IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


පිල්ලෙගෙ කමිටුවට දොර වහයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ පරීක්ෂණ කණ්ඩායමට ශ්‍රී ලංකාවට පැමිණීමට නොදීමට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 134කින් අද සම්මත විය.

යෝජනාවට පක්ෂව ඡන්ද 144ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 10ක් පමණි.

දෙමළ ජාතික සන්ධානය යෝජනාවට විරුද්ධව ඡන්දය දුන්නේය.

එක්සත් ජාතික පක්ෂය ඡන්දය දීමෙන් වැළකී සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ සංශෝධනය පිළි නොගැනීම නිසා ඡන්දය ආරම්භයේ දී එහි මන්ත්‍රීවරු පිටව ගියහ.

මන්ත්‍රීවරු 33 දෙනෙක් ඡන්දයට පැමිණ නොසිටියහ. මන්ත්‍රීවරු 37 දෙනෙක් ඡන්දය නුදුන්හ.

සභාවෙන් පිටව ගිය අගමැති ඡන්දය දීමට පැමිණියේය.

 

 



අදහස් (0)

පිල්ලෙගෙ කමිටුවට දොර වහයි

ශිහාන් Thursday, 19 June 2014 06:07 AM

අපි ස්වාධීනයි. අපි කාටවත් බයවෙන්න තරම් වැරැද්දක් කරලා නැහැ (නි)

:       0       0

සිරිසේන Thursday, 19 June 2014 06:19 AM

කාටවත් ඕනෑ විදියට නටන්න ඕනෑ නැහැ. ඒත් සුළුජාතික ප්‍රශ්න වගකීමකින් විසඳන්න ඕනෑ. (නි)

:       0       0

චානක Thursday, 19 June 2014 12:03 PM

මගේ රටට විදේශ වලින් එන්න තියෙන බලපෑම් සියල්ල විනාශ කරන්න (දී)

:       0       0

බමුණු ආරච්චි Thursday, 19 June 2014 06:33 AM

මෙතනත් අදහස් දමන පිල්ලේගේ පිල්ලි වෙන වෙන නම් වලින් එළියට එන හැටි අපිට පෙනෙනවා (නි)

:       0       0

රවිනාත් Thursday, 19 June 2014 06:34 AM

රනිල් මහත්තයා හැමදාම ගන්නේ නිවැරදි තීරණ (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 19 June 2014 06:38 AM

ජාත්‍යන්තරය ඉදිරියේ අපිට තැනක් නැති වුණාට කමක් නැහැ. ජාත්‍යන්තරය ඔය නටන්නේ කාට ඕනෑ විදිහටද කියලා අපි දන්නවා. එම නිසා අපි අපේ මතයේ සිටිමු. (නි)

:       0       0

වජිර Thursday, 19 June 2014 06:40 AM

අපිට එක එක්කෙනා කියන විදියට නටන්න අවශ්‍ය නැහැනේ. අපි කරදරේ වැටුණ වෙලාවේ ඔය කවුරුත් හිිටියද? (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 19 June 2014 06:42 AM

අම්මෝ! විදුෂක දන්නා දේවල්? (නි)

:       0       0

පෙරේරා Thursday, 19 June 2014 06:52 AM

හරියට කරුණු දැනගෙන කතා කරන්න සිල්වා මහත්තයෝ. (නි)

:       0       0

බමුණු Thursday, 19 June 2014 06:55 AM

ධම්මික මේ ප්‍රශ්නේදී නරිය කවුද කුකුලෝ කවුද? ඔබ වැටෙන්නේ නරි කොටසටද කුකුළු කොටසටද? අඩු ගන්නේ දෙවැනි ප්‍රශ්නයට වත් පිළිතුරක් දෙන්න. ඔය කියන නරි නොසිටියා නම් කුකුලෝ අපට කොටලා බොහොම කල් (නදී)

:       0       0

ප්‍රනාන්දු Thursday, 19 June 2014 07:04 AM

ඉදිරියේදී මොනවා වෙයිද? (නදී)

:       0       0

නිශාන්ත Thursday, 19 June 2014 07:21 AM

3 න 2 ක් පාර්ලිමේන්තුවක් හදා ගෙන ඕනෑම යෝජනාවක් සම්මත කර ගත්තට කමක් නැහැ ජාත්‍යන්තරයට ප්‍රශ්නයක් නොවී. තමන්ගේ යෝජනා චෝදනා ඉදිරිපත් කරන්න තිබුන හොද අවස්ථාවක් නේද නැතිකර ගත්තේ? (නදී)

:       0       0

චාමික Thursday, 19 June 2014 07:24 AM

යුද්ධයකදී මානව හිමිකම් එලෙසින්ම ආරක්ෂා නොවීම බොහෝ විට සිදුවන දෙයක්. එත් යුද්ධය නිම වීමන් පසුවත් මානව හිමිකම් කඩවීම කනගාටුවක්. එක්සත් ජාතීන් සොයා බැලිය යුත්තේ යුද්ධයෙන් පසුව අද සිදුවන මානව හිමිකම් කඩවීම් ගැනයි. මානව හිමිකම් කඩවෙන්නේ පොලිසිය හමුදාව අතින්ම පමණක් නොවෙයි. හෙද සංගම් වෛද්‍ය සංගම් වැඩ වර්ජන කිරීමේදී, නිදහස් සෞඛ්‍ය ප්‍රතිලාභ ලැබීම සඳහා ගෙවියයුතු බදු මුදල් නිසි ලෙස ගෙවූ පුරවැසියන් රෝගීන් ලෙස ප්‍රතිකාර නොලැබී මිය ගියා. යුද්ධය නිමවීමෙන් පසුව දේශපාලඥයන් හා රාජ්‍ය නිලධරීන්, ඊනියා වෘත්තීය සංගම් අතින් මෙරට සිදුවූ දැනටත් සිදුවන මානව හිමිකම් කඩවීම ගැන පරීක්ෂණයක් කොට වගකිවයුත්තන් හට නීති ප්‍රකාරව උපරිම දඩුවම් පැමිණවිය යුතුයි. (නදී)

:       0       0

පෙරේරා Thursday, 19 June 2014 07:34 AM

කැමති වුනත් අකමැති වුනත්, ප්‍රතිපලය පැහැදිලියි. ඉන් පස්සේ මොනවාද වෙන්නේ කියල දේශප්‍රේමියෝ ටික අපිට කියනවද ?. මම දන්නා විදියට මෙම වාර්තාව පදනම් කොට ඇමෙරිකාව සහ යුරෝපා හවුල ආර්ථික සම්භාධක පුද්ගලික මට්ටමින් ගේනවා. එය රුසියාවටවත් , චීනයටවත් නවත්වන්න බෑ. එතකොට ජාතික ආදායමෙන් 40% ඉවරයි. මැද පෙරදිග රටවල් මුස්ලිම් වරුන්ගේ ප්‍රශ්නය පිලිබඳ කනස්සල්ල රාජ තාන්ත්‍රික මට්ටමෙන් පල කොට තිබෙනවා. විදේශ රැකියා ගියොත් තවත් 20% ක් විතර ඉවරයි. මතක තියා ගන්න තේ වැඩිපුර ගන්නේ මැද පෙරදිග රටවල්. එතකොටනම් ඔක්කොම ඉවරයි. (නදී)

:       0       0

වසන්ත Wednesday, 18 June 2014 07:09 PM

මහජනතාවට කරදරයක් නැත නම් හොඳයි. ඇමතිවරුන්ට රට යන එකත් නවතුවොත් පිල්ලේ නාව වගේම හොඳයි. (අ)

:       0       0

ටොර්නි Wednesday, 18 June 2014 07:17 PM

දැන් මොකද වෙන්නේ (අ)

:       0       0

දර්ශන Thursday, 19 June 2014 08:10 AM

පෙරේරාගේ කතාවට මමත් එකඟයි (නදී)

:       0       0

සුනෙත් Wednesday, 18 June 2014 07:27 PM

දැන් අපිට පේනවා පිල්ලේගේ මෙහෙ ඉන්න පිල්ලි මොනවද කියල. (අ)

:       0       0

ගිහාන් Thursday, 19 June 2014 08:27 AM

පෙරේරලාට තේරෙන දේ ආණ්ඩුවට තේරෙන්නේ නැති හැටි අම්මපා.! (නදී)

:       0       0

ඩිලාන් Thursday, 19 June 2014 12:39 PM

පිල්ලි වලට දොර වැහුවා වගේ නෙවෙයි. මානව හිමිකම් ප්‍රශ්නයේදී අපේ පැත්තට හිටපු රටවල් ටිකත් බේරුවල් කලබලේ නිසා විමතියට පත් වෙලා. අපේ පුරවැසියෙකුට රාජකාරි කටයුත්තකට හෝ කෙටි සංචාරයකට විසා ගැනීමේදීත් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. මැදපෙරදිග රටවල් අනාධිමත් කාලයක සිට අප සමග සැමදා සහයෝගයෙන් වෙළඳ කටයුතු කළා. මේ ප්‍රශ්නයේදී මොලයෙන් මිසක් ගමේ චන්ඩියා වගේ අතින් පයින් වැඩ පෙන්නන්න ගිහින් බැහැ. (නදී)

:       0       0

සිල්වා Wednesday, 18 June 2014 07:35 PM

ජේවීපි එක ලංකාවටම පිල්ලියකි ,,(අ)

:       0       0

දොන් Wednesday, 18 June 2014 07:49 PM

සියලු සුළු ජාතීන් පිල්ලේට සහාය දිය යුතුයි. මොකද දැන් තියෙන්නේ ජාති වාදය නිසා. (නදී)

:       0       0

ජයසිංහ Thursday, 19 June 2014 08:57 AM

චාමික ඔබේ අදහස් වලට මගේ ප්‍රණාමය. 100% නිවැරදියි. යු.එන්.පී එකේ හොඳ මිනිස්සුත් ඉන්නවා නමුත් ජේ.වී.පී එකේ නම් කවුරුවත් නෑ. ජේ.වී.පී එකට හිතට එකඟව මානව හිමිකම් ගැන කතා කරන්න බෑ. මොකද 71, 88/89 මොන තරම් අහිංසක මිනිස්සුන් බල්ලෝ වගේ පාරවල් ගානේ මරල දාපු අය මොන කටින්ද දැන් මානව හිමිකම් ගැන කතා කරන්නේ. (නදී)

:       0       0

ජගත් ලියනගේ Wednesday, 18 June 2014 08:02 PM

දැන් පිල්ලේගේ කණ්ඩායම, ශ්‍රී ලංකාවට පැමිණීම නතර වෙයිද? (නදී)

:       0       0

නඩරාජා Thursday, 19 June 2014 09:02 AM

රාජ්‍ය විරෝදී වන්දි බට්ටයන් කටමැත දොඩවන බව පේනවා . අද බලන්න ලිබියාවට ඉරාකයට මොනවද වෙලා තියෙන්නේ කියලා. වියට්නාමයටත් ඔයදේ කරන්න අවා. ඔය ඉලව් මානව හිමිකන් කාරයන්ට අඩියක් තියන්න වියට්නාමය ඉඩදුන්නේ නැහැ (නදී)

:       0       0

ශාන් සෞදි Wednesday, 18 June 2014 08:06 PM

දැන් අපට හොදටම පැහැදිලියි කොටින්ට කිරි පොවන ඩයස් පෝරාවට කත් අදින හා රට අරාජිත කරවීමට කටයුතු කරන්නේ කවුද කියා. ජේ වී පී කියන්නේ කුහක කමින් පිරුණු පක්ෂයක්. කවදාවත් ජනතාව ගැන රට ගැන හිතන්නේ නැහැ. (නදී)

:       0       0

නිමල් ලලිතා Thursday, 19 June 2014 09:05 AM

පිල්ලේට මුලින්ම යන්න තිබුනේ ලෝකයේ මහා අපරාද කාරයන් වෙතට. එදා සිටම සිංහලයා වැනසූ සුදු ත්‍රස්ත වාදයත් , කළු ත්‍රස්ත වාදයත් අදත් සිංහලය විනාස කරන්න හදනවා. වැදගත් තීරණයක් පාර්ලිමේන්තුව ගෙන ඇත.(නදී)

:       0       0

සුගත් Wednesday, 18 June 2014 08:14 PM

ජාති භේදයකින් හා පක්ෂ භේදයකින් තොරව රට ගැන හිතලා වැඩ කරන අය යෝජනාවට පක්ෂව ඡන්දය දීල තියෙන්නේ. අපේ රටේ ප්‍රශ්න අපිම විසදගන්න ඕන. මේ දේවල් වලින් මහජනතාවට හිතාගන්න පුළුවන් කවුද රට ගැන හිතන්නේ කියල. මහජනතාවගේ වටිනා ඡන්දය රට ගැන හිතන අයට පමණක් දිය යුතුය. (අ)

:       0       0

ධම්මික Wednesday, 18 June 2014 08:19 PM

මෙය හරියට කුකුළු කොටුව වැනසූ නරියා තමා සොයන්නට කැළේට එන්නට ඉඩ නො දෙන්නෙමු යයි ප්‍රතිඥාවක් කැළේ ඉන්න අනෙක් සතුන්ගෙන් ගත්තා වැනි ය. නරියා නො දන්නා දේ වන්නේ කැළේ සතුන්ට වඩා මිනිසුන් බුද්ධිමත් බවයි. (අ)

:       0       0

රංජිත් සිල්වා Thursday, 19 June 2014 09:14 AM

පෙරේරා මහත්තයා, අපේ තේ වැඩිපුර ගන්නේ මැද පෙරදිග නොවේ. තව ටිකක් හොයල බලන්න. කියන ඔක්කොම නිවැරදි නොවේ. එදත් රුසියාව අදත් රුසියාව. (නදී)

:       0       0

චන්ද්‍රා Wednesday, 18 June 2014 08:27 PM

පාර්ලිමේන්තුව තුල සිටින අය ගැන ජනතාවට අවබෝද කරගැනීමට ලැබුන හොදම අවස්ථාවක්, (අ)

:       0       0

මාලි Thursday, 19 June 2014 09:20 AM

ජේවීපි එක ලංකාවටම පිල්ලියක්. හරියටම හරි සිල්වා මහත්තයෝ මොවුන් ඒකාලෙත් කලේ රට සහ රටේ සම්පත් විනාශකරන එකමනේ. කොටි ප්‍රශ්නෙටත් වගකියන්න ඕන මේ ගොල්ලෝ (නදී)

:       0       0

විදුෂක Wednesday, 18 June 2014 08:36 PM

ජවිපෙ 1971 සිට ඉදිරියට පියමන් කරමින් ගලා ගෙන ආ ඓතිහාසික විකාශයේ ප්‍රායෝගික වූ ජීවමය අත්දැකීම් වර්තමානයේ සිටින නායකයන් යයි කියාගන්නා කිසිවකුටත් නොමැති බැවින් තවදුරටත් ජවිපෙට ඉදිරියට එකී ජීවමය ගුණය කවමින් ඉදිරිය සාක්ෂාත් කරගත හැකිවේදැයි සිතීම පවා උගහටය. (අ)

:       0       0

මාලි Thursday, 19 June 2014 09:23 AM

පරගැති මානසිකත්වය තියෙන කට්ටිය ඉන්නකම් රට හදන්න බෑ. (ස)

:       0       0

සෝමදාස Wednesday, 18 June 2014 08:51 PM

තමන්ගෙ රට ජාතිය ආගම ගැන නොතකන සිංහල දේශපාලකයින් ගැන මහජනතාව දැනුවත් විය යුතුය.(නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Wednesday, 18 June 2014 09:05 PM

මේක හරියට අපේ රටේ පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද පනතක් අවලංගු කල යුතුයි කියා පලාත් සභාවකින් සම්මත කලා වගෙයි (නදී)

:       0       0

ලක්ෂපාන Wednesday, 18 June 2014 09:06 PM

අනේ..දොන්... ශ්‍රී ලංකාවේ ඔයා ඕය කියන ජාති වාදයක් කොහෙත්ම නැ. මොලය විකාර උන සුළු පිරිසකගේ පහත් වැඩ නිසයි මිනිසුන් අතර බේදබින්න ඇති උනේ. මනුස්සකම දන්නා සිංහල දෙමල මුස්ලිම් සියලුම දෙනා රටේ හැමතැනකම එකා වගේ එකට එක බත්පත කාගෙන සමගියෙන් සතුටින් ඉන්නවා. ඔයාල වගේ අය තමයි රටේ සමගිය නැති කරන්න බොරු කටකතා කියන්නේ. පිල්ලේගේ රෙදි හෝදලා දෙන්න කැමතිනම් ගිහින් කරන්න.(නදී)

:       0       0

රුවින් Wednesday, 18 June 2014 09:08 PM

මේ සිද්දියේ සම්පූර්ණ පසුබිම බැලුවම, මධ්‍යස්ථව බලන මනුස්සයකුට මේකට ඡන්දය නොදුන්නා කියන එක මත යු.එන්.පි එක හෝ ජේ.වී.පි එක රටට විරුද්ද බලවේග කියල හංවඩු ගහන්න පුළුවන් කියල මට නම් හිතෙන්නේ නැහැ.(නදී)

:       0       0

කමල් Wednesday, 18 June 2014 09:13 PM

මේක බුද්ධිමත් තීරණයක් නොවෙයි. එන්න දුන්නේ නැහැයි කියල යූඑන් එක නිකං ඉඳීයි කියල හිතනවද? සාමාන්‍ය ජනතාවට මේකේ බරපතලකම තේරෙන්නේ නැහැ. (නදී)

:       0       0

සමන් Wednesday, 18 June 2014 09:30 PM

ඔය යෝජනා බොරු සෝබනේට. රනිල් මහත්තය අගමැති කාලේ රෝම ප්‍රඥ්ප්තියට (ගිවිසුමට) අත්සන් නොකළ නිසා මොන කමිටු ආවත් බයවෙන්න දෙයක් නැහැ. එතුමා දුරදිග බලා ක්‍රියා කරපු නිසා මේගොල්ලන්ට සෙල්ලන් දාන්න පුළුවන්. (නදී)

:       0       0

ඉන්දික Thursday, 19 June 2014 09:48 AM

සමන්, එයා එ්ක අස්සන් නොකළේ ඇමරිකාව අත්සන් කරපු නැති හින්දයි. ඇමරිකාව අත්සන් කරානම් එයත් අත්සන් කරනවා. එයා බය උණා අත්සන් කරොත් ඇමරිකාවට තරහා යයි කියලා. මම නම් දන්නේ එහෙමයි (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 19 June 2014 09:50 AM

ඡන්දය නොදුන් සැවොම මේ රටේ වාසය කිරීමට නුසුදුසු පුද්ගලයෝ හැටියටයි මම නම් දකින්නේ. මෙවන් අය දේශපාලන වාසි තකා රටම උනත් පාවා දෙන තමාගේ වාසිය තකා පමණක් වැඩ කරන පිරිසක්. මේ අවස්ථාවේදී රටට අවශ්‍ය දේ කරනවා ඇරෙන්න මග ඇරලා ඉන්න එක නෙමෙයි යුතුකම. (නදී)

:       0       0

චමත් Thursday, 19 June 2014 09:53 AM

මානව හිමිකම් කොමිසමට ලංකාවට එන්න දෙන්නේ නෑ වගේම අපේ ඇමතිවරුන්ට කිසිම රටකට විසා දෙන්න එපා. එ්කෙන් ලංකාවට සල්ලි ගොඩක් ඉතුරු වෙනවා. (නදී)

:       0       0

හසිත Thursday, 19 June 2014 01:36 PM

පිල්ලේ ට එන්න නොදුන්නම ඇති වන අතුරු ප්‍රතිපල ගැන රාජ්‍ය තාන්ත්‍රික බුද්ධිමතුන් සොයා බලනු ඇතැයි මම සිතමි. මෙතෙක් අප සමග මිත්‍රව කටයුතු කල රටවල් පවා ශ්‍රී ලාංකිකයන්ට විසා නිකුත් කිරීමට පෙර සිතා බලන්න ඉඩ තියනවා. ආර්ථික සම්භාදක කඩාගෙන වැටෙන්න ඉඩ තිබෙනවා. මේ ප්‍රශ්නය මොලයෙන් මිසක් හදවතේ දේශාභිමානය පමණක් මුල් කරගෙන විසඳන්න අමාරුයි. (නදී)

:       0       0

නාලක Wednesday, 18 June 2014 10:26 PM

අපි ඉතින් අදහස් දම දමා බලාගෙන ඉඳිමුකෝ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

එරංග Wednesday, 18 June 2014 10:37 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

අහිංසා Wednesday, 18 June 2014 10:50 PM

යුද්ධය අවසන් වෙලා දවස් කීපයකින් බැන්කී මුන් ලංකාවට ඇවිල්ලා එහෙ මෙහෙ ඇවිදලා යන්න ගියා. ‍ මීට පස්සෙවත් හොඳට හිතලා මතලා අපි වැඩකරමු (නි)

:       0       0

රණවීර Thursday, 19 June 2014 10:37 AM

සන්තෝසයි (දී)

:       0       0

කොඩිතුවක්කු Wednesday, 18 June 2014 11:00 PM

අපි සියලු දෙනාම මේ වෙලාවේ එකතු වෙන්න ඕනෑ (නි)

:       0       0

රන්ජිත් Wednesday, 18 June 2014 11:02 PM

මේක අපේ ජාතික ප්‍රශ්නයක් නිසා හැමෝම එකට එකතු විය යුතුයි (නි)

:       0       0

ඩී.උපුල් Wednesday, 18 June 2014 11:03 PM

පිල්ලේ බලහත්කාරයෙන් නම් අපේ රටට ඇතුළු වෙන එකක් නැහැ. ඒත් ජාත්‍යන්තරය ඉදිරියේ අපිට තැනක් තිබෙනවද? (නි)

:       0       0

සජාන් Wednesday, 18 June 2014 11:16 PM

සිල්වා මහත්තයෝ,දැන් මිනිසුන් බුද්ධිමත් (නි)

:       0       0

විමල් Wednesday, 18 June 2014 11:37 PM

කවදාවත් බලය වෙනුවෙන් රට පාවාදෙන්න එපා. (නි)

:       0       0

හිමාල් Wednesday, 18 June 2014 11:39 PM

අපේ පුංචි රටට ජය වේවා! (නි)

:       0       0

ටෙනී Thursday, 19 June 2014 02:09 PM

යුද්දේ කාලේදී නෙවෙයි දැන්වත් මේ මානව හිමිකම් ප්‍රශ්නෙට නොගෑවී වැදගත් විදියට වැඩ කරන්න අපේ උදවිය දන්නවද ? දැන් ළඟදී සිද්ධ වුන දේවල් වලටත් හෙට අනිද්දාට තව පිල්ලියක් එවාවි. පිල්ලේ ගේ පැටිකිරිය විවේචනය කර කර ඉන්න වෙලාවේ ඉස්සරහට අපට අදින්න යන මර උගුල් ටික ගැන හිතලා දැන් කටයුතු කරන එක හොඳයි. (නදී)

:       0       0

යසිත Wednesday, 18 June 2014 11:49 PM

දැන් පිල්ලේට මේ ගැන දැන්වූවාද? මොනවාද ලැබුණ ප්‍රතිචාර? (නි)

:       0       0

ටෙනිසන් Wednesday, 18 June 2014 11:54 PM

පිල්ලේ මේ ගැන මොනවා කියයිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ගාමිණී අබුඩාබි Wednesday, 18 June 2014 11:55 PM

සමන්ට හරිම සතුටුයි වගේ (නි)

:       0       0

ජීවක Thursday, 19 June 2014 01:14 AM

පිල්ලේ නෝනා මොනවා කරගනීද දන්නෙ නැහැ (නි)

:       0       0

ටීනා Thursday, 19 June 2014 01:30 AM

අපි කිසිවෙකුටත් බියනොවී එඩිතරව ප්‍රශ්න වලට මුහුණ දෙමු (නි)

:       0       0

බන්දුල පෙරේරා Thursday, 19 June 2014 02:43 AM

සමන්, ඔබ හරියට හරි. මම මොන පක්ෂයකට අයත් වුණත්, රනිල් මහතා ඉතා සුක්ෂම නායකයෙක් (නි)

:       0       0

සිරිසේන Thursday, 19 June 2014 05:07 AM

දොරවල් වැහුවට කමක් නැහැ, නිවැරදි , සුදුසු දේ පමණක් කරන්න (නි)

:       0       0

ලුම්බිණි Thursday, 19 June 2014 05:17 AM

අපි වැරදි කර නැත්නම් මොන පරීක්ෂණ කණ්ඩායම ආවත් මොකද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2538 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1689 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2434 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 574 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3337 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37187 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24495 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 190 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 631 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 239 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site