මතුවන, ජනතාවාදී ව්‍යාපාරයක් බවයි.

 



අදහස් (5)

පෑලියගොඩට වනාන්තරයක්

Pankumburage Sunday, 30 March 2025 06:11 PM

ඔය වැඩේට සුදුසුම තැන පෑලියගොඩ තමයි. ගස් ටික ලොකු උනාම නවලෝක ලී මෝලටම දෙන්න පුළුවන්.

:       3       3

MahSen Sunday, 30 March 2025 08:06 PM

High tension යට නොවෙයි නේ, ගස් හිටෙව්වේ.

:       1       3

SL Sunday, 30 March 2025 08:53 PM

ඔහොම යං. කොහොම හරි diesel වාහන වලට DPF filters දන්න ගත්තොත් කාලු දුමාරය නවත්වන්න පුළුවන්

:       0       3

Ranika Monday, 31 March 2025 01:40 AM

රිලව් ටික මේකට දාන්ඩ උනත් පුළුවන් නොවැ

:       2       4

ලංකාවේ අපි Monday, 31 March 2025 01:32 PM

මේකේ ගොං අදහස් දාලා තියෙනවා දැකලා ඇත්තටම පුදුමයි. මේ ලිං ගෙඹි එක්ක ඉදිරියට දියුණු සමාජයක් කොහොම ඇතිකරන්නද කියලා. තමන්ගේම දරුවෝ ගැන වත් වගේ වගක් නැති රටේ ඉදිරි සමාජය මේ අයුරින් හරි යහපතට බිදින් බිද හෝ ගැනීමට දරණ යහපත් උත්සාහයක් මේ. හැබැයි අර නයෙක් වතුර දෙබෑ කරං එනවා කීවොත් ලැබෙන ප්‍රසිද්ධිය මේවාට නෑ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සජබ පක්ෂ සංවත්සරය හෙට
2025 අප්‍රේල් මස 02 209 0

සමගි ජන බලවේගයේ පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේ දී හෙට(3) පස්වරු 1.00 ට පැවැත්වේ.


ඉන්දියාව සමඟ ද්විපාර්ශික ගිවිසුම් තබන්න රජය සූදානමින්
2025 අප්‍රේල් මස 02 235 0

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර බලශක්ති, සෞඛ්‍ය, ආරක්ෂක සහ ඩිජිටල් ඇතුලු ද්විපාර්ශවික ගිවිසුම් කිහිපයකට එළැබීමට රජය අ


සිමෙන්ති කුඩු කලවම් කරලා හිස කෙස් වර්ණක හදලා
2025 අප්‍රේල් මස 02 440 0

සිමෙන්ති කුඩු කලවම් කර හිස කෙස් වර්ණක ව්‍යාජ ලෙස නිෂ්පාදනය කළ මට්ටක්කුලිය ප්‍රදේශයේ ස්ථානයක් වැටලීමට පාරිභෝගික අධිකාරිය සමත් වී ඇත.


පෙට්‍රල් බෝම්බයෙන් දරුවා මිය සිද්ධියට දෙන්නෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 02 573 1

කළුතර , ගමගොඩ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ලකර පස් හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කර තවත් කාන්තාවකට බරපතල තුවාල සිදුකළ පුද්ගලයන් දෙදෙනකු අත්අ


දළදා මාලිගාවෙන් මියන්මාරයට කෝටි එකහමාරක්
2025 අප්‍රේල් මස 02 673 0

භූමිකම්පාවෙන් විපතටපත් මියන්මාරයට අධාර ලෙස මල්වතු අස්ගිරි මහා විහාරයන් සහ ශ්‍රී දළදා මාලිගාව මගින් රුපියල් කෝටි එක හමාරක මුදල් පරිත්‍යාගයක් අද (02) සි


රුධිර ප්‍රතිකාර බේතක් ඉන්දියාවෙන් ගනී
2025 අප්‍රේල් මස 02 322 2

හියුමන් ඇල්බියුමින් සොලියුෂන් 20% මිලිලීටර් 50 බෝතල් 340,000 ක් සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site