තමා නොකී දේ පොලීසිය තම කට උත්තරයේ සටහන් කැර ඇතැයි ද ලියා ගත් කට උත්තරය තමාට යළි කියවා නොදුන්නේයැයි ද තංගල්ල නේචර් හෝටලයේ කළමනාකාරීනී තරංගා පීරීස් බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂයික් ඝාතන නඩුවේදී අද ප්‍රකාශ කළාය.
රෝහීණි වල්ගම කොළඹ මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ විභාග වන මේ නඩුවෙන් තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඇතුළු හය දෙනෙක් කුරාම් ෂයික් ඝාතනය කළැයිද ඔහුගේ පෙම්වතිය වික්ටෝරියා කෙළෙසී යැයිද චෝදනා ලැබ සිටිති.
විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇය කියා සිටියේ සැකකරුවකු වික්ටෝරියාට පුටුවකින් පහර දෙනු දුටු බවයි.
එලෙස ප්‍රකාශයක් ඇය පොලීසියට කැර නැතැයි විත්තියේ නීතීඥවරයා කීවේය.
එම සිද්ධිය තමාට අද වාගේ මතක යැයිද ඇය පිළිතුරු දුන්නාය.
මෙම නඩුවේදී සාක්කි දුන්නොත් තමා මරා දමන බවට සැකකරුවකු තුවක්කුවක් එල්ළ කර කී බවට ඕ කීවාය.
එය පිස්තෝලයක් ද ටී පනස් හයේ අවියක් ද යන්න නොකී බවත් පොලිස් පොතේ එය ලියා ඇත්නම් තමා නොකී දෙයක් ලියාගෙන ඇති බවත් ඇය කිවාය.
වැඩිදුර විභාගය බදාදාට (23) කල් තැබිණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ පුතාලා දූලා මොනවා කරනවාද මන්දා? ඉස්සර වගේ නෙමෙයි දැන් අපේ පොලිසිය. (නි)
ළිඳට වැටුනම ළිං කටෙන්ම තමයි ගොඩ එන්න තියෙන්නේ. දැන් නම් පමා වැඩියි. අප්පුහමිටත් අචිනිටත් ස්තුතියි. (ස)
කොහොමත් ඔය වගේ අය සම්බන්ධ කේස් වල කට උත්තර වෙනස් වෙනවා. (ස)
ඔව් පිටිගල, අර අප්පු සියා කියපු දේ ඉක්මනින්ම කරන්න. නැත්නම් ඔබ අමාරුවේ. (ස)
මට හිතෙනවා මේ නඩුවත් අර අහවල් නඩුව වගේ වෙයි කියලා (නි)
පිටිගල පුතේ, ගොඩ යන්න ඕනෑ නම් නුඹ කලින් අල්ලපු ඔට්ටුව පරදිනවා කියලා ඩොලර් 2000 ක්වත් කා එක්ක හරි ඔට්ටු අල්ලන්න (නි)
විදුෂක ,සැබෑද නැද්ද කියලා මමයි දන්නේ. ඒ අය අපේ ව්‍යාපෘති වල උපදේශකයෝ. ඒ අය මටත් වඩා ඕනෑකමින් මේ ගැන අධ්‍යයනය කරනවා. (නි)
වහා දඩුවම් දෙනු.(නදී)
පිටිගල මිලානෝ අයියා අත උඩින් පරදිනවා. මේක ආසියාවේ ආශ්චර්ය බව අමතක වෙලාද ඔට්ටුව ඇල්ලුවේ? (ස)
ගමු කෙල්ල ගෙට කිව්වලු! පිටපොට ගහගෙන එන විදිහට නම්, එකත් ඉතින් ජෝන් බාස් ටම යයි වගේ! (ස)
පිටිගල, මම දන්නා තරමින් සැබෑ බ්‍රිතාන්‍ය ජාතිකයෝ මෙවැනි ක්‍රියා වලට සම්බන්ද වෙන්නේ නම් නැහැ. ඔය ඇත්තමද???(දී)
මා එක්ක වැඩ කරන බ්‍රිතාන්‍ය ජාතිකයෝ තුන් දෙනෙක් මාත් එක්ක ඩොලර් 1000ක ඔට්ටුවක් අල්ලලා තියෙනවා මේ නඩුව අහක යනවා කියලා, මම තනියම කියනවා අහක යන්නේ නැහැ දඬුවම් ලැබෙනවා කියලා. මට වැඩේ කෙළවෙන ලකුණු නේද මල හත්තිලව්වේ! රුපියල් ලක්ෂයක්.... (අ)
කෝ මේ බන්දුල පෙරේරාගේ අදහස් නැහැනේ පලවෙලා සමහර විට කියන්න දෙයක් නැතුව ඇති උන්නැහේට .(අ)
ලංකාවේ පොලිසිය ගැන නම් කියලා වැඩක් නැහැ. දේශපාලන ලොක්කන් ගාවා නොගෙන රාජකාරිය හරිහැටි ඉටුකරන පොලිසි සියයට පහයි තියෙන්නේ ලංකාවේ (නි)
වැරදිකරුවන්ට දියයුතු දඩුවම උපරිමයෙන්ම දීලා රටට වන අපහාසය වළක්වා ගනිමු. විත්තියට සාධාරණය ඉටුවනතුරු අපි බලා සිටිනවා (නි)
වැරදී කරුවන්ට නිසි දඬුවම් ලැබෙවා (අ)
වැරදිකරුවන් වෙනුවෙන් එල්ලුම් ගහ අනිවාර්යයෙන්ම යළි ඇති කළ යුතුයි (නි)
රට අපහාසයට පත් කළ පුද්ගලයන්ට නිසි දඩුවම් ලබා දිය යුතුයි (නි)
මේ කතාව 100%කම නිවැරදි. මේක ඒ රාළහාමිලාගේ වැරැද්ද නෙමෙයි. පොත් පෑන් හදපු සමාගම් වල වරද. (ස)
බලන්නකෝ වෙලාව ආපුවම මොකද වෙන්නේ කියල. (අ)
අපේ පොලිසිය හැමදාම ලියන්නේ කියපු නැති දේවල් කෙරන්නේ නොකරපු දේවල්.(නදී)
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ වගේ වැඩක් මේ .(දිල්)
වැරදිකරුවනට නිසි දඬුවම් ලැබේවා. (ස)
අපේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න හිතාගෙන ඉන්නවනම් මොවුන්ට නිසි දඩුවම් ලබා දෙන්න. (ස)
ඒක සෙල්ලම් පිස්තෝලයක් වෙන්න ඇති. (ස)
මට නම් නිකන් පිස්සු වගේ අනේ. (ස)
වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලැබේවා. (ස)
මේ නඩුව ඉක්මනින් විසඳලා වරදකරුවන්ට දඬුවම් දීල ඉවරයක් කළා නම් හොඳයි. (ස)
මේ සෙල්ලම් පොලිසියක් වෙන්න ඇති. (ස)