මහනුවර අස්ගිරියේ නිල සුනඛ අංශයේ සුනඛ ජෝඩු අටක් අද (26) පොලීස් ප්‍රධානීන් පිරිසක් ඉදිරිපිටදී යුග දිවියට ඇතුළු කරනු ලැබුහ.
අමුත්තන් වෙනුවෙන් කැවුම් කිරිබත් සංග්‍රහයක්ද විය.
මනාලියන් තිදෙනකුද මනාලයාන් තිදෙනකුද මධු සමය සඳහා නුවරඑළියේ පොලිස් සුනඛ නිකේතනයට නිල සුනඛ රියෙන් රැගෙන යනු ලැබුහ.
පොලිස් සේවය සඳහා එතෙරින් සුනඛයෝ සියයක් පමණ අස්ගිරියට ගෙ එනු ලැබ සිටිති.
මේ සතුන්ගෙන් තවත් සතුන් බෝ කැර ගැනීම පොලිස් නිල සුනඛ අංශයේ බලාපොරොත්තුවයි.
.jpg)
.jpg)
.jpg)
.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල්ලන්ටත් තියෙන සැප.......... නව යුග දිවියට පැමිණි බලු යුගල් කිහිපයට මාගේ සුබ පැතුම්!!! (ස)
වෙන කරන්න වැඩ නැතුව. (ස)
පිස්සු හැදිලා අයෙත් හැදෙනවා..... සත්තුන්ට ඔච්චර ආදරය කරන, පිටරටවලවත් දැකලා නැහැ මෙහෙම දේවල්... (ස)
බල්ලන්ට නම් විවාහ වෙන්න බද්දක් ගෙවන්න ඕනේ නැතුව ඇති.නමුත් දුප්පත් අපිට දැන් විවාහයක් කර ගන්නත් බදු මුදල් සොයා ගන්න වෙලානේ.ආදිවාසින් නම් මේකෙන් නිදහස් වුනා.කොහොම නමුත් මේවා නිසා අපේ විවාහෙත් දවසින් දවස කල් යනවා.එක අතකින් අපේ රටේ බල්ලෝ අපිට වඩා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරනවා.කමක් නැහැ උඹලා හරි සතුටින් ඉඳපල්ලා.සුබ මංගලම්! (ස)
මිනිසුන්ට වැඩිය සතුන්ට කෙළෙහි ගුණ තියනවා. (ස)
සුබ මංගලම් !!!! (ස)
ඒකත් ජයසිරි මංගලම්! (ස)
මේ වැඩෙන් බලු අයිතිවාසිකම් කඩ වෙන්නේ නැද්ද? (ස)
"සැරයටියෙන් අපි යනෙන තුරා ජීවිතයේ එකට ඉමු" (ස)
මේ බල්ලන් ජර්මනියෙන් ගෙන්නන්නේ මිල ඉතා අධිකයි. ඒක නිසා ඔහොම බෝ කරන එක හොඳයි ,,,,මේ බල්ලන්ට උප්පැන්න සහතිකයක් තියනවා.ඒක නිසා දෙන්නෙක් බැඳලා සහතික කරන්න ඕනේ උප්පැන්න දෙන්න උපදින පැටුන්ට .....හරි සතුටින් ඉඳපල්ලා.සුබ මංගලම්! (ස)
මාගේ සුබ පැතුම්...!! (ස)
මෙයාලගේ වටිනාකම තේරෙන්නේ, හොරෙක් අල්ලන්න ගියහම තමයි, මිනිසුන්නට කරන්න බැරි දේවල් මෙයාලට කරන්න පුළුවන්. අනේ බල්ලනේ උඹලවත් මේ දෙසපාලුවන්ට යට නොවී වැඩ කරපල්ලා. (ස)
වරුණ, එහෙම මඟුල් ගෙදර ගියේ නැද්ද? (ස)
හරි ෂෝක්.(නදී)
මල කෝලම් එපා උන් රැලේ යන කාලෙට රැලේ යවන්න.(නදී)
අයියෝ සල්ලි . (ස)
මෝඩ චුන්, සිංහලයාගේ විවාහයත් බල්ලට ගියා එහෙනම් . මගුල් පෝරුව කියන්නේ බල්ලෝ තියලා කෙලසිය යුතු එකක් නෙවෙයි. මේක කුමන්ත්‍රනයක් වගෙයි පේන්නේ.(නදී)
මිනිසාට වඩා හොඳ කෙලෙහි ගුණ තිබෙනවා මේ සතුන්ට. (ස)
මේ අයගේ සීයා, මුත්තා, කිරිකිත්තගේ තොරතුරු හොයලයි ගන්නේ පොලිස් සේවයට. ඒකනේ ඒ අය අවංකව වැඩ කරන්නේ . (ස)
සුබ මංගලම් සියලුම දෙනාට (ස)
තේරුමක් නැති දෙයක් වුනත් හොඳයි. ලස්සනයි. සුභ මංගලම්. (ස)
අනේ වාසනාවන් !!!එක වරකට පැටව් 12 ගණනේ.., 12 වතාවක් නුබලාට පැටව් ලැබීමට හේතු වාසනා ''වේවා''සුබ මංගලම් ''වේවා'' (ස)
බල්ලා බැඳලද? කියලා කවුරුහරි ඇහුවොත් දැන් ඔව් කියන්න පුළුවන්. (ස)
සමලිංගීක බල්ලෝ නැද්ද ?(නදී)
මගේ ලඟත් නියම මනමාල බල්ලෙක් ඉන්නවා. මනමාලියක් සොයනවා තවම හමු උනේ නෑ. මට මගේ බල්ලා ගැන ගොඩක් දුක හිතුනා මේක දැකලා. (නදී)
බලු වැඩේට අපෙන් ආසිරි.(නදී)
හෙළ සංස්කෘතියට කල අපරාදයක් ,,,,,,,,, බල්ලා පෝරුවට නැග්ගට පස්සේ කොල්ලා නැගලා වැඩක් තියෙනවද ?....හෙළ සස්කෘතිය බල්ලාට ගියාද.(නදී)
වෙනස පොලීසියේ රාළහාමිලා කට්ට කාල වැඩේ ඉවර කරනවා, මේගොල්ලෝ වැඩේ කරලා කට්ට කනවා.(නදී)
මේ දක්වා ලැබුණ ප්‍රතිචාර අනුව ඒ ජනතාව කව්ද ,කොහොම අයද කියා බලා ගන්න පුළුවන්. මේගොල්ලොත් එක්ක ආශ්චර්‍යට යන්න වැඩි දුරක් නැහැ.!(නදී)
බල්ලෝ කසාද බන්දවන එක වගේ ගොන් වැඩ කරන්නේ ලංකාවේ කරන්න වෙන වැඩ නැද්ද දන්නේ නැහැ.(නදී)
සුබ මංගලම්..!!(නදී)
මේ අපේ පොලිසියේ මහත්වරු බලු වැඩවලට කොහොමත් මනාපයිනේ.(නදී)
පොලිස් ලොක්කන්ගෙත් මොලේ හොද නැහැ. මේ විදියට ලොකු ප්‍රතාපාදන මුදලක් වැය කරගෙන ඇති. දවසේ රාජකාරිත් බල්ලට දමලා ඇති.(නදී)
මඟුල් සීණු නොහැඩ වුණු සුනඛයෝ පීඨීකා මත නන්වනු ලැබ සිටියහ. .මඟුල් සීනු හඬ විදිමින් සිටි සුනඛයෝ සුනඛයෝ පෝරු මස්තකාරුඪ කරනු ලැබුහ. ඔන්න රටකට ගිය කළ.(නදී)
බල්ලන්ටත් රජ මගුල් ! සුබ මංගලම්.(නදී)
ඔය වියදම් කරපු මුදල් වලින් දුප්පත් මිනිසුන්ට සැලකුවානම් ඔයිට වැඩිය හොද නැද්ද? (නදී)
කොච්චර වියදන් උනාද වැඩේට?(නදී)
මල විකාර."පොඩි එවුන් නැති ගෙදර නාකි දනගානවා" කියන්නා වගේ විකාර. කොහේ හරි බටහිර මගුල් ඔක්කොම රටට ගෙනෙනවා. (නදී)
ශ්‍රී ලංකාවේ පොලිසිය දැන් කරන්නේ බල්ලෝ කසාද බන්දන එක විතරමද?(නදී)
බල්ලන් පිටරටින් ගේන්න යන වියදම අඩු කරගන්න බල්ලන් බෝ කලයුතු බව ඇත්ත. පැටිකිරිය සටහන් විය යුතු බවත් ඇත්ත. නමුත් බල්ලෝ පෝරුවට නග්ගවල උන්ගේ පැටිකිරිය ලියාපංචි කරන්න ඕනද දහස් ගණන් මහජන මුදල් වියදම් කරලා? කාට හරි විකාර අදහසක් පහල වුනාම මහජන මුදල් නාස්ති කරලා සෝබන වැඩ කිරීම මේ රටේ සිරිතක්නේ. (නදී)
බල්ලන්ට සැප මිනිස්සුන්ට වෙඩි,අනේ රටකට ගිය කල (නි)
කෙරුවොත් කරන්නේ ඔහොම වැඩක්මයි (නි)
අනේ අපේ රටට ගිය කල දසාව. හැම තැනම බදු වැඩ. රට බල්ලට ගිහින්.(නදී)
මේ අපරාද වැඩේට වැය කළ මුදල් මහනුවර පොලිස් ලොක්කන්ගේ පඩියෙන් කපාගැනීමටත්, මේකට පැමිණි පොලිස් නිලධාරීන්ට රාජකාරිය පැහැර හැරීම වෙනුවෙනුත් වාහන වල ගිය වියදම් කපාගැනීමට පොලිස් පති තුමාගෙන් ඉල්ලීමක් කරමි.(නදී)
මේ රටේ මිනිස්සු කරන්නේ ඔහොම වැඩමයි (නි)
දෑවැද්දට දෙන්නේ මොකක්ද? (නි)
පාරවල් වල කන්න නැති,දඩාවතේ යන බල්ලන්ව වෑන් එකකින් එකතු කරලා ගැස් ගහලා මරල දානවා. නැත්නම් වද සැත්කම් කරනවා. මිල අධික බල්ලෝ මධුසමයට නුවරඑළි යනවා. එයාලගෙයි, අපෙයි වැඩි වෙනසක් නැහැ බලාගෙන යද්දී. (නි)
බොරු වැඩ මේ සත්තුන්ට ඔය කරපු දේවල් වල තේරුමක් තියෙනවද,, ඕක වර්ගයා බෝකර ගැනීමට නම් මොකරද මේ විකාර? (නදී)
බලු පොලිස් බලු මගුල්.(නදී)
බැන්දට කමක් නැහැ. බල්ලන්ට කියන්න අරගොල්ලන්ට පක්ෂව ඉන්න කියලා (නි)
මේ බලු මගුල කවදාවත් නැති විදිහට ලැහැස්ති කළේ කාටහරි පෙන්නන්නද දන්නේ නැහැ. (නි)
උපත් පාලන ක්‍රම අනුගමනය කරන්න එහෙම යන්න එපා. පොලෝසියේ මහත්තුරු කේන්ති ගනීවි (නි)
මේවට බල්ලන්ට්ටත් හිනා.(නදී)
මේවට තමයි ගමේ මිනිස්සු කියන්නේ 'බලු වැඩ' කියලා. (නි)
දන්නා අපට බොරු එපා. අපි දන්නවා මෙයාව ගෙන්නුවේ ඇයි කියලා.(නදී)
දිග පෙරමුණ ටත් වැඩක් එපායැ.(නදී)
ජනක , 'බලු බැනෝ මේ අහන්න දවද්දත් අරන් ආව ....' අහල ඇති ඒ ගීතය.? ඊ ලගට මුන් ටික පිස්සු වැටෙනවා.! (අ)
පිල්ලේ නෝනා ලංකාවේ ඉන්න එකේ දෙන්න තිබුනේ බලු මගුලේ ආරාධනා පත්‍රයක්.(නදී)
මේ ගොල්ල බලුවඩට දක්ෂයි නේද? මගුල් පොරුවත් බල්ලට ගිය මේගොල්ල නිසා (අ)
එකටත් " පූරුවේ කරුමේ " කියමු. (අ)
වමේ ඉන්න නංගිලා තුන්දෙනාට ගැලපෙන්න දකුණේ මල්ලිලා තුන්දෙනෙක් සිටියානම් කදිම මංගල ඡායාරුපය (අ)
බල්ලා කියන සතාට කෙලෙහි ගුණය කියන එක තියෙනවා. මම හිතන්නේ ඒ නිසා පෝරුවට නැග්ගුවට ඒක වරදක් කියල හිතන්න බැහැ. හේතුව අපේ පෝරුවට නගින අයගෙන් සුළු ප්‍රමාණයක් ඉන්නවා පහු වෙනකොට දඩාවතේ යන කට්ටියකුත්, විශ්වයේ බුද්ධිමත්ම සතා වෙලත්. සම හරක් මේකේ අදහස් දාන හැටි දැක්කම මටනම් හිතෙන්නේ ඒ අයට වඩා මේ බල්ලෝ උතුම් හේතුව බල්ලා තම සුවාමියට තියෙන ගරුත්වය එහෙමත් නැත්නම් විශ්වාසය පලුදු කරන්නේ නැහැ කවදාවත්. (අ)
දික්කසාද වෙයිද දන්නේ නැහැ ටික දවසකින් පොලිස් බල්ල හොද නැහැ කියල (අ)
බලු මංගලම් ! දුප්පත් ළමිස්සියෝ කී දෙනෙක් ලංකාවේ ඉන්නවද විවාහයක් කරගන්න බැරුව? (අ)
මේ බල්ලෝ දෙන්න පොලිසියට ගොඩක් සේවය කරලා ඇති එත් ඔය වගේ ගොන් වැඩ කරන්නේ බල්ලන්ට තරම්වත් මොලයක් නැති අපේ ලොක්කෝ,මේ ගොල්ලන්ගේ අතින් යන්නේ නැනේ,ලංකාවට මෙච්චරයි අඩු (අ)
බල සේනාව මේ බලු සේනාව දැක්කේ නැද්ද? සිංහල සංකෘතිය විනාශ වෙන්නේ නැද්ද?(නදී)
අර 5,000/= ගෙවලද බලන්න.(නදී)
දැන් හනිමූන් යවලා ඊට පස්සේ දෙවැනි ගමනකුත් තියෙනවද? කව්ද එතකොට පතිවෘත්තාව චෙක් කරන්න යන්නේ අපේ රූපවතී නැන්දද?(නදී)
පොලිසිය බල්ලට ගිහින්. ලැජ්ජා නැතුව ෆොටෝ වලටත් ඉන්නවනේ. (නදී)
එටකොට චන්දි මම දන්නේ නැති නිසයි අහන්නේ ඔය බලු ගෑණු සතාට දොළ දුකත් හැදෙනවද? ක්ලිනික් එහෙමත් එක්කන් යනවද?(නදී)
එටකොට චන්දි මම දන්නේ නැති නිසි අහන්නේ ඔය බලු ගැණු සතාට දොළ දුකත් හැදෙනවද ...ක්ලිනික් එහෙමත් එක්කන් යනවද (දී)
කසාද සහතිකය අරන් හොටෙල් වලට යන්න හොදේ.
මධු සමය දිහා බලාගෙන අපේ පොලිසියේ අයියලා කෙල ගිලිනවා.(නදී)
අහිංසක මහජනතාවගේ සල්ලි වියදම් කරලා පිස්සු වැඩ කරනවා. රටේ කීදෙනෙක් ඉන්නවද එදා වේල කන්න නැතිව. දරුවෝ කී දෙනෙක් ඉන්නවද බොන්න කිරි පොදක් නැතිව. මේවා සහගහන අපරාද සතුන්ට කරුණාව දක්වන්න ඕනේ මෙහෙම නෙවේ.(නදී)
අපරාදේ සුදු රෙද්ද පුරාම බලු අඩි තියෙන්න ඇති නේද? (නදී)
කොල්ල බල්ලට ගියා එහෙනම්.(නදී)
රූපවතී නැන්ද හෝ චන්දි නැන්ද පොලිසියෙන් එක්ක යන්න ඇති රෙදි නැන්දගේ රාජකාරියට!(නදී)
ෆොටෝ එකේ ඉන්න අය දැක්කම හිතාගන්න පුලුවන්. අර තඩි බඩ රා බඩක්ද? (නදී)
බලු පරම්පරාවේ තේජස පෙන්නුම් කිරීමක්.(නදී)
බලු මගුල ගැන සර්ව අසුභාවාදිව නොසිතන්න. සියල්ල ආකර්ශනීයයි. නමුත් ප්‍රශ්නයකට තියෙන්නේ මේක බල්ලන්ගේ සීසන් එකද කියන එකයි.(නදී)
වෙලාවකට පිස්සු වගෙයි.(නදී)
මුන්ට පිස්සු, ඕවට වියදම් කරන සල්ලි වලින් එදා වෙලා කන්න නැති නැති මිනිහෙක්ට බත් පතක් අරන් දෙන්නකෝ. ඒකත් පිනක් .මෝඩ ආතල් ගන්නවා.(නදී)
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු!(නදී)
ගරු ජනාදිපති තුමනි, විශේෂ නිරීක්ෂණයක් පවත්වලා මෙයට සම්බන්ද වූ, සංවිධානය කල, සියලු නිලධාරීන්ගේ වැඩ තහනම් කරන්න. (නදී)
බල්ලන්ට මස් කටු ටිකක් අරන් දීල උන්ව සතුටු කරන්න පුළුවන් ,එකට ඔච්චර වියදන් කරන්න ඕන න ,එත් ලංකාවේ තමන්ගේ මගුලට රුපියල් 25000ක් වත් හොයා ගන්න අමාරු අහිංසක ගනු ලමයි කියක් ඉන්නවද?එහෙම අයට ඔය වියදන් කරපු සල්ලි කියක් හරි දෙන්න තිබුන නං කොච්චර සතුටු වෙඉද ?මොකද ගනු ළමයෙක් ගේ ලස්සනම දවස විවාහ වෙන දවස නිසා.මම දන්නා විදිහට බල්ලෝ ඔය වගේ විකාර වලට කැමති නෑ. (දී)
පිල්ලෙ නෝනා මෙහෙ මිනිස්සුන්ට විතරක් නොවෙයි බල්ලන්ගේ හිමිකමුතුත් සුරකිනවා බලන්නකෝ (දී)
ප්‍රේම සම්බන්ධතා මත පදනම්වූ විවාහ නම් කමක් නැහැ. යෝජිත විවාහනම් කා කොටාගන්න ඉඩතියෙනවා දෙන්නට දෙන්න කැමති නැත්නම්. එතකොට දික්කසාද වෙන්නත් පුලුවන්ද? (දී)
2 වන සහ 3 වන ෆොටෝ වලින්නම් ඇත්තම ලෝකෙටම පෙන්වල දීල අලුත් දෙයක් ගැන (අ)
සුබ මංගලම්! වැඩි වැඩියෙන් බලු පැටවුන් බෝකිරීමට ලැබේවා! (නි)
බල්ලත් බැන්ද එහෙනම්,
පොලිස් බල්ලෝ. (අ)
මොනවා කලත් කමක් නැහැ දැන් ඉතින් ලංකාවේ ජෝඩු වලට පෝරුවේ තිබීමෙන් වැළකීම හොද බව පේනවා අනික ඉතින් දැන් කෙල්ලෝ පොරුවෙතියනකන් පිරිසිදු කම රකින්නේ නැහැනේද (අ)
බල්ලන්ට ගිය කලක් (අ)
මේ පොලිසියේ අය හොද වැඩ වලට වැඩ බලු වැඩ තමා කරන්නේ (අ)
මම නොදන්නා හින්ද අහන්නේ ..මගුල් මුද්ද කොහාටද දැන් නෑ නේද දැම්මේ? (අ)
සිංහල සංස්කෘතිය කනවා යුරෝපේ වත් නැති පිස්සු .(අ).
මේවට තමා කියන්නේ නරි කෝලම් කියලා.(නදී)
අපි සුභ පතනවා
අනේ අම්මාපල්ලා මුන්ට වෙන වැඩ නැතුව වෙන්න ඇති. අපේ රටේ එදා වේල කන්න නැතුව දහස් ගණනක් ඉන්නවා මුන් මෙහෙ බලු හනිමුන්. (අ)
අපරාදේ සල්ලි, බලු මගුල්.(නදී)
බලන්නකො පලවෙනි ෆෙටෝ එක. මනාල ජෝඩුවගෙ ගෘප් එක. පවුලේ ඥතීන්, මල් කුමරියො, දෙවෙනි මනාල පිරිවර........ මල් හතයි.(නදී)
මේක පුදුම දෙයක් නෙවෙයි මේ ආශ්චර්ය මත රට මේකේ බල්ලට රට ගියා (අ)
බලන්නකො පලවෙනි ෆෙටෝ එක. මනාල ජෝඩුවගෙ ගෘප් එක. පවුලේ ඥතීන්, මල් කුමරියො, දෙවෙනි මනාල පිරිවර........ මල් හතයි(අ)
මේක පුදුම වෙන්න කාරණයක් නෙවේ අපේ සමහර පහත් ගති ඇති මිනිසුන්ගේ මගුල් ගෙවල්වල අමු අමුවේ බලුවැඩ සිද්ද වෙනවා එත් මේ මනාල යුවල බල්ලෝ උනත් වැදගත් සුබ මංගලම් (අ)
ලංකාවේ මෝඩ චුන් ..... මේවා දකින විදේශිකයෝ විදේශවල ඉන්න ලාංකිකයන්ට කොහොම සලකාවිද.? රජයේ ප්‍රතිපාදන වෙන්කරන්නේ මේ වගේ මෝඩ වැඩවලටද (අ)
අනේ මේ වගේ හරක් පොලිසියක්, ඕක හුඩ් ගහලා රටටම පෙන්න කරන්න ඕන දෙයක්ද, කෙසේ වෙතත් මේ බල්ලෝ යහපත් කකුල් දෙකේ උන්ට වඩා. මේක මෝඩ ආතල්... මහජනතාවගේ සල්ලි..(අ).
බලු මගුලට ත් ටයි දාගෙන ඇවිල්ලා. ටයි පටියත් බල්ලටම ගියා එහෙනන්." විපරීත කාලේන කජ්ජේන පුහුලන් " (අ)
බල්ලා රට ගියා, (අ).
රට බල්ලට.(අ)
අනේ පව් වල්බල්ලන්ට මගුල් නැද්ද (අ)
දිල්ශ්නි ,කුමාරි ඔයාලට බැරිද අර රෙදිනැන්දගේ රාජකාරිය කරන්න,(අ)
එක මනමාලිද
අර දකුනු පැත්තේ එන්නේ තාත්තා වෙන්න අඑති පොලිසියට ගිය කලක් (අ)
පොලීසිය කරන මේ ගොන් වැඩ බලන් ඉන්න බැරි හින්දා වෙන්නැති ගෝඨාභය මහත්තයා පොලිස් දෙපාර්තමේන්තුව වෙනම අමාත්‍යංශයකට බාර දෙන්න හදන්නේ. (අ)
අපේ රටේ සිටින මැර දේසපාලකයින්ට මෙම නිල සුනඛ පුහුණුව ලබා දීමට හැකිනම් එය ඉතා කාලෝචිත අගනා මෙහෙවරකි එමෙන්ම එය මහගු .සමාජ සත්කාරයකි .(අ)
ලංකාවේ හිටියේ එදත් අදත් එකම වගේ අය (නි)
අනේ දිසානායක, මං දන්නා දොළදුකක් නැහැ. මට මේ තාමත් හිනාව නතර කරගන්න බැහැ. ඔයා නම් පුදුම මනුස්සයෙක් තමයි.ඔයා අද මගේ ඇස් දෙක කදුලින් පිරෙව්වා (කදුළුත් ආවා හිනාවෙලාම) (නි)
මේවට වියදම් කරන මුදල් දෙන්නකෝ කන්න නැති දුප්පත් මිනිසුන්ට. (නි)
මොන වැඩේ වුණත් තියෙන්න ඕනෑ. (නි)
මට හරි සතුටුයි, මේ වැඩෙන් බල්ලෝ බැල්ලියෝ ටික අදුනා ගන්න ලැබීම ගැන. (නි)
දැන් මිනිසුන්ගේ සහ බල්ලන්ගේ අතර වෙනසක් නැහැ කියලා හිතෙනවා. (නි)
වැරැද්දකුත් නැහැ. බල්ලන්ට මිනිස්සුන්ට වඩා කෙළෙහිගුණ තිබෙනවා.මිනිස්සුන්ට අල්ලන්න බැරි හොරකම් අල්ලලත් දෙනවනේ.පොලිස් මහත්තුරුන්ට වඩා මෙයාලා හොද සේවාවක් කරන නිසා හොද වැඩක් කියලා මට හිතෙනවා. (නි)
මේකට තව කෙනෙක් හිටියා නම් තමයි වටින්නේ (නි)
පුදුම මංගල්‍යයක්නේ? (නි)
මේවා දකින අයට මේවා විපරීත වගේ පෙනුනට බල්ලා ළඟ මිනිසුන් ළඟ දකින්න නැති ගුණ අනන්තවත් තියෙනවා. බල්ලෙක්වත් හදලා නැති අයට මේවා කෝලම් වගේ පෙනෙන්නේ ඒ නිසයි. හෙට අනිද්දා පාස්පෝර්ට් එක හදන්න යනකොට මේ අයට දවල් තරු පෙනෙයිද දන්නේ නැහැ.මිතුරනි ඔබලාට සුබ මංගලම් !!!!!! (නි)
මෙහෙමත් ජාතියක්! හිතට දුකයි. හෙළ සංස්කෘතියට, ජාතියට කළ ලැජ්ජාවක්. පෝරුව ගැන නොදන්නා බල්ලන්ටත් ඉන්න දෙන්නේ නැහැනේ. (නි)
ඉතාම මෝඩ ක්‍රියාවක්. අපි රට රස්සා කරලා ඉවරයි. ලංකාවේ කියන්නත් බැරි වෙනවා (නි)
මෙම ක්‍රියාවට ප්‍රසිද්ධියේ දැඩි දඩුවම් දෙන්න ඕනෑ (නි)
ඇද ගෙන යාමේ බෝඩ් එක නැතුව ගියොත් පාරේ පොලීසියෙන් අල්ලයි ද මාමේ? ප්‍රීතියි. ප්‍රීතියි.....ඒවා කොහෙන්ද ගන්නේ? (නි)
බලු වැඩවලට කොහොමත් අපේ අය හොදින් උදවු කරන බව රටම දන්නවා.නමුත් අපේ සල්ලි වලින් ඔය දේවල් කරන්න එපා.බල්ලන්ට බල්ලෝ විදිහට ඉන්න දෙන්න. (නි)
දැන් එතකොට බල්ලෝ අනාචාරයේ හැසිරුනොත් එහෙම දික්කසාද කරන්ඩත් ඕනෑ නේද? ඒකට ලංකාවේ අධිකරණයකට යන්නත්,නීතිඥයෝ අල්ලන්නත් වෙයිද? (නි)
නුවර පොලිසිය මේකට ගෑවුන එකැගෙන මට දුකයි. මමත් නුවර කොල්ලෙක් (නි)
පොලිසියේ බලු විවාහ! (නි)
නුඹ නාඩන් අපිට පිස්සුනේ ! (නි)
ඒකත් හොදයි (නි)
මෙහෙම වැඩ වලට ලොකු උනන්දුවක් තිබෙන බව පේනවා (නි)
නිරපරාදේ මහජන මුදල් නාස්ති කරනවා. එදා වේල හොයාගන්න වලිකන අහිංසක මිනිසුන්ගෙන් දඩ ගහලා හම්බ කරන මුදල් නේද මේ? (නි)
මෙහෙමත් වැඩ! (නි)
බල්ලෝ බෝ කරන්න ඕනෑ නම් ඔච්චර මහන්සි වෙන්න ඕනෑ නැහැ. උන් කොහොමත් රැලේ වැටෙන කාලෙට එකට දැම්මා නම් ස්වභාවිකවම බෝ වෙයි. (නි)
මේ මුදල් වලින් අසරණ මිනිසුන් කි දෙනෙකුට කන්න දෙන්න තිබුනද? (නි)
අනේ මෙහෙමත් මෝඩ මිනිසුන් ඉන්න රටක් නැහැ. මේක කාගේ අදහසක් ද දන්නේ නෑ.(නදී)
බල්ලොන්ටම ගිය රටේ මේවා ගැන පුදුම වෙන්න දෙයක් නැහැ.(නදී)
එතකොට අර පාරිසුද්දත්වය බලන්නේ නැද්ද? ඒක බලන්න ඔතන ඉන්න කොයි ලොක්කටද කියන්නේ? (නදී)
වැඩේ නම් හොඳයි. ඒත් පෝරුව හෑල්ලුවට ගත්ත එක නම් හරි වැරදියි (නි)
මේ 4 වන පින්තූරයෙන් දැක්වෙන්නේ විවාහය ලියාපදිංචි කිරීමක්ද? කෝ රෙජිස්ටාර්? තුන් දෙනාට රු 15000ක් ගෙව්වද? කෝ දෙමව්පියෝ?(නි)
ආසියාවේ ආශ්චර්යය ආයුබොවන්ඩ! (නි)
මේකට පෝරුව කියන්නේ පෝරු දැකල නැති අය. සහෝදරයන්ගේ වේදිකාවක්. තනි රතු. හාල් පොල් පේන්නවත් නැහැ. පැදුරත් පලාතකවත් නැහැ.හැමදෙයකම් වැරදි විතරක් දකින කොටසකුත් ඉන්නවනේ. (දී)
මේ වගේ බලු මඟුලක් සංවිධාන කලේ කවුද? (දී)
කවුරු මොනවා කිව්වත් මේක අපේ සංස්කෘතිය කෙලෙසන වැඩක්. (නි)
අනේ අපිට මේගොලන්ගේ හනිමූන් ෆොටෝස් ටිකත් බලන්න ඕනෑ. පුළුවන් තරම් ඉක්මනට ඒවා පත්තරේ දන්න (නි)
පොලිසියේ මහත්තුරුන්ට අනාගතය ගැන තියුණු ඇසක් තියෙන පාටයි, මෙහෙම ගියොත් ඔය සුනඛයන්ට හොර අල්ලන්න ලංකාවක් ඉතුරු වෙයිද දන්නේ නැ ආසාවකටවත් (නි)
බල්ල පෝරුවට ගියා..පෝරුව බල්ලට ගියා..අනේ කාලේ! (නි)
අළුත් පොලිස් අමාත්‍යංශයෙන් කළ පළමු රාජකාරිය මේක නේද? (නි)
මේකට සුබ පතන කට්ටිය මොන වගේ අයද දන්නෙ නැහැ (නි)
මේවට වියදම් කරන මුදල් අපරාදේ. (නි)
මට බලයක් තිබුණා නම් මේ ඔක්කොම අල්ලලා ගස් බදිනවා (නි)
එතකොට මේ කට්ටියට කසාද බදින්න බදු ගහන්නේ නැද්ද (නි)
අපරාදේ මහජන මුදල්.වෙන කරන්න හොද වැඩක් නැතුව වෙන්න ඇති. (නි)
බලු ජෝඩුව පෝරුවට නගිද්දී බලු අෂ්ටක කිවුවද දන්නේ නැහැ නේද ? දන්නා කෙනෙක් ඉන්නවා නම් නම දාන්නකෝ ගාස්තුව මම ගෙවනවා (නි)
මට දුකයි අපේ රට ගැන (දී)
මේවා තමයි ලංකාවේ දැන් වෙන්නේ (දී)
රටකට ගිය කල (දී)
අනේ මෙහෙමත් බලු කෝලම්,පොලිසියේ රාළහාමිලටත් දැන් අලුත් අලුත් වැඩ තමා කරන්න තියෙන්නේ, (ස)
බැල්ලිගෙ පාර්ශවයෙ නෑදෑයොත් බල්ලාගේ පාර්ශවයෙ නෑදෑයොත් මොන වංශෙද? එයාලගේ කුලය සුනඛ කුලයද? (ස)
බල්ලෝ වුනත් උනුත් පොලිස්නේ. (ස)
රටේ තව කොච්චර වෙනවද සදාචාර විරෝධී වැඩ මේක මොකද්ද (දී)
හොද බලු වැඩක්. බල්ලා කියන්නේ තමන්ගේ ස්වාමියා කවදාවත් තනිකර යන්නේ නැති, පාවා දෙන්නේ නැති උතුම් සේවකයෙක්. ඒ අයට මෙවන් කළගුණ සලකපු පොලිසියට මල් මිටක්!! (දී)
මාර වැඩේ, මේක අනිත් දඩෝරියලට ආරංචි වුණහම උන් ටික හර්තාල් එකකදී කියයිද දන්නැහැ අපිට විතරක් කුඩම්මගෙ සැලකිලි කියලා. (ස)
අලුත් ජෝඩු තුන වෙන වෙනම තියන්න වෙනවා. මොකද නැත්නම් බලු කෙල්ල පැටව් දැම්මම බබාගේ උප්පනට නම තියනකොට බලු තාත්තගේ හරි වාසගම දෙන්න පුළුවන්. (ස)
මේ වගේ වැඩ කරන්නේ පොලීසිය නැතුව වෙන කව්ද. (නි)
සිද්ධාර්ථ කුමාරයා නගපු පෝරුවේ තමා අපිත් නගින්නේ බුද්ධ ධර්මයට අනුව. පොලිසියේ අය ඔය සංස්කෘතිය දන්නෙ නැති නිසා එහෙම කරන්න ඇති (නි)
බල්ලොත් දැන් වෙඩින් ගන්නවනේ..... අපිට තමා? කවදද දන්නේ නැහැ හෝම් කමින් එක? (නි)
මගේ ළඟ ඉන්න බල්ලටත් මම දෑවැද්දක් සමග පතිවෘත්තාව රැකගත් රූමත් බැල්ලියක් සොයනවා (නි)
දැන් බලු දික්කසදත් උසාවියට එයි ....... (දී)
අනේ මෙහෙමත් මෝඩ රටක් මේකත් හරියට හදට ගල් ගැහුවා වගේ වැඩක් පොලිස් සේවයේත් මේ වගේ මෝඩ වැඩ කරන අය සිටීම ගැන කණගාටු වෙනවා ඔය බල්ලොන්ට කසාදය පෝරුව ගැන තේරෙනවද (අ)
මේ වගේ දේවල්වලට අනුමැතිය දෙන අයට දැඩි දඩුවම් දෙන්න ඕනා.(දී)
කොපමණ අත්‍යවශ්‍ය වැඩ කිරීමට තිබේද? (නි)
පෝරුවල නැගලා, අෂ්ටක කියලා, කැවුම් කිරිබත් කාලා කසාද බැඳපු අපේ සමහර අය ආයිත් පෝරු නොනැග්ගාට හොර අඹුවන් එක්ක හැමදාම මගුල් කනවා. මේ පොලිස් බල්ලන් ට අත්වන ඉරණමත් ඒකයි කියලා යමෙකුට හිතෙන්න පුළුවන්. (නි)
මේකත් අපේ පොලිස් කාරයින්ගේ තවත් මෝඩ චූන් එකක්. පොලිසියේ ලොක්කෝ හනිමූන් ගතකරන බල්ලන්ගේ කාමර වලට සීසිටීවී කැමරා සවි කරලා වෙන්නේ මොකද කියල බලා නොහිටියා නම් මේ ගොල්ලෝ ලංකා පොලිස් කියලා හඳුන් වන්න බැහැ. පාලකයෝ පිස්සු කෙලින කොට පොලිසිය මෙහෙම වැඩ නොකලොත් තමයි පුදුමේ.(නදී)
අපේ පොලිසිය මේ වගේ පහත් තැනකට පත් වීම ගැන පුදුම කලකිරීමක් තියෙන්නේ .ඇයි මේ මිනිසුන් මේ තරම් මෝඩ .මේක මෝඩකම ප්‍රදර්සනය කිරීමක් .
රටේ සංස්කෘතිය විනාශ කරන්නෙත් ඔය අයම තමයි. (ස)
මේ වගෙත් බලු මගුල්? (නි)
අපේ පොලිස් මාමලා මාර වැඩ තමයි කරන්නේ. මොකුත් කියන්නත් බැහැ ඉතින්. (නි)