IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පොලිසිය නඩුවෙන් පරදී

ජංගම දුරකතනයකින් අමතමින් රිය ධාවනය කළ බවට පුද්ගලයකුට නිනාසර පැමිණිල්ලක් කර ඔහු පීඩාවට පත් කිරීම වෙනුවෙන් වන්දි ලෙස රුපියල් හතලිස් දහසක් ගෙවන ලෙස පුත්තලම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පල්ලම පොලිස් ස්ථානාධිපතිට හා එහි රථ වාහන අංශයේ ස්ථානාධිපතිට නියෝග කළේය.

නිකවැරටිය වැව රවුම් පාරේ ව්‍යාපාරික මොහොමඩ් බාස්කාන් අහමඩ් පාරුක්ට එරෙහිව මේ නඩුව පවරා තිබුණි. මහේස්ත්‍රාත් ඔහු නිදොස් කොට නිදහස් කළේය.

පල්ලම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එයි එම් නසීම් ඔහුට රුපියල් තිස් දහසක් ද, පල්ලම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධර්මසිරි රාජපක්ෂට රුපියල් දස දහසක් ද ගෙවිය යුතු යැයි නියෝග කළේය.

එම දෙදෙනාම මෙම තීන්දුවට එරෙහිව ඇපෑලක් ඉදිරිපත් කර ඇත.

 

 



අදහස් (0)

පොලිසිය නඩුවෙන් පරදී

කුසුම් Thursday, 20 March 2014 02:52 PM

ශ්‍රී ලංකා පොලිසියේ රථවාහන අංශයේ නිලධාරීන් බොහෝ දෙනෙකුට තම වෘත්තිය පිලිබඳ කිසිදු අවබෝධයක් නොමැති බව පැහැදිලියි. මාර්ග නීති උල්ලංඝනය කිරීම් ඕනෑතරම් තිබියදී, තම පසුම්බියට අමතර යමක් එකතුකර ගැනීම තම වෘත්තිය ලෙස සලකා ක්‍රියා කරන නිලධාරීන් එමටයි. මාර්ග අනතුරකදී උවත්, බොහෝවිට වැරදි කරුගේ පැත්ත ගනිමින් වැරදිකරුවන්ගෙන් පහසුවෙන් මුදල් ගසා කෑමට හුරුවී සිටින නිසා නිවැරදි කරුවන් පවා, මහා මාර්ගයේදී අසරණ අවස්ථා එමටයි. යම් ලෙසකින් කාන්තාවකට පොලිසියට යාමට සිදුවුව හොත්, බොහෝවිට පොලිසියේ සිටින සාමාන්‍ය නිලධාරීන් කාන්තාව දෙස බලන බැල්මේ අප්‍රසන්න කම දැනෙන්නේ, කාන්තාවකට මිස වෙන කාටවත් නම් නොවේ. උගත්, බුද්ධිමත්, වැදගත්, නිලධාරීන් පොලිස් සේවයට බඳවා ගැනීමට ලැබේවා යන්න මගේ පැතුමයි!(නදී)

:       0       0

ලන්කාතිලක Thursday, 20 March 2014 03:32 PM

ලංකාවේ පොලිසිය බොහෝ විට කරන්නේ අහිංසක මිනිසුන් බොරු චෝදනා වලට ලක් කර උසාවි දමා කරදර කිරීම පමණි . බොහෝ විට වැරදි නොකරත් වරද පිළිගෙන කියක් හෝ ගෙවා එලියට ඒමට අපේ අය පුරුදුව සිටින නිසා මෙය බෙහෙවින් කරති (ත)

:       0       0

සිතුම් Friday, 21 March 2014 09:45 AM

මෙතන උනේ වෙන දෙයක් වෙන්න බෑරිද? (නදී)

:       0       0

වාසනා Thursday, 20 March 2014 12:13 PM

සමහර පොලිස් මහත්තුරු ඉන්නවා මොබයිල් නැති රියදුරන් නවතා මොබයිල් එකෙන් කතා කලා නේද කියල අහන.(නදී)

:       0       0

සෑම් Thursday, 20 March 2014 12:34 PM

ලැජ්ජාවට ඇපීල් එකක් දැම්මට තීන්දුවේ වෙනසක් වෙන්න බැහැ. මේ ට්‍රැෆික් ඕ අයි සී උසාවියේදී සාක්කි දෙනකොට කියලා තිබුනේ එයා ""රථ වාහන නඩු සොයාගන්න ගියා"" කියලා. ඒ වගේම මොබයිල් ෆෝන් එකෙන් කතාකිරීම වරදක් වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ මොන වගන්තියෙන්ද කියලාවත් එයා දැනගෙන හිටලා නැහැ. කාකි සූට් එක දැම්මම මේ ගොල්ලෝ හිතන්නේ ""අපි තමා නීතිය"" කියලා. (නදී)

:       0       0

සහන් Thursday, 20 March 2014 12:35 PM

පොලිසියෙනුත් නිරපරාදේ උසාවි දාන අවස්ථා ඕන තරම් තියනවා. දවසක් මම පොලිස් කෙනෙකුට සර් කියල කතා කලේ නෑ කියල මාව උසාවි ලිව්වා බොරුවට බයික් එකේ අධික සයිලන්සර් සබ්දය කියලා. සාමාන්‍යයෙන් ලොරියකවත් නෑ ලිමිට් එක පනින තරම් ශබ්දයක්. මම ඉතින් වරද පිලි ගත්තා. මොකටද නිකම් චාටර් වෙන්නේ.(නදී)

:       0       0

පවන් Thursday, 20 March 2014 12:45 PM

බොරු චෝදනා කරනවාට හොඳයි. (ත)

:       0       0

සේරම් Thursday, 20 March 2014 12:56 PM

බොරු චෝදනා ඉදිරිපත් කිරීම කලාවක් වෙලා . (ත)

:       0       0

දිල්රුක් පෙරේරා Thursday, 20 March 2014 01:15 PM

ගරු අධිකරණය මේක සාක්කි ඇතුව ඔප්පු කල නිසා මෙහෙම තීන්දුවක් දෙන්න ඇති. ඒත් අද රටේ ඉන්න ගොඩක් ලොකු ලොකු වාහන වල අයත් බස් එලවන අයත් ෆෝන් එක කනේ ගහගෙන එලවන එක ලොකු දෙයක් කියල හිතන්නේ. (නදී)

:       0       0

හොකී Thursday, 20 March 2014 01:25 PM

දැන් ඔය 40000ත් අපි ගෙවන්න එපැයි.(නදී)

:       0       0

චමී Thursday, 20 March 2014 01:49 PM

පොලිසියේ ඉන්න අයට හොඳ පාඩමක්. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අනුරට එංගලන්තයෙනුත් සුබ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 152 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි


අනුර පත් වූ සතුටට රට්ටු කිරිබත් කති
2024 සැප්තැම්බර් මස 23 0 0

ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට


ඌව - සබරගමු ආණ්ඩුකාරවරුත් ඉල්ලා අස්වෙ
2024 සැප්තැම්බර් මස 23 88 0

ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.


මධ්‍යම ආණ්ඩුකාර ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 23 560 0

මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී


මිරිහානේ පහරදීමකින් අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 23 602 0

නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය


ජනපති ලේකම් ධූරයට සනත් කුමානායක
2024 සැප්තැම්බර් මස 23 4780 0

සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 21200 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 20518 5



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 111 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 321 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 168 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site